ඡ්‍යොතිෂයෙන් ලෝකය ජයගත් ජනප්‍රිය තරු

මැයි 10, 2024

 

මිනිස් ජීවිත පහළ වූදා පටන් මිනිසුන් එකිනෙකා හා බද්ධ වෙමින් විවිධ ක්‍රියාකාරකම්වල නිරත විය. ඔවුහු තම ජීවිතයේදී විවිධ විශ්වාසයන් ඇදහිලි හා නොයෙකුත් අනාවැකි කෙරෙහි විශ්වාසය තැබූහ.

බටහිර රටවල පවා අනාවැකිය පෙරදා කෙතරම් විශ්වාස කළාද යන්න පිළිබඳව පැරණි ග්‍රීක සම්ප්‍රදායේ ඊඩිපස් හා ඇන්ටිගනී වගේ නාට්‍ය තුළින් අපිට දකින්න පුළුවන. ඒ ඉතිහාස කතාවල බැඳී තිබුණේ පුද්ගලයා අනාවැකිවලට මුහුණ දීම හා අසුබ අනාවැකිවලින් මිදීමට උත්සාහ කළ මිනිසාට අත්විඳීමට සිදුවූ ඛේදවාචකයි.

අනාවැකි බැඳී පවතින්නේ තාරකා ශාස්ත්‍රය මතයි. තාරකා හා ග්‍රහලෝකවල සාපේක්ෂ පිහිටීම උපයෝගී කරගෙන මිනිස් ජීවිතය හා බද්ධ වී ඇති අවිනිශ්චිත තත්ත්වයන් සම්බන්ධව තීරණ ගැනීම සඳහා යොදා ගන්නා දැනුම හා විශ්වාසය මත පදනම් වූ ශාස්ත්‍රය තාරකා ශාස්ත්‍රය ලෙස පිළිගන්නවා. කෙසේ වෙතත් තාරකා ශාස්ත්‍රයේ, මූලිකම අවශ්‍යතාවය අනාවැකි පළ කිරීමයි. ලෝකයේ පැරණිතම විද්‍යාව ලෙස හඳුන්වන්නේ මේ ඡ්‍යොතිෂ ශාස්ත්‍රයයි. එදා මිනිසුන් අහස දෙස බලා එහි විවිධ තරු රටා මැවු ආකරය ඉතිහාස තොරතුරුවල අදටත් දක්නට ලැබෙයි. එම තාරකා මිනිස් ජීවිත හා වක්‍රව හෝ සෘජුව සම්බන්ධ වී ඇති බව අද වන විට රහසක් නොවේ.

බටහිර ජාතීන් ඡ්‍යොතිෂය ඒඵබපධතධඨර යනුවෙන් භාවිත කරයි. ඒඵබපධතධඨර යන වචනය සැකසී ඇත්තේ, ඒඵබපධතධඨඪච යන ග්‍රීක වචනය අනුසාරයෙනි. පෙරදිග ඡ්‍යොතිෂ විද්‍යාව නක්ෂත්‍රවේදය, හෝරා ශාස්ත්‍රය, කාල විද්‍යාව ලෙස හඳුන්වයි. පෙරදිග රටවලිනුත් ඉන්දියාවට ලැබෙන්නේ ප්‍රමුඛ තැනකි. පෙර අපර දෙදිගම ජීවත් වන මිනිසුන්ට ඡ්‍යොතිෂ ශාස්ත්‍රය වර්තමානය වන විට කෙතරම් වැදගත්ද යන්න පිළිබඳව විවිධ ප්‍රකට චරිත ගැන සොයා බැලීමේ දී අසන්නට දකින්නට ලැබේ. ඒ අතර විද්‍යාඥයන්, වෛද්‍යවරුන්, කලාකරුවන්, දේශපාලනඥයන් මෙකී නොකී සෑම කෙනෙක් ම ඡ්‍යොතිෂ ශාස්ත්‍රය දැඩිව විශ්වාස කරන බව ඔවුන්ගේ ජීවන තොරතුරු ආශ්‍රයෙන් දක්නට හෙළි වේ.

ඒ අතර ලොව වඩා ප්‍රචලිත බොලිවුඩ් සිනමාවේ කැපී පෙනෙන චරිත මේ ඡ්‍යොතිෂ ශාස්ත්‍රය ඉතා සමීපව ඇසුරු කරන්නන් බව දැනගන්නට ලැබේ. හින්දි සිනමාවේ පතාක යෝධයකු ලෙස හඳුන්වන අමිතාබ් භච්චන්, සල්මන් ඛාන්, ෂාරුක් ඛාන්, ප්‍රියංකා චොප්රා, අජේ දේව්ගන් වැනි ප්‍රමුඛ පෙළේ බොලිවුඩය ජය ගත් සිනමා තාරකාවෝ ද මේ අතර සිටිති. එමෙන්ම හොලිවුඩ් තරු වන ඇන්ජලීනා ජොලි, ලේඩි ගගා ඡ්‍යොතිෂය ඉතා දැඩිව විශ්වාස කරන අයයි.

