දේශීය වෙදකම් සමඟ බැඳී අංගම් සටන් කලාව

ජනවාරි 15, 2021

ශ්‍රී ලංකාවේ ‘අංගම්’ පැරණිම සටන් කලාවයි. ආත්මාරක්ෂක අංගයක් ලෙස ප්‍රගුණ කර තිබේ. වසර 7500 ට වඩා පැරණි ඉතිහාසයකට උරුමකම් කියයි.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අධ්‍යයනයක් සිදුකර ඇත. පසුව සරසවි විද්වතුන් මේ පිළිබඳ අධ්‍යයන වාර්තා ඉදිරිපත් කර තිබේ. පරම්පරා කීපයක් ගුරු කුල ක්‍රමය යටතේ මෙම සටන් ශාස්ත්‍රය පවත්වා ගෙන යයි. ඔවුනොවුන් අතරේ යම් යම් මූලික වෙනස්කම් අංගම්හි පවතිනු ලැබේ. සමස්තයක් ලෙස සියලු අංගම් ගුරු කුල තුළ සටන් කලාව පොදු බවකින් යුක්තය.

අංගම් හි විෂය සමෝදානික බවක් නිරූපණය වේ. නර්තනය, පාරම්පරික වෛද්‍ය විද්‍යාව, කලා ශිල්ප, යන්ත්‍ර මන්ත්‍ර, ගුරුකම්, අවි තැනීම්, අඳුර බැසීම්, භාවනා යනාදි මෙයින් ගම්‍ය වන්නේ සිය සටන් කලාව ගැඹුරු අන්තයකට විහිදෙන බවය. ලොව පවතින පැරණිම සටන් සම්ප්‍රදායන්ට අයත්වන්නකි.

මෙම සටන් කලාවේ පහරදීම්, කරනම්, පැනීම්, සතුන්, වස්තු බීජ, කොටගෙන නිමවා ඇත. කුරුලු, නාග, පොළොන්, ගෝනුසු, වලස්, කොටි, කුළු, මීමුන් ගේ පහරදීම් හැඩකළ අංගම්හි වේ. මේ සටන් ශිල්පින් අවි – ආයුධ භාවිත කරන්නෝ නොවෙති. මක් නිසාදයත් ඔවුන් ආත්මාරක්ෂක සටන් ක්‍රමයක් ප්‍රගුණ කරන්නෝ වන බැවිනි. එහෙත් මොවුන් ආයුධ අත දරන්නන් සමඟ සටන් වදිති. නිමේෂයකින් සතුරා මෙල්ල කරයි. සිය නිපුණතාව අංගම් කලාවේ ඇති සුවිශේෂත්වය වේ.

අංගම් ශාස්ත්‍රය පවරා ඇත්තේ පරම්පරා සිරිතට අනුවය. මෙහිදී පාරම්පරික වෛද්‍ය පිළිවෙත් මුල්කොටගෙන තිබේ. කුලගෝත්‍ර පිළිවෙත් පමණක් නොව සෞඛ්‍ය ප්‍රධාංගයක්, හොඳ සෞඛ්‍ය තත්ත්වයක් නැත්තෙකුට සටන් කලාව නොපරවයි. ප්‍රගුණ කළ යුතු ව්‍යායාම රැසක්. නිතිපතා ප්‍රගුණ කිරීමේ ශාරීරික සුදුස්සෙකු විය යුතුය.

මෙම සටන් ක්‍රමය ප්‍රගුණ කරන්නට ගැඹුරු මානසික ශක්තියක් අවශ්‍යයයි. එහිලා නිරෝගීභාවය අත්‍යවශ්‍ය වේ. ශාස්ත්‍රය හැදෑරීමට උස්මිටි භේද ගැටලුවක් නොවේ. ඉවසීම හා කරුණාව ශතකාහ්‍යාෂයෙන් ප්‍රගුණ කළ යුතුය. මෙහිලා නිරතුරුව භාවනා කිරීම අත්‍යවශ්‍ය කාර්යයකි.

ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව මිනිස් සිරුරේ මර්මස්ථාන 107 කි. ඉන් 07 ක් අතිශය අන්තරාකාරි මර්මස්ථාන වේ. මෙම නිල පිළිබඳව අංගම් ශිල්පියාට හොඳ අවබෝධයක් තිබිය යුතුය. සෑම මොහොතකම ශරීරයේ නිලස්ථානයන්ට පහරදෙනු නොලැබේ. අවශ්‍ය විට ප්‍රතිවාදියාගෙන් ගැලවීමට මරු නිලයන්ට පහර දෙයි.

