වර්ෂ 2024 ක්වූ September 20 වැනිදා Friday
ජුනි 12 සඳුදා - ලග්න සහ රාහු කාලය
ජුනි 11, 2023
ඉර උදාව - පෙ.ව. 05.55
ඉර බැසීම - ප.ව. 06.26
රාහු කාලය - පෙ.ව. 07.27 - පෙ.ව. 09.03 දක්වා
ශුභ දිශාව - නැඟෙනහිර
මේෂ
අවුල් වියවුල්වලට අසුවීමට ඉඩ ඇති දිනයක් බැවින් පරිස්සම් විය යුතුයි. අලාභ හානියක් හෝ නැතිවීමක් ද නියමයි. තමා අතින්ම යම්කිසි පාඩුවක් සිදුවන අතර ශාරීරික ආබාධයකටද ඉඩ තිබේ.
වෘෂභ
දියුණුවට අදාළ වන කටයුතු කීපයක් කෙරෙහි සිත යොමුවන අතර මිල මුදල් ලාභද ලැබෙනු ඇත. මිතුරු ඇසුරට පි‍්‍රය කරන දිනයකි. ගෙදර දොර දියුණුවට ඇති බාධා ඉවත්ව යයි. ගෙදර දොර අලුත්වැඩියාවක් හෝ නව නිවසක් ඉදිකිරීම කෙරෙහි හිත යොමුවේ.
මිථුන
රැකී රක්ෂා කටයුතුවලට යහපත් දිනයකි. ප්‍රධානීන් වැනි අයගේ උපදෙස් මත කටයුතු කරයි. පවුලේ වැඩිහිටි අයකු සමඟ සිදුවන මුදල් ගනුදෙනුවක් නිසා සිත් පීඩාවක් ගෙනදෙනු ඇත.
කටක
සිත්තැවුල් අධික ලෙස බල පවත්වන දිනයක් බැවින් ඉවසීමෙන් කටයුතු කිරීම යහපත් වනු ඇත. වචනය නිසා අන් අයගෙන් දෝෂාරෝපන ඇසීමට සිදුවනු ඇත. පිනට දහමට ආශාවක් ඇතිවීමටත් ආගම් භක්තිය වැඩිදියුණුවීමටත් කරුණු යෙදෙනු ඇත.
සිංහ
ධෛර්ය හීනව යන දිනයකි. කම්මැලි අලස ගතියක් මෙන්ම කේන්ති යන ගතියක්ද ඇතිවේ. තම අදහස් අනුවම කටයුතු කිරීමට පෙළඹීම මත අන් අයගෙන් දෝෂාරෝපණයට ලක්වනු ඇත.
කන්‍යා
රසවත් ආහාර පාන ලැබෙන දිනයකි. ස්ත්‍රී පක්ෂයේ අය හා ඇසුරට යොමුවේ. හිතේ සතුට ගෙන දෙන දිනයකි. විනෝදයෙන් සැහැල්ලුවෙන් සිටීමටද බලපායි. බලාපොරොත්තු ඉටුවන දිනයකි.
තුලා
සුළු සුළු ලාභ ලැබෙන දිනයක් වන අතර උත්සාහයේ තරමට ප්‍රතිඵල ලැබෙනු ඇත. වෙහෙස මහන්සි වී වැඩ කිරීම නිසා කටයුතුවල සාර්ථක බවක් ද ඇතිවේ. බලාපොරොත්තු ඉටුවනු ඇත.
වෘශ්චික
ප්‍රේම සම්බන්ධතාවලට බාධා ඇතිවේ. සිත් තැවුලෙන් යුතුව කටයුතු කරයි. වැඩිහිටියන්ගේ දෝෂාරෝපණයටද ලක්වේ. බලාපොරොත්තු බිඳ වැටීමට කරුණු යෙදෙනු ඇත. බාහිර කරදර මතුවනු ඇත.
