ඥානකාරක බුධ තුලා රාශි ගතවෙයි

නොවැම්බර් 8, 2019

සුබසාධන-ව්‍යාපාර සරු වෙයි

තුලා රාශිය. මිථුන නවාංශකය විසා නැකත 03 පාදය චන්ද්‍ර ශනි ෂඩ්කෝණ දෘෂ්ටිය රවි චන්ද්‍ර ත්‍රිකෝණ දෘෂ්ඨිය, තුලා රවි 21 භාග නොවැම්බර් 07 ගුරු දින පස්වරු 03.32 ට වක්‍ර බුද තුලා රාශියට සංක්‍රමණය විය.

පීතෘකාරක මෙන්ම රාජ්‍යකාරක සෞරග්‍රහ මණ්ඩලයේ අධිරාජයා ‘රවි’ නීච ක්ෂේත්‍රව මීන උදා රාශියෙහිදී මෘත්‍යු ස්ථානය වූ 08 වැන්නෙහි හදකලා වූ මොහොතට වක්‍ර සහගත ඥානකාරක බුධ සුසංයෝගය අතිශය ප්‍රශස්ත වූ ග්‍රහ නිර්මාණයකි. ඉදිරිකාලීන ප්‍රජාව කෙරෙහි කෙබඳු ආකාරමුත් වාණිජමය වූත් රසාලිප්ත වූත් මනසින් වින්දනයක් සක්‍රීය කරවීමේ අපූර්වාත්මක පසුබිමක්ද සමඟ වර්තමාන ආර්ථික ශුභ සිද්ධියෙහිදී ප්‍රබෝධයකට නවගමන් මඟක් නිර්මාණය වී යාමෙහි ජවබල සම්පන්න ග්‍රහ මාරුවෙකි.

මීන උදා රාශියෙහි 02 වැන්න වූ ධන ස්ථානගත වක්‍ර යුරේනස් ද 03 වැන්නෙහි සම වූ රාහුද 07 වැන්නෙහි සතුරු වූ භූමි පුත්‍ර අඟහරු සෙන්පතිනි නම වැන්න වූ භාග්‍යා ස්ථානගතවූ සම සිකුරු ද නිවෘත ප්ලූටෝ මිත්‍රශීලිව ද සෙනසුරු සමවද කේතු මිත්‍රශීලිවද මුල ත්‍රිකෝණ ස්වක්ෂේත්‍ර බ්‍රහස්පති ද 10 වැන්නා වූ ද කර්මස්ථාන ගතවද සමවූ චන්ද්‍රයා සමඟ වක්‍ර නැප්චූන් ද 12 වැන්නේ තැම්පත්ව ඇත.

ජන සම්මතවාදී පුරවැසි ප්‍රජාව කෙරෙහි මානව දයාවෙන් ශ්‍රී ලාංකේය අධිකරණය ආශි‍්‍රත නීතිඥවරුන්ද උගත් වියතුන් ඇතුළුව ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ද සමගාමීව ඒකරාශිවී නීති ප්‍රතිසංස්කරණයක් ඵලදායී ලෙස නිර්මාණය කරලීමද වංචනික කූට උපක්‍රමශීලි දූෂිතයන්, මත්ද්‍රව්‍යය පිළිබඳ ක්‍රියාකාරකම් ම්ලේච්ඡ මානුෂ්‍ය ඝාතකයන් මර්දනය කිරීම අවම කිරීම උපරිම ලෙස ක්‍රියාත්මක කරවනු ලබයි.

ශ්‍රී ලාංකේය නිදහස් කුම්භ රාශි සටහනෙහි 09 වැන්නෙහි රවි, බුධ තැන්පත්වීමේදී දේශපේ‍්‍රමී ජාතිහිතෛෂීන් ගරා වැටුන සංස්කෘතිය මුවහත්කොට ප්‍රාණවත් ධර්ම රාජ්‍යයක භූමිකාව රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ අනුග්‍රහයෙන් ගුණාත්මක මෙන්ම ධනාත්මක බවකට ප්‍රතිසංස්කරණ සටනක් දියත් කෙරෙයි. අයාලෙහි ගිලීගිය පූජ්‍ය, පූජක පක්ෂය විවිධ ආගමික ප්‍රායෝගික ක්‍රියාකාරි අර්ථවත් බවකට පරිවර්තනය කෙරෙයි.

උසස් මාධ්‍ය දේශන, මානුෂික, මානසික පෝෂණය වර්ධනය සාසන මණ්ඩප ක්‍රීඩා සංස්කෘතික පදනම් විරහිතව රාජ්‍ය ආර්ථික ප්‍රතිලාභ ක්‍රියාකාරකම් රැකියා ආදායම් මාර්ග අසීමිත බදුබර විඳ දරාගත නොහැකි ජනරැල්ලක් නැඟීසිටීම නිරායාෂයෙන් පහල වෙයි. කාලගුණික දේශගුණික මහා විපරීත බවක්ද ගිනි තැබීම් ගිනි ගැනීම් ජනතා පොදු දේපළ කෙරෙහි පමණක් නොව සමස්ත ජනතාවට අනාරක්ෂිත බවකට ග්‍රහනය වීමෙහිලා මාරාන්තික විපර්යාසයන් උද්ගතවීමෙහි වක්‍ර බුදයේ නීච රවි සුසංයෝගය දෙස් විදෙස් වශයෙන් බලපානු ඇත.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
15 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.