වර්ෂ 2024 ක්වූ December 13 වැනිදා Friday
ජුලි 05 බදාදා - ලග්න සහ රාහු කාලය
ජූලි 5, 2023

ඉර උදාව – පෙ.ව. 06.00
ඉර බැසීම – ප.ව. 06.30
රාහු කාලය – දහවල් 12.15 - 01.49 දක්වා
සුබ දිශාව – දකුණ
මේෂ
වෙනදාට වඩා නිස්කලංකව කාලය ගත කිරීමට කැමැති දිනයකි. අමතර ලාභ හිමිකරන මාර්ග කීපයක්ද උදාකරයි. දරුවකු පිළිබඳ සතුටට පත්විය හැකි කරුණු කීපයක් සිදුවන අතර, ආගමික භක්තියෙන් කටයුතු කරන කාලයකි.
වෘෂභ
වයසින් අඩු අය සමඟ ඇසුරට අවස්ථාව උදාකරයි. ගේ දොර කටයුතු සම්බන්ධ විශේෂ වෙනස්කම් කීපයක් සිදුකරයි. ඥාති හිතවතුන්ගේ උදවු උපකාර හිමිවන දිනයකි. ණය මුදලක් පිළිබඳ බලාපොරොත්තුවක් ඉටුවන බවක් පෙනේ.
මිථුන
පවුලේ අය අතර, හොඳහිත දිනාගෙන කටයුතු කිරීමට හැකිවන දිනයකි. එහෙත් කරගෙන යන කටයුතුවලට බාධාකාරි බවක් ඇතිකරයි. වෙහෙස ඇති ගමන් යෙදෙන බවක් පෙනේ. වාහනයක අඩුපාඩු කීපයක් සපුරා ගැනීමට අවස්ථාව සැලසේ.
කටක
ශරීරික වෙහෙස මහන්සිය ගෙන දෙන දිනයකි. දරුවකුගේ කටයුතු වෙනුවෙන්ද වෙහෙසීම් වැඩිකරයි. නිතර පදිංචියෙන් පිට වාසයට හේතු ඇති කරන අතර, අඹුසැමි සුහදතාවයට බාධාවන අන්දමේ කටයුතු කීපයක් සිදුකරයි.
සිංහ
අතමිට මුදල් හිමිකරන අතර, අලුත් ව්‍යාපාර කටයුත්තකට අතගැසීමට ද අවස්ථාව උදාකරයි. තීරණ ගැනීමේදී දුර දිග සිතා බලන්න. පවුලේ කෙනකු සමඟ සිත් නොහොඳකමක් ඇතිවීමට ඉඩ ඇත. අතක වේදනාවකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ.
කන්‍යා
වගකීම් බහුල කරන දිනයකි. විශේෂ උත්සව අවස්ථාවන්ට සහභාගිවීමට අවස්ථාව උදාකරයි. දේපළ සම්බන්ධ ගැටලුවක් විසඳා ගැනීමට හැකිවන බවක් පෙනේ. වාහන ගමන් පිළිබඳ සැලකිලිමත් වන්න.
තුලා
වෙනදාට වඩා ඇවිදිලි වැඩිකරයි. තීරණ වෙනසක් සිදුකිරීමෙන් ගැටලු කීපයක් මතුකරයි. පැරණි හිතවතකු මුණගැසීමට අවස්ථාව උදාකරයි. විශ්වාසය බිඳවැටීමක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇතිකරන සතියකි.
වෘශ්චික
විශේෂ සැලසුමකට අතගැසීමට කටයුතු උදාකරන දිනයකි. අලුත් රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. පවුලේ මතභේදකාරි බවක් දුර දිග යාමට ඉඩ ඇත. ගුප්ත කටයුතුවලින් පිහිට පතන කාලයකි. වෙනදාට වඩා සිතේ කනස්සල්ලෙන් කටයුතු සිදුකරයි.
