වර්ෂ 2024 ක්වූ November 29 වැනිදා Friday
මල්වරය හා වත් පිළිවෙත්
මැයි 3, 2019
දැරියකට උදාවෙන මංගල්‍ය අතරින් රැකගත යුතු නාවා නැකතට ගෙටගතයුතු මංගල්‍යයකි කොටහළු හෙවත් මල්වර මංගල්‍යයය.
මෙය දැරියගේ ජීවිතයේ ඉදිරිඅනාගතය සැපවත් කරන නිරෝගී කරවන මහඟු අවස්ථාවකි. එබැවින් මල්වරයේ දී ඉටු කළ යුතු වත් පිළිවෙත් ගැන දෙමව්පිය වැඩිහිටියන් මනා අවබෝධකින් කටයුතු කළයුතු අතර දැරියට යම් අවබෝධයක් ලබාදිය යුතු ය.
අපේ ජනසමාජයේ බොහෝ විට ගෙටවීමේ නැතහොත් මල්වරවීම පිළිබඳ කටයුතු එදා සිට පැවත ආ වත්පිළිවෙත් අනුගමනය කරමින් සිදු කරනු ලැබීය. මේ නිසා ඔවුන්ට නිරෝගීතාවය මෙන්ම සැපවත් ජීවිතයකට අවස්ථාව ලැබිණ. එදා මල්වරවීමට ආසන්න දැරිය ගැන දෛවඥවරයකුට ජන්ම පත පෙන්වා දිනවකවානු දැනගත්හ. ඒ අනුව දැරියට ලබා දිය යුතු උපදෙස් මෙන්ම ආරක්ෂාවද ලබාදුන්හ.
මල්වරයේ දී පළමුව සිදුවන රජස් වීම කිල්ලක් ඇතිවන බවත් එම මල්වර කිල්ල දින පහළොවක් පමණ පවතින බැවින් ඉන් පසු මාසික රජස්වීම ස්නානය කරන තෙක් පවතින බැවින් දැරිය හොඳින් රැක බලාගත්තාය. මල්වර කාලසීමාවේ දී විශේෂයෙන් දැරිය තනිනොකොට තෙල්කෑම, පුළුටුකෑම, මස් මාංශ, බිත්තර, කිළිමාළු නොදීමෙන් රැක බලාගත්තේ බෙහෙවින් දැරියට අමනුෂ්‍ය දෝෂ, යක්ෂ භූත, ප්‍රේත, පිසාදීන්ගේ ඇල්ම බැල්ම ඇතිවේ යැයි කියන හේතුවෙනි. ජීවිතයේ ඉතා වැදගත් සන්ධිස්ථානයක් ලෙස සලකන මල්වරවීමේ අවස්ථාව එදා ජන සමාජය බෙහෙවින්ම ආරක්ෂා කරගත්හ. මල්වරවීම නැතහොත් කොටහළු වීමේ දී කිලි තහංචියක් ලෙස සලකා නොයෙකුත් ආහාර වර්ග නුදුන්හ. ඒ අනුව තෙලෙන් බදින ලද ආහාර පුළුස්සන ලද ආහාර, මස්, මාළු වර්ග මෙන්ම කිලියැයි සලකන සියලුම ආහාරවර්ගද ගෙදරට පවා නොගත්හ. එළවළු අතර අළුකෙසෙල්, අළු පුහුල්, ද නුදුන් අතර මෝර මාළු, තෝර මාළු, මගුරු මාළු මෙන්ම මස්, ඌරු මස් ද කිළි ආහාර ලෙස දැරියන්ට නුදුන්හ. එමෙන්ම කිරිවර්ග, බිත්තර, මිටිකිරි යෙදූ ආහාර ද නුදුන් අතර දියකිරි යොදා පිසූ පතෝල වැටකොළු ආදී එළවළු සහිත බත් කෑමට සූදානම් කළ අතර කායම් හොද්ද මිරිස් අඩුවෙන් යෙදූ මිරිස් හොදි ලබාදුනි. මෙසේ කෑම වර්ගවලින් දැරිය ආරක්ෂා කළේ යම් යම් ශාරීරික ආබාධවලින් වළක්වා ගැනීමට හා පළමු රුධිරය වහනය හේතුකොට යම් නොසලකා හැරීමක් වුවහොත් අමනුෂ්‍ය උපද්‍රවලට හේතුවක් වන නිසාත් ය.
