කොවිඩ් වසංගතය

මැයි 7, 2021

පෙර රජ දවස පුරාණ ලක්දිව මෙම වසංගත තත්ත්වය හැඳින්වූයේ දෙවියන්ගේ ලෙඩ වශයෙනි. එකලදී හැදුන ලෙඩේ හැඳින් වූයේ අම්මාවරුන්ගේ අසනීපය සේය. එසේ වැලඳුණ ලෙඩක් වේනම් එම රෝගියා නිවසින් වෙන්කර වෙනම කාමරයක තබා ඔහුට ආවතේව කිරීමට කෙනෙකු එක්කරයි. කෑම බීම සාත්තු සප්පායම් ඔහු විසින්ම ඉටුකරයි. කොහොඹ කොළ පැදුරක සැතපීමට සලස්වයි. ඇඟ පුරා කොහොඹ ඉත්තකින් පිස දැමීම නිවස ඉදිරිපිට කොහොඹ රිකිලිවලින් වැලක් බැඳීම සිදුකරන්නේ පිට උදවිය නිවසට ඒම වැළැක්වීමටයි.

 

වසංගත රෝගයක් ලෙසින් මෙරටට පැමිණි මේ රෝගය දැන් මුළුරටම වසාගෙන පැතිරී යන බවක් පෙන්නුම් කරයි. පෙරකල හෙළයේ පැවැති ලෙඩක් තිබූ බවත් එය වඳුරු වසංගත ලෙසින් හැඳින්වූ බවත් එහි ආදේශයක් ලෙසින් අලුත් රෝගය කොරෝනා ලෙසින් මුළු ලෝකය පුරා පැතිරී ඇතිබවක් ද තහවුරු වෙයි. මිනිසා අධර්මිෂ්ඨ වී ඇත.

 

පව්කාර වී ඇති ලෝකය පවින් පිරී අධර්මය රජවී ඇති සෙයකි. ස්වභාවධර්මයට විරුද්ධ වී ලෝක න්‍යාය එහෙම පිටින්ම වෙනස්ව ඇති. මේ පවට පැමිණි දඬුවමක් සේ ඉහළින් පැමිණි ශාපය සියල්ලන්ම විඳවිය යුතුව තිබේ. මේ තමයි ධර්මතාවය, පව්කාරකම් දුරලා පිනට ධර්මයට ළැදිව ජීවත්වීමට හැකි නම් මේ රෝග අවම වී යනු ඇත. එයින් නිරෝගිතාවය ළඟාකර ගත හැකිය.

පෙර රජ දවස පුරාණ ලක්දිව මෙම වසංගත තත්ත්වය හැඳින්වූයේ දෙවියන්ගේ ලෙඩ වශයෙනි. එකලදී හැදුණ ලෙඩේ හැඳින් වූයේ අම්මාවරුන්ගේ අසනීපය සේය. එසේ වැලඳුණ ලෙඩක් වේනම් එම රෝගියා නිවසින් වෙන්කර වෙනම කාමරයක තබා ඔහුට ආවතේව කිරීමට කෙනෙකු එක්කරයි. කෑම බීම සාත්තු සප්පායම් ඔහු විසින්ම ඉටුකරයි. කොහොඹ කොළ පැදුරක සැතපීමට සලස්වයි. ඇඟ පුරා කොහොඹ ඉත්තකින් පිස දැමීම නිවස ඉදිරිපිට කොහොඹ රිකිලිවලින් වැලක් බැඳීම සිදුකරන්නේ පිට උදවිය නිවසට ඒම වැළැක්වීමටයි. එවිට එම නිවසට කිසිවෙක් පැමිණීම අත්හිටුවයි. නිවසින් අයෙක් පිටට යාමත් නොකරෙයි. තහංචි මැද රෝගියා දින 14ක් සති දෙකක් යන විට සුවපත් වේ. මේ අතර දෙවියන්ට පඬුරු බැඳීමක් ද සිදුකරයි. නිර්මාංශ ආහාරපාන රෝගියා වෙනුවෙන් සැපයෙයි. මේ ධර්මතාවය තුළ ලෙඩා සුවපත් වේ. මේ අනුව එම රෝගය වැලඳුන ලෙඩාගෙන්ම ලෙඩ අවසන් වේ. වෙන අයට බෝවීමක් සිදු නොවෙයි. එම ධර්මානුකූලව දිවිපෙවෙත දැන් ද අවශ්‍යව ඇති.

පුරාණ සමයේ වඳුරු වසංගත සුවපත් වූ ලෙසින්ම දැන් අලුත් ලෙඩක් ලෙසින් පැමිණි කොරෝනාවට පැරණි ඖෂධ පාවිච්චි කළ හැකිනම් රෝගය අවම කළ හැකිය. පුරාණයේ රාවණා රාජ සමය සිහිපත් කරන මෙම වෛද්‍ය කර්මය අද ද භාවිතා කළ යුතුව ඇත. එදා මහ රහතුන් වහන්සේලා පවා භාවිතාකර තිබෙන ඖෂධයෝ මෙම වඳුරු වසංගතයෙන් මිදීම සඳහා ප්‍රයෝග කළ යුතුම වේ. සෙම් සමනය කරන ප්‍රතිශක්තිය ලබාදෙන දිව්‍ය ඖෂධ යෝය. චූර්ණ ලෙසින් වත්කර බීම ස්වේදනය කිරීම, බෙහෙත් ඖෂධ ඉඟුරු, පාවට්ටා, දෙහි කොළ, කොහොඹ කොළ, නික ,පඹුරු, මහදුරුතලා, තුල්සි, පෙරුංකායන්,යකිනනාරං, හීංනාරන් කොළ තම්බා මුහුණට දුම් ඇල්ලීම වේදු පෑමෙන් ශ්වසන පද්ධතිය පැහැදිලි නිරවුල් නිරෝගිතාවයකට පත්වීමට මෙම ඖෂධ උපයෝගි වෙනවා.