ඡ්‍යොතිෂය විශ්වාස කරන බොලිවුඩයේ ප්‍රසිද්ධ පුද්ගලයන් අතර ඉන්දීය සිනමා රසික ප්‍රජාවගේ ජනාදරයට පත් බොළිවුඩයේ කින් ඛාන් (ම්ඪදඨ ම්ඩචද ර්‍ණට ඕධතතරඹධධඤ) ලෙස හඳුන්වන ෂාරුක් ඛාන්ට, ලැබෙන්නේ ඉහළම තැනකි. ඉස්ලාම් භක්තිකයකු වුවත් ෂාරුක් ඛාන් ඡ්‍යොතිෂය විශ්වාස කරන බව ඔබ දන්නවාද?

ඔහු සිය වෘත්තීය ජීවිතය පුරාම ඡ්‍යොතිෂ ශාස්ත්‍රයන්ගේ උපදෙස් ලබාගෙන තිබෙනවා. ඔහුගේ සියලු‍ම වාහනවල 555 ලෙස කොටා ඇත්තේ එය තමන්ට වාසනාව ගෙන දෙන අංකය ලෙස ඔහු විශ්වාස කරන නිසයි. ඒ වගේම ඔහු රඟපෑ චෙන්නායි එක්ස්ප්‍රස් (ඛ්ඩඥදදචඪ ඡ්යනපඥඵඵ) චිත්‍රපටය බොක්ස් ඔෆිස් වාර්තා තැබීමට පවා සමත් විය. එයට හේතු වූයේ, ඔහු එම චිත්‍රපටයේ බයිසිකලයට අංක 555 යෙදීම ලෙස පවසයි. එමෙන්ම ඔහු සිය දුන්කී චිත්‍රපටයේ ප්‍රථම දර්ශනය 5. 55 ට යොදා ගැනීමද අංක විද්‍යාව කෙරෙහි ඔහුගේ විශ්වාසය පිළිබඳ බොහෝ කතා බහට ලක් වූ කරුණකි.

හැට හැත්තෑව දසකයේ සිටි ප්‍රබලයන් අභිබවා ඉදිරියටම පැමිණි සුප්‍රකට නළු අමිතාබ් බච්චන් රසිකයන් පිළිගන්නේ ඉන්දීය සිනමාවේ අධිරාජයා (ඕධතතරඹධධඤ’ඵ ඩඥඩඥඩඵඩචඩ)ලෙසයි. ජීවිතය තුළ බොහෝ සාර්ථකත්වයන් ලබාගෙන ඇති ඔහුට දෙදහ දසකයේ මුල් භාගය අභියෝගාත්මක කාලයක් විය. නමුත් ඡ්‍යොතිෂ ශාස්ත්‍රඥයෙකුගේ මඟ පෙන්වීම ඔහුට යළි නැගී සිටීමට උපකාර වූ බව විශ්වාස කෙරේ. ඔහු නිතර තම අතක ඇගිල්ලක නිල් මැණිකෙන් ඔප දැමු මුද්දක් පැලඳ සිටිනවා ඔබ දැක තිබෙනවාද? වාසනාව හා සෞභාග්‍යය ගෙන දෙන බවට විශ්වාස කරන මේ මුද්ද නිල් මැණික් ඕපල් සහ මරකතවලින් සාදා ඇත. තමා පැලඳ සිටි මුද්ද තම ජීවිතය සාර්ථකත්වය කරා ගෙන යාමට උපකාරී වූ බව ඔහු පාපොච්චාරණය කරයි. එමෙන්ම සිය පුතු අභිෂේක් භච්චන්ගේ විවාහ මංගල්‍යය ඡ්‍යොතිෂ ශාස්ත්‍රයේ මූලධර්මවලට අනුකූලව සිදු කිරීමට ඔහු පියවර ගත්තේය.

තම වෘත්තීය ජීවිතය පුරාම ඡ්‍යොතිෂ ශාස්ත්‍රඥයන්ගේ උපදෙස් ලබාගෙන ඇති බොලිවුඩ් නළු අජේ දෙව්ගන් ද මැණික් ගල් සහ අංක විද්‍යාව විශ්වාස කරන්නෙකි. තම දේව්ගන් යන වාසගමින් ඉංග්‍රීස ඒ අකුර ඉවත් කර ඇත්තේ ද එබැවිනි. ඉන් පසු ඔහුට බොහෝ ජයග්‍රහණ හිමි වූ බව ඔහුගේ විශ්වාසයයි.

