වර්ෂ 2024 ක්වූ December 20 වැනිදා Friday
බුධ නිවෘත වේ-පරිසරය වෙනස් වේ-කලාකරුවකුට අපලයි
බුධ ග්‍රහයා දෙසැම්බර් 16 වැනිදා සිය වක්‍ර ගමන අවසන් කර අලුයම 02.27 ට වෘශ්චික රාශිය තුළ නිවෘත වෙමින් සාමාන්‍ය චලිතයකට පිවිසුණු අතර රාජ්‍යකාරක රවි ග්‍රහයා ද දෙසැම්බර් 15 රාත්‍රී 10.11 ට ධනු රාශියට පිවිස කේතු හිමි මුල නැකතේ ගමන් කරයි. මෙකී අවස්ථාවල තත්කාල සටහන් හා කුම්භ ලග්න ලංකා කේන්ද්‍ර සටහන අනුව රට තුළ නව නීති සහ අණ පනත් ගණනාවක සංශෝධන රැසක් සිදුවන බව පෙනී යයි.
කුම්භ ලග්න ලංකා කේන්ද්‍ර සටහනේ 10 වැන්න සහ 11 වැන්න තුළ බුධ සහ රවි ගෝචරය මත අන්තර්ජාතික වෙළෙඳ ක්ෂේත්රය සහ කොටස් වෙළෙඳපොළේ වර්ධනයක් පෙන්නුම් කරයි.
චිත්‍ර, නාට්‍ය සහ කලා ක්ෂේත්රයන් නියෝජනය කරන ශිල්පියකු පිළිබඳව අසුබදායී ආරංචියක් ඇසෙන්නට ඉඩක් පවතී. අධ්‍යාපනය සහ සිසු දරුවන් සම්බන්ධ සුබදායී පුවත් මැවෙනු ඇත.
දෙසැම්බර් 20 වැනි දින ගුරු - සිකුරු ත්‍රිකෝණ දෘෂ්ටියත් දෙසැම්බර් 25 රවි - කුජ චතුරස්‍ර දෘෂ්ටියත් මත දහවල අධික වියළි උණුසුම් මෙන්ම රාත්‍රිය දැඩි ශීතල බවකුත් පැහැදිලි ලෙසම දක්නට ලැබේ.
ලොව යුදකාමී රාජ්‍යයන්වලින් යම් ආන්දෝලනාත්මක සිද්ධි කිහිපයක් අසන්නට ලැබෙනු ඇත.
ඉදිරි දින කීපය මෙරට තුළ බුද්ධිමතුන්ගේ නව සැලසුම්, කෘෂිකාර්මික, වෙළෙඳපොළ භාණ්ඩ මිල යනාදිය මත වසර අවසානයේ ආන්දෝලනාත්මක පුවත් මැවෙන කාලයක් වනු ඇත.