වර්ෂ 2024 ක්වූ September 20 වැනිදා Friday
ජුනි 17 සෙනසුරාදා - ලග්න සහ රාහු කාලය
ජුනි 16, 2023
ඉර උදාව - පෙ.ව. 05.56
ඉර බැසීම - ප.ව. 06.27
රාහු කාලය - ප.ව. 04.53 සිට ප.ව. 06.00
සුබ දිශාව - දකුණ
මේෂ
සිතට සැකයක් ඇතිවන දිනයකි. කරන කියන වැඩකටයුතු පවා සැක සහිතව කිරීමට සිදුවේ. මිල මුදල් පිළිබඳ ගැටලු ඇති කරයි. සිතේ චංචල බවක්ද ඇතිවේ. නිතර අදහස් වෙනස් කරයි.
වෘෂභ
අවුල් වියවුල් සහිත දිනයකි. කථාවට අකමැති ගතියක් හෝ ප්‍රමාණයට වඩා කථාවට ලැදි බවක් පෙන්වයි. අලාභ හානි තම කටයුතුවලට බාධා හා හිරිහැර ද ඇතිවේ.
මිථුන
සමාජයෙන් හෝ ප්‍රසිද්ධියෙන් ඈත්ව කටයුතු කරයි. තමා ගැන පමණක් සිතා කටයුතු කරයි. හිතවත් අයකු මුණ ගැසීමෙන් සුළු සුළු ලාභද ඇතිවනු ඇත. ආගමානුකූලව පින්දහම් කටයුතුª කෙරෙහි සිත යොදවා ක්‍රියා කිරීමෙන් තම කටයුතු සාර්ථක කර ගැනීමට හැකිවනු ඇත.
කටක
ඉවසීමෙන් පරිස්සමින් කටයුතු කළයුතු දිනයක් වන අතර අන් අය හා සම්බන්ධව කරන කටයුතුවලදී සිත් රිදීම් පාඩු අලාභ හානි ගෙන දෙනු ඇත. පාදවල පීඩාවන් ඇතිවීමට ද ඉඩ තිබේ.
සිංහ
දියුණුවට කටයුතු සැලසෙන අතර වාසනාවන්ත දවසකි. ඥාති මිත්‍රාදීන් සමඟ පී‍්‍රතියෙන් කටයුතු කිරීමට ද හැකි වේ. මුදල් ලාභ ලැබෙනු ඇත. කරන කියන කටයුතුවලින් සිතට පී‍්‍රතිය ද සැනසීමද ලැබෙනු ඇත.
කන්‍යා
තම තත්ත්වය උසස් කර ගැනීමට සිතන දිනයකි. උසස් අය සමඟ ආශ්‍රය ඇති වේ. විශේෂයෙන් මවගෙන් උපකාර ලැබෙනු ඇත. ස්ත්‍රී පක්ෂයේ අය සමඟ එකට එකතු වී කටයුතු කිරීමට ද ලැබෙනු ඇත.
තුලා
සිත් තැවුල් කණගාටු සහිත දිනයකි. උසස් අයගේ දෝෂාරෝපණයට ලක්වනු ඇත. නැතහොත් ගෙදර වැඩිහිටියකුගෙන් හෝ දෝෂාරෝපණයක් අසන්නට සිදුවේ. පිනට දහමට ආශාව ආගම් භක්තිය ඇති කරයි.
වෘශ්චික
අවුල් වියවුල් සහිත දිනයක් වන අතර කරගෙන යන කටයුතුවලට බාධා අවහිරකම් හෝ වැඩට උනන්දුව නැතිව කාලය ගත කරනු ඇත. කම්මැලි අලස ගති නිදිමත ගතිද ඇතිවේ.
ධනු
තම ගෞරවයට පාත්‍රවන දිනයක් වන අතර දියුණුවට ද වැඩ කටයුතු සැලසේ. සැප පහසුව ඇතිව නිදා ගැනීමට ලැබෙනු ඇත. ස්ත්‍රී පක්ෂයේ අය නිසා සිතට සතුටක් ගෙන දෙන කාලයකි. මිල මුදල් ලාභයක්ද හිමිකරයි.
මකර
ගෙදර දොර වාසනාවන්ත වන අතර කරන කටයුතුවලින් ජය ලැබේ. සිතේ සතුටට කරුණු යෙදේ. සුළු සුළු මුදල ලාභ ඇති කාලයක් බැවින් ලොතරැයි වාසනාව උරගා බැලීම යහපත් වනු ඇත.
කුම්භ
අමුතු දේ කෙරෙහි සිත යොමු වන අතර විනෝදයෙන් සිටීමට ඉඩ පහසුකම් ලැබුණත් ඒවායින් සිතට කිසිම පී‍්‍රතියක් අත් නොකරයි. හිතේ පැටලැවිලි ගතියක්ද ඇතිවනු ඇතිවේ. කම්සැපට බාධා ඇතිවේ.
මීන
වියදම් අධික දිනයක් වන අතර කථාව නිසා අන් අය සමඟ මතභේද සිත් අමනාපකම් ඇතිවීමට ඉඩ ඇති බැවින් කථාවේදී පරිස්සම් විය යුතුය. ඥාති මිත්‍රාදීන් සමඟ වුවත් මතභේද සහිත සිදුවීම්වලට මුහුණදීමට සිදුවේ. පපුවේ සෙම ගතිය වැඩිවනු ඇත.
ඡ්‍යොතිෂවේදිනී ගීතිකා සමරතුංග
෴ සබැඳි ලිපි ෴
ඉරිදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සෙනසුරාදා, දකුණු පය පෙරට තබා ද සඳුදා, බදාදා, සිකුරාදා, වම්පය පෙරට තබා ද සුබ කටයුතු ආරම්භයට සුදුසු වේ. 18 ශු -...
