වර්ෂ 2024 ක්වූ November 15 වැනිදා Friday
ගිරය
දෙසැම්බර් 14, 2018
විස්කම් දෙවිඳු මවලා දුන්නු රන් ගිරේ
තොස්කර කියමි වින කැපුමට පැවැති ගිරේ
යකඩවානේවලින් සාදන ලද ගිරය එදා මෙන්ම අදත් විශේෂයෙන්ම ගමේ ගොඩේ ගැමි ගෙදර මෙන්ම නගරබදවද සමහර නිවෙස්වලද ගෘහ භාණ්ඩයක් ලෙස පාවිච්චි කරති. ගිරය පුවක් කැපීමට මෙන්ම ගෘහණියන් වියළිකහ කැපීමට මෙන්ම උම්බලකඩ කැපීමටත් වෙනිවැල් වැනි ඖෂධීය වර්ග කැපීමටත් පාවිච්චි කරති.
එදා සෑම නිවසකම වාගේ ගිරයේ අවශ්‍යතාවය වූයේ නිවසට පැමිණි කාටවුවද පළමුව දෙනු ලබන බුලත් හෙප්පුව සමග බුලත් පුවක් හුණු, දුම්කොළ, වසාවාසි, කරඳමුංගු, වැල්මී එක්ව ගිරයද තබාදෙන බැවිනි. බුලත් හෙප්පුව (ඉලත්තට්ටුව) සමග ගිරය තබා තිබුණේ පුවක්ගෙඩිය කපා ගැනීමටයි. පුවක් ගෙඩිය කපා ගැනීමෙන් පසු සමහරු දුම්කොළයද රවුමට එකතුකොට අවශ්‍ය ප්‍රමාණය ගිරයෙන් කපා ගැනීමටද පුරුදුව සිටියේ දුම්කොළ කෑල්ලක් අතින් කඩාගන්නවාට වඩා එය පහසුවූ බැවිනි. මෙම ගිරයෙන් එකක් දෙකක් නොව බොහෝ දේවල් මෙම ගිරයෙන් සිදුකළ හැකිව තිබුණි.
ගිරයේ උපත
ගිරයේ උපත ගැන කතා කිරීමේ දී ඉතා වැදගත් කරුණු රැසක්ම දැනගන්නට ඇත. මහා සම්මත රජුගේ අග මෙහෙසිය වූ මැණික්පාල බිසවුන් වහන්සේට වැළඳුණු ග්රහදෝෂයකට ඇති වූ රෝගාබාධයක් සුවකිරීමට යන්ත්රමන්ත්ර යාග හෝම සිදුකොට දෙහි කැපීම සඳහා ගිරයක අවශ්‍යතාවයක් ඇතිවිය. ඒ පිළිබඳ සාකච්ඡා කළ දේව සභාව ගිරයක් මැවිය හැකි දෙවියකු මවන ලෙස ඊශ්වරට නියම කරන ලදී. එහිදී ඊශ්වර දෙවියන් විශ්කම් දෙවියන් මැවූ බව දේවකතාවල සඳහන්ව ඇත. විස්කම් දෙවියන් යකඩ උණු කිරීමට ලිපක් මවා යගල්දමා උණුකර ලෝකඩ කිරීහිරක් මත තබා ගිරය තනන ලද බව කියවේ. වානේ සහ යකඩ උණුකර ගිරවකුගේ හැඩරුව සිටින ආකාරයට රනින් සාදන ලද ගිරයේ පිට වාටිය මොනරකමෙන් ස්වරූපයට නිමව තිබුණි. ගිරයේ අඬු දෙක නිමවූයේ ගුරුලකුගේ පාදවලට සමානවන අයුරිනි.
පාරම්පරික ඡ්‍යොතිෂවේදී ඡ්‍යොතිෂ විද්‍යානිධි
ඡ්‍යොතිෂ්ශාස්ත්‍රඥ මොරටුවේ
තිස්ස මහානාම
සටහන –
බී. ඇල්. ප්‍රේමරත්න
071 6571205 – 011 2645598
වැඩිපුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
෴ සබැඳි ලිපි ෴
ඉහත විභාග ද්විත්වයටම පෙනී සිටින සියලු දුවා දරුවන් වෙනුවෙන් ඉතාමත් නිවැරදිව ගණ පිහිටුවා බල සම්පන්නව හා සරලව විෂ්ණු හා කතරගම යන දෙවියන් වහන්සේලා උදෙසා...
2020-10-01 18:30:00
මෙම පෘථිවි තලයේ මෙතෙක් සොයා ගත් ඛණිජ වර්ග 4000 ක් පමණ ඇති අතර, එයින් වටිනාම ඛණිජ වර්ගය වන්නේ මැණික්ය. අවුරුදු මිලියන දහස් ගණනක රසායනික ප්‍රතික්...
2020-10-01 18:30:00
ඡ්‍යොතිෂය, ගුරුකම් කිරීම, සෙත්කවි, වස්කවි, නිමිති වගේ ශාස්ත්‍ර වැඩිපුරම පැවතියේ ගමේ පන්සල්වල වුණාට සමහර ඉපැරණි ගැමි ගෙවල්වලත් නොපැවතුණා නොවේ. ඒ හැම...
