මුත්‍රා ගල් සහ පිත්තාශයේ ගල්

ජූලි 24, 2020

වර්තමාන ජන සමාජයේ පැතිරී යන බෝ නොවන රෝග අතර මුත්‍රාගල් ඇතිවීම මෙන්ම පිත්තාශය ආශි‍්‍රතව ගල් ඇතිවීම සුලභව දැක ගත හැකිය. මෙවැනි රෝග සුව කරගැනීමට පාරම්පරික ආයුර්වේද වෛද්‍ය ක්‍රමය වෙතින් කෙබඳු දායකත්වයක් ලබාගත හැකිදැයි අපි විමසා බලමු. 

පිත්තාශයේ ගල් මුත්‍රාගල් කියන්නේ මොනවාද? 

මුත්‍රා දැවිල්ල, මුත්‍රා මාර්ගයෙන් රුධිරය පිටවීම, මුත්‍රාශය ආශි‍්‍රත ස්ථානවල ඇතිවන වේදනාව මෙන්ම මුත්‍රා ගල් ද ඒ අතර ප්‍රධාන තැනක් හිමි කරගනු ලැබේ.මෙසේ ඇතිවන ගල් අශ්මරී ලෙසින් හැඳින් වේ. 

මීට අමතරව ශුක්‍ර අශ්මරී ලෙස ශුක්‍රාණු ගණ වීම නිසා ඇතිවන රෝගී අවස්ථාවන් මෙන්ම පිත්තාශය ආශි‍්‍රතව ඇතිවන ගල් ද තිබෙන අතර ඒවා පිත්ත අශ්මරී ලෙසින් හැඳින්වේ. 

මුත්‍රාගල් ඇති වූ විට දී රෝගියා මුහුණ දෙන අපහසුතා මොනවාද?

මුත්‍රාගල් ඇති වූ විට මුත්‍රා කිරීම ඉතාම අපහසු විය හැකි ය. එවිට තුනටියෙන් පටන්ගෙන කළවා සහ ඉකිළි ප්‍රදේශය දක්වා වේදනාවක් හටගත හැකි අතර විශේෂයෙන්ම මෙම ගල් ඇතිවීමේ දී වැඩි ප්‍රවණතාවයක් ඇත්තේ පිරිමි පාර්ශවයේ අයට ය. තවද ඔවුන්ගේ අණ්ඩ කෝෂ එල්ලා වැටීම මෙන්ම තුනටියේ ප්‍රදේශයේ එක් පැත්තකට තද කැක්කුම ඇතිවේ. ඒ වගේම බඩ දැවිල්ල, උගුරට එන ස්වභාවය, කළවාවල සිට පාදයේ පහළ ප්‍රදේශය දක්වා හිරිවැටෙන ස්වභාවයක් ද බොහෝ විට දැකගත හැකිය. මෙවැනි ලක්ෂණ මෞත්‍රලිංගය පද්ධතියෙන් පිටතට විහිදෙන වේදනා වශයෙන් ද හඳුන්වා දිය හැකිය. මෙහිදී තද කහ පැහැයෙන් මුත්‍රා පිටවීම හෝ මුත්‍රා සමග රුධිරය පිටවීම දැකගත හැකිය. මෙවැනි රෝගීන්ට කෑම ගැනීමේ අපහසුතාවයන් ශරීරය වෙව්ලන ස්වභාවයක් ද දැකගත  හැකිය. 

තවද ශුක්‍ර නාල අවහිර වීමෙන් විවිධ පීඩාවන් ඇති කරනු ලැබේ. මෙහිදී ශුක්‍රාණු ගණවීම නිසා ඇතිවන ස්ඵටික ශුක්‍ර නාලවල සිරවී ශුක්‍රාණු පිට කිරීමේ  අපහසුතා ඇතිවීමෙන් මෞත්‍රලිංගික පද්ධතිය පීඩාවට පත් කරයි. තවත් රෝගීන්ගේ මුත්‍රා මාර්ගය හරහා ගල් පිටවන අවස්ථා ද දැක ගත හැකිවේ. 

මෞත්‍රලිංගික පද්ධතිය ආශි‍්‍රතව මෙවැනි ගල් ඇතිවීමට බලපාන හේතු මොනවාද? 

අධික වශයෙන් මාංශ ආහාරයට ගැනීම මීට බලපාන ප්‍රධාන හේතුවක් වශයෙන් හඳුන්වා දිය හැකි අතර හරක් මස් එහිදී ප්‍රධාන තැනක් ගනු ලැබේ. තවද උෂ්ණාධික ආහාර අධිකව ගැනීම අධිකව දහදිය පිටවන ක්‍රියාවල නිරතවීම සමගම ප්‍රමාණවත් පරිදි ජලය පානය නොකිරීම මෙයට ප්‍රධාන හේතුන් වේ. තවද මුත්‍රා සහ ශුක්‍ර වේග ධාරණයත් මීට බලපාන තවත් හේතුවකි. 

මුත්‍රා මාර්ගය හරහා මෙවැනි ගල් පිටවීම නිසා රෝගියාට මුහුණදීමට සිදුවන අපහසුතා මොනවාද? 

මෙසේ මුත්‍රා මාර්ග හරහා පිටවන ගල්වල තියුණු ස්වභාවය නිසා මුත්‍රා මාර්ගය සීරීමකට ලක්විය හැකිය. මෙය ඉතා අධික වේදනාවක් ඇතිවන අවස්ථාවක් වන අතර, මෙසේ මුත්‍රා මාර්ගය තුවාල වීම නිසා සමහර අයට මුත්‍රා සමඟ රුධිරය පිටවිය හැකිය. මීට අමතරව මුත්‍රා මාර්ගය ඉදිමීම මෙන්ම ලිංගය ආශි‍්‍රතව තද වේදනාවක් ද ඇතිවිය හැකිය. සමහර අයට මුත්‍රා කිරීමෙන් අනතුරුව රුධිර බිඳිති කිහිපයක්ද පිටවිය හැකිය. මුත්‍රා කිරීමේ අවශ්‍යතාවයක් ඇති වුවත් මුත්‍රා පිට නොවීම මෙන්ම ස්වල්ප වශයෙන් පිටවීම ද බොහෝ දුරට දැකගත හැකි වේ. 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
16 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.