වර්ෂ 2024 ක්වූ September 20 වැනිදා Friday
ජුනි 26 සඳුදා - ලග්න සහ රාහු කාලය
ජුනි 26, 2023
ඉර උදාව - පෙ.ව. 05.57
ඉර බැසීම - ප.ව. 06.29
රාහු කාලය - පෙ.ව. 07.31 සිට පෙ.ව. 09.05 දක්වා
සුබ දිශාව - දකුණ
මේෂ
සිතේ කිසිම පී‍්‍රතියක් විනෝදයක් නොමැති කාලයක් වනු ඇත. බලාපොරොත්තු ඉටු නොවේ. සිත් තැවුල් ඇතිවන අතර, අධික වියදම් ධන හානි ඇති කරයි. රක්තවාත රෝග, බඩේ අජීර්ණ රෝගවලින් පීඩා ගෙන දෙන දිනයකි.
වෘෂභ
කරදර සිත්තැවුල් ඇති කරන දිනයකි. ඉක්මනින් කේන්ති යයි. සෑම දෙයක් ගැනම සැක සහිතව බලනු ඇත. වියදම් අධිකවේ. ඥාතියෙකු සමඟ හෝ ඇසුරු කරන අයකු සමඟ මතභේද ඇතිවන බැවින් කල්පනාවෙන් හා ඉවසිල්ලෙන් කටයුතු කළ යුතු ය.
මිථුන
සතුරන් නිසා කරදර ඇතිවිය හැකි දිනයකි. දියුණුව පිළිබඳ අදහසක් ඇතිවේ. කලකින් මුණ නොගැසුණ අයෙකු මුණ ගැසීම නිසා හිතට පී‍්‍රතියක් ඇතිකරයි. ත්‍යාග පවා ලැබිය හැකි දිනයකි.
කටක
වියදම් අධික වන දිනයකි. පලක් නැති දෙයට පවා වියදම් කරයි. තමා කෙරෙහි අන් අය අතර පැවති පිළිගැනීම ගෞරවය අඩුවේ. කරගෙන ආ කටයුතු ප්‍රමාද වීමට යම් යම් කරුණු යෙදේ. උත්සාහයෙන් යුතුව වැඩකළ යුතු දිනයකි.
සිංහ
එදිනෙදා කටයුතු පිළිවෙළට සකස්කර ගැනීමට සිදුවේ. කෑමක් පිළිබඳව අමුත්තක් ඇති කරයි. සුළු සුළු ලාභ ලැබෙන දිනයකි. ලාබ ලැබෙන මාර්ග ගැන ද සිතයි. පෞද්ගලික කටයුතු කෙරෙහි සිත ඇදී යයි. සමාජයෙන් හෝ ප්‍රසිද්ධියෙන් ඈත්ව කටයුතු කිරීමටද බලයි.
කන්‍යා
අවුල් වියවුල්වලට අසුවීමට ඉඩ ඇති බැවින් පරිස්සම් විය යුතු ය. අන් අය හා ආශ්‍රය හා ගනුදෙනු කිරීම පිළිබඳවද කල්පනාකාරීව කළ යුතුය. තමා අතින්ම යම්කිසි පාඩුවක් සිදුවනු ඇත. ශාරීරික ආබාධයකටද ඉඩ තිබේ. විදෙස් ගතවීමට අදහස් කරන්නේ නම් ඒ සඳහා යොමුවිය යුතු දිනයකි.
තුලා
ඇසුරු කරන්නන්ගෙන් පී‍්‍රතියට කටයුතු සැලසෙනු ඇත. ගෙදර දොර සැප පහසුව සැලසේ. මෙතෙක් ලැබීමට ප්‍රමාදවෙමින් පැවති මුදලක් ලැබෙනු ඇත. අලුත් පිරිසක් ඇසුරට ලැබේ. සමාජ ආශ්‍රයට යොමුවන දිනයකි.
