මාරාන්තික තිත් පොළඟාගෙන් දිවි රැක ගනිමු

ජනවාරි 22, 2021

ශ්‍රී ලංකාවේ උග්‍ර විෂ සහිත සර්පයෝ වෙති. ඒ අතර පොළොං විෂ ප්‍රධාන තැනක් ගනියි. ඉන් තිත් පොළඟා මාරාන්තික දෂ්ටයන්ගෙන් යුක්තය. මහා වනාන්තර වල මෙන්ම ළඳු කැළෑවලද වෙසෙති. මේ සර්පයාගේ දෂ්ට කිරීම්වලට බොහෝ ගැමියන් ගොදුරු වේ. සර්ප විෂෙන් 50% කට වැඩි ප්‍රමාණයක් මිය යන්නේ තිත් පොළොං දෂ්ටයෙනි. මෙය ඉතාමත් කනගාටුදායක තත්ත්වයක් වේ.

අවට පරිසරයේ වෙසෙන මෙම සර්පයා හඳුනා ගත යුතුය. ශරීර ලක්ෂණ සාමාන්‍යයෙන් මෙලෙස වේ. දිග අඩි හතරක්, හතර හමාරක් පමණය. මහත කෙටි ශරීරයක් පෙන්නුම් කරයි. එයට හේතුව කෙටි වලිගයකින් යුක්ත වීමය. පිටෙහි රවුම් හෝ ඕවලාකාර පුල්ලි විහිදෙයි. කොඳු නාරටියට සමාන්තරව විහිදී යන එක් පුල්ලි පෙළකි. ඉතිරි පේළි දෙක සිරුර දෙපසින් දකින්නට ලැබේ. හිස ගෙලෙන් වෙන්කර හඳුනා ගත හැකිය. ත්‍රිකෝණ හැඩයෙන් යුක්තව පිහිටා තිබේ. හිසෙහි ත්‍රිකෝණ හැඩයෙන් යුක්ත ලපයකි. නාස් පුඩු ප්‍රමාණයෙන් විශාලය. මෙම ලක්ෂණ දුටුවන් තිගැස්මකට ලක් කරයි.

කටුස්සන්, මීයන්, මැඩියන්, කුරුලු බිත්තර, කුඩා සර්පයා, සුලභව ආහාරයට ගනු ලැබේ.

මෙම සර්පයාගේ හැසිරීම් ස්වභාවය කිසියම් ගුප්ත බවකින් යුක්තය. දිවා කාලය ගල්, මුල්, කොළ ගොඩවල් යට නිසොල්මන්ව පසුවෙයි. රාත්‍රියේදී ඉතා ක්‍රියාශීලිව සංචරණය යෙදෙන්නේය. එසේම ආක්‍රමණශීලි කඩා පැනීම් දක්නට ලැබේ.

අදාළ උරගයා ගැවසෙන ස්ථාන අවබෝධකර ගැනීම වැදගත්ය. ජනාකීර්ණ ප්‍රදේශ වලින් දුරස්ථව හුදකලාව ගැවසෙයි. ළඳු කෑලෑ, කුඩා ගල් ගොඩවල්, ගස් බෙන, දිරාගිය මුල් වාසයට තෝරා ගනු ලැබේ.

ගැහැණු සතා වරකට පැටවුන් 25-40ක් අතර ප්‍රමාණයක් බිහි කරයි. මුහුදු මට්ටමේ සිට මීටර් 1800 දක්වා උස් වූ ප්‍රදේශයන් අතර ජීවත් වන්නේය. මොවුන්ගේ දෂ්ටයන්ගෙන් වැළකී සිටීමට උත්සාහගත යුතුවේ. ඒමාරාන්තික පහරදීම් වලින් ජීවිතය ආරක්ෂා කර ගැනීම දුෂ්කර වන බැවිනි.

තිත් පොළොං දෂ්ටයක පළමු පහර දීමෙන් විස 75% ක් ආතුරයාගේ ශරීරගත වේ. මෙය ඉතාමත් බරපතල තත්ත්වයකි. විෂ ශරීරගත වීමෙන් රුධිර සංසරණ පද්ධතිය හා ස්නායු පද්ධතිය අඩපණ කරයි. මෙය දෂ්ටයට ලක්වන රෝගීන් වැඩි දෙනකු මියයාමට හේතුවන්නකි.

මේ අනුව තිත් පොළඟා උග්‍ර විෂ සහිත සර්පයකු වන බව පැහැදිලිය. විදේශ රටවලද වර්ෂයකට වැඩි පිරිසක් සර්ප විෂෙන් මිය යන්නේ තිත් පොළොං පහර දීම් වලිනි. මෙම අභාග්‍යසම්පන්න පහරදීම් රාත්‍රි කාලයේදී සිදු වේ. මෙහි බරපතලම තත්ත්වය තිත් පොළඟාගේ දෂ්ට කිරීමේ ස්වභාවයයි. බියවීමක් හෝ ශරීර පීඩාවක් වූ විට පන්න පන්නා දෂ්ට කරනු ලැබේ. එබැවින් මෙවැනි සතෙකු මුන ගැසුණු විට උපායශීලීව බේරිය යුතුය.

