ග්‍රහණ දෙකකින් විස්මි்ත පල ගෙනෙයි

සැප්තැම්බර් 20, 2024

විශ්වයෙහි ඇතැම් රාජ්‍යයනට ද විද්‍යාමාන වනු ලබන “වළයාකාර” සූර්ය ග්‍රහණයක් ඔක්තෝබර් 03 වැනි දින මධ්‍යම රාත්‍රී 12.16ට ඥානකාරක බුධ හිමි කන්‍යා රාශිගතව හත නැකත 02 පාදය ආශි‍්‍රතව විශ්ව තාරකා මන්දාකිණියෙහි දර්ශනය වනු ඇත. අර්ධ චන්ද්‍ර ග්‍රහණයක් නිර්මාණය වන්නේ මෙයට දෙසතියකට පෙරාතුවය.

ග්‍රහණ දර්ශනය වීම හෝ නොවීම සුබාසුබ පලයන්හි වෙනසකට හේතු නොවනු ඇත. චන්ද්‍ර ග්‍රහණය මුලින් යෙදී සූර්ය ග්‍රහණය පසුව සිද්ධවීම සුබපල හීන කරන තත්ත්වයක් ලෙස ද ඡ්‍යොතිෂයේ සඳහන් වේ.

මේ මොහොතේ අඟහරු මාන්දි ග්‍රහයා වෙමින් ද 22 වැනි මාරක දෙර්කානාධිපති සිකුරු ද බාධක ග්‍රහයා රවි ද උදා රාශිය තුලා රාශිය ද ලෙස යෙදී ඇත. අයස්ථානය වූ 11 වැන්න සිංහ රාශියේ නිර්මාණය වෙයි. රවි ග්‍රහයා නීච සිකුරු මුඪ කේතු සමඟ වැය ස්ථානය වූ 12 වැන්නේ ය. සමස්ත ලෝක වාසීන්ට සොබාදහමේ ප්‍රචන්ඩකාරී අවස්ථා යෙදෙනු ඇත.

සූර්යය චන්ද්‍ර දෙදෙනාගේ අධි විශ්ව කිරණ බිහිසුණු ස්වභාවය ස්ත්‍රී, පුරුෂ, ගිහි පැවිදි, ලොකු කුඩා සැමට තුණුරුවන් ආශි‍්‍රත පූජා ක්‍රමයක් අනුගමනය කොට ඉරරාජ, සඳරාජ වෘක්ෂ ලතාවන් මූලිකව විවිධ ආගමික සහ බෞද්ධාගමික පදනමකින් කන්ද උඩරට වාමා දන්ත ධාතුන් වහන්සේ පමුබව සිද්ධ කරළීම සියලු යහපත සැලසීමට ඉවහල් වනු ඇත.

 

මේෂ ලග්නය

ජවබල සම්පන්නවූ ග්‍රහචාරයක් සූර්යග්‍රහණය තුළින් ශක්තිමත්ව යෙදී ඇත. බුධ ආධිත්‍ය යෝග බලයෙන් ද මාලවි යෝගයෙන් ද ස්වක්ෂේත්‍ර මුල ති‍්‍රකෝණ වක්‍ර සෙනසුරුගෙන් ද යහපත් ප්‍රතිපල ලැබෙනු ඇත. බාධක යෙදුණත් පවතිනු ලබන ග්‍රහචාරය හිතකර වෙයි.

 

වෘෂභ ලග්නය

බුධ ආධිත්‍ය යෝග බලයෙන්ද ස්වක්ෂේත්‍ර මුල ත්‍රිකෝණ සිකුරුගෙන් ප්‍රබලව ද ස්වක්ෂේත්‍ර මුල ත්‍රිකෝණ වක්‍ර සෙනසුරුගෙන් ද ආරම්භ කළ කටයුතු බොහෝ දුරට සාර්ථක වෙයි.

 

මිථුන ලග්නය

බුධ ආධිත්‍ය යෝග බලයද සුබවාදී සිකුරුගේ සහ සෙනසුරුගේ බලයද අනුව සිතැඟියාවන් බොහෝ දුරට සතුටුදායක වනු ඇත. ආශිර්වාද ශාන්තිකර්ම කෙරෙහි යොමු වන්න.

