වර්ෂ 2024 ක්වූ November 15 වැනිදා Friday
ජුනි 13 අඟහරුවාදා - ලග්න සහ රාහු කාලය
ජුනි 12, 2023
ඉර උදාව - පෙ.ව. 05.55
ඉර බැසීම - ප.ව. 06.26
රාහු කාලය - ප.ව. 03.18 සිට 04.52
සුබ දිශාව - නැඟෙනහිර
මේෂ
හිතේ නොසන්සුන්තාවයකින් කටයුතු කරන දිනයකි. පවුලේ වගකීම් කීපයක් පැහැර හැරීමක් සිදුකරයි. නොසිතතූ ලෙස නීති ගැටලුවකට මැදිවීමට ඉඩ ඇති බවක් පෙන්නුම් කරයි. තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න.
වෘෂභ
පවුලේ අය අතර කැපී පෙනෙන අන්දමේ කටයුතු කීපයක් සිදුකරයි. වෙනදාට වඩා වියදම් පක්ෂය වැඩිවන කාලයකි. සහෝදරයකු වෙනුවෙන් උපකාරයක් කිරීමට සිදුවන කාලයකි. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතුවීමෙන් පීඩා ඇති කරයි.
මිථුන
නොගැළපෙන ඇසුරක් හේතුවෙන් පීඩා ගෙන දෙන කාලයකි. පවුලේ අයගෙන් දුරස්ව කටයුතු කිරීමට සිදුවන බවක් පෙනේ. සමාජ සේවා කටයුතු වෙනුවෙන් වැඩි කාලයක් යොදවන දිනයකි.
කටක
විශේෂ ගමනකට කටයුතු කීපයක් සැලසේ. වරින් වර අතක ආබාධයක් හේතුවෙන් පීඩා විඳීමට සිදුවේ. ශරීර වෙහෙස මහන්සිය ඇතිවන අන්දමේ කටයුතු කීපයක් යෙදීමට ඉඩ ඇත. පවුලේ අයගෙන් දුරස්ව කටයුතු කරන දිනයකි.
සිංහ
මෙතෙක් ප්‍රමාද වෙමින් පැවැති යෝජනා ස්ථිරවීමක් සාර්ථක වන දිනයකි. පවුලේ කෙනකු පිළිබඳ සතුටුදායක පුවතක් අසන්න ලැබේ. නිතර වයසින් වැඩි අය සමඟ ඇසුරට කටයුතු යෙදේ. ආගමික භක්තියෙන් කටයුතු කරන දිනයකි.
කන්‍යා
දුර ගමනක් වෙනුවෙන් කටයුතු සූදානමක් ඇති කර ගනී. අසල්වැසියන් සමඟ හොඳහිත දිනා ගැනීමට කටයුතු උදාකරයි. නිතර වයසට වැඩි අය සමඟ ඇසුරට අවස්ථාව උදාකරයි. පවුලට අලුත් සාමාජිකයෙක් එක් විය හැකි දිනයකි.
තුලා
දරුවකුගේ කටයුතු නිසා සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. සිතට සැක සහිතව කටයුතු කීපයක් සිදුකරයි. තමා සතු දෙයක් නැතිවීමට ඉඩ ඇති බවක් පෙනේ. ගුප්ත කටයුතුවලින්ද පිහිට පතන කාලයකි.
වෘශ්චික
ශාරීරික වෙහෙස මහන්සිය ගෙනදෙන දිනයකි. නොසිතූ ලෙස වංචා ප්‍රයෝගයකට හසුවිය හැකියි. පාදයේ ආබාධයක් හේතුවෙන් ප්‍රතිකාර ලබාගැනීමට සිදුවෙයි. පවුලේ ආගමික කටයුත්තක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරයි.
