ඔබ දන්ත සෞඛ්‍ය ගැන සැලකිලිමත්ද?

දෙසැම්බර් 17, 2021

දිනපතා දත් මැදීම කළ යුතුමද?

ඕනෑම ආහාරයක් ගැනීමෙන් පසු දත් අතර ආහාර ද්‍රව්‍යය, ආහාර කැබැලි රැඳී තිබීම නිසා බැක්ටීරියා ක්‍රියාකාරිත්වයෙන් දතක එනමලය විනාශයට ලක්වන අතර ඊට යටින් ඇති දන්තිනය ද විනාශ වේ. අවසානයේ සිදුවන්නේ “කල්ක කුහරය” දක්වාම දත විනාශ වී ගොස් “දත් කුහර” ඇති වීමයි. අප ආහාරයට ගන්නා කෑම එවන් කුහර තුළ සිරවීමෙන් පළමුව “මුඛ දුර්ගන්ධය” ත් දෙවනුව අධික වේදනා සහගත “දත් කැක්කුම”ත් ඇති වීම වැළැක්විය නොහැකියි.

අඩුම තරමින් දිනකට දෙවරක්වත් දත් මදින්න

සමහර දරුවන් වගේම මවුපියන්ද දිනපතා දත් මැදීමට මැළිකමක් දක්වන බව “දන්ත සෞඛ්‍ය සමීක්ෂණ” මඟින් තහවුරු වී තිබේ. විශේෂයෙන් රැකියාවක් නොකරන දවස තිස්සේ නිවසේ රැඳෙන මව්වරුන් (ගෘහණියන්) මෙන්ම පිරිමින්ද උදෑසන දත් මැදීම උවමනාවෙන්ම අමතක කර දමයි. මින් සමහර පුද්ගලයන් දහවල් හෝ සවස ස්නානය කිරීමේ දී දත් මැදීම පුරුද්දක් කරගෙන ඇති අතර තවත් කොටසක් දත් මදින්නේ දින දෙක තුනකට වරකි. එම තත්ත්වය ඉතාමත් අයහපත් ලෙස මුඛ සෞඛ්‍යයට හානි කරයි.

දත් දිරායාම වේගවත් කරන සීනි අධික ආහාර

දිනපතා දත් නොමැදීම දත් දිරායාම වේගවත් කරන අතර මැදිවියට එළැඹෙත්ම දන්ත සෞඛ්‍ය සහමුලින්ම බිඳවැටී කෘත්‍රීම දත් දෙපළක් පැළැඳීමේ අවාසනාවන්ත තත්ත්වයට පත්විය හැකි බව දන්ත වෛද්‍යවරුන්ගේ පැහැදිලි තර්කයයි. “ඇමෙරිකානු දන්ත වෛද්‍ය සංගමය” (ඊඩඥ ඒථඥපඪජචද ච්ඥදබඩ ඩ්ඥචතබඩ ජ්ධභදඤචබඪධද) මඟින් මෑතකදී කරන ලද පර්යේෂණයකින් හෙළි වූ තොරතුරු අනුව දත් දිරායාමට හේතුවන “අම්ල” උදාසීන කර දත් රැකදීමට “චීස්” වලට සුවිශේෂී හැකියාවක් තිබේ. මෙම පර්යේෂණ සඳහා ඔවුන් තෝරාගනු ලැබුවේ වයස අවුරුදු 10 – 15 ත් අතර පසුවුණු ළමුන් පිරිසකි. පර්යේෂණ ප්‍රතිඵල විමසා බැලීම සඳහා මෙම දරුවන්ගෙන් කොටසකට සීනි රහිත යෝගට් හා දියර කිරි ලබාදුන් අතර අනෙක් දරුවන්ට ලබා දී ඇත්තේ “චීස්” ය. මෙම පර්යේෂණයේ දී නියමිත ස්ථාවර දින ගණනාවක් තුළ කීපවරක්ම ළමුන්ගේ මුඛයේ ර්‍ථඩ් අගය පරීක්ෂා කළ අමෙරිකානු දන්ත වෛද්‍ය සංගමය එහි ප්‍රතිඵලය ලෙස සටහන් කර තැබුවේ දියර කිරි හා සීනි රහිත යෝගට් ආහාරයට දුන් දරුවන්ගේ මුඛයේ ර්‍ථඩ් අගය නොවෙනස්ව පැවතීමත්, චීස් ආහාරයට ලබාදුන් දරුවන්ගේ මුඛයේ ර්‍ථඩ් අගය ඉහළ ගොස් තිබූ බවත්ය.

