වර්ෂ 2024 ක්වූ November 15 වැනිදා Friday
ජුලි 11 අඟහරුවාදා - ලග්න සහ රාහු කාලය
ජූලි 10, 2023
ඉර උදාව - පෙරවරු 06.01
ඉර බැසීම - ප.ව. 06.31
රාහු කාලය - ප.ව. 03.23 සිට ප.ව. 04.54
සුබ දිශාව - දකුණ
මේෂ
තරමක ඉක්මන් බවකින් යුතුව කටයුතු කරයි. සුළු සුළු ලාභ ලැබෙන දිනයකි. පී‍්‍රතිය ගෙන දෙන ගමන් බිමන්ද යෙදෙනු ඇත. තරමක ආත්මාර්ථකාමී බවකින් යුතුව කටයුතු කිරීමට ද බලනු ඇත.
වෘෂභ
බලාපොරොත්තු නොවූ වියදම් යෙදෙනු ඇත. අන් අය අතර තමා කෙරෙහි පැවති ගෞරවය පිළිගැනීම අඩුව යයි. සිතට පීඩා ගෙන සිදුවීම්වලට මුහුණදීමට සිදු කරයි. බලාපොරොත්තු කඩවනු ඇත.
මිථුන
සිතේ සැකයකින් යුතුව කටයුතු කරනු ඇත. මිල මුදල් ලැබීම අඩු දිනයකි. දියුණුවට යම් යම් තීන්දු තීරණ ගන්නා නමුත් ඒවායින් එතරම් යහපතක් ඇති නොවේ.
කටක
ස්ථාන ගත වෙනසක් ඇතිවීමට කරුණු යෙදෙනු ඇත. ඉක්මන් කේන්ති යන ගතියක්ද ඇති කරයි. අධික වියදමක් දැරීමට සිදුවේ. පපුවේ සෙම් ගතියක් බලපත්වන අතර ජලයෙන් පීඩා ඇතිවිය හැකි බැවින් පරිස්සම් විය යුතු ය.
සිංහ
කරගෙන යන කටයුතුවලට බාධා ගෙන දෙනු ඇත. බලාපොරොත්තු කඩවීමක් හේතුවෙන් සිත්තැවුල් ඇතිවන අතර විනෝදයෙන් සිටීමට ඉඩ පහසුකම් ලැබුණත් සිතට සතුටක් ඇති නොවේ.
කන්‍යා
ලෙඩක් දුකක් ගැන කතා කිරීමට සිදුවන දිනයකි. පහත් අයගෙන් හෝ සේවකයකු ලවා වැඩ කරවා ගැනීමට සිදුවේ. සිතේ සතුටට කරුණක් යෙදෙනු ඇත. යටිබඩ ආශි‍්‍රත පීඩාද මතු කරයි.
තුලා
සැපට නිදා ගැනීමට සිත්දෙනු ඇත. කලකින් හමුනොවූ අයකු හමු වේ. විනෝදයට සිත ඇදී යයි. මුත්‍රා අමාරුවක් හෝ දැවිලි ගතියක් ඇතිවන අතර ආහාරපාන ගැන සැලකිලිමත් වන්න.
වෘශ්චික
සිතට සතුටක් ඇති කරයි. නිශ්ඵල ගමන් හෝ අධික වියදම් යෙදෙනු ඇත. අවුල් වියවුල් සහිත දිනයකි. ආහාර නොදිරවීමේ අපහසුතාවයක් මුත්‍රා අමාරුකම්, බඩේ අමාරු වැනි දේවලින් පීඩා ඇතිවේ.
ධනු
තම ගෞරවයට නම්බුවට කැළල් ඇතිවනු ඇත. චෝදනා සිත් තැවුල් , කණගාටු ගෙන දේ. මුදල් අතින් අධික වියදම් ඇතිවන බැවින් මිල මුදල් වියදම් කිරීමේ දී සැලකිලිමත් වන්න.
මකර
බලාපොරොත්තු ඉටුවීම මත සිතට සතුටක් දැනෙන අතර දියුණුවට කටයුතු සිදුවේ. හිතවතුන් පවා තමාගැන සතුටු වනු ඇත. සාමාන්‍යයෙන් ශුභ දවසකි.
කුම්භ
කරන කියන කටයුතුවලින් ලාබ ප්‍රයෝජන ලැබෙන දිනයකි. ඵලදායී කටයුතුවල යෙදෙන අයට තම කටයුතු වල සාර්ථක බවක් දක්නට ලැබෙනු ඇත. කරදර අඩුව යයි. සිතට සැනසීම ඇතිවේ.
මීන
සිත් තැවුල් කණගාටු ඇති කරයි. වියදම් අධික වේ. නොකළ වැරැදිවලට චෝදනා ඇසීමට සිදුවනු ඇත. තම අදහස් අනුව කටයුතු කරගෙන යාම නිසා කරදර ඇතිවේ. ගමන් බිමන්වලදී පවා කරදර ගෙන දෙනු ඇත. නීති ගැටලු ඇතිවීමට ද ඉඩ ඇත.
ජ්‍යොතිෂවේදිනී, ගීතිකා සමරතුංග
෴ සබැඳි ලිපි ෴
පුණ්‍ය කාලයඅපේ්රල් මස 13 වැනිදා සෙනසුරාදා අපරභාග 02.41 සිට 14 වැනිදා ඉරිදාඅලුයම 03.29 දක්වා පුණ්‍ය කාලය බැවින්අපේ්රල් මස 13 වැනි සෙනසුරාදා...