මෙරට ඉපැරණි අංගම් කලාව මනා ශික්ෂණයකින් යුක්තය. ලොව වෙනත් සටන ක්‍රමයන් හි දක්නට නොලැබෙන්නකි. සිංහල අංගම්කරුවා පංචශීලය, භාවනාව, ආධ්‍යාත්මික චිත්ත පාරිශුද්ධිය මුල්කොටගනියි.

අංගම් ශිල්පය, ප්‍රගුණ නොකිරීමට නොසුදුසුස්සෝ වෙති. උමතු රෝගීන්ට, බිහිරි අයට, අත්පා දුර්වල අයට, මංකොල්ලකරුවන්ට, හොරුන්ට, චණ්ඩීන්ට, ගෝත්‍රයෙන් බැහැරුන්ට, මෙම කලාව නොපවරයයි. මෙය ආචාර ධර්ම විධි විධාන ලෙස ගොඩනැඟුනකි.

අංගම් ශිල්පයේ කෙල පැමිණීමට අවසර තිබේ. එහෙත් ඒවා ප්‍රදර්ශනය කර ජනපි‍්‍රයවීම සපුරා තහනම්ය. කිසිවක් නොදත් අයෙකු ලෙස ජීවිතය ගෙවිය යුතු වේ.

පුරාණ කාලයේ අංගම් හරඹ සමඟ කෙම්පහන් ක්‍රම බැඳී පවතියි. ප්‍රබල යන්ත්‍ර මන්ත්‍ර සමඟ හරඹ පහරවල් ක්‍රියාත්මකය. කාලම් හා මායා බලය සටන්හී බලගතු අංගයකි. එය ඉපැරණි සුදලිය හා මරුවල්ලි අංගම් සටන් කාණ්ඩයම් භාවිතා කෙරීය.

ලලනාවන්ට අංගම් සටන් පුහුණු කරුනු නොලැබීය. එහෙත් මෙම සටන් පරම්පරාවල තරුණියන් රහසේ පුහුණුවී ඇත. සටන් පුහුණුවු කාන්තාවෝ සලෙලුන්ට ආණ්ඩුමට්ටු කර තිබේ. අංගම් සඳහා ප්‍රවේශයක් ලෙස කාන්තාවෝ ‘ලාලි‘ ක්‍රීඩාව කළහ. මෙය පිරිමින් හා කාන්තාවන් එක්ව කරන ලද්දකි. එහි පහරවල් කීපයක් පුස්කොළ පොත්හි සඳහන්ය.

දිග් පහර, වක් පහර, ඇඟිලි තුඩු පහර, පාපහර, ඉල කැඩීම, වැළකුම් පහර, මරු පහර, බිම හෙළීම, බෝල පහර, පොළොවේ ගැසීම, සිංහ අඩිය, මුගටි ප්‍රහාරය, කොටි පිම්ම, නයි පොළොන් සටන

මෙම ප්‍රහාරයන් පුස්කොළ පොත්වල රූ සටහන් සහිතව දක්වා ඇත. එම පත් ඉරු අංගම් ගුරුවරු හා සමහර දේශීය වෛද්‍යවරු සතුව තිබේ. ඉහත දැක්වූ පහරදීම් ආරක්ෂක හේතුමත විස්තර කළ නොහැකිය. ඒ මත පිහිටා ඉහත සඳහන් මරු නිල ද නොදක්වන ලදී. මෙහිලා සාදාචාරාත්මක සාධක ද හේතු වන්නේය.

අංගම් සටන් පුහුණුව ක්‍රමානුකූලව ගුරුවරුන්ගේ අනුදැනුම මත කරන්නකි. ඒ ඒ ගුරු කුල ප්‍රධානීන් තම තමන්ගේ අභිමත ක්‍රම භාවිත කරයි. එයට සාපේක්ෂව විවිධ උපාංග හා භාණ්ඩ භාවිතයට ගනු ලැබේ. පුහුණුවීම්වලදී අතුල් පහර, නම් පහර, නළල් පහර, ටොකු පහර, නාස පහර ප්‍රධාන වශයෙන් ඉගැන්වේ. ආරක්ෂක හේතුන් මත පහරවල් විස්තර කිරීමට නොහැකිය.

මුශ්ඨි ප්‍රහාරී නම් සංස්කෘතික ග්‍රන්ථයකි. මෙය අංගම් ශාස්ත්‍රයේ මූලධර්ම ඇතුළත් පොතක් වේ. මෙම සටන් ක්‍රමය පිළිබඳ ලියවී ඇති පැරණිම ග්‍රන්ථයකි. ලෝකයේ අංගම් සටන් පිළිබඳව විස්තර ඇතුළත්ය.