දත් දිරායාම වළක්වමු

දත් දිරායාමට ප්‍රධානතම හේතුව මුඛයේ අපවිත්‍රතාවයයි. මේ නිසා සෑම ආහාර වේලකින්ම පසු දත් කුහර අතර රැ¼දී පවතින ආහාර කැබලි ඉවත්වීම සඳහා හොඳීන් දත් මැද මුඛය හොඳීන් සේදීම කළ යුතුය. නිරෝගී දත් දෙපළකට කැමැත්තක් දක්වන සැවොම මෙම සත්කාරය දත් වලට පිරිනැමිය යුතුමය.

දත් වැඩීම ඇරඹෙන්නේ මව්කුස තුළ සිටියදීමයි

කුසේ සිටින දරුවාගේ දත් පිළිබඳව පවා සිතන්නට මවකට සිදුවේ. ඊට හේතුව වන්නේ ළදරුවකුගේ දත් හට ගැනීම මව්කුස තුළ සිටියදීම සිදු වීමයි. ගර්භණී මවක් කැල්සියම් බහුලව අඩංගු වන හාල්මැස්සන්, කුඩාමාළු වර්ග, කිරි හා බිත්තර වැනි ආහාර වැඩිපුර ආහාරයට එක්කර ගැනීම වැදගත් කරුණකි. මේ සඳහා විටමින් ච් වලින්ද මව පරිපූර්ණ විය යුතුයි. ඊට හේතුව වන්නේ ආහාර මඟින් අපට ලැබෙන කැල්සියම් සිරුරට උරා ගැනීම විටමින් ච් මඟින් පහසු කරවීමයි. පරිසරයේ බහුලව පවතින විටමිනයක් වන විටමින් ච් ලබාගත හැකි හොඳම ක්‍රමය වන්නේ උදෑසන 7.30 – 8.00 ත් අතර කාලයේ හිරු එළියට නිරාවරණය වීමෙනි.

දත් දිරායාමට බලපාන ෆ්ලෝරයිඩ් ඌනතාවය

අප පානය කරන ජලයේ ඇති ෆ්ලෝරයිඩ් ප්‍රතිශතයද දත් කෙරෙහි විශේෂ බලපෑමක් කරයි. ජලයේ අඩංගු ෆ්ලෝරයිඩ් ප්‍රතිශතය වැඩිවීම තුළින් ළදරු හා ළමා අවදියේදීම එනමලයට හානි සිදුවීමෙන් දත් දිරායාම ආරම්භ වේ. එම තත්ත්වයෙන් මිදීමට ෆ්ලෝරයිඩ් අඩංගු දන්තාලේපයකින් දත් මැදීම සුදුසු වේ.

දත් දිරායාම හඳුනාගන්නේ කොහොමද?

සාමාන්‍යයෙන් අපේ දත් සුදු පැහැයෙන් පවතී. දතක් දිරා යාමේදී මුලින්ම දත මතුපිට සුදුපාට ලප වැනි තත්ත්වයන් ඇතිවේ. පසුව එම ලපය දුඹුරු පැහැයට හැරේ. කල්යාමේදී මේ ලප දන්ත කුහර දක්වා වර්ධනය වේ. මේ තත්ත්වය වළක්වා ගැනීමට නම් දත් මත “සුදු ලප” ඇති වූ වහාම දන්ත වෛද්‍යවරයකුගෙන් උපදෙස් ලබා ඊට ප්‍රතිකාර ගැනීම සුදුසුයි.

දත් පණුවෝ කනවා කියන්නේ ඇත්තක්ද?

සාමාන්‍ය ව්‍යවහාරයේ “දත් පණුවෝ කනවා” යැයි පැවසූවත් විශේෂ පණුවන් වර්ගයක් දත්වලට හානි කරන්නේ නැත. මෙහිදී සිදු වන්නේ බැක්ටීරියාවක (ක්ෂුද්‍ර ජීවි) ක්‍රියාකාරිත්වය නිසා දත දිරා යාමයි. දත් අතර බැක්ටීරියා රැස් වී ඒ මත ආහාර වැඩි කාල සීමාවක් රැඳී තිබීමෙන් දත් දිරායාම සිදුවේ. මෙම තත්ත්වයෙන් වැළකීමට නම් කළ යුත්තේ බැක්ටීරියා හා ආහාර දත මත රැඳී දිගු වේලාවක් තැබීම වැළැක්විමයි. ඒ සඳහා සෑම කෑම වේලකින්ම පසු හොඳීන් දත් මැද මුඛය කීපවරක් සෝදා දැමීම කළ යුතුයි.

