වර්ෂ 2024 ක්වූ September 20 වැනිදා Friday
ජුනි 24 සෙනසුරාදා - ලග්න සහ රාහු කාලය
ජුනි 24, 2023
ඉර උදාව - පෙ.ව. 05.57
ඉර බැසීම - ප.ව. 06.28
රාහු කාලය- පෙ.ව. 09.04 සිට පෙ.ව. 10.39 දක්වා
සුබ දිශාව - නැඟෙනහිර
මේෂ
වැඩකටයුතුවලට යම් යම් බාධා ගෙන දෙන අතර සිතේ තරමක චංචල බවකින් යුතුව කටයුතු කරන දිනයකි. නිතර නිදිමත ගතියක් පෙන්නුම් කරන අතර උද්යෝගය, උනන්දුවද අඩුව යනු ඇත. ඔළුවේ පවතින තද උෂ්ණ ගතිය නිසා ඔළුවේ අමාරු, ඇස්වල අමාරු ඇති වීමට ද ඉඩ තිබේ.
වෘෂභ
ගමන් බිමන්වල නිරත වීමට සිදුවන දිනයක් වන අතර, ඉක්මන් කේන්ති යන ගතියක්ද ඇතිවේ. රැකියා කටයුතුවල ගැටලු ඇති වීමේ අවදානමක් පවතින අතර බඩේ අමාරු ආහාර නොදිරවීමේ අපහසුතා නිසා පීඩා ඇතිවනු ඇත.
මිථුන
ආගම දහම කෙරෙහි භක්තියකින් යුතුව කටයුතු කරන දිනයක් වන අතර ලැබීමටද යහපත් වේ. දරුවන් සිටීනම් ඔවුන්ගේ වැඩ කටයුතුවල යම් ප්‍රමාදවීමක් දක්නට ලැබේ. දානමානාදී කටයුතුවල නිරත වීමටද අවස්ථාව ලැබෙන දිනයකි.
කටක
කම්මැළි, අලස බවකින් යුතුව කටයුතු කරන අතර හුදෙකලාව තමාගේ පාඩුවේ පැත්තකට වී කටයුතු කිරීමටද බලනු ඇත. සෙනසුරු ග්‍රහයාගේ අෂ්ඨම ඒරාෂ්ඨක අපල තත්ත්වයක්ද පවතින බැවින් හදිසි අනතුරුවලින් පීඩා ගෙන දිය හැකි අතර පපුවේ සෙමගතිය ඇතිවීමෙන් කරදර ඇතිවීමටද පුළුවන.
සිංහ
සහෝදරාදින් සමඟ මතභේද ඇතිවිය හැකි දිනයක් වන අතර වියදම් ද අධික වනු ඇත. අන් අයට යටත්ව කටයුතු කිරීමට අකමැති දිනයකි.
කන්‍යා
තම කතාව නිසා අන් අය සමඟ සිත් අමනාපකම් ඇතිවීමට ඉඩ ඇති අතර ලැබීමටද යම් යම් බාධා ගෙන දෙනු ඇත. ගෙදර දොර මතභේද ඇතිවන දිනයකි.
තුලා
අධික නිදිමත ගතියක් හෝ නිතර ඈනුම් යන ගතියක් පෙන්නුම් කරන අතර බලාපොරොත්තුවක් කඩවීම මත සිත් තැවුලක් ඇතිවනු ඇත.
වෘශ්චික
ඉවසීමෙන් පරිස්සමින් කටයුතු කළයුතු දිනයක් වන අතර හිතට දුක් ඇතිවන කරුණු යෙදෙනු ඇත. ඥාතීන්ගෙන් වුවත් පිහිටක් බලාපොරොත්තු විය නොහැකි දිනයකි.
ධනු
ලැබීමට යහපත් දවසක් වන අතර මිල මුදල් යොදවා කරන කටයුතුවලින් ලාභ ලැබිය හැකි ය. ආලය පිළිබඳ කටයුතුවලින් හිතට දුකක් ගෙනදෙන දිනයක් වේ.
මකර
බලාපොරොත්තු නොවූ අයුරින් වියදමක් දැරීමට සිදුවන අතර ගෙදර දොර කටයුතුවලටද බාධා ගෙනදෙනු ඇත. පපුව සම්බන්ධ පීඩාකාරී තත්ත්වයක් ඇතිවිය හැකි බැවින් පරිස්සම් විය යුතු ය.
කුම්භ
හිතේ නොසන්සුන් බවක් ඇතිවන අතර නිදිමත ගතියක්ද ඇතිවේ. එකතැනකට වී සිටීමට පවා සිත් නොදෙන අතර ඉක්මන් කේන්ති ගෙන කටයුතු කරනු ඇත.
මීන
ආගම ධර්මයට ළැදිව කටයුතු කරන, ආගමික නායකයන් හා ආශ්‍රය කරන දිනයක් වන අතර පාදවල පීඩාකාරී තත්ත්වයක් ද ඇතිවේ. කොන්දේ අමාරු සෙම් අමාරු නිසා පීඩා ගෙන දෙනු ඇත.
ජ්‍යොතිෂවේදිනී, ගීතිකා සමරතුංග
෴ සබැඳි ලිපි ෴
කකුලක හොඳ නොවන තුවාලයක් ඇති වැරහැලි ඇදගත් තැනැත්තෙකුගේ ස්වරූපයක් ඇති අයෙකු වශයෙන් හඳුන්වනු ලබන සෙනසුරු ඡ්‍යොතිෂ ශාස්ත්රයේදී හඳුන්වනු ලබන්නේ සූර්යය...
