ජුනි 18 ඉරිදා - ලග්න සහ රාහු කාලය

ජුනි 17, 2023
 
ඉර උදාව - පෙ.ව. 05.56 
ඉර බැසීම - ප.ව. 06.27 
 
රාහු කාලය - පෙ.ව. 07.29 සිට පෙ.ව. 09.01
 
සුබ දිශාව - දකුණ 
 
මේෂ 
තමා ගැන ගුණවර්ණාවක් අනෙකකු විසින් කරන දිනයක් වනු ඇත. මිත්‍ර ආශ්‍රයක් ඇතිවේ. මිතුරන් හා සතුටුවීමට අවස්ථාවක් උදා කරයි. උත්සාහය උනන්දුවකින් යුතුව කටයුතු කිරීම නිසා බලාපොරොත්තු ඉටුවේ. 
 
වෘෂභ 
මුදල් වියදම් කිරීමට කටයුතු සැලසේ. තමා සතු දෙයක් නැතිවීමට හෝ තමා අතින්ම කැඩීබිඳී යාමට ඉඩ ඇති දවසකි. පාඩුවක් මිස ලාභයක් අත් නොවනු ඇත. හිතේ කනස්සලු බවකින් යුතුව කටයුතු කරයි. 
 
මිථුන 
කෑමක් බීමක් පිළිබඳ අමුත්තක් සිදුවේ. ලාභ ලැබෙන මාර්ග ගැන සිත යොමු කරයි. සමහරවිට සුළු සුළු ලාභ ලැබීමටද පුළුවන. ස්ථාන පිළිබඳව සුළුවෙනසක් හෝ ඇති කිරීමටද සිතයි. සමාජයෙන් ඈත්ව හුදකලාව කටයුතු කිරීමට ද බලයි. 
 
කටක 
සිතේ ඇතිවන නොසන්සුන්බව නිසා කරගෙන යන කටයුතු අතර මඟ නතර කර දැමීමට හෝ තම කටයුතු ප්‍රමාද වීමට කරුණු ඇතිවේ. සුළු තුවාල, අනතුරු ඇතිවීමේ අවදානමක් පවතින බැවින් පරිස්සම් වන්න. 
 
සිංහ 
ආශ්‍රය කරන්නන්ගෙන් පී‍්‍රතියට කටයුතු සැලසේ. ගෙදර දොර සැප පහසුව ඇතිවේ. මෙතෙක් ලැබීමට ප්‍රමාද වෙමින් පැවති මුදලක් ලැබෙනු ඇත. වෙළඳ ව්‍යාපාර, ගොවිතැන් කටයුතු කරගෙන යන අයට වැඩි ලාභ ලැබෙනු ඇත.
 
කන්‍යා 
බලාපොරොත්තු ඉෂ්ට වේ. එයින් දියුණුවද ඇති කරයි. ඥාතීන්ද  තමා ගැන සතුටුවේ. මිලමුදල් ලාභද හිමිකරයි. කරගෙන එන කටයුතු මෙන්ම අමුතුවෙන් ආරම්භ කරන කටයුතු ද දියුණු වේ. රැකියා කටයුතුවලට යහපත් වේ. 
 
තුලා 
ගෙදර දොර අඩුපාඩු වැඩිවන දිනයක් වන අතර තම ආත්ම ගෞරවය නැතිවන අන්දමේ කටයුතුවලට හිත යොමු වනු ඇත. අන් අයගේ තැන්වල වාසය කිරීමට පවා සිදුවේ. ආමාශගත ආබාධ ඇතිවීමටද පුළුවන. 
 
වෘශ්චික 
නිකරුනේ නොකල වැරදිවලට නින්දා දෝෂාරෝපණ ඇසීමට සිදුවන අතර සිතට සැක ඇතිව සෑම දෙයක්ම කිරීමට සිදුවෙයි. ශුභ වැඩකටයුතුවලට අත නොගැසිය යුතු දිනයකි. අධික වියදම් යෙදෙනු ඇත. සෙම් අමාරු නිසාද පීඩා ඇතිවේ. 
 
ධනු 
පී‍්‍රතිමත් ගමන් බිමන් යෙදෙනු ඇත. විනෝදයට සිත ඇදීයයි. තරඟ වාද විවාදවලට පි‍්‍රය කරන දිනයකි. එවැනි කටයුතුවලින් සතුටක් ද ඇතිවේ. ප්‍රේම සම්බන්ධතා කෙරෙහි හිත යොමුවනු ඇත. 
 
මකර 
සුව පහසුවට කටයුතු කිරීමට ලැබෙන දිනයකි. ගෙදර දොර වාසනාවන්ත වේ. කරන කියන කටයුතුවල සාර්ථක බවක් ඇති වුවත් ශරීර සනීපයට යම් යම් බාධා ගෙනදෙනු ඇත. බඩේ අමාරු, ආහාර නොදිරවීමේ ආබාධ ඇති කරයි.
 
කුම්භ 
විවාහ ජීවිතයේ ගැටලු ඇතිවීමට පවා ඉඩ ඇති දිනයකි. බලාපොරොත්තු කඩවීම මත සිත් තැවුල් ඇතිවන අතර සිතේ නොසන්සුන් බවක් ද ඇතිවනු ඇත. සෙම් අමාරු නිසා පීඩාවන් ඇතිවේ. 
 
මීන 
කරගෙන එන කටයුතුවල ප්‍රමාදවීමක් හෝ අලාභ හානියක් සිදුවන දිනයක් වන අතර එයින් පාඩුද ඇති කරයි. ගෙදර දොර වුවත් අපිළිවෙළකමක්, අපිරිසුදුකමක් පෙන්නුම් කරයි. 
 
ඡ්‍යොතිෂවේදිනී, ගීතිකා සමරතුංග
 
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.