2024-04-11 18:30:00
කෝණ මාසය අවසන් වීමත් සමඟ 2024 අප්‍රේල් මස 19 වැනිදා සිකුරාදා පෙ.ව. 08.51ට ඉතාමත් සුබ නිවාස නැකැතක් යෙදේ. ඉතා බලවත් ග්‍රහ පිහිටීමක් පවතින ඒ...
2024-04-11 18:30:00
අඟහරු මීන රාශියට එයිඅභියෝග ජය ගැනීමේ නීච භංග රාජ යෝග බලය සියලු ලග්නවලට සෞරග්‍රහ මණ්ඩලයේ සෙනෙවියා හෙවත් භූමි පුත්‍ර අගහරු මේ මස 23 වැනිදා...
2024-04-11 18:30:00
මේ වර්ෂයේ යෙදෙන පළමු පූර්ණ සූර්යග්‍රහණය සිදු වන්නේ අප්‍රේල් මස 08 වැනිදා සඳුදා මෙරට වේලාවෙන් රෑ. 9.12 සිට 10.08 දක්වාය. ඈපා පංචාංග ලිතට අනුව මෙය මීන...
2024-04-04 18:30:00
සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය අරඹන මේ අලුත් අවුරුදු උදාව යෙදෙන මොහොතේ එනම් රාජ්‍ය වර්ෂ 2024ක් වූ උත්තරායනය, වසන්ත සෘතුවෙහි මීන, රවි 31...
2024-04-04 18:30:00
අලුත් අවුරුද්ද එළැඹීමට අත්තේ තවත් දින පහළොවක් පමණයි. අන් කවරදාටත් වඩා මෙවර අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර පිළිබඳව සමාජයේ සුවිශේෂී අවධානයක් යොමුව...
2024-03-28 18:30:00
අවුරුදු නැකැත්වල කිසිදු වෙනසක් සිදු වන්නේ නැති බවත් එය වසර ගණනාවකින් යෙදෙන රටටත් ජනතාවටත් සුබදායි ඉතාම බලවත් නැකැත් සීට්ටුවක් බවත් රාජ්‍ය...
2024-03-28 18:30:00
ප්‍රවීණ ඡ්‍යොතිෂවේදී කොත්මලේ විජිත ඩී. ලියනආරච්චිපියුමාකාර, විෂ්ණු, මහෞෂධ යෝගබලය ලග්න දොළසටම උදා කරමින් බ්‍රාහ්මණ වංශික අසුරුගුරු හෙවත්...
2024-03-21 18:30:00
කෝණ මාසය තුළ වුව ද අකුරු කියවීම වැනි කටයුතු ඉටු කිරීමට නැකැත් යෙදීම ඡ්‍යොතිෂයේ නියමයි. ඒ අනුව වසරකට වරක් හෝ දෙවරක් පමණක් යෙදෙන දුර්ලභ ගණයේ...
2024-03-14 18:30:00
මේෂ, කටක, තුලා, මකර ලග්නවලට රාජයෝග වෘෂභ, සිංහ, වෘශ්චික, කුම්භ ලග්නවලට ප්‍රශංසා කෝණ මාසය එළැඹෙයිමේෂ, කටක, තුලා, මකර, වෘෂභ, සිංහ, වෘශ්චික, කුම්භ...
2024-03-14 18:30:00
එළැඹෙන මාර්තු 16 වැනිදා සෙනසුරාදා දුර්ලභ අවස්ථාවක් වන පුර තිථිය ඇති රෙහෙන නැකැත හා පී‍්‍රති යෝගය යෙදේ.මේ යෝගය යෙදෙන සෙනසුරාදා දිනවල හිරු...
2024-03-07 18:30:00
ඥානයට අධිපති බුධ සමඟ වරුණ හෙවත් නැප්චූන් මාර්තු 08 වැනිදා සිකුරාදා රාත්‍රී 08.37 ට කාල සර්ප යෝග බලැතිව, ගුරු දීප්ත ශුභ යෝග බලැතිව යුධ ප්‍රකාශ...
2024-03-07 18:30:00
සිංහ, වෘශ්චික, කුම්භ, වෘෂභ රාශි සතරම පංච මහා පුරුෂ යෝග අතරින් සස යෝග බලයෙන් නොසැලී ඉදිරියට යා හැකි අභිමානණීය රාජකීය බැල්මක් හෙළමින් මාර්තු 15...
2024-03-07 18:30:00
ඕනෑම ශාස්ත්‍රයක කිසියම් කොටසක් කලක් යාමේ දී මැකී යනවා හෝ වෙනස් වනවා. ඒක සාමාන්‍ය දෙයක්. ආදි කාලයේ වෛද්‍ය විද්‍යාව මෙතරම් දියුණුවන්ට ප්‍රථම දරුවකු...
2024-02-29 18:30:00
සෑම වසරකම සූර්ය සහ චන්ද්‍ර ග්‍රහණ හතරක් හෝ හයක් ඇති වීම ස්වභාවිකය. එහෙත් චන්ද්‍රයාගේ බලපෑම මනස හා බැඳී ඇති බැවින් චන්ද්‍රග්‍රහණයක් යනු ජීවිතයේ...
2024-02-29 18:30:00
ග්‍රහ ලොව කුමරු ලෙස හැඳින්වෙන දැනුමට අධිපති බුධ 2024 මාර්තු 07 බ්‍රහස්පතින්දා උදේ 09.37ට තම නීච රාශිය වන මීනයට ප්රවිශ්ට වේ. මෙය දරුවන් ගැන...
2024-02-29 18:30:00