වර්ෂ 2024 ක්වූ November 15 වැනිදා Friday
ජුනි 22 බ්‍රහස්පතින්දා - ලග්න සහ රාහු කාලය
ජුනි 21, 2023
ඉර උදාව - 05.57
ඉර බැසීම - 06.28
රාහු කාලය - දහවල් 01.46 - 03.20 දක්වා
සුබ දිශාව - උතුර
මේෂ
නිතර ගමන් බිමන්වල යෙදීමට සිදුවන කටයුතු කීපයක් යෙදේ. සිතේ ඇතිවන නොසන්සුන්තාවයක් නිසා ගේදොර කටයුතුවල වෙනස්කම් කීපයක් සිදු කරයි. මවු පාර්ශ්වයේ අයකුගෙන් උදව්වක් ලබාගැනීමට සිදුවන දිනයකි.
වෘෂභ
පවුලේ අය අතර කැපීපෙනෙන ලෙස ක්‍රියා කරන දිනයකි. ඉගෙනීමේ කටයුතුවලින් විශේෂ ජයග්‍රහණ හිමිකරයි. වරින් වර ඇති කරන සෙම් ගතිය හේතුවෙන් කෑමෙන් බීමෙන් මෙන්ම ජලයෙන්ද පරිස්සම් වන්න.
මිථුන
දුරදිග බලා කටයුතු කරන දිනයකි. රැකී රක්ෂා කටයුතුවලට පැවැති අවහිරතා මඟහැරී යයි. ආමාශගත ආබාධයකින් පීඩාවිඳීමට සිදුවන දිනයකි. වාහන ගනුදෙනුවක් සිදුවීමෙන් අතමිට සරුවන බවක් පෙන්වයි.
කටක
ශරීර සෞඛ්‍ය අතින් යහපත් දිනයකි. නිතර තම රූපාලංකාරය වෙනුවෙන් වෙහෙසෙන බවක් පෙන්නුම් කරයි. නිතර ප්‍රභූ අය හා ඇසුරට කටයුතු යෙදෙන අතර, රැකියාවේ කටයුතුවලින් අමතර වාසි උතුරාගත හැකි බවක් පෙන්නුම් කරයි.
සිංහ
හිතුවක්කාර ලෙස ගන්නා තීරණයක් හේතුවෙන් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. වෙනදාට වඩා දුරදිග බලා කටයුතු කිරීමට යහපත් දිනය කි. පවුලේ උත්සව අවස්ථාවක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරයි. ව්‍යාපාර ලාභ හිමි කරන දිනයකි.
කන්‍යා
පැවැති වගකීමකින් නිදහස උදා කරයි. ගේදොර අඩුපාඩු කීපයක් සපුරා ගැනීමට හැකිවන දිනයකි. බඩේ අමාරු, ආහාර නොදිරවීමේ රෝග ඇතිවන අතර, සිතේ චංචල බවක්ද ඇති කරයි.
තුලා
නිතර යෙදෙන ගමන් බිමන් නිසා යොදාගත් වැඩපිළිවෙළක් වෙනස් කිරීමට සිදුවේ. නියමිත වේලාවට ආහාරපාන නොගැනීමෙන් ශරීර ශක්තිය හීනවනු ඇත. පැණිරස කෑම පි‍්‍රය කරන දිනයකි. හිතවත් අයකුගෙන් උදව්වක් හිමිකරයි.
වෘශ්චික
රැකී රක්ෂා වෙළෙඳ ව්‍යාපාර වැනි දෙයට යහපත් බවක් පෙන්නුම් කරයි. පිය පාර්ශ්වයේ අයකුගෙන් උපකාරයක් හිමි කරයි. නිතර ගත සිත වෙහෙසා කරන කටයුතු අධික වන අතර, රැකියාවේ ප්‍රධානීන්ගෙන් උදව් උපකාර හිමිවන බවක් ද පෙන්නුම් කරයි.