උදේ සවස උණුවතුර භාවිතය ඉඟුරු, කොත්තමල්ලි පානය කිරීම නියමිත වු බෙහෙත් ඖෂධ පානය කිරීම නිර්මාංශ ආහාර වැලඳීම මගින් රෝගය දින හතකින් නිමාවීමට කරුණු වෙයි. ඊළඟ දින හත සංයමයෙන් ගෙවීම නිසා මේ රෝගය දින දහහතරකින් 14කින් සුවපත් වීමට සිදුවෙනවා. නැවත කිසිදු විට වැලඳීම සිදු නොවීම සක්සුදක්සේ පැහැදිලිය.

ඍන ආවේග නොදැරීම තුළින් මානසික නිරවුල්භාවය තුළ අධිත්ත බලයක් ලැබීම හා හුදෙක් රෝගිත්වය සුවපත් කිරීමේ ඒකායන අධිෂ්ඨානය දැරූ පෙර විසූ පූර්වාචාරින්ගේ ක්‍රියා මාර්ග නිසා එවන් වෛද්‍යවරු රෝගියා දැකුමෙන්ම පමණක් සිරුරේ අක්‍රියයන් ලෙඩදුක් අවබෝධ කර ගත්හ. නාඩි ස්පර්ශ කළ විට රෝගියා හා කථා සංවාද සිදුවන විට ඖෂධයක් ශරීර ගත කළා සේ සුවපත් වූයේ අත්ගුණයේ බලයෙන් බව ද සපථ කළ හැකි විය. එවන් අතීතය වෛද්‍යකරණයෙන් ශ්‍රී විභූතිතත්වය උදාකර ගත් බව ඉතිහාසගත වූ පැරණි ලේඛක සාක්ෂි දරයි. යුගවකවානු කාල පරිච්ඡේද පසුකරමින් සපැමිණි මේ ගමන දේශීය ආයුර්වේදයේ උන්නතිය හා පැවැත්ම සඳහා මැයි.

වාතය, පිත, සෙම කුපිත වූ බෝවෙන රෝගයක් ලෙස ලොව වසා පැතිරෙන කොවිඩ් වඳුරු වසංගතය ලෝවාසින් ගොදුරුකර ගනිමින් රටින් රටට සම්ප්‍රාප්ත වෙමින් පැතිරී යයි. ආචාර ධර්ම පිළිපදිමින් රජය දක්වන දන්වන නියමිත නිර්දේශයන් පිළිපදිමින් සද්ධර්මයෙන් යුතුව කල්ගෙවිය හැකිනම් බොහෝ දුරට වසංගත රෝගය අවම කළ හැකි බව සත්‍යයකි.

රටින් රටට පැනයමින් ලොව ජාතීන් පෙළෙන මෙම වඳුරු වසංගත රෝගය නිම කළ හැකි තවත් ඖෂධයක් දිව්‍ය බලයක් රඳවමින් මිහිපිට මෙම හෙළද්වීපයේ නිර්මාණය වී ඇත. එය රාජවිශුද්ධි ලෙසින් නම් කළ හැකි තෛලමය ඖෂධයක් සේ හෙළ වෙදපරපුරෙන් දායාද වී එන්නකි. හිස ගල්වා පිරිමිදිමින් තෛලය අභ්‍යාංග කරනවිට මොළයේ සෙම සොටු ලෙසින් නාසයෙන් පිටවේ.

ඇස් පීනනය කරමින් සෞම්‍ය පෙනුම සාක්ෂාත් කරනවා ඇත. මස්තිෂ්කය, මොළය, හිස, කුඩා මොළය මේ සෑම ඉන්ද්‍රිය යෝ සිසාරා යන විට තෛලයේ බලය අභ්‍යාංග වනු නියතයි. පැය 1/2 ක් බාගයක් පමණ තෛල අභ්‍යංග කරන විට කොරෝනා රෝගය අවමවී හිස, බෙල්ල, මොළය හා බැඳී තිබෙන සෙම්පටල ඉවත්වී සිරුරට සහනයක් සැහැල්ලුවක් ලැබී කොරෝනා රෝගය වියැකී යනු ඇති. අදහන ධර්මයේ ආශීර්වාදාත්ම ආනුභාවයෙන් අහස, පොළොව අතර පවතින විශ්වයේ ශක්ති බලයෙන් නොපෙනෙන බලවේගයේ ආශිර්වාදයෙන් නැඟී එන සූර්යා ලෝකයේ දිව්‍යා බලයෙන් හෙළ ඖෂධකරණයේ උත්තරීතර දේවත්වයෙන් රෝගි ඔබ සැම සුවපත් කරන්නේමය. හෙට පායන සූර්යයා සේ එය ස්ථිරයි.

 

පාරම්පරික

ආයුර්වේද වෛද්‍යාචාර්ය

බී.ඊ.ඇම් විජේසුන්දර

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.