2019 අවුරුද්දේ ග්‍රහ යුද්ධ

ජනවාරි 18, 2019

මෙම වසරේ ජනවාරි සිට දෙසැම්බර් දක්වා ග්‍රහ යුද්ධ 19 ක් සිදුවන අතර ඒ අනුව උදාවන ප්‍රතිඵල මෙසේය.

මෙම ජනවාරි 13 දින, ශනි, බුධ දෙදෙනා අතර යුද්ධයෙන් ශනි ජය ගනී. එයින් කාර්මික අංශයේ දියුණුවක් යෙදේ. උගතුන්ගේ පසුබැසීමක් ඇතිවේ. ඉංජිනේරු , කාර්මික ශිල්පීන්ට ජයදේ.ගත්කතුවරුන්ට, උගතුන්ට, බුද්ධිමතුන්ටත් එතරම් සුබ නැත. බුද්ධිමතුන් පැරදී නපුරු අය ජය ගනී. හොර මැර වංචා ප්‍රයෝගකරුවන් සැර පරුෂ අය ඉඩකඩම් දේපළ හිමියන් ඉදිරියට එයි. බුද්ධිමතුන්, උගතුන්, සිල්වතුන් පසුබට වේ.

ජනවාරි 22 දින සවස 5.56 ගුරු සිකුරු යුද වදී. සිකුරු පැරදී ගුරු ජය ගනී. ගණිකා මඩම් නීතියේ රැහැනට හසුවේ. උගතුන්ට සිල්වතුන්ට ජය ලැබේ. කීර්ති ප්‍රශංසා ලැබේ. පොත්පත් බිහිකිරීමට උගතුන් සමඟ සම්මේලනයක් ඇතිකිරීමට පෙළඹේ. එයින් යහපත් උගත් අයට ප්‍රශංසා ලැබීමට තෑගි බෝග ලැබීමට හේතුය.

පෙබරවාරි 13 උදේ 11.50 ට කුජ යුරේනස් යුද්ධයෙන් යුරේනස් ජය ගනී. කාර්මිකයන්ට විද්‍යාඥයන්ට එවැනි ආයතනවලට හොඳයි.

පෙබරවාරි 18 ශනි, සිකුරු, යුද්ධය සවස 4.22 සිදුවේ. එයින් ශනිට ජයයි. ස්ත්‍රී පක්ෂයට අසුබයි. ගණිකා වෘත්තියේ යෙදෙන අය නීතියේ රැහැනට හසුවේ. ශාස්ත්‍රඥයන්ට ගුප්ත ශාස්ත්‍රඥයන්ට සුබය. දුප්පතුන්ට රජයෙන් අතහිත ලබාදේ. සෙනසුරුට අයත් වෙළඳසැල් දියුණු වේ.

පෙබරවාරි 19 දවල් 11.54 බුධ නැප්චූන් යුද්ධයෙන් නැප්චූන්ට ජයයි. එයින් තාරකා විද්‍යාඥයින්ට ,ඡ්‍යොතිෂඥයන්ට ආදි ශාස්ත්‍රීය අංශයේ වැඩකටයුතුවල යෙදී සිටින අයට අලුත් අලුත් කටයුතු යෙදේ. අලුත් බෙහෙත් සොයාගැනීම්, ළදරුවන්ගේ ලෙඩරෝග සුවපත් කිරීමට කටයුතු යෙදේ. අලුත් ක්‍රමවේද ඇතිවේ.

පෙබරවාරි 22 සවස 4.22 ශනි, සිකුරු යුද්ධයෙන් ශනි ජය ගනී. දුසිරිත්වල යෙදී සිටින අයට පසුබට වීමට සිදුවේ. වෛද්‍යවරුන්ට විශේෂඥ වෛද්‍යවරුන්ට බෙහෙත් සම්පාදකයින්ට ළදරුවන්ට සෞඛ්‍ය ආරක්ෂාවට කටයුතු යෙදේ. දරුවන්ගේ අධ්‍යාපන දියුණුවට පොත්පත් ග්‍රන්ථ ආදිය බිහිවේ.

ජුනි 18 රාත්‍රී 9.34 කුජ, බුධ, යුද්ධයෙන් කුජට ජයයි. බෙහෙත් සපයන අයට, විද්‍යාඥයින්ට, වෛද්‍යවරුන්ට ජයයි. පොළොවෙන් වස්තු උපයන අයට ජයයි. ගංගා ඇළදොල හරස්කර රට සංවර්ධනය කිරීමට වැඩසටහනක් යෙදේ.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

හිටපු සුබසෙත කර්තෘ ප්‍රවීණ ඡ්‍යොතිෂඥ

ජයතිලක අඹුවන්ගල

සාකච්ඡා කළේ

නිශානි හේරත් බන්නැහැක

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.