වර්ෂ 2025 ක්වූ January 10 වැනිදා Friday
පැපොල රෝගයෙන් ඔබ ආරක්ෂා වීමට නම්
මැයි 3, 2019
අතීතයේදී “දෙයියන්ගෙ ලෙඩ” නමින් හැඳින්වූ “පැපොල” රෝගය අප ජීවත්වන පරිසරය හා අප අතර දැඩි සම්බන්ධතාවයක් ඇත.
මෙම සබදතාවය අපේ නිරෝගි බව රැකෙන ලෙස පවත්වාගෙන නොගියහොත් අප රෝගී වන්නට පුළුවනි. හේතුව අපට ඇසට නොපෙනෙන බැක්ටීරියා වර්ග මෙන්ම වෛරස් වර්ග ශරීරයට ඇතුල් වීම අපිට හානිදායක වන නිසායි.
පැපොල වෛරස් මගින් බෝවන රෝගයකි. තමාට පැපොල රෝගය වැළඳී ඇති බව නොදැන නීරෝගී අය අතර සිටීම නිසා බොහෝ අය අතර ව්‍යාප්ත වීමෙන් වෛසරය ඇතුල් වී නීරෝගී අයද රෝගීන් වන්නට පුළුවන. පාසැල්වල මෙන්ම රැකියා ස්ථානවල එක් අයෙකුට වැලඳුණ විට බොහෝ පිරිසකට බෝවන්නේ මේ නිසාය.
පැපොල රෝගය වැළදෙන්නේ වැරිසෙල්ලා වෛරසය මගිනි. ස්වසන ව්‍යුහය මාර්ගයෙන් පිටවන ස්රාවගත ක්ෂුද්‍ර ජීවින් මගින් මෙය පැතිරේ.
දියර බුබුළු බිදුණහොත් එහි ස්‍රාව කොටස් වශයෙන්ද මෙය බෝවේ. නාඩිවිසර්ප හෙවත් අංශ පැපොල (හර්පිස්සොස්ටර්) රෝගීන් සමඟ ස්පර්ශ වීමෙන්ද වැළඳෙන්නට පුළුවන. රෝගීන් වෙන්කර නොතිබුව හොත් නිවසේ සියලු දෙනාටම මෙම රෝගය වැළදෙන්නේ නොදන්නා කම නිසා මෙන්ම රෝගය ව්‍යාප්ත වන බව දැන දැනත් නොසැලකිලිමත්ව රෝගියාගෙන් රෝගය බෝවන අන්දමට නොසැලකිලිමත්ව හැසිරීම් නිසාවෙනි. අංශ පැපොල හෙවත් හර්පීස් සොස්ටර් ස්නායු පද්ධතිය හා සම්බන්ධ නිසා ශරීරයේ එක පැත්තකට පමණක් වැලඳෙයි.
මේ රෝග අවස්ථා දෙකේ දීම බීජෞෂණ සමය දින 14 සිට දින 16 දක්වා පවතී. එනම් විෂ බීජය ශරීරය ගතව දින 14-16 අතර කාලය තුළ ශරීරය වර්ධනය වන අතර රෝග ලක්ෂණ පහළ වන්නේ ඉන් අනතුරුවයි. උණ වැනි ශාරීරික ලක්ෂණ ඉතා සුළු වශයෙන් මතු වේ. සමේ ලප මතුවන විට රෝගය පැපොල බව හදුනා ගන්නට පුළුවන. බොහෝ විට පළු මතුවීමට ප්‍රථම මෙම ලප මුඛයේ උඩ තල්ලේ මතුවේ. මුලින් ශරීරයේ කඳ ප්‍රදේශයේ මතුවන මෙම රතුපැහැ ලප ඉන්පසු මුහුණ හා අත්පා වලටද ක්‍රමයෙන් පැතිරෙයි. මෙම ලප පැය කිහිපයකින් පළු බවට පත්වී පසුව දියර බුබුළු බවට පත්වෙයි. මෙම දියර බුබුළු පැය 24 කින් සැරව බුබුළු බවට හැරේ. මෙම දියරබුබුළු හම මතුපිට පවතී. සැරව බුබුළු දින කිහිපයකින් වියළි බවට පත්වේ. මේ නිසා එක විට ශරීරයේ මෙම විවිධ අවස්ථා දැකගන්නට පුළුවන. (ලප පළු බවට පත්ව දියර බුබුළු සැරව ඇති අවස්ථා) පළු මතුවීමට පැය 24 කට පෙර සිට පළු වියළී යන අවස්ථා දක්වා කාලය රෝගීන් ආරක්ෂා විය යුතුය. පළමුව හොඳ වාතාශ්‍රය ලැබෙන ආකාරයට විවේකීව රෝගියා සිටිය යුතුයි. රෝගියා අන් අයගෙන් වෙන්කර තබන්න. රෝගියා වෙන්කර තැබීමට අවශ්‍ය වන්නේ නීරෝගී අයට බෝවීම වැළැක්වීම සඳහාය.