වෘශ්චික
සුළු සුළු වස්තුලාභ ලැබේ. හොඳින් කාලය ගතවේ. තම තත්ත්වය උසස් කර ගැනීමට සිතයි. අන් අයගෙන් ගරු සැලකිලි ලැබෙන දිනයකි. ධෛර්යවන්තව කටයුතු කරනු ඇත.
ධනු
තම නම්බුව කෙලෙසන වැඩකට අත ගැසීමට සිත්දෙනු ඇත. මුදල් අතින් අගහිගකම් ඇතිවේ. උසස් අයගෙන් හෝ ගෙදර වැඩිහිටි අයකුගේ දෝෂාරෝපණයට ලක්වේ. ආමාශයේ ආබාධ ගතියක් ඇති කරයි.
මකර
නිශ්ඵල ගමන් මෙන්ම අධික වියදම් ඇති කරයි. හිතේ ධෛර්යමත්බව අඩුව යනු ඇත. හදිසි වියදම් සිත් තැවුල් වැනි දෙයින් සිතේ චංචල බවක් ඇතිවේ. ජලයෙන් පීඩා ඇතිවීමටද පුළුවන.
කුම්භ
හොඳ ආහාර පාන සැප පහසුව ලැබෙන දිනයකි. මිතුරන් සමඟ විනෝදවීමටද ගමන් බිමන් යාමටද හැකිවේ. ගෞරවය වැඩිවන අතර දියුණුවද ඇතිවේ.
මීන
පහත් අයකුගෙන් හෝ තමා යටතේ වැඩ කරන අයකුගෙන් වැඩක් ගැනීමට සිදුවේ. අදහස් ඉෂ්ඨ වේ. වෙහෙස මහන්සි වී කටයුතු කිරීමට සිදුවන දිනයකි. අසනීප තත්ත්වයක් ගැන කතා කිරීමට ද සිදුවේ.
ජ්‍යොතිෂවේදිනී, ගීතිකා සමරතුංග
෴ සබැඳි ලිපි ෴
ධනු රවි 18 භාග, දුරුතු මහේ පුර අටවක තිථිය 2020 ජනවාරි 02 ගුරු දින රාත්‍රි 10.13 ඤාණකාරක බුධ සමඟ සර්ව සෞභාග්‍ය , සාමය, සමාජගත , සාධාරණත්වය තුළින්...
2019-12-12 18:30:00
තරඟ විභාග සම්මුඛ පරීක්ෂණ, ගමන් බිමන්, නඩුහබ, නිර්නාමික තොරතුරු මර්ධනයට, නිදන්ගත රෝගාබාධක සඳහා ඖෂධ නිෂ්පාදනයට, අධ්‍යාපනික කටයුතුවලට මෙන්ම කාර්මික ,...
2019-12-05 18:30:00
2019 වසරේ සිදුවන අවසාන රවි මාරුව 2019.12.16 දින චන්ද්‍ර පැය 23 විනාඩි 12 ට සිදුවේ. ග්‍රහලොවේ පිය රජු ගුරු හිමි ධනු රාශියට පැමිණ 2020 ජනවාරි 14 දක්වා...
2019-12-05 18:30:00
දිනය - සූ.උදාව - උදේ -සවස - ශුභ දිශාවදෙසැම්බර් 02 සඳුදා 06.07 - 6.57-6.59,7.05-7.07 , - දකුණ බලාදෙසැම්බර් 03 අඟහරුවාදා 06.08 - 6.21-6.23 ,7.45-7.47...
2019-11-28 18:30:00
උදා වන නව හිරුගෙ කිරණින් සුපින් බර බිම අලං කාරයි එදා සිට රට දැයට හා ආගමට වූ උවදුරු හමාරයි මෙදා ජය ධජ නැඟූ ගෝඨාභය මැතින්දා හරි උදාරයි මුදා ගන්නට අපේ...
2019-11-28 18:30:00
චන්ද්‍ර ගුරු සප්තම දෘෂ්ඨිය සිකුරු සෙනසුරු සම සප්තම දෘෂ්ඨිය ද මේෂ රාශි උදාවද සමඟ සිකුරු, සෙනසුරු දෙසැම්බර් 11 බුධ දින පස්වරු 03.36 ට යෙදුන මහ සංග්...