මෙවන් සත්ව දෂ්ටයකදී මෑතකාලීනව සමහර දෙනා බටහිර ප්‍රතිකාර පතයි. වර්තමාන සමාජ වටපිටාව තුළ එය එතරම් පුදුම විය යුත්තක් නොවේ. ප්‍රතිකාර ලබා ගැනීමට දෂ්ට කළ සර්පයා ආරෝග්‍ය ශාලාවට රැගෙන යා යුතුය. මෙය තරමක් බරපතල තත්ත්වයක් වේ. මක්නිසාදයත් දෂ්ටයෙන් පසු සර්පයා ඇල්ලීමට යාමෙන් පහර කෑ රෝගීන් බොහෝය. අනෙක් පසින් තිත් පොළඟා පහරදීමෙන් පසු වේගයෙන් පලා ගොස් සැඟවෙති. මේ නිසා සර්පයාට පහරදී මරා රැගෙන යාමට පෙළඹෙන්නේය. මේ සියල්ල සෑම පැත්තකින්ම හානිකර තත්ත්වයක් වේ. කෙසේ වෙතත් බටහිර ප්‍රතිකාරවලදී ඉන්දියාවේ නිෂ්පාදිත ඖෂධීය ප්‍රතිවිෂක් රෝගියාට එන්නත් කරයි. සර්යාගෙන් සර්පයාට දෂ්ටයකදී එන්නත් කළ යුතු ප්‍රතිවිෂ මිලිග්‍රෑම් ප්‍රමාණය වෙනස්ය. එමට නිසා බටහිර ප්‍රතිකාර වලදී දෂ්ට කළ සර්පයා රැගෙන යාම අනිවාර්ය අවශ්‍යතාවකි. එසේ නොවන ලේසි ප්‍රතිකාර කිරීම දුෂ්කර කාර්යයක් වේ. එයට පිටුපා ප්‍රතිකාර කිරීමෙන් රෝගියාගේ ජීවිතයට හානි සිදුවිය හැකිය.

අප රටේ වසර දහස් ගණන් පැරණි පාරම්පරික විෂ ප්‍රතිකාර ක්‍රමයක් මුල් බැස ගෙන තිබේ. එම කීර්තිමත් වෛද්‍යවරු දූත ලක්ෂණ හා රෝග ලක්ෂණ අනුව දෂ්ට කළ සර්පයා හඳුනා ගනියි.

ඒ අනුව ප්‍රතිකාර ඖෂධ පන්ති හා ගුප්ත විද්‍යා ප්‍රතිකර්ම සිදු කරණු ලැබේ. මේ අත්දුටු පත්‍යක්ෂ ප්‍රතිකර වලින් ලක්ෂ සංඛ්‍යාත රෝගීන් සුවය ලබා ඇත. තිත් පොළොං දෂ්ටයකදි නොබියව සුදුසුකම්ලත් දේශීය විෂ වෛද්‍යවරයකු ගේ සහය ලබා ගැනීමෙන් ජීවිතය ආරක්ෂා වේ.

බොහෝවිට තිත් පොළොං දෂ්ටයකට මුහුණ දෙනුයේ අනපේක්ෂිත ලෙසය. වෛද්‍යවරයකු හමුවට කඩිනමින් යාම ප්‍රධාන කාර්යයයි. එතෙක් ජීවිතය ආරක්ෂා කරගැනීමට කළ හැකි ප්‍රතිකාර කීපයක් කොටදිඹුලා මුලක් ගසේ බටහිර දෙසින් බටහිර පැත්තට ගලවා ගෙනවිත් බිම තබා රෝගියා බටහිර දෙසට මුහුණලා තුන් සැරයක් මුල උඩින් පැන්නිය යුතුය. රෝගී ශරීරයේ විෂ බැස යමින් ආතුරයාට යම් සහනයක් ලැබේ. හීන් උඳුපියලිය පිරිසිඳුව ගෙන කොටා යුෂ මැඩ බීමට දිය යුතුය. ඉන් රෝගියාට ශාරීරිකව සහනයක් ගෙන දෙනු ඇත. අනතුරුව බෝඹු දලු අමුකහ සමඟ අඹරා දෂ්ට මුඛය දෙහි ලෙල්ලකින් පිරිසුඳු කර බැඳිය යුතුය. නියත වශයෙන්ම ජීවිතය ආරක්ෂා වේ. මෙයින් සෑහීමකට පත් නොවී කඩිනමින් රෝගියාව විෂ වෛද්‍යවරයකු හමුවට යොමු කළ යුතුය.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 15 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.