ප්‍රවේසම් වියයුතු ප්‍රවේසම් කළයුතු මල්වර දැරිය යම් හෙයකින් ඒ දිනයන්හිදී තෙල්කෑම තෙල් බැදුම් කෑම මෙන්ම කිළියැයි සඳහන් කෑම තහංචියකින් තොරව කෑමෙන් යම් අමනුෂ්‍ය දෝෂ කළුකුමාර දිෂ්ටිය හේතුවෙන් ඔසප් කාලයේ දී අධික උදර වේදනාව, යටි බඩේ වේදනාව, ක්ලාන්ත ගතිය, වරින්වර ඇතිවන හිසකැක්කුම මෙන්ම කෑම අපි්රයතාවයද ඇතිවිය හැකිය. මල්වරයේ දී සිදුවන යම් දෝෂ හේතුවෙන් මතුකාලයේ දී ශරීරය වැහැරී රූප ශෝභාවද අඩුවේ. තෙල් බැදුම් කෑමට නිතර නිතර පි‍්‍රය වේ. අවේලාවන්හිදී සක්මන් කිරීමටත් වැඩිහිටි අවවාද නුුරස්සන ගතියකුත් පිළිබිඹු වේ. එවැනි අසාමාන්‍ය තත්ත්වයන් ඇතිවිට සිහිනෙන් බියවීම්, සුළු දෙයකට පවා තැති ගැනීම් ආදියද දැකගත හැකිය. මෙවැනි දැරියන්ට ඇඹුල් පහ මතුරාදීම සුළු ශාන්තිකර්මයක් කිරීම ආරක්ෂා කිරීම් තුළින්ද දෝෂ මග හරවා ගත හැකි ය.
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
පාරම්පරික ඡ්‍යොතිෂ් ශාස්ත්‍රඥ
ඡ්‍යොතිර් විද්‍යාවේදී ඡ්‍යොතිෂ විද්‍යානිධි මොරටුවේ
තිස්ස මහානාම
සටහන
එස්.එස්. ප්‍රනාන්දු
෴ සබැඳි ලිපි ෴
පත්තිනි දේවිය ඇදහීම මෙරටට පැමිණ ඇත්තේ ඉන්දියාවෙනි. ඒ කි‍්‍රස්තු පූර්ව 483 වර්ෂයේ ගජබා රජු රාජ්‍ය පාලන කාලයේ බව මහාවංශයේ සඳහන් වේ.ගජබා රජුගේ...
2024-04-18 18:30:00
මේ වසරේ අධ්‍යාපන පොදු සහතික පත්‍ර විභාගවලට සූදානම් වන සිසු සිසුවියන්ගේ අධ්‍යාපනය සේම වන්දනාව, භාවනාව ආදි මනස වැඩියෙන් මෙහෙයවිය යුතු කාර්යයන්හි...
2024-04-18 18:30:00
අංක විද්‍යාව හා දිව්‍ය අංක අතර ඇත්තේ විශාල බැඳීමකි. එමෙන්ම ඒ විෂයයන් ද්වය අතර යම් යම් වෙනස්කම් ද තිබේ. අංක විද්‍යා විෂාරදයන්ගේ ක්‍රමවේදයට...
2024-04-18 18:30:00
අපේකමත් සමඟ බැඳි වෘත්තාන්ත රැසකි. අපේකම රැක ගැනීම හා ඉන් පෝෂණය ලැබීම කිසියම් ජාතියක සංවර්ධනය උදෙසා බලපානු ලබන මූලික සාධකයක් ලෙස සමාජ විද්‍යාඥයෝ...
2024-04-18 18:30:00
ඇඟිලි ගැන කීමේදී ඇඟිලි අග පවත්නා නිය පොතු අමතක කළ හැකි නොවේ. ශරීරයේ දෑතේද, දෙපයේ ද ඇඟිලි කෙළවර උඩ පැත්තේ නියපොතු පිහිටා ඇත. රළු ඝණ නියපොතු සහිත ඇඟිලි...