ධනු
ඉක්මන් කේන්ති යන ගතියකින් යුතුව කටයුතු කරයි. ඉවසීමෙන් යුතුව කටයුතු කිරීම යහපත් වනු ඇත. කරගෙන ආ කටයුතුවලට බාධා ප්‍රමාදවීම් ඇතිවීමෙන් හිරිහැර කරදර ඇතිවේ. හැම දෙයක් ගැනම සැකයෙන් යුතුව කටයුතු කරයි.
මකර
හිතේ පසුතැවිලි ගතියකින් යුතුව කටයුතු කරනු ඇත. රැකියාවේ වැඩ වැඩි බව නිසා හිතේ තෘප්තිමත් බව අඩුව යනු ඇත. උසස් අයගේ කරුණාව ලැබීම මත තම කටයුතු සාර්ථක කර ගැනීමටද හැකිවේ.
කුම්භ
තමාගේ දියුණුවට ඇති මාර්ග ඇහිරෙන කාලයකි. නිවෙසේ කවරකු හෝ ලෙඩින් පෙළෙන දවසකි. තම ගෞරවය කෙලෙසෙන වැඩවලට සිත යොමු වනු ඇත.
මීන
සතා සිව්පාවාට පවා ආදරය කරුණාව දක්වන දිනයකි. ආගම දහම කෙරෙහි භක්තියක් ඇතිවන අතර ගුප්ත කටයුතු කෙරෙහි හිත යොමුවේ. වන්දනා ගමන් වැනි ගමන්වල නිරත වනු ඇත.
ඡ්‍යොතිෂවේදිනී ගීතිකා සමරතුංග
෴ සබැඳි ලිපි ෴
අනවරාග්ර වූ සසර ගමනේ යෙදෙන ජන්මියාගේ ජීවිතය කෙරෙහි විවාහය බෙහෙවින් බලපාන බව ප්‍රකට කරුණකි. හත්වැනි කොටුවෙන් ජන්ම පත්‍රය තුළින් විවාහය ගැන කියවේ. මේ...
2019-03-07 18:30:00
විවාහය සඳහා කේන්ද්‍ර ගැළපීමේදී කුජ දෝෂය හෙවත් භෞම දෝෂය පිළිබඳව නිරන්තරයෙන්ම අසන්නට ලැබේ. අද සමාජයේ පවතින “විවාහ ප්‍රමාදය” යන දැවෙන සමාජ ගැටලුවට මෙම...
2019-03-07 18:30:00
විවාහයක් අති සාර්ථකව ගෙන යෑම අසීරුය. යුග දිවියට ඇතුල් වී වැඩිකලක් යාමට පෙර සැමියා එක තැනකය. බිරිඳ තවත් තැනකය. විවාහය අතර මඟ ඇන හිටී. තවත් දෙදෙනෙකු එක...
2019-02-28 18:30:00
නාඩි රාශි තදීශ යෝනි වනිතා දීර්ඝ ගනා ශවාත්ර ෂඩ්වග්ර¡¡ මුඛ්යතරා විවාහ සමයෙ ශෙෂ සතු මධ්‍ය සත්තඞමාහෙන්ද්රා ගණිතායු වශ්‍ය දිවසා වණෙ¡¡ාඩු...
2019-02-21 18:30:00
අනවරාග්ර වු බිහිසුණු සංසාරයේ කර්ම හා ලෝභය නිසා සත්වයෝ ඉපිද ඉපිද මැරි මැරී සසර ගමනේ යෙදෙති. ලෝකය විවිධය. විෂමය. ස්ත්‍රී පුරුෂයින්ගේ හැඩහුරුකම් ගතිගුණ...
2019-02-21 18:30:00
කිසියම් ස්ත්‍රියකගේ හෝ පුරුෂයෙකුගේ ජීවිතයේ වැදගත්ම අවස්ථාව වනුයේ විවාහයයි. එය අපේ පැරණි සම්ප්‍රදායානුකූල විය යුතු බව අපේ විශ්වාසයයි. ලෝකයේ අනෙක් රටවල...