ධනු
විශේෂ ආදායම් මාර්ගයකට හිමිකම් ඇති දිනයකි. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතුවීමට ඉඩ ඇත. මවුපස ඥාතියකුගෙන් උපකාරයක් හිමිකරයි. වෙනදාට වඩා මුදල් වැයවන අන්දමේ කටයුතු යෙදෙන බවක් පෙනේ. පවුලේ දානමය කටයුත්තක් වෙනුවෙන් වෙහෙස මහන්සිවීමට සිදුවන දිනයකි.
මකර
දුරබැහැර ගමනක් වෙනුවෙන් සැලසුමක් ඇතිකර ගනී. නිතර පදිංචිය පිළිබඳ ගැටලු මතුවීමට ඉඩ ඇත. අසල්වාසීන් අතර, ඇතිවන සිත් අමනාපයක් දුර දිග යන බවක් පෙන්නුම් කරයි. පාදයේ ආබාධයකට ප්‍රතිකාර පැතීමට සිදුවන දිනයකි.
කුම්භ
අවිවේකී ලෙස දවස උදාකරයි. මානසික අවිවේකයට ද කරුණු යෙදේ. සහෝදර සිත් අමනාපයකට හේතු ඇති කරයි. එහෙත් හදිසි ලැබීමකට හිමිකම් ඇති කරයි. සමාජ සේවා කටයුතුවලට සම්බන්ධ වන දිනයකි.
මීන
සිතේ නොසන්සුන්තාවයක් ඇති කරන අන්දමේ කටයුතු කීපයක් සිදුකරයි. පැරැණි හිතවත්කමක් අලුත්වන ලකුණු පෙන්නුම් කරයි. දරුලාභ හිමිකම් ඇති අය වෙනදාට වඩා පරිස්සම් වන්න. තමා පි‍්‍රයකරන කෑම බීම ලැබීමට හේතු ඇති කරයි. අලුත් සැලසුමකට සම්බන්ධවීමට අවස්ථාව සැලසෙන දිනයකි.
ධම්මිකා රාජපක්ෂ
෴ සබැඳි ලිපි ෴
ලග්න දහයකට සුබ පල උදා කරමින් එළැඹෙන අගෝස්තු 05 වැනි සඳු දින පෙරවරු 10.27ට බුධ වක්‍රය සිදු වන්නේය.ඒ අනුව මේෂ, ධනු, මීන ලග්න ත්‍රිත්වයට මිශ්‍ර පල ද...
2024-07-25 18:30:00
අගෝස්තු මස 02 වැනි දා සිකුරාදා පෙරවරු 08.57ත් 09.09ත් දක්වා කාලයේදී උතුරු දිශාව බලා සියලු එළවළු හා පලතුරු සිටුවීමට ශුභයි.කිවි දින හෙවත්...
2024-07-25 18:30:00
කළිකාල ඡ්‍යොතිර්විද්‍යා පණ්ඩිත කුඹල්ගමුවේධම්මාලංකාර නාහිමිසියලු ලෞකික කටයුතුවල දියුණුවට වැදගත් වන මහා ධන ලක්ෂ්මී යෝගයක් අගෝස්තු මස 03 වැනිදා උදා වේ....
2024-07-25 18:30:00
පොදුවේ සියලු ලග්න හිමියන්ට සුබ කාලවකවානුවක් උදා කරමින් අගෝස්තු මස 05 වැනිදා වක්‍ර වන බුධ සමඟ 08 වැනිදා යුද වදින සිකුරු සටනින් ජය ගනී. සිකුරුගේ මේ...
2024-07-18 18:30:00
යම් කේන්ද්‍රයක නවය හා දහය අධිපතීන් සංයෝග වීමෙන් හෝ පරිවර්තනය විමෙන් ඇතිකරන ධර්ම කර්මාධිපති යෝගය ඡ්යොතිර්වේදයෙහි එන ග්‍රහ යෝගවල මුදුන් මල්කඩ...
