සුබසෙතින් සුවය

මාර්තු 5, 2021

නාත්තන්ඩිය,වලහපිටිය – ගාමන්ත, වයස 54කි.

මගේ පාද දෙකේම නහරගැට ගැසී ඇත. ප්‍රතිකාර දක්වන මෙන් ඉල්ලමි.

අද දක්වන ප්‍රතිකාරයෙන් තවත් බෙහෙත් පන්ති කීපයක් ලබාගෙන සුවය ලබා ගන්න

1.පෙනෙල මුල්, උළුහාල්, සුදුලූනු කළන් 4 බැගින් ගෙන වතුර පත 8-1ට සිඳ පෙරා පත 1/2 බැගින් එළඟිතෙල් අවුන්සය බැගින් දමා සීනි තේ හැඳි එකක්ද දියකර උදේ, සවස බොන්න. (දින 8 ක්)

2.බෙහෙත් එඬරු මුල්, කටුකරඬුමුල්, වියළි ඉඟුරු, බැබිල මුල්, දේවදාර, නිකමුල් කළන් 2 බැගින් ගෙන වතුර පත 16-2 ට සිඳ පෙරා පත එකක් උදේට එඬරු තෙල්, අවුන්සයක් දමා බොන්න. සවසට සීනි තේ හැඳි එකක් දමා බොන්න (දින 08)

3.උදේ සවස වියළි ඉඟුරු, සුදුලූනු, තිප්පිලි මුල්, කලාඳුරු අල, උඳු, බැබිලමුල්, තොටිලමුල්, වදකහ,කොල්ලු, උළුහාල්, නිකමුල්, සවිඳලුණු, කළන් 1 බැගින් ගෙන වතුරපත 16-2ට සිඳ පෙරා සීනි, මී පැණි දමා උදේ සවස බොන්න. (දින 8යි)

4.එඬරු ඇට මඳ මී ඇට මද, දොඹ ඇට මද,ගුඩු පොල් කොටා පොට්ටනි බැඳ වණ්ඩුවේ තම්බා තවන්න. ඉන්පසුව වාත විදුරංග තෛලය ගා අත ගාන්න.

5.අග්‍රරාජ කෂාය (අරිෂ්ඨය) කෑමට පෙර මේස හැඳි 2 බැගින් බොන්න. දවල්ට රෑට මෙය අරිෂ්ඨයකි)

තව ඖෂධ පන්ති දෙක තුනක් ගෙන ඔබට ස්ථිර සුවය ලබාගත හැකිය. ලබු මද වැනි ඖෂධ බැඳීමටද තිබේ.

 

අබකොළවැව හීන්මැණිකේ වයස 34කි. මගේ දත්මුල් බුරුල්ය. විදුරුමස වැඩීමට බෙහෙතක් දක්වන්න.

අරළු, බුළු,නෙල්ලි, දේවදාර, එඬරු, නිල්කටුකරඬු කළන් 2 බැගින් ගෙන වතුර පත 24-3 ට හිඳ දවසට තුන් වරක් පත එක බැගින් ගෙන හොඳින් කට සෝදා ඉරීමේදාදි තෛලය ඇඟිලිවලින් ගා විදුරුමස පිරිමදින්න.

 

අවුරුදු 47ක අයෙක්මි. බඩවැල එළියට ඒ. පිළියමක් කියන්න.

1.හීන් නිදිකුම්බා කළන් 12 හීනටි ,වීපොරි, කළන් 12 ගෙන වතුර පත 3ට සිඳ උදේ 6ට සවස 5ට රාත්‍රී 10ට පත 1 බැගින් දින 8 ක් බොන්න.

2.නෙළුම් රේණු, නෙළුම්දඬු , හාතාවාරිය අල, කලාඳුරු අල, සැවැන්දන කළන් 2 බැගින් ගෙන වතුරපත 16-2 ට සිඳ උදේ 6ට සවස 6ට පත 1 බැගින් බොන්න. දින 8ක් බොන්න. ඉන්පසුව

3.කෂාය දෙකම එකට කර වතුර පත 16-2ට සිඳ පෙරා උදේ 6ට සවස 6ට පත 1 බැගින් දින 8ක් බොන්න.

 

අවුරුදු 66 ක කාන්තාවක්මි. කාටිලේජ් වර්ධනය වීමට බෙහෙතක් ඉල්ලමි.

මානෙල් අල, නෙළුම් අල, අමුක්කරා අල, නෙල්ලි , රසකිඳ, කුරුඳු පොතු, කළන් 2 බැගින් ගෙන වතුර පත 8-1ට සිඳ පෙර සීනි, මීපැණි දමා උදේ, සවස පත 1/2 බැගින් දින 14ක් බොන්න.

තුනටිය වේදනාවට සරල පහසු ප්‍රතිකාරයක් පතමි.

නිකකොළ කැඳ බොන්න. දින 6ක් බී, ඉන්පසුව තව දින 7ක් තිප්පිලි කුඩු දමා බොන්න.

 

අවුරුදු 52කි. කෙහෙල්බද්දර ගුණතුංග

මාස කීපයක සිට තුනටිය රිදේ. මේසන් වැඩ කරමි.