 

කටක ලග්නය

බුධ ආධිත්‍ය යෝගය මාලවි යෝග බලය ද සෙනසුරු අෂ්ටම මාරක ඒරාෂ්ටක බලයද ක්‍රියාත්මක වෙනු ඇත. නිර්නාමික නාමික සොර සතුරු බලවේග සමඟ ආර්ථිකමය ගැටලු පැන නැඟිය හැකිය. ආශිර්වාදාත්මක සෙත් ශාන්තිමය කටයුතු කෙරෙහි යොමුවීමද ඉතාම ශුභදායක වෙයි.

 

සිංහ ලග්නය

බුධ ආධිත්‍ය යෝගබලය ද සිකුරුගේ සහ සෙනසුරුගේ සස යෝගබලයද බොහෝ දුරට සිතැඟියාවන් සාර්ථක කරයි. අවහිර බාධක සඳහා නොපමාව ආගමික ක්‍රියාකාරකම්හි යෙදීම අතිශය සතුටුදායක වේ.

 

කන්‍යා ලග්නය

බුධ ආධිත්‍ය යෝග බලය ද සෙනසුරුගේ බලය ද සිකුරුගේ ප්‍රබලත්වය ද යෙදී ඇත.අර්බුදකාරී ගැටලු ඇති විය හැකිය. එබැවින් සෙත් ශාන්තිමය කටයුතු සඳහා අවතීර්ණ වීම ප්‍රශස්ත වෙයි.

 

තුලා ලග්නය

මාලවි යෝග බලය ද සෙනසුරු බලය ද බුධ ආධිත්‍ය යෝග බලය ද සමාරම්භක කටයුතු සාර්ථක වීමට තුඩුදෙනු ඇත. අභියෝග මෙන්ම බාධක අවහිර සතුරු කරදර ආදිය දුරුවීමට ආශිර්වාද සෙත් ශාන්ති කර ගැනීම, අතිශයින්ම යහපත් වෙයි.

 

වෘශ්චික ලග්නය

ශනිගෙන් සස යෝග බලයද බුධ ආධිත්‍ය යෝග බලය ද සිකුරුගෙන් යෙදුණ ප්‍රබල ග්‍රහ බලයද සිතැඟියාවන් බොහෝ දුරට සතුටුදායක බවට පාත්‍ර කරයි. බාහිර බලපෑම් දුරු කර ගැනීමට ආශිර්වාද සෙත් ශාන්ති කර ගන්න.

 

ධනු ලග්නය

බුධ ආධිත්‍ය යෝග බලය මෙන්ම සිකුරු ග්‍රහබලයද ස්වක්ෂේත්‍ර මුල ත්‍රිකෝණ වූ සෙනසුරු ග්‍රහ බලයද අනුව අභිමතාර්ථ සපල කරගැනීමෙහි උත්සාහය උනන්දුව සතුටුදායක විය හැකිය.

 

මකර ලග්නය

මාලවි යෝග බලය සතුටුදායක බවක් පිළිබිඹු කෙරෙනු ඇත. බාධක ඉවත්වීමට ආශිර්වාද සෙත් ශාන්ති කටයුතු කර ගැනීම ශුභවාදීවෙයි.

 

කුම්භ ලග්නය

වක්‍ර ශනිගෙන් සෙනසුරු ඒරාෂ්ටක දෝෂද සස යෝග බලයද යෙදෙනු ඇත. බුධ අධිත්‍ය යෝග බලය ද සිකුරුගෙන් භාග්‍යය වාසනා බලය උදා කෙරෙනු ඇත.

 

මීන ලග්නය

බුධ ආධිත්‍ය යෝග බලය ද ශනිගේ බලය ද සෙනසුරු ඒරාෂ්ටක බලයද සිකුරු තුලාවෙහි යෙදීමෙන් සිතැඟියාවන් බොහෝ දුරට සාර්ථක කරනු ඇත. බාධක අවහිර දුෂ්කරතා දුරුකර ගැනීම පිණිස ආගමානුකූල ආශිර්වාද පූජා සෙත් ශාන්ති අප්‍රමාදීව කරගන්න.

 

ඡ්‍යොතිෂවේදී - කොත්මලේ විජිත ඩී. ලියනආරච්චි

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.