වර්ෂ 2024 ක්වූ November 15 වැනිදා Friday
ජුලි 07 සිකුරාදා - ලග්න සහ රාහු කාලය
ජූලි 6, 2023
ඉර උදාව – පෙ.ව. 06.00
ඉර බැසීම – ප. ව. 06.31
රාහු කාලය – උදේ 10.41 -12.16 දක්වා
සුබ දිශාව – නැඟෙනහිර
මේෂ
පවුලේ කටයුතු පිළිබඳ විශේෂ උනන්දුවක් දක්වන දිනයකි. වෙනදාට වඩා වගකීම් බහුලවන බවක් ද පෙන්නුම් කරයි. අමතර මුදල් ලාභ හිමි වුවත් වැයපස අධික කරයි. පරම්පරාගත දේපළ ගැටලුවක් නිරවුල් කර ගනී.
වෘෂභ
සැනසිලිදායක ලෙස දවස ආරම්භ වෙයි. නිතර ගේ දොර අලංකාරය පිළිබඳ වෙනස්කම් කීපයක් සිදුකරයි. අලුත් දේ ඉගෙනීමට කටයුතු උදාකරන බවක් පෙනේ. ආගමික වැඩසටහනකට සහභාගිවීමට අවස්ථාව සැලසේ.
මිථුන
පවුලේ අයගේ ප්‍රශංසා හිමි කරයි. මෙතෙක් තමාට අහිමිව තිබූ දෙයක් නැවත හිමිවන ලකුණුූ පෙන්නුම් කරයි. වෙනදාට වඩා දුරගමන් බහුලවන දිනයකි. ගතට සිතට පීඩාගෙන දුන් කටයුතු කීපයකින් නිදහස්වීමට අවස්ථාව උදාකරයි.
කටක
මවට හෝ මවුපස ඥාතියකුට එතරම් යහපත් කාලයක් නොවනු ඇත. වෙනදාට වඩා සිතේ සැකයෙන් කටයුතු කරයි. ලාභ ගෙන දෙන මාර්ග කීපයක් යෙදේ. දරුවකුගේ උසස් අධ්‍යාපනයක් වෙනුවෙන් අමතර මුදල් වැයවීමක් සිදුකරයි.
සිංහ
වගකීම් බහුල කරයි. නිතර හමුවන කෙනකු නිසා කරදර කීපයකට මුහුණපෑමට සිදුවේ. අතරමඟ නවතා තිබූ කටයුතු කීපයක් නැවත ආරම්භ කිරීමට අවස්ථාව සැලසෙන දිනයකි. ණය ගනුදෙනුවක් පියවා ගැනීමට මාර්ගය උදාකරයි.
කන්‍යා
අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට අවස්ථාව සැලසෙන දිනයකි. යටපත් වූ පාදයේ වේදනාවක් නැවත මතුකරයි. නොසිතූ ලෙස නීති ගැටලුවකට මැදිවීමට ඉඩ ඇත. අලුත් හිතවතුන් දැන හඳුනා ගැනීමට මාර්ගය උදාකරයි.
තුලා
වයසින් වැඩි අය සමඟ ඇසුරට කටයුතු උදාකරන අතර, ඔවුන්ගේ උපදෙස් මත කටයුතු කිරීමටද මඟ සැලසේ. විශ්වාසය බිඳවැටීමක් සිදුවීමට ඉඩ ඇති දිනයකි. දුර ඥාතියකු තමා සොයාගෙන එන බවක් පෙන්නුම් කරයි.
වෘශ්චික
ලැබීම් අතින් යහපත් වන අතර, හදිසි මුදලක් වැයකිරීමට හේතු යෙදෙන දිනයකි. අඹුසැමි විරසකකමක් දුර දිග යන බවක් පෙනේ. කණ්ඩායම් වැඩ සටහනකට සම්බන්ධවීමට කටයුතු උදාකරයි.