ඡ්‍යොතිෂය ශාස්ත්‍රය පිළිබඳ ගැඹුරු විශ්වාසය ඔහුගේ පෞද්ගලික සහ වෘත්තීය ජීවිතය යන දෙකෙහි ම සාර්ථකත්වයට හේතු වී ඇත.

තරුණියන් අතර ආකර්ෂණීය බොලිවුඩයේ සුප්‍රකට නළු සල්මන් ඛාන් නිතර ටර්කියුලස් ගල් බ්‍රේස්ලට් එකක් අතේ දමාගෙන සිටියි. ඔහු ඡ්‍යොතිෂයේ බලය විශ්වාස කරන තවත් ප්‍රකට චරිතයකි. එක් අවස්ථාවක දී ඔහුගේ වෘත්තීය ජීවිතයේ පසුබෑමකට ලක් වීමට සිදුවිය. කෙසේ වෙතත් ඔහු ටර්කියුලස් ගල් බේ‍්‍රස්ලට් පැලඳීමෙන් පසු ඔහුගේ ජීවිතය යහපත් අතට හැරුණ බවට ඔහුගේ විශ්වාසයයි. එය ඔහුට ලැබී ඇත්තේ තම පියාගෙනි.

පියාගෙන් ලැබුණු එම බ්‍රේස්ලට් එක නොමැතිව ඔහු කිසි දිනක ප්‍රේක්ෂකයන් අතරට ගොස් නැත. ඔහු එම ටර්කියුලස් ගල සහිත බේ‍්‍රස්ලටය සලකන්නේ වාසනාවන්ත ආභරණයක් ලෙසය. එය ඔහුව රෝගාබාධවලින් ආරක්ෂා කරන අතර ජයග්‍රහණවලට මඟ පෙන්වන බවට ද ඔහු විශ්වාස කරයි.

බොලිවුඩ් තරුවක් සහ හිටපු ලෝක රූ රැජිණක් වන ප්‍රියංකා චොප්රා නිතර විවිධ මැණික් ගල් සහ මුදුවලින් සැරසී ඉන්න නිළියකි. ඇයද ඡ්‍යොතිෂය කෙරෙහි විශ්වාස තබන තවත් ප්‍රසිද්ධ චරිතයකි. ඇය පවසන්නේ තමා සැරසී ඉන්න මැණික් ගල් සහ මුදුවලින් ධනාත්මක ශක්තින් ගෙන එන බවත්, සෘණාත්මක බව මගහරින බවත්ය. ප්‍රියංකා චොප්රා කිසියම් ව්‍යාපෘතියක් කිරීමට හෝ අත්සන් කිරීමට පෙර නොපැකිළව ඡ්‍යොතිෂ උපදෙස් ලබා ගනියි.

අංක විද්‍යාව, තාරකා විද්‍යාව හෝ ඡ්‍යොතිෂය පෙර දිග පමණක් නොව බටහිරද වඩාත් ප්‍රචලිතය. සුප්‍රසිද්ධ හොලිවුඩ් නිළියක් වන ඇන්ජලීනා ජොලී ද ඡ්‍යොතිෂය විශ්වාස කරන්නියකි. ඇය සිය චිත්‍රපට බෙදා හරිනු ලබන්නේ ජෝතිෂ අනාවැකි මතය. ඇන්ජලීනා ඇගේ ජීවිතයේ ප්‍රධාන දින සියල්ලම ග්‍රහලෝකවල පිහිටීමට අනුව සැලසුම් කරයි. එසේ ම ඇය නිතර පලඳින කොළ පැහැති එමරල්ඩ් මැණික් ආභරණ ද වෙයි.

එමෙන්ම අමෙරිකානු ගායිකාවක්, ගීත රචිකාවක් සහ ප්‍රසංග ශිල්පිනියක් වන ලේඩි ගගා ජෝතිෂය උපයෝගී කරගෙන තම එදිනෙදා ජීවිතයේ කටයුතු සකස් කර ගනී. අපල දුරු කර ගැනීමට ඇය දිනපතාම තම කේන්දර බලනවා කිව්වොත් ඔබ විශ්වාස කරනවාද? ඇය තම ජීවිතයට බුධ ග්‍රහයාගේ බලපෑමට බිය වෙන බැවින් තම කාර්යය මණ්ඩලයේ සහාය ඇතිව තම සංචාර සංවිධානය කරයි.

මානව කටයුතු කෙරෙහි ග්‍රහ වස්තූන්ගේ බලපෑම ලෝකයේ ජීවත්වන විවිධ ප්‍රසිද්ධ පුද්ගලයන් එයට කෙතරම් ආකර්ෂණීය ද යන්න ඔවුන්ගේ පෞද්ගලි ජීවිතය පවත්වාගෙන යන ආකාරයෙන් මැනවින් දැකගත හැකිය.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.