උණ ඇතිවිට පැරසිටමෝල් වැනි ඖෂධ වයසට අනුව ගැනීමට පුළුවනි. දියර වර්ග පානය කිරීම ඉතාම ගුණදායක වේ. මේ සඳහා කොත්තමල්ලි තැම්බූ වතුර, කැඳ වතුර, ජීවනි බීමට පුළුවනි. කොහොඹ කොළ අතුරා ඒ මත නිදා ගන්නට සැලැස්වීම විෂබීජ නාශකයක් මෙන්ම සිසිලසක්ද ගෙන දීමට හේතු වේ.
ද්විතීය ( දෙවනුව) ආසාදන මුඛයේ හෝ සමේ ඇති වීමට හැකි බැවින් රෝගියා සති 03 ක්ම ආරක්ෂා වීම යහපත් ය. රෝගියා පරිහරණය කළ භාණ්ඩ මාර්ගයෙන්ද රෝගය බෝ විය හැකි නිසා ඒවා විෂ බීජ හරණය කළ යුතුය.
උපදෙස්
වෛද්‍ය
කස්තුරිආරච්චි
(ඩී.ඒ.එම්.එස්)
පූගොඩ දංගල්ල හන්දියේ
සියලු සර්වාංග රෝග සඳහා
සටහන
ජයන්ති කුරේ
෴ සබැඳි ලිපි ෴
විටමින් යනු අපගේ සිරුරේ ජෛව කි්රයාවන් රාශියකට ඉවහල් වන අගනා ක්ෂුද්‍ර පෝෂකයකි. ඇතැම් විටමින් වර්ග ජලයේ දියවන අතර ජලයේ දිය නොවන විටමින් වර්ග තෙල්වල...
2020-11-05 18:30:00
පසුගිය සතිය හා සම්බන්ධයිසිව්වන පටලයෙහි දෝෂය ඇති විටෙක දැකීම් වසාලන සිව්වෙනි පටලයෙහි දෝෂය ඇති වූ විට එය ‘තිමිරය’ නම් ලත් රෝගය වේ. මෙම ලක්ෂණ පහළ වූ කල...
2020-11-05 18:30:00
මුල් කාලයේදී කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්විය හැකි රෝගයක් වන ඔස්ටියෝපොරෝසිස් රෝගය කාලයක් තිස්සේ අස්ථි පටක තුනී වීමෙන් හා අස්ථිවල ඝනත්වය අඩු වීමෙන්...
2020-11-05 18:30:00
බහු මුත්රතාවය හෙවත් මුත්‍ර වැඩියෙන් පිටවීමද ඩහදිය අධිකව පිටවීමද නිසා ශාරීරික ද්‍රව කොටස් බහුලව පිටවී යාම නිසා ජල පදාර්ථ අඩුවේ. එබැවින් පිපාසය අධික...
2020-10-29 18:30:00
අපගේ දෙනෙත සුරක්ෂිතව තබා ගැනීමට නම් එයට පිළිපැදිය යුතු කාරණා කටයුතු බොහොමයක් පවතී. ඒවා අනුගමනය කිරීමෙන් ඇස් පෙනීම දියුණු කර ගැනීමත්, ඇස් පෙනීමේ...