ධනු
ආගමික සැලසුමක් වෙනුවෙන් කටයුතු සූදානම් වන දිනයකි. නිතර ගේදොර අලංකාරය වෙනුවෙන් වෙහෙසෙන බවක් පෙන්නුම් කරයි. හදිසි ගනුදෙනුවකින් වාසි අත්කරයි. ශරීර සෞඛ්‍යය අතින් එතරම් යහපත් කාලයක් නොවනු ඇත.
මකර
අවිවේකී ලෙස දවස උදාකරයි. අමතර කටයුතු කීපයක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරන බවක් පෙනේ. නිතර පදිංචියෙන් පිට වාසයට හේතු ඇති කරයි. දරුවකු පිළිබඳ වෙනදාට වඩා සැලකිල්ලෙන් කටයුතු කරයි.
කුම්භ
එදිනෙදා කටයුතු පිළිබඳ මානසික අවිවේකය ඇති කරයි. පොරොන්දු ගිවිසුමක් වෙනස් කිරීමට සිදුවන දිනයකි. නිතර හමුවන කෙනකු නිසා කරදරකාරි බවක් ඇති කරයි. හදිසියේ සිදුවන වාහන ගනුදෙනුවකින් වාසි කීපයක් අත් කරයි.
මීන
දේපළ සම්බන්ධ ගැටලුවක් විසඳා ගැනීමට කටයුතු උදාකරයි. නිතර මුදල් වියදම් වැඩිකරන දිනයක් වන අතර, නොසිතූ පාඩුවක්ද සිදුවීමට ඉඩ ඇත. පවුලේ ඉදිරි සැලසුමක් වෙනස් කිරීමට සිදුවේ. වෙනදාට වඩා යන එන ගමන් පිළිබඳ සැලකිලිමත්වන්න.
ධම්මිකා රාජපක්ෂ
෴ සබැඳි ලිපි ෴
පුණ්‍ය කාලයඅපේ්රල් මස 13 වැනිදා සෙනසුරාදා අපරභාග 02.41 සිට 14 වැනිදා ඉරිදාඅලුයම 03.29 දක්වා පුණ්‍ය කාලය බැවින්අපේ්රල් මස 13 වැනි සෙනසුරාදා...
2024-04-11 18:30:00
කෝණ මාසය අවසන් වීමත් සමඟ 2024 අප්‍රේල් මස 19 වැනිදා සිකුරාදා පෙ.ව. 08.51ට ඉතාමත් සුබ නිවාස නැකැතක් යෙදේ. ඉතා බලවත් ග්‍රහ පිහිටීමක් පවතින ඒ...
2024-04-11 18:30:00
අඟහරු මීන රාශියට එයිඅභියෝග ජය ගැනීමේ නීච භංග රාජ යෝග බලය සියලු ලග්නවලට සෞරග්‍රහ මණ්ඩලයේ සෙනෙවියා හෙවත් භූමි පුත්‍ර අගහරු මේ මස 23 වැනිදා...
2024-04-11 18:30:00
මේ වර්ෂයේ යෙදෙන පළමු පූර්ණ සූර්යග්‍රහණය සිදු වන්නේ අප්‍රේල් මස 08 වැනිදා සඳුදා මෙරට වේලාවෙන් රෑ. 9.12 සිට 10.08 දක්වාය. ඈපා පංචාංග ලිතට අනුව මෙය මීන...
2024-04-04 18:30:00
සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය අරඹන මේ අලුත් අවුරුදු උදාව යෙදෙන මොහොතේ එනම් රාජ්‍ය වර්ෂ 2024ක් වූ උත්තරායනය, වසන්ත සෘතුවෙහි මීන, රවි 31...
2024-04-04 18:30:00
අලුත් අවුරුද්ද එළැඹීමට අත්තේ තවත් දින පහළොවක් පමණයි. අන් කවරදාටත් වඩා මෙවර අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර පිළිබඳව සමාජයේ සුවිශේෂී අවධානයක් යොමුව...