2019-02-14 18:30:00
ඡ්‍යොතිෂය ගැන අඩු වැඩි වශයෙන් දන්නා ඕනෑම කෙනෙකු සෙනසුරුගේ නම ඇසූ පමණින්ම බියට පත්වන ස්වභාවයක් පවතී. එසේ වන්නේ සෙනසුරුගෙන් කිසිවිටකත් යහපතක්...
2019-02-14 18:30:00
“ මේ මොන කරුමක්කාරයෙක්ද මන්දා...? “මම පෙර කරපු කරුමයක් ගෙවනවා” මෙවැනි වදන් අතීත සමාජයේ බහුලව අසන්නට ලැබුනු වදන්ය.අලුත් පරපුර මෙවැනි වදන් පැවසීම ඉතා...
2019-02-07 18:30:00
ශනි යෝගවල හොඳ නරක කතා කිරීමට ප්‍රථමයෙන් ශනි නොහොත් සෙනසුරු ග්‍රහයා ගැන මදක් විමසා බලමු.නව ග්‍රහයින් අතුරෙන් නිවටයා හැටියට ගණන් ගෙන තිබෙන්නේ සෙනසුරු ය...
2019-02-07 18:30:00
කෙනෙකු රාත්‍රී උපත ලබා සඳු , වෘෂභ රාශියේ 25 අංශකයේ ශුභ ග්‍රහයන්ගේ දෘෂ්ටි නොලබා කුජගේ අශුභ දෘෂ්ටිවලට ලක්වී හෝ සංයෝගවී සිටියදී ශුභ ග්‍රහයන් අටවැන්නේ...
2019-01-31 18:30:00
අපල කාලයක් ලෙස අර්ථ දැක්විය හැක්කේ තමන් විසින්ම පෙර භවයන්හිදී කරන ලද අකුසල කර්මයන් මෙම භවයේදී ප්‍රතිවිපාක දීමකි. කුමන හෝ අපල කාලයක් පැමිණි විටදී එය...
2019-01-24 18:30:00
මෙම වසරේ ජනවාරි සිට දෙසැම්බර් දක්වා ග්‍රහ යුද්ධ 19 ක් සිදුවන අතර ඒ අනුව උදාවන ප්‍රතිඵල මෙසේය.මෙම ජනවාරි 13 දින, ශනි, බුධ දෙදෙනා අතර යුද්ධයෙන් ශනි ජය...
2019-01-17 18:30:00
උපන් නැකත, උපන් දවස, උපන් වේලාව අනුව ඕනෑම පුද්ගලයෙක් සඳහා අනාගත අනාවැකි සුබ අසුබ චරිත ලක්ෂණ කීමට ඡ්‍යොතිෂයට හැකියාවක් පවතී.උපන් මාසය අනුවද යමෙකුගේ...
2019-01-10 18:30:00
වසරක් ගෙවී නව වසරක් 2019 ජනවාරි 01 වැනි කුජ දින – සූ.උදාව 6.22 ට ආරම්භ වේ. (සිංහල ඡ්‍යොතිෂයට අනුව) එම දින බලය ඉතා ශුභවන අතර ‘ද්වජ හා ශ්‍රීවත්ස යෝග‘...
2019-01-03 18:30:00
2019 ජනවාරි මස 18 වැනි සිකුරාදා ඉහත බලය ඇති ශුභ දින බලයකට හේතු කාරක වේ.සිකුරාදා දිනයේ නැකැත් දෙකක් යෙදී, එනම් රෙහෙණ නැකත දහවල් 12.24 දක්වා ද, ඉන්පසු...
2019-01-03 18:30:00
වසර පුරාවට යෙදෙන විශේෂ දින සහ යෝගවසර පුරාවට – ‘කේවල සිද්ධි යෝග‘ මේ දිනවල යෙදෙනු ඇත. මෙහි දී මෙම දිනයන් විශේෂයෙන් සියලු කටයුතු සඳහාම ශුභවන බලයයි....
2019-01-03 18:30:00