ධනු
වෙනදාට වඩා අතමිට මුදල් ගැවසෙන දිනයක් වන අතර, අලුත් දේ මිලදී ගැනීමකට ද කටයුතු උදා කරයි. දේපළ ගැටලුවක් වෙනුවෙන් වෙහෙසෙන දිනයකි. නිතර ඇතිවන හිසේ වේදනාවට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන අතර, තනිව කටයුතු කිරීමටද සිතන දිනයකි.
මකර
අලුත් අදහස් යෝජනා අනුව කටයුතු කරන දිනයකි. එහෙත් නොසිතූ ලෙස හදිසි වියදමක් දැරීමට සිදුවෙයි. නිතර පදිංචිය සම්බන්ධ ගැටලු මතුවීමට ඉඩ ඇත. විවාහ යෝජනාවක් සාර්ථක වන දිනයකි.
කුම්භ
අවිවේකී ලෙස සතිය උදා කරයි. හිතුවක්කාර ගතිපැවැතුම් තමාට අවාසි වන බවක් පෙන්නුම් කරයි. නිතර අදහස් වෙනස් කරන දිනයක් වන අතර සෙම් අමාරු නිසා පීඩා ඇතිවනු ඇත. ගනුදෙනු වාසියකට ඉඩකඩ ඇත.
මීන
අලුත් හිතමිතුරන් දැන හඳුනා ගැනීමට අවස්ථාව උදා කරයි. තීරණ ගැනීමේ දී දුරදිග සිතා බැලිය යුතු බවක් පෙනේ. පවුලට අලුත් සාමාජිකයකු එක්වන දිනයකි. වෙනදාට වඩා සිතේ නොසන්සුන් බවක් ඇති කරයි. සැලසුමක් වෙනස් කිරීමට සිදුවන දිනයකි.
ධම්මිකා රාජපක්ෂ
෴ සබැඳි ලිපි ෴
විවාහයක් අති සාර්ථකව ගෙන යෑම අසීරුය. යුග දිවියට ඇතුල් වී වැඩිකලක් යාමට පෙර සැමියා එක තැනකය. බිරිඳ තවත් තැනකය. විවාහය අතර මඟ ඇන හිටී. තවත් දෙදෙනෙකු එක...
2019-02-28 18:30:00
නාඩි රාශි තදීශ යෝනි වනිතා දීර්ඝ ගනා ශවාත්ර ෂඩ්වග්ර¡¡ මුඛ්යතරා විවාහ සමයෙ ශෙෂ සතු මධ්‍ය සත්තඞමාහෙන්ද්රා ගණිතායු වශ්‍ය දිවසා වණෙ¡¡ාඩු...
2019-02-21 18:30:00
අනවරාග්ර වු බිහිසුණු සංසාරයේ කර්ම හා ලෝභය නිසා සත්වයෝ ඉපිද ඉපිද මැරි මැරී සසර ගමනේ යෙදෙති. ලෝකය විවිධය. විෂමය. ස්ත්‍රී පුරුෂයින්ගේ හැඩහුරුකම් ගතිගුණ...
2019-02-21 18:30:00
කිසියම් ස්ත්‍රියකගේ හෝ පුරුෂයෙකුගේ ජීවිතයේ වැදගත්ම අවස්ථාව වනුයේ විවාහයයි. එය අපේ පැරණි සම්ප්‍රදායානුකූල විය යුතු බව අපේ විශ්වාසයයි. ලෝකයේ අනෙක් රටවල...
2019-02-14 18:30:00
ඡ්‍යොතිෂය ගැන අඩු වැඩි වශයෙන් දන්නා ඕනෑම කෙනෙකු සෙනසුරුගේ නම ඇසූ පමණින්ම බියට පත්වන ස්වභාවයක් පවතී. එසේ වන්නේ සෙනසුරුගෙන් කිසිවිටකත් යහපතක්...
