මකර හා කුම්භ ලග්න හිමියන්ට විශේෂයි

නොවැම්බර් 8, 2024

ලංකා කේන්ද්‍රයේ ලග්නාධිපති ශනි නොවැම්බර් මස 16 වැනි දින නැවතත් නිවෘත්ත (චලිතය) වීමක් වේ. ශනි නිවෘත්වීමත් සමඟම මෙතෙක් පැවැති බාධක මකර හා කුම්භ ලග්න හිමියන්ට දුරු වේ. මකර ලග්න හිමියන්ගේ දෙවැන්නේ ශනි බලවත්ව ගෝචර ගමනක යෙදේ.

එය ලබන 2025 මාර්තු මස අග දක්වා ක්‍රියාත්මක වේ. මේ ශනිගේ බලය හා ශක්තිය හරහා කුම්භ ලග්න හිමියන්ට නොසිතූ අන්දමේ සමාජයේ උපරිම පිළිගැනීමක් වැඩි වගකීම් දැරීමක් මෙන්ම මැතිවරණයෙන් ජය ගැනීමටත් හැකි වේ. උපන් හඳහන තුළ ශනි මකර හෝ කුම්භ, තුලා රාශිවල සිටීනම් තත්ත්වය වඩාත් යහපත් අතට හැරේ. ඔබ දේශපාලන තරගබිමේ නම් වඩාත් යහපත් ප්‍රතිඵල අත්වෙනු ඇත. මකර හා කුම්භ ලග්න හිමියන්ට විශේෂයි.

ඉදිරි අවුරුද්ද ලංකාවේ ව්‍යාපාරිකයින්ට විශේෂයෙන්ම මකර සහ කුම්භ ලග්න හිමියන්ගේ ආර්ථිකමය ශක්තිය වඩාත් තහවුරු වෙනු ඇත. ඉදිරි කාලය ව්‍යාපාරිකයින්ට ඉතාම සුබ ධනාත්මක පැතිකඩක් නිර්මාණය වේ. ශනි හෙවත් සෙනසුරු දුකට අධිපති යැයි ද සැලකේ. කෙනකු දියුණුවීමට නම් ආත්මශක්තියෙන් යුතුව සෑම මොහොතකම වැඩ කළ යුතුයි. කම්මැළියන්ට දිවැස් තිබේ. සෙනසුරු සෑම සම්පතක්ම භාග්‍යයක්ම උදාකර දෙන්නේ වැඩ කරන අයටයි. නිකරුනේ කාලය ගත කරන කම්මැලියන්ට ශනිගෙන් වැඩක් නැත. විදෙස්ගත වී සිටින මකර හා කුම්භ ලග්න හිමියන් හටද ශනිගේ ග්‍රහ හැසිරීම් රටාව ධනාත්මක වේ. රටේ රැකියා නියුක්තිය හා නිෂ්පාදන රටාවේ නැග්මක් ඇතිවේ. ශනිගේ ගෝචර ගමන නිසා ඉදිරි මාස හයක පමණ කාල පරාසය තුළ රටට යහපත් තත්ත්වයක් උදාවිය හැකිය. අපි මෙතෙක් කතාබහ කළේ ශනි හෙවත් සෙනසුරා ගැනය. සෙනසුරු යන නම ඇසුන විට බියවන සුලුය. ඒ ශනිට ගසා ඇති ලේබලය නිසාය. කවුරු කෙසේ කොහොම පැවසුවත් ශනිගෙන් වන හානිවලට වඩා යයහපත් දෑ දායාද කරදෙන බැව් ඇත්තකි. ඉතාම හෙමින් ගමනේ (භ්‍රමණය) යන ග්‍රහයෙකි. ශනිට අංශකයක් ගමන් කිරීමට මාසයක් ගත වේ. ඒ අනුව අංශක 360 ගමන් කිරීමට ගතවන කාලය මාස 360 12 න් බෙදූ විට (අංශක තිහ එක කොටුව) වසර 30ක් ගත වේ. මාස 30 වසරවලින් බෙදූ විට වසර 2 1/2 කි. ශනි කුම්භ රාශියට පැමිණියේ 2022 වසරේ අප්‍රේල්ය. මකර හා කුම්භ ලග්න හිමියන් අස්ථාන බියක් ඇති කර ගැනීමට අවශ්‍ය නැත. ඉදිරිය මෙම ලග්න හිමියන්ට යහපතක් සිදුවන බැව් පැහැදිලිය.

ශ්‍රී ලාංකීය ජනතාවට වසර 30කට පසුව උදාවන අනාගතය ඉතාම සුබදායකවීම සියලුම ශ්‍රී ලාංකිකයින්ගේ එකම අපේක්ෂාව වේ.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.