ධනු
පවුලේ ඉදිරි සැලසුමක් වෙනස් කිරීමට සිදුවන දිනයකි. වරින් වර ඇතිකරන උදරාබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. වෙනදාට වඩා ආහාරපාන ගැනීමේ දී සැලකිලිමත් විය යුතු බවක් පෙන්වයි. රාත්‍රී ගමන් බහුලවන දිනයකි.
මකර
සහෝදර පක්ෂය සමඟ සුහදව කටයුතු කිරීමට සිදුවන දිනයකි. වෙනදාට වඩා අතමිට මුදල් ගැවසුණත් වැයපස අධික කරයි. නින්දට බාධා වන අන්දමේ සෙම් රෝගයකින් පීඩා විඳින දිනයකි. කෑමෙන් බීමෙන් මෙන්ම ජලයෙන් ද පරිස්සම් විය යුතු දිනයකි.
කුම්භ
මනසට පීඩාකාරී ලෙස කටයුතු කීපයක් සිදුකරයි. වෙනදාට වඩා ආගමික භක්තියෙන් කටයුතු සිදුකරන බවක් පෙන්වයි. දේපළ ලාබයකට හිමිකම් ඇතිකරයි. පවුලේ අයගේ උපකාරයක් හිමිවන අතර කණ්ඩායම් වැඩසටහනකට සම්බන්ධවීමට අවස්ථාව උදාකරයි.
මීන
බාහිර කරදර නිසා සිතට සහනයක් නොමැති දිනයකි. හිතවතකුගේ අසනීපයක් ගැන හෝ කරදරයක් පිළිබඳ අසන්න ලැබේ. සතුරු කරදර පැවැතියේ නම් ඒවා මඟහැරී යන දිනයකි. දරුවකු පිළිබඳ වෙනදාට වඩා සැලකිලිමත් විය යුතු බවක් පෙනේ
ඡ්‍යොතිෂවේදිනී ගීතිකා සමරතුංග
෴ සබැඳි ලිපි ෴
විවාහයක් අති සාර්ථකව ගෙන යෑම අසීරුය. යුග දිවියට ඇතුල් වී වැඩිකලක් යාමට පෙර සැමියා එක තැනකය. බිරිඳ තවත් තැනකය. විවාහය අතර මඟ ඇන හිටී. තවත් දෙදෙනෙකු එක...
2019-02-28 18:30:00
නාඩි රාශි තදීශ යෝනි වනිතා දීර්ඝ ගනා ශවාත්ර ෂඩ්වග්ර¡¡ මුඛ්යතරා විවාහ සමයෙ ශෙෂ සතු මධ්‍ය සත්තඞමාහෙන්ද්රා ගණිතායු වශ්‍ය දිවසා වණෙ¡¡ාඩු...
2019-02-21 18:30:00
අනවරාග්ර වු බිහිසුණු සංසාරයේ කර්ම හා ලෝභය නිසා සත්වයෝ ඉපිද ඉපිද මැරි මැරී සසර ගමනේ යෙදෙති. ලෝකය විවිධය. විෂමය. ස්ත්‍රී පුරුෂයින්ගේ හැඩහුරුකම් ගතිගුණ...
2019-02-21 18:30:00
කිසියම් ස්ත්‍රියකගේ හෝ පුරුෂයෙකුගේ ජීවිතයේ වැදගත්ම අවස්ථාව වනුයේ විවාහයයි. එය අපේ පැරණි සම්ප්‍රදායානුකූල විය යුතු බව අපේ විශ්වාසයයි. ලෝකයේ අනෙක් රටවල...
2019-02-14 18:30:00
ඡ්‍යොතිෂය ගැන අඩු වැඩි වශයෙන් දන්නා ඕනෑම කෙනෙකු සෙනසුරුගේ නම ඇසූ පමණින්ම බියට පත්වන ස්වභාවයක් පවතී. එසේ වන්නේ සෙනසුරුගෙන් කිසිවිටකත් යහපතක්...