අංගම් ශිල්පියා අවි ආයුධ නොදරා සටන් කරන්නෙති. එහෙත් මෙම සටන් කලාවට පසුව කඩු හා පොලු සටන් එක්වී තිබේ. නිරායුධව සටන් කරන අංගම් ශිල්පියා අවි ඇතත් ප්‍රතිවාදියා බිම හෙළිය යුතුය. මෙය අංගම් සටන් කලාවේ ප්‍රධාන ඉගෙනුම වේ.

අංගම් ශිල්පියා සටන් හයිය ජනපි‍්‍රයත්වයට ගන්නෙක් නොවේ. එහෙත් අවශ්‍ය තැනදී තටු හකුලාගෙන සැඟවිය නොහැකිය. විදේශිකයන් හමුවේ අංගම් හැකියාව පෙන්වූ වීරයෝ රැසකි. ඉන් කීපදෙනෙකු ඉතිහාසය අනාවරණය කොට ඇත. වික්‍රමසිංහ කුමාර බණ්ඩාර, කොණප්පු බණ්ඩාර, වැලිතොට මුත්තා හාමුදුරුවෝ, මිද්දරමුල්ලේ පේහන්දි අරදියෙල් සිල්වා. කොස්ගොඩ හයිදෙ අප්පු එල්ලාවල බණ්ඩා, ගලගොඩ රටේ මහත්තයා, නල්ලූර්හි ජුසේ අයියර් ,කොළඹ මෝදර ගැස්පාද සොයිසා ඉන් කීපදෙනෙකි.

බොරලැස්ගමුවේ විසූ පී.ඒ.ජෝර්ජ් මහතා ප්‍රකට වෛද්‍යවරයෙකි. ඔහු රයිගම පාරම්පරික දැවුම් පිලිස්සුම් චිකිත්සාවේ යෙදුනි. ලියුම්කරු මෙම වෙද මහතාගේ වැඩිමහල් පුත්‍රයාය. පියා සතුව වෙද, යන්ත්‍ර මන්ත්‍ර, කෙම් ක්‍රම පිළිබඳ පුස්කොළ පොත් රැසකි. ඒ අතර අංගම් සටන් විස්තර හා ඉරියව් ඇතුළත් පුස්කොළ ඉරු කීපයක් විය. එහි සටනට පෙර දෙපාවලට මැතිරිය යුතු මන්තරයකි. කිලිවලින් වැළකී ජපකළ යුතු මන්තරය මෙසේය.

ඕං නිකම්හිලා මහා යක්ෂණී නමඞ

ඕං දෙපා රකිතේ නමඞ

ඕං ශක්ති ප්‍රදාය ජීව ශක්තියේ නමඞ

ඕං නමෝ ඊරි යක්ෂයා

වාවා රන්දේවි වාවා

ඊරි යක්ෂයාගේ ආනුභාවයෙන්

මේ සටනින් අදමට ජය ජය ඒශ්වාහ්

සටනට පෙර සිතින් අධිෂ්ඨාවන මැතිරිය යුතු වේ.

අංගම් පහරවල් සම්බන්ධයන් වූ ඡ්‍යොතිෂ්‍ය පිළිවෙත් ද වේ. මෙය ශාස්ත්‍රලාභී මනාව ප්‍රගුණ කළ යුතුය. පැරැන්නෝ “කාල චක්‍රය” ලෙස භාවිතයට ගත්තකි. එය පුර අව පක්ෂයන් අනුව නඟින හා බහින කලාවන් මුල් කොට ගන්නක් වේ. එයට අනුව ශරීර අංගයන්හි අමෘත හා විෂ පවත්නා තැන් දක්වා ඇත. මින් පහරදීමට සුදුසු කලාව තිබෙන ස්ථානය ඉගැන්වේ.

අංගම් ශතතභ්‍යාෂවල ද මෙන්ම සටන්වලදී ආබාධයන්ට ලක්විය හැකිය. තැලීම්, පැලීම්, ඇදීම් කැඩීම්, නැමීම්, සිහිසුන්වීම්, හුස්ම වැටීමේ බාධා ප්‍රධාන වේ. සුවය ලැබීමට බටහිර ප්‍රතිකාර ප්‍රමාණවත් නොවෙයි. නිල වෙද ශාස්ත්‍රය ප්‍රතිකාර කළ යුතුය. ඊට අමතරව තෙල් පත්තු, කල්ක , ගුලි, තැවිලි, පොට්ටනි, කසාය වර්ග වේ. ඒ සියල්ල සකසනුයේ පාරම්පරික වෛද්‍ය චිිකිත්සාවන්ට අනුවය.මෙම සටන් ක්‍රම හා ඖෂධ වනවාසී භික්ෂූන් වහන්සේලා ද දැන සිටියහ. ඒ කිසිවක් ධර්ම විරෝධී කටයුතු උදෙසා භාවිතා නොකළේය.