2024-04-18 18:30:00
අලුත් අවුරුද්දේ අලුත් වන සිතිවිලි සමඟ වසර පුරා ඔබට ජය ගෙනෙන බුද්ධ වන්දනා කීපයක් මෙසේ ඉදිරිපත් කරමු.එදිනෙදා කටයුතුවලදී ඔබට මේ වන්දනා යොදා...
2024-04-18 18:30:00
ඕං අකික්කා මුප්පත්තු ඉතිපි සෝ භගවා අරහං නන්දිරික්කාල් උච්චං පදිනේට්ටු තරියානෝ සුගතෝ ලෝකවිදූ අනුත්තරෝ පුරිසධම්ම සාරථී සත්ථා දේව මනුස්සානං අසුර...
2024-04-18 18:30:00
අප්‍රේල් 12 වැනිදාඅප්රේල් 12වැනිදා උපන් ඔබේ පෞද්ගලික අංකය 3 වන අතර එය ගුරු ග්‍රහයාට අයිති අංකයකි. එසේම උපත සිදු වූයේ අප්‍රේල් මාසයේ නිසා ඔබ...
2024-04-18 18:30:00
ඔබගේ ජන්ම පත්‍රය කේන්ද්‍රය දෙස නෙත් යොමු කරන්න. එය ශ්‍රී ශුද්ධ ශක රාජ වර්ෂ ප්‍රමාණයෙන් යනුවෙන් සඳහන් වනු පෙනෙනු ඇත. මෙහි පමණක් නොව ඡ්‍යොතිෂ් ශාස්ත්...
2024-04-11 18:30:00
සිංහල අලුත් අවුරුද්ද හා කැවිලි පෙවිලි අතර පවතින්නේ ගහට පොත්ත මෙන් සහසම්බන්ධ වූ බැඳීමකි. අලුත් අවුරුදු කාලයට ලංකාවේ සිංහල-දෙමළ සෑම නිවෙසකම පාහේ ආහාර...
2024-04-11 18:30:00
සෑම සියලු දෙනා එළඹෙන අලුත් අවුරුද්දට ලක ලෑස්ති වෙමින් සිටී. ඒ‘ අනුව අද මා ඹබ වෙත ඉදිරිපත් කරන්නේ එළඹෙන නව වසරේ වසර පුරාම සෙනසුරු, අගහරු ඇතුළු...
2024-04-11 18:30:00
සිංහල අවුරුදු ඉතිහාසයේ මේ භාග්‍යවත් මාසය ලෙස හඳුන්වනු ලබන අප්‍රේල් මාසයෙහි අවුරුද්ද සඳහාම වූ කවි කලාවක් මුළු සිරිලක දෙණරපුරා එදා සිටම බිහිවී...
2024-04-11 18:30:00
- ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කරුණාරත්න අමරසිංහකොවුලාගේ හඬත් සමඟ බක් මාසයේ අවුරුදු සිරිය දොරට වඩී. සතුට, සෞභාග්‍යය, එකමුතුව කැන්දන බක්මහේ එදා වසන්ත...
2024-04-11 18:30:00
මෙවර සිංහල අවුරුදු චාරිත්‍ර සිදු කිරීමේ නැකැත් වැරදි බව සඳහන් කරමින් මතයක් පළ වී ඇත. අප රටේ බොහෝ කාලයක සිට මේ සිංහල අවුරුදු චාරිත්‍ර ඉටු කිරීමේ...
2024-04-11 18:30:00
හිරු රැස් ගලන සඳ මෝරන බක් මාසේ අසිරිය දිලේ හැම මොහොතෙම දිවා රැයේ ලොකු පොඩි සැමට සැනසුම දෙන බක්මාසේ බඩ කට පිරෙන ඵල වැල කමු නිරන්තරේ අඹ කජු පුහුලම් ද...
2024-04-11 18:30:00
පෙරදිග ශාස්ත්රවලින් එකක් ලෙස ගැනෙන ඡ්‍යොතිෂය සහ වාස්තු ශාස්ත්‍රය සමඟ සැබැඳි “කිරි ඉතිරවීමේ ආර්ය චාරිත්‍රය” ලොවට දායාද වූයේ මෙයට වසර 5000කට පෙර...
2024-04-11 18:30:00