2019-10-17 18:30:00
ග්‍රහ මණ්ඩලයේ සෙන්පති වූ අඟහරු 2019 නොවැම්බර් මස 10 වන ඉරු දින සවස 2 පසු වී විනාඩි 24 ට සිකුරුට අයත් තුලා රාශියට පිවිස 2019 දෙසැම්බර් මස 25 වන බුධ...
2019-10-17 18:30:00
2019.10.17 ගුරු දින පැය 47 විනාඩි 12 න් තුලාවට පැමිණෙන රවි 2019.11.16 දින දක්වා එහි ගමන් කරනු ඇත. සිත දෙක සා විසා තුªනේද තුලා රැස කීවාසේ අඟහරුට අයත්...
2019-10-10 18:30:00
ග්‍රහ මණ්ඩලයේ බුද්ධිමත්ම ග්‍රහයා වූ බ්‍රහස්පති ග්‍රහයා තමාට ස්වක්ෂේත්ර රාශි භවනක් වූ ධනු රාශියට 2019 නොවැම්බර් 5 වන කුජ දින පාන්දර පහපසුවී විනාඩි 25...
2019-10-10 18:30:00
කුජ ග්‍රහයා මිනිසාගේ ලෞකික දියුණුවට අවශ්‍ය කරන ආත්ම විශ්වාසය ඉදිරියට යන තේජවන්තගතිය, සටන්කාමී බව, ස්ථිර ගුණය, විවාද ශක්තිය, හිත හිතා නොසිට ක්...
2019-10-03 18:30:00
චන්ද්‍ර , කුජ ත්‍රිකෝණ දෘෂ්ඨිය, චන්ද්‍ර, ගුරු සප්තම දෘෂ්ඨිය, වෙශි, වොශි, උභයචාරි, මාලවි, බුධ ආධිත්‍ය, දාමිණි, නීච භංග රාජයෝගය ආදී යෝග රැසකින් අනූනවද...
2019-10-03 18:30:00
ධනු ලග්න හිමියන්ට සුබඵල ගෙන දෙන යෝග බලයක් වන ගජ යෝගය 2019 ඔක්තොම්බර් 18 වන දින පාන්දර 1 පසුවී විනාඩි 3 ට රවි ග්‍රහයා තුලා රාශිගතවීමත් සමඟ ඇතිවනු ඇත....
2019-10-03 18:30:00
විවාහය අපේ ජීවිතයේ වැදගත්ම සිදුවීමකි. එය අපේ දෙවෙනි ඉපදීම ලෙසයි අපි සලකන්නේ. මේ අයුරින් සිදුවන විවාහය සාර්ථක හෝ අසාර්ථක වන්නේද කේන්ද්‍රයේ පිහිටි ග්...
2019-09-26 18:30:00
යම් ජන්මියකුගේ කේන්ද්‍රයක් පරීක්ෂාවේ දී එයට බලය ලබාදෙන, ක්‍රියාත්මක ශක්තිය ඇති කරන අදාළ ලග්නයට ආවේණික ශුභතාවයක් දක්වන ග්‍රහයින් පොදුවේ ශුභ ග්‍රහයින්...
2019-09-26 18:30:00
වෘශ්චික රාශිය කටක නවාංශකය, විසා නැකත 04 පාදය තුලා රවි 11 භාගය වප් මහේ අව අමාවක තිථියද, රවි, චන්ද්‍ර, සම සප්තමය ද වෙශි වොශි උභයචාරි සුනාථා අනථා කේදාර...
2019-09-26 18:30:00
පොදුවේ ලාංකික අප ජන්ම පත්‍ර පරීක්ෂාකර ගැනීම නිරතුරුව සිදුකරන අතර හැමවිටම අසන්නට ලැබෙන්නේ ලබා ඇති මහා දශා කාල හා එයින් සිදුවන දුක සැප පමණි.එහෙත්...
2019-09-19 18:30:00
ග්‍රහලොව සිකුරු ග්‍රහයාගෙන් උදාවන්නාවූන් මාලවි යෝග බලයක් 2019 ඔක්තෝම්බර් මස 4 වන කිවිදින පාන්දර 5.16 ට සිකුරු තමාට ස්වක්ෂේත්ර රාශි භවනක් වූ තුලා...
2019-09-19 18:30:00
රාජ්‍ය වර්ෂ 2019 සැප්තැම්බර් මස 17 වෙනි කුජ දින සිංහල පැය 17.10 න් ලෝක පාලක සූර්ය දිව්‍ය රාජතෙම බුධ හිමි කන්‍යා රාශියට පැමිණ 2019 ඔක්. 17 දින දක්වා...
2019-09-12 18:30:00
බලාපොරොත්තු නොවූ හදිසි බිහිසුණු සිදුවීම් ග්‍රහලොව සෙන්පති වූ අඟහරු තමාට සතුරු රාශිභවනක් වූ බුධට අයත් වූ කන්‍යා රාශියට 2019 සැප්තැම්බර් මසස 25 වන...
2019-09-12 18:30:00
දරුවකුට වයස අවුරුදු 2 සම්පූර්ණ වී ලබන 3 වන වර්ෂය තුළ දී, එනම් 4 වන අවුරුද්ද ලබන්නට පෙර අකුරු කියවිය යුතු ය. එබඳු වයසේ පසුවන පුනාවස, විසා,...
2019-09-05 18:30:00
වාසනාව උර ගෑමට පෙර තමන් ගේ හඳහන පරික්ෂාවට ලක් කළ යුතුය. විශේෂයෙන් ධන යෝග තිබේනම් අනිවාර්යෙන් ම වාසනාව උදා වෙනු ඇත. අසුබ හෝරා වලින් වාසනාව උර ගෑම අත්...
2019-09-05 18:30:00