2019-02-14 18:30:00
“ මේ මොන කරුමක්කාරයෙක්ද මන්දා...? “මම පෙර කරපු කරුමයක් ගෙවනවා” මෙවැනි වදන් අතීත සමාජයේ බහුලව අසන්නට ලැබුනු වදන්ය.අලුත් පරපුර මෙවැනි වදන් පැවසීම ඉතා...
2019-02-07 18:30:00
ශනි යෝගවල හොඳ නරක කතා කිරීමට ප්‍රථමයෙන් ශනි නොහොත් සෙනසුරු ග්‍රහයා ගැන මදක් විමසා බලමු.නව ග්‍රහයින් අතුරෙන් නිවටයා හැටියට ගණන් ගෙන තිබෙන්නේ සෙනසුරු ය...
2019-02-07 18:30:00
කෙනෙකු රාත්‍රී උපත ලබා සඳු , වෘෂභ රාශියේ 25 අංශකයේ ශුභ ග්‍රහයන්ගේ දෘෂ්ටි නොලබා කුජගේ අශුභ දෘෂ්ටිවලට ලක්වී හෝ සංයෝගවී සිටියදී ශුභ ග්‍රහයන් අටවැන්නේ...
2019-01-31 18:30:00
අපල කාලයක් ලෙස අර්ථ දැක්විය හැක්කේ තමන් විසින්ම පෙර භවයන්හිදී කරන ලද අකුසල කර්මයන් මෙම භවයේදී ප්‍රතිවිපාක දීමකි. කුමන හෝ අපල කාලයක් පැමිණි විටදී එය...
2019-01-24 18:30:00
මෙම වසරේ ජනවාරි සිට දෙසැම්බර් දක්වා ග්‍රහ යුද්ධ 19 ක් සිදුවන අතර ඒ අනුව උදාවන ප්‍රතිඵල මෙසේය.මෙම ජනවාරි 13 දින, ශනි, බුධ දෙදෙනා අතර යුද්ධයෙන් ශනි ජය...
2019-01-17 18:30:00
උපන් නැකත, උපන් දවස, උපන් වේලාව අනුව ඕනෑම පුද්ගලයෙක් සඳහා අනාගත අනාවැකි සුබ අසුබ චරිත ලක්ෂණ කීමට ඡ්‍යොතිෂයට හැකියාවක් පවතී.උපන් මාසය අනුවද යමෙකුගේ...
2019-01-10 18:30:00
වසරක් ගෙවී නව වසරක් 2019 ජනවාරි 01 වැනි කුජ දින – සූ.උදාව 6.22 ට ආරම්භ වේ. (සිංහල ඡ්‍යොතිෂයට අනුව) එම දින බලය ඉතා ශුභවන අතර ‘ද්වජ හා ශ්‍රීවත්ස යෝග‘...
2019-01-03 18:30:00
2019 ජනවාරි මස 18 වැනි සිකුරාදා ඉහත බලය ඇති ශුභ දින බලයකට හේතු කාරක වේ.සිකුරාදා දිනයේ නැකැත් දෙකක් යෙදී, එනම් රෙහෙණ නැකත දහවල් 12.24 දක්වා ද, ඉන්පසු...
2019-01-03 18:30:00
වසර පුරාවට යෙදෙන විශේෂ දින සහ යෝගවසර පුරාවට – ‘කේවල සිද්ධි යෝග‘ මේ දිනවල යෙදෙනු ඇත. මෙහි දී මෙම දිනයන් විශේෂයෙන් සියලු කටයුතු සඳහාම ශුභවන බලයයි....
2019-01-03 18:30:00
දෙසැම්බර් මාසය සඳහා කේවල සිද්ධි මහා යෝග දෙකක් බලවත් පොකුරු යෝග 2 ක් හා ‘මහේෂ්වර කාල’ ජය යෝගයක්.මෙහිදී විශේෂත්වය ප්‍රබල දිනයක් වේ. එනම් දෙසැම්බර් 18...
2018-12-13 18:30:00