1.එඬරු මුල්, බැබිලමුල්, එළබටු මුල්, හීං ගොකටු , කටුවැල්බටු, නස්නාරන් මුල්, පොල්පලා, බැබිලමුල්, තොටිල මුල්, හීං අරත්ත අල, අන්දර මුල්, නිකමුල් කළන් 1 බැගින් ගෙන වතුර පත 24-3ට සිඳ උදේ 6ට සවස 5ට රාත්‍රී 10ට පත 1 බැගින් සීනි, මී පැණි දමා බොන්න. දින 6ක් එසේ බී තව දින 6ක් වතුරපත 16-2 ට සිඳ පත 1 බැගින් දින 6ක් බොන්න. එම කෂායට තව දින 6 ක් වතුර පත 8-1ට සිඳ පෙරා උදේ 6ට සවස 6ට පත 1/2 බැගින් බොන්න.

2.දවල්ට රෑට කෑමට පෙරා ධාත්‍රී අරිෂ්ටමය මහාරාෂ්නාදි ක්වාථය , දසමූලාරිෂ්ඨය අවුන්ස 8 බැගින් ගෙන මිශ්‍රකර මේස හැඳි 2 බැගින් බොන්න.

3.ධාත්‍රී රසායනය තේ හැඳි 1ක් උදේ 10ට සවස 4ට කා සුදුලූනු, බැබිලමුල් තැම්බූ වතුර බොන්න.

4.වාත ගජේන්ද්‍රසිංහ රස ගුලි 2 බැගින් කෂාය සමඟම බොන්න.

5.වාත විදුරංග තෛලය ගා හොඳින් අතගාන්න. කොඳු ඇට පෙළේ. ගෑමෙන් වළකින්න. කොඳු ඇට පෙළ දෙපැත්තේ ගා හොඳින් අතගාන්න. දවසට තුන් වරක්.

 

අවුරුදු 20 ක තරුණියකි. මුහුණ දෙපැත්තේම ඇස් යට කළුපාට නිසා ප්‍රතිකාරයක් ඉල්ලමි.

1.අරළු, බුළු, නෙල්ලි. රසකිඳ, දුම්මෑල්ල, කටුකරෝසන, හාතාවාරිය අල, කළන් 1 මදටිය 14 බැගින් ගෙන වතුර පත 16- 2ට සිඳ උදේ 6ට සවස 6ට පත 1 බැගින් සීනි, පැණි දමා දින 6 ක් බොන්න. එම දින 6ට පෙර දින 2ක් සීනි වෙනුවට උදේට සවිඳලුණු ද සවසට සීනි ද දමා බොන්න. 2 න් දින 6 සීනි ,මීපැණි තේ හැඳි 1 බැගින් දමා බොන්න.

2.නෙල්ලි, රසකිඳ කළන් 6 බැගින් ගෙන වතුර පත 16-2 ට සිඳ පත 1 බැගින් උදේ, සවස තව දින 6ක් බොන්න.

3.මයිසූර් පරිප්පු, ගිතෙලින් බැඳ , එළඟිතෙලින් අඹරා ගාන්න.

4.දිනපතාම පලා වර්ග ආහාරයට ගන්න.

5.හැකි හැම විටම උදේට කොළ කැඳ බොන්න ගිනියම් ආහාරවලින් වළකින්න.

 

අවුරුදු 71 කි. කලක සිට දණිස් රිදීමක් විළුඹ, උරහිස් හා වැලමිටි රිදීමක් ඇත. ඇවිදින්නත් අමාරුයි.

 

පළමුව මෙම ප්‍රතිකාර කර නැවත විමසන්න.

1.අරත්ත අල, ඇහැලපොතු, රසකිඳ , එඬරු මුල්, සාරණමුල්, දේවදාර කළන් 2 බැගින් ගෙන වතුර පත 16-2 ට සිඳ පෙරා උදේට එඬරු තෙල්ද සවසට ඉඟුරු කුඩුද දමා දින 7ක් බොන්න.

2.මහායෝගරාජ ගුලි 3 බැගින් සාරණ මුල්, තැම්බූ වතුරින් උදේ 10ට සවස 4ට බොන්න.

3.ශූලහර තෛලය, වාත විදුරංග තෛලය, පිණ්ඩතෛලය අවුන්ස 1 බැගින් ගෙන මිශ්‍රකර වේදනා ඇති තැන්වල දවසට කීප වතාවක් හොඳින් ගා පිරිමදින්න.

 

මට වයස 45 කි. දෙදරු මවක්මි. පියයුරු එල්ලා වැටේ. ශක්තිමත් වීමට බෙහෙතක් දක්වන මෙන් ඉල්ලමි. (වැහැරී ඇත)

මුඩමහණ සහමුලින් ගන්න. වැඩිපුර ගෙන තලතෙල් 1/4 අශ්වගන්ධ තෛලය මිශ්‍රකර රත්කර හොඳින් ගා එඬරු කොළ රත්කර තවන්න.

 

ආයුර්වේද වෛද්‍ය

ඊ.එම්.නිමල් විමලරත්න ඒකනායක

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
11 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.