දත් මදින්න ඕනේ කොහොමද?

“අපේ වැඩිහිටි අය පවා නිසියාකාරව දත් මැදීමට නොදනී. දත් බුරුසුව මත දන්තාලේප තවරාගෙන දෙතුන් වරක් එහෙට මෙහෙට දත් බුරුසුව තල්ලු කර” කට සෝදා ගැනීම දත් මැදීම නොවේ. දත් මැදීම ක්‍රමානුකූලව කළයුතු දෙයකි. දත් බුරුසුව දත හා විදුරුමස අතර අංශක 45 ක ඇලයට තබා දත් මැදීම කළ යුතුයි. දත් බුරුසුව ලිහිල්ව අල්ලා විදුරු මස ද යන්තම් පිරිමැදෙන ආකාරයට ඉදිරිපසටත්, පසුපසටත් දත් මදින්න. උඩ ඇන්දේ දත් මැදිය යුත්තේ ඉහළ සිට පහළටයි. යටි ඇන්දේ දත් මැදිය යුත්තේ පහළ සිට ඉහළටයි. එමෙන්ම දත් දෙපළේ ඇතුළු පැත්තද හොඳීන් මැදිය යුතුයි. දත් මැදීමේ දී දිව මැදීම ද අනිවාර්යය කාර්යයක් බව මතක තබාගත යුතුයි. දිව මුල ළා කහපාට හෝ සුදු පාට “ලාටු” වැනි යමක් බැ¼දී තිබෙනවා නම් එය මුඛ දුර්ගන්ධයට හේතුවකි. මුඛ සෞඛ්‍යයටත් එය බරපතල හානියකි.

දත් බුරුසුවේ ස්වභාවය.

සාමාන්‍යයෙන් මාසයක් හෝ මාස එකහමාරක් වැනි කාලයක් දත් බුරුසුවක් පාවිච්චි කරන විට දත් මැදීම නිසි ලෙස සිදුනොවන බව ඔබට දැනෙන්න පුළුවන්. එවැනි අවස්ථා වල එම දත් බුරුසුව භාවිතයෙන් ඉවත් කිරීමට ඔබ දැනුම්වත් වීම අත්‍යාවශ්‍යයි. සමහර කුඩා දරුවන් දත් බුරුසුව නොසෝදා ඒ මත දන්තාලේප තැවරීම සිදු කරයි. දත් මැදීමෙන් පසු දත් බුරුසුව මත පවතින බැක්ටීරියා එහි පවතින ජලය සමඟ එක් වී ජීවත් වේ. මේ නිසා යළි භාවිතයට ගන්නා විට දත් බුරුසුව සිසිල් ජලයෙන් හෝ උණු ජලයෙන් සෝදා ගැනීම ඉතාම වැදගත් වේ. දත් මදින විට දන්තාලේප සමඟ මතුවන කෙළ ගිලීම ඉතාම වැරදි පුරුද්දකි. මව්පියන් දරුවාට කුඩා කල සිටම හොඳ පුරුදු පුහුණු කිරීම ඉතාමත් වැදගත් වේ. දත් මැදීමේ දී කඩල ඇටයක(තැම්බීමට පෙර ප්‍රමාණයේ) පමණ දන්තාලේප ප්‍රමාණයක් සෑහෙන බවත් ඔබ මතක තබාගත යුතුයි. දත් මැදීමෙන් පසු දත් බුරුසුව කොපුවකින් ආවරණය කර තැබිමට සමහරු පුරුදු වී සිටියත් එය එතරම් හොඳ පුරුද්දක් නෙමෙයි. පවුලේ සාමාජිකයන්ගේ දත් බුරුසු එකම බඳුනක බහා තැබීම මෙන්ම නාන කාමර තුළ දත් බුරුසු රඳවා තැබීමත් වැරදි පුරුද්දකි. දත් බුරුසුව තබා ගැනීම සඳහා ඔබ විසින්ම නාන කාමරයෙන් පිටත ස්ථානයක පිළිවෙලක් සකසා ගැනීම ඉතාම වැදගත්.

කිරිදත් ගැලවීම නරකයි.

