වර්ෂ 2025 ක්වූ January 10 වැනිදා Friday
රවි ගුරු චතුරස්‍ර දෘෂ්ටියෙන් මූල්‍ය පද්ධතිවල වෙනසක්
ජනවාරි 03 වැනිදා වනවිට රාජ්‍යකාරක රවි සහ ගුරු අතර ඇතිවන චතුරස්‍ර දෘෂ්ටිය මත කුම්භ ලග්න ලංකා කේන්ද්‍ර සටහනේ ගුරු දෙවැන්නාධිපති බැවින් මුදල් සම්බන්ධ නව රෙගුලාසි මෙන්ම මූල්‍ය පද්ධතීන් හි වෙනස්කම් ගණනාවකුත් ව්‍යාපාරික ප්‍රජාව මෙන්ම , බැංකු පද්ධති ඔස්සේ වෙනස්කම් ඇති වෙමින් ජනතාවට සහනදායී පසු බිමක් ඇති වන බව පෙනී යයි. ගුරු තවදුරටත් වෘෂභ රාශිගතව ගමන් කරන අතර කෘෂි ක්ෂේත්රය තුළද නවීකරණ රැසක් මෙන්ම නව වගා ව්‍යාපෘති ගණනාවක් ද ක්‍රියාත්මක වන බවක් පෙනී යයි.
ජනවාරි මස 04 වැනි දින දහවල් 12.05ට ධනු රාශිගතවන බුධ ග්‍රහයා ජනවාරි 24 දක්වාම එම රාශිය තුළ ගෝචර වේ. මේ මොහොතේ තත්කාල මීන රාශිය උදාව පවතින අතර එහි 10 වැන්නේ බුධ රාජ්‍යකාරක රවි සමඟ සිටිමින් මීනයට සහ තමාට හිමි මිථුනයට දෘෂ්ටි දෙනු ලබයි. එමෙන්ම කුම්භ ලග්න ලංකා කේන්ද්‍ර සටහනට අනුව නම් පාර්ලිමේන්තුව ගැන ප්‍රධාන වශයෙන් කියැවෙන 11 වැන්නට බුධ පිවිස ඇත. ඒ අනුව නව දේශපාලනික ප්‍රතිසංස්කරණ ගණනාවකටම මූලික අඩිතාලම වැටෙන මාසයක් වනු ඇත.
දේශීය මෙන්ම අන්තර්ජාතික වෙළෙඳ ව්‍යාපාර සහ අධ්‍යාපන ක්ෂේත්රය සවිමත් වීමක් පෙනී යයි. දූෂිත ගනුදෙනු ගණනාවක්ම හෙළිවන අතර රටේ විවිධ පුවත් නිර්මාණය වෙමින් උණුසුම් සිද්ධි දාම මැවෙන සමයක් ලෙස හැඳීන්විය හැකිය.
නව ආයෝජන ගණනාවක්ම මෙන්ම දේශීය වශයෙන් ව්‍යාපාර සහ කර්මාන්ත ක්ෂේත්රය තුළ නව පිබිදීමක් ඇතිවනු දැකගත හැකිය. වෙළෙඳ ගිවිසුම් ගණනාවක් ද අලුත්වන ලකුණු පෙන්වයි.
සිතුවම් -සමන් ශ්‍රීකාන්ත
පාරම්පරික වෛද්‍ය, ඡ්‍යොතිෂ වාස්තු හා
ගුප්තවිද්‍යා උපදේශක
රවිශංඛ සේනානායක