2019-02-14 18:30:00
“ මේ මොන කරුමක්කාරයෙක්ද මන්දා...? “මම පෙර කරපු කරුමයක් ගෙවනවා” මෙවැනි වදන් අතීත සමාජයේ බහුලව අසන්නට ලැබුනු වදන්ය.අලුත් පරපුර මෙවැනි වදන් පැවසීම ඉතා...
2019-02-07 18:30:00
ශනි යෝගවල හොඳ නරක කතා කිරීමට ප්‍රථමයෙන් ශනි නොහොත් සෙනසුරු ග්‍රහයා ගැන මදක් විමසා බලමු.නව ග්‍රහයින් අතුරෙන් නිවටයා හැටියට ගණන් ගෙන තිබෙන්නේ සෙනසුරු ය...
2019-02-07 18:30:00
කෙනෙකු රාත්‍රී උපත ලබා සඳු , වෘෂභ රාශියේ 25 අංශකයේ ශුභ ග්‍රහයන්ගේ දෘෂ්ටි නොලබා කුජගේ අශුභ දෘෂ්ටිවලට ලක්වී හෝ සංයෝගවී සිටියදී ශුභ ග්‍රහයන් අටවැන්නේ...
2019-01-31 18:30:00
අපල කාලයක් ලෙස අර්ථ දැක්විය හැක්කේ තමන් විසින්ම පෙර භවයන්හිදී කරන ලද අකුසල කර්මයන් මෙම භවයේදී ප්‍රතිවිපාක දීමකි. කුමන හෝ අපල කාලයක් පැමිණි විටදී එය...
2019-01-24 18:30:00
මෙම වසරේ ජනවාරි සිට දෙසැම්බර් දක්වා ග්‍රහ යුද්ධ 19 ක් සිදුවන අතර ඒ අනුව උදාවන ප්‍රතිඵල මෙසේය.මෙම ජනවාරි 13 දින, ශනි, බුධ දෙදෙනා අතර යුද්ධයෙන් ශනි ජය...
2019-01-17 18:30:00
උපන් නැකත, උපන් දවස, උපන් වේලාව අනුව ඕනෑම පුද්ගලයෙක් සඳහා අනාගත අනාවැකි සුබ අසුබ චරිත ලක්ෂණ කීමට ඡ්‍යොතිෂයට හැකියාවක් පවතී.උපන් මාසය අනුවද යමෙකුගේ...
2019-01-10 18:30:00
වසරක් ගෙවී නව වසරක් 2019 ජනවාරි 01 වැනි කුජ දින – සූ.උදාව 6.22 ට ආරම්භ වේ. (සිංහල ඡ්‍යොතිෂයට අනුව) එම දින බලය ඉතා ශුභවන අතර ‘ද්වජ හා ශ්‍රීවත්ස යෝග‘...
2019-01-03 18:30:00
2019 ජනවාරි මස 18 වැනි සිකුරාදා ඉහත බලය ඇති ශුභ දින බලයකට හේතු කාරක වේ.සිකුරාදා දිනයේ නැකැත් දෙකක් යෙදී, එනම් රෙහෙණ නැකත දහවල් 12.24 දක්වා ද, ඉන්පසු...
2019-01-03 18:30:00
වසර පුරාවට යෙදෙන විශේෂ දින සහ යෝගවසර පුරාවට – ‘කේවල සිද්ධි යෝග‘ මේ දිනවල යෙදෙනු ඇත. මෙහි දී මෙම දිනයන් විශේෂයෙන් සියලු කටයුතු සඳහාම ශුභවන බලයයි....
2019-01-03 18:30:00
දෙසැම්බර් මාසය සඳහා කේවල සිද්ධි මහා යෝග දෙකක් බලවත් පොකුරු යෝග 2 ක් හා ‘මහේෂ්වර කාල’ ජය යෝගයක්.මෙහිදී විශේෂත්වය ප්‍රබල දිනයක් වේ. එනම් දෙසැම්බර් 18...
2018-12-13 18:30:00