2024-07-18 18:30:00
කුම්භ, වෘෂභ, සිංහ, වෘශ්චික ලග්න හිමියන්ට ධන මාර්ග විවර වෙයි කුම්භ, වෘෂභ, සිංහ, වෘශ්චික රාශි සතරට පංච මහා පුරුෂයෝග අතරින් සසයෝග බලය පවතිද්දී...
2024-07-11 18:30:00
නව නිපැයුම් එළිදකීගැබිනි මවුවරුන් පරෙස්සම් වන්න කටක, සිංහ, ධනු, මීන ලග්නවලට ජය මාවත උදා කරමින් 2024 ජූලි මස 15 වැනිදා රාත්‍රී 7.35ට ග්‍රහලොව...
2024-07-11 18:30:00
මේෂ, සිංහ, ධනු යන ලග්නයකින් උපත ලබා ඇති ජන්මීන්ට ජූලි 06 වැනිදා, සෙනසුරාදා උදේ 09.24සිට 09.28 දක්වා පහත සඳහන් කටයුතු සඳහා සුබ මුහුර්තයක් උදා වේ. අදාළ...
2024-07-04 18:30:00
දේශපාලනඥයන්, ලේඛක ලේඛිකාවන්, පාසල් දරු දැරියන්, ලිපි ලේඛන සම්බන්ධ පිරිස්වලට තිබූ බාධක අවහිර දුෂ්කරතා දුරස්ථ වන කාලයකි. අවිහිංසාව, අවංකබව,...
2024-07-04 18:30:00
මේෂ, කන්‍යා, තුලා, මකර, රාශි හිමියනට ප්රශස්ත ගමනකට කදිම කාල පරාසයක් බිහි කරමින් ග්‍රහ ලොව රජු ලෙස සලකන රවි, සඳුගේ රාශිය වන කටකයට සංක්රාන්ත...
2024-07-04 18:30:00
කෝණ මාසය ජූලි 16න් අවසන් වීමත් සමඟ එළැඹෙන ඉතාමත් වාසනාවන්ත නිවාස නැකැතක් 2024 ජුලි මස 19 වැනි කිවිදින පෙරවරුවේ යෙදෙයි.නිවාස, වෙළෙඳ ආයතන ඉදිකිරීම සඳහා...
2024-06-27 18:30:00
වසංගත රෝග බහුල වේඉදිරි දින 24ක් පුරා දැඩි පාරිසරික බලපෑම් ජූලි 31න් පසු සහනදායි කාලයක් මාසයක් වැනි කෙටි කලක් තුළ සිකුරු ග්‍රහයා කටක සිංහ...
2024-06-27 18:30:00
ඡ්‍යොතිෂයට අනුව රවි ග්‍රහයා මිථුන, කන්‍යා, ධනු, මීන යන රාශිවල ගමන් කරන අවස්ථා කෝණ මාස ලෙස සලකන අතර බොහෝ විට මුහුර්ත සාධනයෙහි එම කාලයන් භාවිත නොකළ ද...
2024-06-20 18:30:00
මේෂ, වෘෂභ, කටක, සිංහ, තුලා, වෘශ්චික, මකර, කුම්භ ලග්න අටට සර්වජන ආකර්ෂණීය යෝග බලය ලබා දෙමින් ජූනි 29 වැනි ශනි දින පස්වරු 12.27 ට ඥානකාරක බුධ ග්...
2024-06-20 18:30:00
අකුරු කියැවීමට1.2025 ජනවාරි 2 බ්‍රහස්: උදේ 10.35ට බටහිර බලා2. 2025 ජනවාරි 30 බ්‍රහස්: උදේ 10.30ට නැඟෙ: බලා3. 2025 පෙබරවාරි 20 බ්‍රහස්: උදේ 6....
2024-06-13 18:30:00
මේ මස 19 වැනිදා බදාදා උදේ 06.02ට දකුණ බලා අකුරු කියවීමට ඉතා ශුභයි. මෙදින මුළු දිනයම පංචාංග ශුද්ධිය යෙදී ඇත. මිථුන ලග්නය උදාව පවතින අතර ලග්නයේ රවි,...
2024-06-13 18:30:00