වර්ෂ 2024 ක්වූ November 15 වැනිදා Friday
ගිරය
දෙසැම්බර් 14, 2018
විස්කම් දෙවිඳු මවලා දුන්නු රන් ගිරේ
තොස්කර කියමි වින කැපුමට පැවැති ගිරේ
යකඩවානේවලින් සාදන ලද ගිරය එදා මෙන්ම අදත් විශේෂයෙන්ම ගමේ ගොඩේ ගැමි ගෙදර මෙන්ම නගරබදවද සමහර නිවෙස්වලද ගෘහ භාණ්ඩයක් ලෙස පාවිච්චි කරති. ගිරය පුවක් කැපීමට මෙන්ම ගෘහණියන් වියළිකහ කැපීමට මෙන්ම උම්බලකඩ කැපීමටත් වෙනිවැල් වැනි ඖෂධීය වර්ග කැපීමටත් පාවිච්චි කරති.
එදා සෑම නිවසකම වාගේ ගිරයේ අවශ්‍යතාවය වූයේ නිවසට පැමිණි කාටවුවද පළමුව දෙනු ලබන බුලත් හෙප්පුව සමග බුලත් පුවක් හුණු, දුම්කොළ, වසාවාසි, කරඳමුංගු, වැල්මී එක්ව ගිරයද තබාදෙන බැවිනි. බුලත් හෙප්පුව (ඉලත්තට්ටුව) සමග ගිරය තබා තිබුණේ පුවක්ගෙඩිය කපා ගැනීමටයි. පුවක් ගෙඩිය කපා ගැනීමෙන් පසු සමහරු දුම්කොළයද රවුමට එකතුකොට අවශ්‍ය ප්‍රමාණය ගිරයෙන් කපා ගැනීමටද පුරුදුව සිටියේ දුම්කොළ කෑල්ලක් අතින් කඩාගන්නවාට වඩා එය පහසුවූ බැවිනි. මෙම ගිරයෙන් එකක් දෙකක් නොව බොහෝ දේවල් මෙම ගිරයෙන් සිදුකළ හැකිව තිබුණි.
ගිරයේ උපත
ගිරයේ උපත ගැන කතා කිරීමේ දී ඉතා වැදගත් කරුණු රැසක්ම දැනගන්නට ඇත. මහා සම්මත රජුගේ අග මෙහෙසිය වූ මැණික්පාල බිසවුන් වහන්සේට වැළඳුණු ග්රහදෝෂයකට ඇති වූ රෝගාබාධයක් සුවකිරීමට යන්ත්රමන්ත්ර යාග හෝම සිදුකොට දෙහි කැපීම සඳහා ගිරයක අවශ්‍යතාවයක් ඇතිවිය. ඒ පිළිබඳ සාකච්ඡා කළ දේව සභාව ගිරයක් මැවිය හැකි දෙවියකු මවන ලෙස ඊශ්වරට නියම කරන ලදී. එහිදී ඊශ්වර දෙවියන් විශ්කම් දෙවියන් මැවූ බව දේවකතාවල සඳහන්ව ඇත. විස්කම් දෙවියන් යකඩ උණු කිරීමට ලිපක් මවා යගල්දමා උණුකර ලෝකඩ කිරීහිරක් මත තබා ගිරය තනන ලද බව කියවේ. වානේ සහ යකඩ උණුකර ගිරවකුගේ හැඩරුව සිටින ආකාරයට රනින් සාදන ලද ගිරයේ පිට වාටිය මොනරකමෙන් ස්වරූපයට නිමව තිබුණි. ගිරයේ අඬු දෙක නිමවූයේ ගුරුලකුගේ පාදවලට සමානවන අයුරිනි.
පාරම්පරික ඡ්‍යොතිෂවේදී ඡ්‍යොතිෂ විද්‍යානිධි
ඡ්‍යොතිෂ්ශාස්ත්‍රඥ මොරටුවේ
තිස්ස මහානාම
සටහන –
බී. ඇල්. ප්‍රේමරත්න
071 6571205 – 011 2645598
වැඩිපුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
෴ සබැඳි ලිපි ෴
රන්මාලයක් සිහිනෙන් දැකීම – ඉතා සුබ සිහිනයක්. විවාහවීමට බලාපොරොත්තුවන අයට මංගල යෝජනා එන සුබ කාලයකි. රැකියා බලාපොරොත්තු අයටද සතුටුදායක සුබ ආරංචි ලැබේ....
2020-06-18 18:30:00
භූත විද්‍යාව හා යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍රය පිළිබඳව මිනිසාගේ අවධානය බොහෝ සෙයින් යොමුවන්නකි. යක්ෂ භූත බලවේග හා මන්ත්‍ර ශාස්ත්රයේ විශ්මිත බලපෑම් පිළිබඳව...
2020-06-18 18:30:00
හඳහන් ගැලපීමෙන් විවාහ වීමට සුදුසු සහකාරිය සහකරුවා තොරාගැනීම අපේ සම්ප්‍රදායික සිරිතයි. එහිදි සිදු කෙරෙන්නේ පොරොන්දම් ගැලපීමක්. පොරොන්දම් 21න් අවශ්‍යම...