වයස අවුරුදු 6 පමණ වනවිට දරුවාගේ කිරිදත් වැටීමට පටන් ගනියි. ස්ථීර දත් එන්නේ මේ කිරිදත් වැටුණාට පසුවයි. කිරිදත් නරක් වුවද ඒවා ගැලවීම නම් එතරම් හොඳ දෙයක් නොවේ. නිසි කලට කිරිදත් ස්වභාවිකවම වැටීමයි වැදගත් වන්නේ. ඊට හේතුව ස්ථීර දතට මතුවන්නට මඟ පෙන්වන්නේ කිරිදත් වීමයි. කිරිදත් පණුවෝ කෑවා යැයි සිතා ගලවන්න හිතනවා නම් එය වැරදියි. එම දත් ඉබේම වැටීමට ලක්වේ.

විශේෂ අවධානයට

තද රස්නය සහිත කෑම හෝ පානයන් දරුවන්ට ලබා දීමෙන් දත් අවපැහැ ගැන්වෙන බව මව්වරු බොහෝ දෙනෙක් දැන සිටින කරුණකි. මේ නිසා බොහෝ මව්වරු උණුසුම් පාන වර්ග හෝ උණුසුම් කෑම වර්ග නිවීම සඳහා කටින් පිඹීමට පුරුදුව සිටිති. මෙය ඉතාම නරක පුරුද්දකි. ඊට හේතු වන්නේ මෙමඟින් මවගේ මුඛයේ පවතින විෂබීජ විශාල ප්‍රමාණයක් දරුවාගේ කෑම බීම තුළට ඇතුළු වීමෙන් දරුවා රෝගී වීමට ඉඩ තිබීමයි.

දත් බුරුසුවේ ස්වභාවය

සාමාන්‍යයෙන් මාසයක් හෝ මාස එකහමාරක් වැනි කාලයක් දත් බුරුසුවක් පාවිච්චි කරන විට දත් මැදීම නිසි ලෙස සිදුනොවන බව ඔබට දැනෙන්න පුළුවන්. එවැනි අවස්ථා වල එම දත් බුරුසුව භාවිතයෙන් ඉවත් කිරීමට ඔබ දැනුම්වත් වීම අත්‍යාවශ්‍යයි. සමහර කුඩා දරුවන් දත් බුරුසුව නොසෝදා ඒ මත දන්තාලේප තැවරීම සිදු කරයි. දත් මැදීමෙන් පසු දත් බුරුසුව මත පවතින බැක්ටීරියා එහි පවතින ජලය සමඟ එක් වී ජීවත් වේ. මේ නිසා යළි භාවිතයට ගන්නා විට දත් බුරුසුව සිසිල් ජලයෙන් හෝ උණු ජලයෙන් සෝදා ගැනීම ඉතාම වැදගත් වේ. දත් මදින විට දන්තාලේප සමඟ මතුවන කෙළ ගිලීම ඉතාම වැරදි පුරුද්දකි. මව්පියන් දරුවාට කුඩා කල සිටම හොඳ පුරුදු පුහුණු කිරීම ඉතාමත් වැදගත් වේ. දත් මැදීමේ දී කඩල ඇටයක(තැම්බීමට පෙර ප්‍රමාණයේ) පමණ දන්තාලේප ප්‍රමාණයක් සෑහෙන බවත් ඔබ මතක තබාගත යුතුයි.

කිරිදත් ගැලවීම නරකයි

වයස අවුරුදු 6 පමණ වනවිට දරුවාගේ කිරිදත් වැටීමට පටන් ගනියි. ස්ථීර දත් එන්නේ මේ කිරිදත් වැටුණාට පසුවයි. කිරිදත් නරක් වුවද ඒවා ගැලවීම නම් එතරම් හොඳ දෙයක් නොවේ. නිසි කලට කිරිදත් ස්වභාවිකවම වැටීමයි වැදගත් වන්නේ. ඊට හේතුව ස්ථීර දතට මතුවන්නට මඟ පෙන්වන්නේ කිරිදත් වීමයි. කිරිදත් පණුවෝ කෑවා යැයි සිතා ගලවන්න හිතනවා නම් එය වැරදියි. එම දත් ඉබේම වැටීමට ලක්වේ.

වල්ගම රජයේ ආයුර්වේද රෝහලේ වෛද්‍යාචාරිණී

ධම්මිකා අමරසේකර

සටහන

කීර්ති එස්.කුමාර

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.