2020-10-01 18:30:00
තමන් විසින් වයස දහසයේ දී ලියා දහ හතේ දී තම වියදමින්ම ප්රකාශනයට පත් කරන ලද ‘ශි්රයාලතා’ නම් වූ නව ප්‍රබන්ධය එහි කතුවර ඩබ්ලිව්.ඒ.සිල්වා තරුණයාට...
2020-10-01 18:30:00
“උත්සාහවන්තයා ජයගනී” යන්න අප ජන ව්‍යාහාරයේ එන ප්‍රසිද්ධ කියමනකි. මින් අදහස් කරන්නේ ජීවිතය සමඟ සම්බන්ධ ඕනෑම දෙයක් සාර්ථක කර ගැනීමට අප උත්සාහවන්ත විය...
2020-10-01 18:30:00
ස්ත්රීන්ගේ කේශාන්තයේ සිට පාදාන්තය දක්වා පිහිටන සියලුම ශරීර අංග තුළින් චරිත ලක්ෂණ පිළිබඳව තොරතුරු කිව හැකිය. හැම කාන්තාවකගේම පාදයේ හෝ පා ඇඟිලිවල හෝ...
2020-10-01 18:30:00
අපේ සිරුර සෑදී තිබෙන්නේ සෛල නමැති ඉතා කුඩා ඒකක කෝටි ප්‍රකෝටි ගණනක් එක්තරා පිළිවෙළකට එකට එක්වීමෙනි. මෙහිදී එක් සෛලයක් බෙදී තවත් සෛලයක් ඇතිවෙන අතර...
2020-09-24 18:30:00
මන්දපෝෂණය දුරු කිරීමටත්, නිරෝගීතාවය ගෙනදීමටත් ශක්ති ජනක ආහාරයක් වන එළකිරි බාල, තරුණ, වැඩිහිටි කොයි කාටත් එකසේ ගුණ දෙන ප්‍රබල ඖෂධයකි. එළකිරිවල...
2020-09-24 18:30:00
මහා බලසම්පන්න සෙත්කවි රත්නය හිමව ඇති බල තෙදිනි මනුසත වෙතට යහපත නිතර සදමින පිනැති සිරිවස් - දෙව් සෙනෙවි - ගණ දෙවිද නිති ගැති වඳිමි බැතියෙන...
2020-09-17 18:30:00
පුත්තලම දිස්ත්‍රික්කයේ බැතිමතුන් වසරකට ප්‍රධාන ආගමික උත්සව මාලා තුනක් උත්සව ශ්‍රීයෙන් සමරනු ලබයි. ඉන් එකක් කිතුනුවන් විසින් තලවිලදීත්, දෙවැන්න...
2020-09-17 18:30:00
යුගදිවිය පිළිබඳව දිගු කලක් තිස්සේ කරන ලද විවිධ නිරීක්ෂණයන් හරහා මෙවැන්නක් ලිවීමට සිත් විය. පැරණි කාලයේ දෙදෙනෙකු හාද වී හෝ යෝජනාවකින් විවාහ වී සාර්ථක...
2020-09-17 18:30:00
කයක් හෙවත් ශරීරයක් ක්‍රියාකාරි වන්නේ එයට දැනෙන වේදනාවන්ට අනුකූලවය. එම නිසා කාය යනු ක්‍රියා යන්න අර්ථ ගැන්වෙයි. කය වේදනාවන් අනුවම ක්‍රියා කරනු අධ්‍යයන...
2020-09-10 18:30:00
සංශාත - භාවප්රකාශාදී වැනි සෘෂීන් විසින් ප්‍රකාශ කර ඇති මතය අනුව, දවාදශාද් වක්සරාදු ධව¢ - මාපඤවාශත් සමාඞ සති්රයාඞ මාසිමාසි...
2020-09-10 18:30:00
ඡ්‍යොතිෂයට අනුව ලග්න 12 කින් මිථුන,කන්‍යා, තුලා, ධනු වෙනි පෙර අර්ධය, කුම්භය යන රාශින් මනුෂ්‍යය රාශින් වෙති. එකී රැයකින් උපන් ජන්මියෙක් ගේ කේන්දරයක,...
2020-09-10 18:30:00
ඊර්ෂ්‍යාව ,වෛරය, ක්‍රෝධය යන මානසික ස්වභාවය ඇතිවන්නේ යමක් දැකීමෙන් හා යමක් ඇසීමෙන් ඇතිවන කේන්තියෑම නැතහොත් ගැටීම හෙවත් ද්වේෂය යන මානසිකත්වය තුළින්ය....
2020-09-10 18:30:00
බොහෝ පුරාණයේ සිටම සතර පෝයට පෙහෙවස් සමාදන් වීමේ සිරිතක් පැවතිණි. ලංකාවේ ද 1971 වර්ෂය දක්වාම රටේ බොහෝ වෙහෙර විහාරස්ථානවල උපාසක උපාසිකාවන් සිල්සමාදන්ව...
2020-09-03 18:30:00