2020-09-17 18:30:00
11 ශු - උදේ 08.39 සිට උදේ 08.53 දක්වා 12 ශ - උදේ 07.41 සිට උදේ 08.17 දක්වා 13 ර - සවස 03.17 සිට සවස...
2020-09-10 18:30:00
රාශි චක්‍රයේ ග්‍රහයන් ස්ථානගත වීම අනුව සරසවි යෝගය යෙදෙන ක්‍රම කිහිපයකි. ඉන් බුධ ,ගුරු , සිකුරු යන ග්‍රහයින් ස්ථානගත වීමෙන් හා යෝග වීමෙන් යෙදෙන සරසවි...
2020-09-03 18:30:00
ඉරිදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සෙනසුරාදා , දකුණු පය පෙරට තබා ද, සඳුදා, බදාදා, සිකුරාදා වම්පය පෙරට තබාද. ඔබට සුබ කාර්යයන් ආරම්භයට සුදුසු වේ. ...
2020-08-27 18:30:00
(අගෝස්තු 21 දා සිට 27 දක්වා)ඉරිදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සෙනසුරාදා, දකුණු පය පෙරට තබා ද, සඳුදා, බදාදා, සිකුරාදා වම්පය පෙරට තබා ද, ඕනෑම සුබ...
2020-08-20 18:30:00
මේ අගෝස්තු මාසයයි. ඔබගේ විවාහ, නිවාසය සැබෑ කර ගන්න විශේෂ නැකැත් හිමි මාසයේ, සුවිශේෂී දවසක් අගෝස්තු 20 ගුරු දින, පංචාංග ශුද්ධිය ඇතිව උදාවෙයි. පුර...
2020-08-13 18:30:00
දක්ෂිණායනය වර්ෂා සෘතුවෙහි මිථුන රවි 19 භාග නිකිණි මහේ පුර පසළොස්වක තිථිය චන්ද්‍රයා හිමි සුවණ නැකත සිංහ, මීන රාශි ආශි‍්‍රතව අගෝස්තු 03 සඳු දින පෙරවරු...
2020-07-30 18:30:00
හිරු සඳු ග්‍රහලෝක පද්ධතියේ අපට නිතර වැඩියෙන් පෙනෙන ආකාශ වස්තුවලින් දෙකක් වන අතර, මෙම වස්තූන් දෙකට ගරුත්වයෙන් සැළකීම හා ඇදහීම ආරම්භ වූයේ මෑත කාලීනව...
2020-07-16 18:30:00
චන්ද්‍ර -කුජ, කුජ – ගුරු , චතුර් කෝණ දෘෂ්ටිය ගුරු චන්ද්‍ර සංයෝගය, රවි – බුධ ආදිත්‍ය යෝගය, අඟහරු පාප කර්තරී වීම, කටක රාශිය, කටක නවාංශකය, පුනාවස 04...
2020-07-09 19:15:00
විවාහ / නිවාස මෙන්ම වගා කටයුතු වලට ද ශුභ වේ. සැප්තැම්බර් 04 වැනි ශුක්‍ර දින – උත්‍රපුටුප නැකත – ද්වජ යෝග බලයයි. විසිතුරු මල් වගා හා වෙළඳ කටයුතු වලට...
2020-07-02 18:30:00
මාලමුල්ලේ සියදෝරිස් පීරිස් වෙද ආරච්චි රාළහාමි තමන්ට දෙවැනි දරුවා වශයෙන් උපත ලද, ජෝර්ජ් පීරිස් යනුවෙන් තමන්ගෙන් නම් ලද දරුවාගේ වේලාපත්කඩය සාදා බැලූ...
2020-06-18 18:30:00
දක්ෂිණායනය වර්ෂා සෘතුවෙහි මිථුන රවි 09 භාග ඇසළ මහේ පුර දියවක තිථිය ආනන්දාදි අටවිසි මහා යෝග චක්‍රයට අනුව සුස්ථිර යෝගබලැතිව ...
2020-06-18 18:30:00
කාලසර්ප යෝගය ගැන අති විශාල පාඨක පිරිසකගේ අවධානයට යොමු වී ඇති සිරස් තලයකි. හැටේ දශකයේ බිහිවූ ඡ්‍යොතිෂ පුවත්පත් හරහා කාලසර්ප යෝගය පිළිබඳ තොරතුරු...
2020-06-11 18:30:00
ලෝකයේ සියලු දෙනාගේ ජනාදරයට පත්ව ඇති සඳු පෘථීවියේ උප ග්‍රහයෙකි. අහස්කුස විශාලව නිතර දක්නට ලැබෙන සඳු හා හිරු ඈත අතීතයේ පටන්ම මිනිස් සංහතියේ ගෞරවාදරයට...
2020-06-11 18:30:00
අද සමාජයේ බොහෝදෙනා හට නිතර නිතර මානසික පීඩන, ධනහානි, ලෙඩදුක්. අඹුසැමි භේද , නඩු හබ මේ ආදී නොයෙකුත් කරදරකාරී අවස්ථාවලදී නිවසේ දෝෂ තිබෙනවා යයි සැක සිතා...
2020-06-04 18:30:00
නැකතක් සෑදීමේදී සිද්ධ තිථිය යොදාගන්නේ නම් සියලු දොස් මඟ හැරේ. නැකත් හිඟ අවස්ථාවකදී වුවද කර්මය අනුව සුළු දෝෂ ප්රචණ්ඩ තදබල දෝෂ වුවද නැකත සාදා ගැනීම...
2020-03-12 18:30:00