2020-06-18 18:30:00
“මැද පළාත තුළ සිදුවන චාරිත්‍රය අනුව“ රෙදි නැන්දා කෙනෙකු සහභාගි කර ගැනීමට නොහැකි වූවහොත්, මෙයට සහභාගි කරවා ගන්නේ ඇවැස්ස නැන්දාය. ඇවැස්ස නැන්දා කෙනෙකුද...
2020-06-11 18:30:00
“මැද පළාත තුළ සිදුවන චාරිත්‍රය අනුව“ රෙදි නැන්දා කෙනෙකු සහභාගි කර ගැනීමට නොහැකි වූවහොත්, මෙයට සහභාගි කරවා ගන්නේ ඇවැස්ස නැන්දාය. ඇවැස්ස නැන්දා කෙනෙකුද...
2020-06-11 18:30:00
කඩදාසියක– සුදු රෙද්දක ලස්සන චිත්‍ර රටා මැවිය හැකි මර්තෝන්ඩි ශාකය ලංකාවට ආවේ කොහෙන්ද? මෙය අරාබිකරයෙන් පැමිණි බව පැරණි කතාවක් පවතී. ඒත් මෙම ශාකයට රක්ත...
2020-06-11 18:30:00
කඩදාසියක– සුදු රෙද්දක ලස්සන චිත්‍ර රටා මැවිය හැකි මර්තෝන්ඩි ශාකය ලංකාවට ආවේ කොහෙන්ද? මෙය අරාබිකරයෙන් පැමිණි බව පැරණි කතාවක් පවතී. ඒත් මෙම ශාකයට රක්ත...
2020-06-11 18:30:00
2004 වසරේ සිට ජුනි මස 14 වැනි දා ලෝක ලේ පරිත්‍යාගශීලීන්ගේ දිනය ලෙස නම් කෙරින.එසේ කරනු ලැබුවේ ලේ පරිත්‍යාගශීලීන්ට ප්‍රණාමය පළකිරීම වෙනුවෙනි. ඒ වෙනු...
2020-06-11 18:30:00
අශෝක අධිරාජයාගේ පුත් මිහිඳු මහරහතන් වහන්සේ බුදුවසින් දෙසිය තිස් හත් වැන්නේ පොසොන් පොහෝ දිනක බුදු දහම ලක්දිවට ගෙන ඒමෙන් සංස්කෘතියට හා සදාචාර සංවර්ධනයට...
2020-06-11 18:30:00
රටට පැමිණෙන සියලු අන්දමේ ආපදාවලින් ව්‍යසනවලින් හා රෝගාබාධවලින් ආරක්ෂාවීම සඳහා දේශනා කරනු ලබන පිරිත් දේශනයට ඇත්තේ දීර්ඝ ඉතිහාසයකි. විසාලාමහ නුවරට ඇති...
2020-06-04 18:30:00
කට ඇති පුතත් රුව ඇති දුවත් තමයි වටින්නේ කියල පුරාණයේ කිව්වට අද මේ දෙවර්ගයම රටට එකසේ වටින වස්තූන් දෙකක් වෙලා. දුවක් ඉපදිලා ඉක්මනින් වර්ධනය වනවා. නමුත්...
2020-03-19 18:30:00
පොරපොල් ක්රීඩාවවසන්තයේ මහා සැණකෙළි මාසය වූ බක්මාසය සිංහල හින්දු අලුත් අවුරුද්දට පත්තිනි දේවිය හා සබැඳි ජනක්‍රීඩා කළඑලි බහින මාසයයි. ඉපැරණි චාරිත්‍ර...
2020-03-12 18:30:00
අප වාසය කරන පෘථිවියට ආසන්න වශයෙන්ම පිහිටා ඇති ග්‍රහයා වන චන්ද්‍රයා පෘථීවියේ එකම උප ග්‍රහයා ද වේ. මේ හේතුව නිසාම ඡ්‍යොතිෂයේදී චන්ද්‍රයාගේ බලපෑම දෙවැනි...
2020-03-12 18:30:00
අට වැන්නේ රවි පිහිටීමද විවාහය කෙරෙහි අසුබදායක බලපෑමක් ඇති කරයි. එබඳු අය පි‍්‍රයමනාප අය නොවන අතර ඔවුනොවුන් අතර, නිතර ගැටුම් ඇති කර ගනී. සාමකාමී විවාහ...
2020-03-12 18:30:00
ලස්සන, පි‍්‍රය මනාප බව ඇතිවන්නේ නිරෝගිකම අනුවයි. සමෙහි පවත්නා තෙල් ගතිය පවතින්නේ තරුණ අවධියේදී ය. සමේ තෙතමනය ස්වභාවයෙන්ම අපට ලැබී ඇති සෞඛ්යාරක්ෂකයකි...
2020-03-05 18:30:00
සදහටම බාලලියකගේ මල්වර වීම ඔවුන්ගේ ජීවිතයේදී වැදගත්ම අවස්ථාවක් මෙන්ම දෙවන ඉපදීම ලෙසද සළකා අනාගතය කෙරෙහි වගකීමක් භාරගැනීමට මග අසුරා ගන්නා කටයුත්තක් ලෙස...
2020-02-27 18:30:00