ඉහත සඳහන් කළ පරිදි අංගම් ශාස්ත්‍රය ප්‍රබල මන්ත්‍රවලින් යුක්තය. මෙහි “අංගම් පිඹීම” යනුවෙන් වූ ක්‍රමයකි. ඖෂධ සංයෝගයකින් සකසා සිද්ධි කරන ලද සුරුට්ටුවක් වේ. අවශ්‍ය විට ගම්මිරිස් ඇට කීපයක් මුඛයට දමා ගනියි. අනතුරුව දැල් වූ සුරුට්ටුවේ දුම් උරා ගම්මිරිස් සමඟ පිඹියි. සුළං හමන දිසාව බලා ප්‍රතිවාදිය දෙසට පිඹීම කළ යුතුය. නිමේෂයකින් සිහිසුන්ව බෙල්ල කඩා වැටී බිම පතිත වේ. සුළං හමන දිසාන බලා පිඹිය යුතුය. නැතහොත් පිඹින්නා දෙසට පැමිණීමෙන් ඔහුට එම විනාශය සිදුවෙයි. සුවය ලබා ගැනීමට අංගම් දන්නා දේශීය වෛද්‍යවරයකුව අවශ්‍ය වෙයි. නැතහොත් සුළු මොහොතකින් මිය යාම නියතය.

පෘතුගීසි . ලන්දේසි, ඉංගී‍්‍රසි අප රට ආක්‍රමණය කළ ජාතීන් වේ. ඔවුන් යුගයට අදාළ තාක්ෂණික අවි රැගෙන පැමිණියේය. අපේ සිංහල සේනා අත වැඩියෙන් තිබුනේ සම්ප්‍රදායික අවිය. එහෙත් මෙරට ජනතාව බොහෝ යුද්ධ ජයගන්නා ලදී. ප්‍රධානම හේතුව අංගම් ශාස්ත්‍රය ප්‍රගුණ කළ ශිල්පීන් වීම වේ. එම තත්ත්වය පසුව ඉංගී‍්‍රසින්ට අනාවරණය විය. ඉංගී‍්‍රසි හමුදා ප්‍රධානීන් අංගම් ශිල්පීන් සොයා ඝාතනය කරන ලදී. අනතුරුව අංගම් ගුරුවරු සටන් හරඹ නැටුම් වලට මුසු කර සැඟවීය.

මෙම සටන ශීල්පියාට අදාළ පුද පූජා හා වන්දනාමාන පිළිවෙත් වේ. සියල්ල සිදු කරනුයෛ් රාවණා උතුමන් මුල්කොට ගෙනය. සිය සටන් කලාවේ ආදි කර්තෘ ලෙස සලකනුයේ රාවණා රජුය. ජනශුැතියට අනුව එතුමන් දෙවියකු ලෙස පහළව සිටින බව විශ්වාස කරයි. එතුමන් ගේ බැල්ම, ආනුභාවය හා ශක්තිය මේ කෙරෙහි බලපාන බව විශ්වාස කරනු ලැබේ. එබැවින් සෑම අංගම් ගුරු කුලයක්ම රාවණා දෙවිඳු කෙරෙහි අපමණ විශ්වාසයකින් පුද පූජා සිදුකරයි.

අංගම් ශාස්ත්‍රයෙහි ශාස්ත්‍රීය විග්‍රහය ඉතා සංකීර්ණ වේ. එහි සියුම් කරුණු කාරණා පුළුල් විග්‍රහයකින් යුක්තය. සටන් ප්‍රභේද හා යන්ත්‍ර මන්ත්‍ර ප්‍රමාණය පුළුල් පරාසයක විහිදෙයි. විවිධ කුල පාර්ශ්වයන්ට ආවේණික වූ සටන් හා භාවිතයට ගත් අවි ආයුධ වේ. ඒ සියල්ල මෙවැනි ලිපියකින් අනාවරණය කිරීම ඉතා දුෂ්කරය. සමස්තය . පිළිබඳ ගැඹුරු විග්‍රහයක් කිරීමට ශාස්ත්‍රීය නිබන්ධනයක් කළ යුතුය.

අංගම් සටන් කලාව මෙරට ඉතිහාසයේ රණකාමීන්ගේ කථාවයි. එය එක පසෙකින් ජාතික අභිමානයේ අපූර්ව උරුමයක් වේ. කෙසේ වෙතත් මේ පිළිබඳ ප්‍රමාණික ආනාවරණයක් වර්තමානයේ දැකිය නෙහැකිය. කෙසේ වෙතත් මෙම සටන් කලාව දිවිහිමියෙන් රැකීමට යත්න දරන ගුරු කුල කීපයක් වේ. ඔවුන් තුළින් මෙහි පැවැත්ම බල ගැන්වීම යුගයේ එක් සංස්කෘතික කාර්යභාරයක් වන්නේය.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.