2024-03-28 18:30:00
අවුරුදු නැකැත්වල කිසිදු වෙනසක් සිදු වන්නේ නැති බවත් එය වසර ගණනාවකින් යෙදෙන රටටත් ජනතාවටත් සුබදායි ඉතාම බලවත් නැකැත් සීට්ටුවක් බවත් රාජ්‍ය...
2024-03-28 18:30:00
ප්‍රවීණ ඡ්‍යොතිෂවේදී කොත්මලේ විජිත ඩී. ලියනආරච්චිපියුමාකාර, විෂ්ණු, මහෞෂධ යෝගබලය ලග්න දොළසටම උදා කරමින් බ්‍රාහ්මණ වංශික අසුරුගුරු හෙවත්...
2024-03-21 18:30:00
කෝණ මාසය තුළ වුව ද අකුරු කියවීම වැනි කටයුතු ඉටු කිරීමට නැකැත් යෙදීම ඡ්‍යොතිෂයේ නියමයි. ඒ අනුව වසරකට වරක් හෝ දෙවරක් පමණක් යෙදෙන දුර්ලභ ගණයේ...
2024-03-14 18:30:00
මේෂ, කටක, තුලා, මකර ලග්නවලට රාජයෝග වෘෂභ, සිංහ, වෘශ්චික, කුම්භ ලග්නවලට ප්‍රශංසා කෝණ මාසය එළැඹෙයිමේෂ, කටක, තුලා, මකර, වෘෂභ, සිංහ, වෘශ්චික, කුම්භ...
2024-03-14 18:30:00
එළැඹෙන මාර්තු 16 වැනිදා සෙනසුරාදා දුර්ලභ අවස්ථාවක් වන පුර තිථිය ඇති රෙහෙන නැකැත හා පී‍්‍රති යෝගය යෙදේ.මේ යෝගය යෙදෙන සෙනසුරාදා දිනවල හිරු...
2024-03-07 18:30:00
ඥානයට අධිපති බුධ සමඟ වරුණ හෙවත් නැප්චූන් මාර්තු 08 වැනිදා සිකුරාදා රාත්‍රී 08.37 ට කාල සර්ප යෝග බලැතිව, ගුරු දීප්ත ශුභ යෝග බලැතිව යුධ ප්‍රකාශ...
2024-03-07 18:30:00
සිංහ, වෘශ්චික, කුම්භ, වෘෂභ රාශි සතරම පංච මහා පුරුෂ යෝග අතරින් සස යෝග බලයෙන් නොසැලී ඉදිරියට යා හැකි අභිමානණීය රාජකීය බැල්මක් හෙළමින් මාර්තු 15...
2024-03-07 18:30:00
ඕනෑම ශාස්ත්‍රයක කිසියම් කොටසක් කලක් යාමේ දී මැකී යනවා හෝ වෙනස් වනවා. ඒක සාමාන්‍ය දෙයක්. ආදි කාලයේ වෛද්‍ය විද්‍යාව මෙතරම් දියුණුවන්ට ප්‍රථම දරුවකු...
2024-02-29 18:30:00
සෑම වසරකම සූර්ය සහ චන්ද්‍ර ග්‍රහණ හතරක් හෝ හයක් ඇති වීම ස්වභාවිකය. එහෙත් චන්ද්‍රයාගේ බලපෑම මනස හා බැඳී ඇති බැවින් චන්ද්‍රග්‍රහණයක් යනු ජීවිතයේ...
2024-02-29 18:30:00
ග්‍රහ ලොව කුමරු ලෙස හැඳින්වෙන දැනුමට අධිපති බුධ 2024 මාර්තු 07 බ්‍රහස්පතින්දා උදේ 09.37ට තම නීච රාශිය වන මීනයට ප්රවිශ්ට වේ. මෙය දරුවන් ගැන...
2024-02-29 18:30:00