2019 වසර උදාව උපන් නැකත අනුව ඔබට කොහොමද?

ජනවාරි 4, 2019

වසරක් ගෙවී නව වසරක් 2019 ජනවාරි 01 වැනි කුජ දින – සූ.උදාව 6.22 ට ආරම්භ වේ. (සිංහල ඡ්‍යොතිෂයට අනුව) එම දින බලය ඉතා ශුභවන අතර ‘ද්වජ හා ශ්‍රීවත්ස යෝග‘ බල දෙකම උදාවන දින බලයකි. නව වසර උදා ආරම්භය ශුභ පක්ෂයේ වේ. ඇරඹුම ‘සා විසා’ නැකැත් බලයෙනි.

උපතට ලබා ඇති නැකැත් බලය අනුව නැකැත් බලයෙන් පමණක් පුෂ, අනුර, උත්‍රපුටුප යන නැකැත්ලාභීන්ට ශුභඵල වැඩිකොට පෙන්වන අතර අනෙක් සියලු නැකැත් වලට සමඵල දෙනු ඇත. සමස්ථයෙන් වසර උදාවේ .ග්‍රහ බලය එතරම් යහපත් නොවන බව සඳහන් කළ යුතුයි. කෙසේ වෙතත්, ලංකා කේන්ද්‍ර කුම්භ රාශි බලය අනුව, රටට යහපත් ග්‍රහබලයක කිරණ ලැබෙනු බව පෙනේ.

මෙම වසරේ ප්‍රධාන ග්‍රහ මාරුවකට ඇත්තේ 2019 මාර්තු 07 වැනි ගුරු දින යෙදෙන රාහු – කේතු මාරුවයි. රාහු සඳු හිමි කටක ජල රාශියේ සිට පඨවි, වායු, බුධ හිමි මිථුනයටත්, කේතු ශනි හිමි මකර ජල රාශියේ සිට ගුරු හිමි තේජෝ ධනු රාශියටත් ගමන් ගනී. සිටි රාශි දෙකට වඩා ග්‍රහ ගුණ අනුව මිථුනය – ධනුව යහපත් වේ. ඒ සමඟම ඒ ඒ ලග්න හිමියන්ට ද විශේෂත්ව ශුභ / අශුභ ඵල අඩු / වැඩිව යෙදීමේ ඉඩ වැඩි වේ.

කෙසේ වුවත්, සමස්ථයෙන් ඔබගේ උපතේ නැකතට අනුව ඵල යෙදෙන්නේ මෙසේය. උපතේ ග්‍රහ බලය ස්ථානගත තත්ව අනුව යම් යම් වෙනස්කම් යෙදීමට ඉඩ ඇතිවේ.

අස්විද නැකත 

පළමු නැකැත් හිමිකම ඇත. කේතුට හිමි වේ. මේෂ රාශියට විශේෂ සබඳකම ඇත. වසරේ ආරම්භයේ සිට මාර්තු මැද භාගය දක්වා මනස හා සිතුවිලි කලබලකාරි වේ. කෙසේ වුවත්, කාන්තා පිරිස් බලය මෙන්ම හවුල්කාර කටයුතුවලට යහපත්ය. ඔබගේ නැකත රවි, කුජ, බුධ, ශුක්‍ර හා යුරේනස් නියෝජනය කරයි. යුරේනස්ගේ වර්ෂ පුරාවට යෙදෙන නියෝජනයෙන් ආවේගශීලි වීම පෙන්වයි. එය පාලනය කරගැනීම හොඳයි. දරුවන්ට වැඩිහිටි පාර්ශ්වයන්ට , වයෝවෘධ ඥාතීන්ට මාර්තු පසුවන තුරු අශුභ තත්ව යෙදේ. මාර්තු මාසයෙන් පසු යම් දියුණුවක් ද, ඔක්තෝබර් මැද භාගයෙන් පසු යහපත් බවක් යම් ලෙසකට උදාවේ. ශරීර සුවයට ද එතරම් යහපත් නැති අතර, වියදම් අධික වසරක් වේ.

වැඩිපුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
 

එස්.එච්.වංසාද සිල්වා මාදින්නාගොඩ

0115245690

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
12 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.