2020-10-29 18:30:00
දිවි ඇති තුරා ආබාධිතව සිටීමට හෝ නැතහොත් මරණයට පත්වීමට ඉඩ ඇති. ලෝක ආඝාත දිනය ඔක්තෝබර් 29 දිනට යෙදී තිබුණි. මේ ලිපිය ඒ නිමිත්තෙනි.ඇස් නොපෙනී යාම, කන්...
2020-10-29 18:30:00
මාන්දමින් වැළකීමට නම් හොඳ ආහාරයන් ලබා දිය යුතුය. දරුවන්ට දිය යුතු ධාන්‍ය වර්ග, එළවළු හා අලුත් පලතුරු කොතෙකුත් ඇත. එළවළු වර්ග වැඩියෙන් වැඩි...
2020-10-29 18:30:00
විශේෂයෙන් කුඹුරු වැඩ කරන අය ආරක්ෂාකාරිවීම වැදගත්ය. නිරන්තරයෙන්ම තෙත සහිත හා මඩ සහිත පොළොව ආශි‍්‍රතව අපිරිසුදු ජලය පෑගෙන අය ද ප්‍රවේසම් වීමට වග...
2020-10-29 18:30:00
ආයුෂ විදීම යනු ආයුර්වේදයයි. නිරෝගි අයගේ නිරෝගිකම ආරක්ෂා කිරිම රෝගී අයගේ රෝග සුවපත් කිරීම ආයුර්වේදයේ ප්‍රයෝජනයයි. අපත්‍යය ආහාර විහරණ, ගැනීමෙන් ශරීරයේ...
2020-10-29 18:30:00
අද සමාජයේ වැඩි දෙනකු පීඩා විඳින රෝගයක් ලෙස උර හිස් වේදනාව පත්ව ඇත. ඒ අත් දෙකම හෝ එක අතක් එසවීමේදී ඇතිවන වේදනාවයි. උරහිස් සන්ධි ආශි‍්‍රතව හැදෙන මෙම...
2020-10-22 18:30:00
ජන්මියෙකුගේ ජීවිතය ගෙනයාමේදී තමාගේ වැඩකටයුතු අවුල් වී යාමට හේතුවන ප්‍රධාන බාධකයන්ගෙන් එකක් වනුයේ රෝග පීඩායි. මෙය උප පීඩක කර්මය පලදීමක් යැයි කිව හැක....
2020-10-22 18:30:00
නිරෝගී ජන සමාජයක උරුමයේ මුල් පුරුක් අප නිරෝගි දරු දැරියන් ය. එනිසා ඔවුන් කායික මානසික රෝගවලින් ප්‍රවේශම් කරගත යුතුය. රටක ප්‍රධානතම සම්පත ඔවුන්ය....
2020-10-22 18:30:00
විෂ දෙවර්ගයකි. ස්ථාවර හා ජංගම යනුවෙනි. මුල්, කොළ, සුඹුළු ඇට, මල්, ලොඳ ආදිය ස්ථාවර විෂ වෙයි. මීට බාහිර සර්ප, මී, කූඩලු ආදීන්ගේ විෂ ජංගම විෂ වේ.ථාවරං...
2020-10-22 18:30:00
ගමන බිමන දේහ විලාශය වගේම කිසියම් අයෙකුගේ කෙස්කළඹ අනුවද ඔහුගේ හෝ ඇයගේ චරිත ස්වභාවයන් පැවසිය හැකි බව පැරණි කාලයේ විසූ ඍෂීවරුන් පවසා ඇතැයි අපේ පැරණි පත...
2020-10-22 18:30:00
ජීවමාන ශරීරයේ පවතින්නා වූ නොදැරිය යුතු වේග දහතුනක් පිළිබඳව ආයුර්වේදයේ සඳහන් කර ඇත. මේවා ශාරිරික වේගයන්ය. මළ වේග, මුත්‍රා වේග, වාත වේග, වමන වේග,...
2020-10-22 18:30:00
අකලට සම රැලි වැටීම කාන්තාවන් තුළ විශාල වශයෙන් පවතින ගැටලුවක්. සම රැලි වැටීම නිසා වයසට වඩා වැඩි පෙනුමක් ලැබීම වැළැක්විය නොහැකි බව ද සත්‍යයක්. වයස...
2020-10-22 18:30:00