2019-11-28 18:30:00
2019 දෙසැම්බර් මස සාමාන්‍ය පෙළ විභාගය 02 වැනි සඳුදා සිට දෙසැම්බර් 12 වැනි බ්‍රහස්පතින්දා දක්වා පැවැත්වෙන බව සඳහන් වේ.ආරම්භක දිනය වන සඳුදා, සුවණ නැකත...
2019-11-21 18:30:00
ලංකා කුම්භ ලග්න කේන්ද්‍රයේ නොවැම්බර් මස 5 වන දින ගුරු ග්‍රහයා තමාගේම ස්වශේත්‍ර රාශියට පැමිණ 11 වන්නේ (ධනු) බලවත් වූ අතර ශනි ග්‍රහයා දැනට ධනු රාශිගතව...
2019-11-21 18:30:00
චන්ද්‍ර ශුක්‍ර, චන්ද්‍ර ගුරු, ෂඩ් කෝණ දෘෂ්ටිය ද චන්ද්‍ර කුජ - ශුක්‍ර ගුරු සම සප්තම දෘෂ්ටියද වෙශී වොශී උභයචාරී අමල ශූල සහ ගුරු ශනි යෝගබලද, වෘෂ්‍ය උදා...
2019-11-21 18:30:00
ලොව පාලනය කරන්නා වූ රාජ්‍ය කාරක රවි 2019 නොවැ. 16 වෙනි දින ශනි පැය 46. 42 න් කුජ හිමි වෘශ්චික රාශිගත වේ. එදින සිට පුරා මසක පමණ කාලයක් 2019.12.16 දින...
2019-11-14 18:30:00
සූර්යයා තම වාර්ෂික ගමනේදී ‘රාශි චක්‍රය’ හරහා ගමන් ගන්නා බවක් පෙන්නුම් කරයි. දෘෂ්ටි මායාවක් ලෙසට සැලකිය හැකි මෙම ගමනේදී ඔක්තෝබර් 24 සිට නොවැම්බර් 21...
2019-11-07 18:30:00
සුබසාධන-ව්‍යාපාර සරු වෙයිතුලා රාශිය. මිථුන නවාංශකය විසා නැකත 03 පාදය චන්ද්‍ර ශනි ෂඩ්කෝණ දෘෂ්ටිය රවි චන්ද්‍ර ත්‍රිකෝණ දෘෂ්ඨිය, තුලා රවි 21 භාග...
2019-11-07 18:30:00
මලලසේකරයන්ගේ නැකතින් පාලියෙන් සඳහන් කර මුල්ගල තබා ඉදිකළ ආනන්දයේ ශිෂ්‍ය නිවාසය පිළිබඳ විත්තියකොළඹ මරදානේ ආනන්ද විද්‍යාලයේ විදුහල්පති පී.ද.ඇස්. කුලරත්න...
2019-10-31 18:30:00
කාලසර්ප යෝගය පිහිටි පමණින්ම බිය නොවී ආගමානුකූලව සිය කටයුතු කරගෙන යෑමට නිතර සිතන්න. පින්කම් කිරීම ඉතාම යහපත්ය. සතුන් නිදහස් කිරීම උරගයින් නොමැරීම,...
2019-10-31 18:30:00
දක්ෂිණායනය, හේමන්ත ඍතුවේ තුලා ,රවි භාග 17 භාග ඉල් මහේ පුර සතවක තිථිය ලත් නොවැම්බර් මස 03 රිවිදින පෙරවරු 5.58 සිට රාත්‍රී 12.58 දක්වා...
2019-10-31 18:30:00
උත්තරායන ශිශිර සෘතුවේ ධනු රවි 11 භාග වූ හෙවත් රාජ්‍ය වර්ෂ 2019 ක් වූ දෙසැම්බර් මස 26 වෙනි ගුරු දින වළයාකාර සූර්යග්‍රහණයෙහි මධ්‍යය පෙරවරු 10.49 ට ධනු...
2019-10-24 18:30:00