ප්‍රබල බුධ ආදිත්‍ය යෝගයෙන් සුබපල

නොවැම්බර් 8, 2024

 

දෙසැම්බර් මස 06 වැනිදා බුධ ආදිත්‍ය යෝගය උදා වෙයි. එම කාලය තුළ ජන්මය ලබන දරුවන්ට මේ සුවිශේෂී බුධ ආදිත්‍ය යෝගය තම ජන්ම පත්‍රවල බලපවත්වන අතර දැනට එම යෝගයෙන් උපන් ජන්මීන්ගේ සුබපල මෙයින් වැඩි කෙරෙනු ඇත.

මාසයක් පුරා තුලා රාශියේ නීචව හැසිරුණු හිරු නොවැම්බර් මස 16 වැනි දින පෙ.ව. 07.33ට වෘශ්චික රාශි ගතවී නීච තත්ත්වයෙන් මිදේ. මේ වන විට ග්‍රහ ලොව කුමරු වන බුධ වෘශ්චික රාශියේ ලැගුම් ගෙන සිටින අතර නොවැම්බර් 26 වැනි දින පෙ.ව. 08.14 සිට එම රාශිය තුළ සිය වක්‍ර ගමන අරඹයි. මේ රවි බුධ ගමනේදී දෙසැම්බර් 06 වැනි දින ප.ව 4.00 පමණ වන විට මේ ග්‍රහයන් දෙදෙනා එකම අංශකයක ගමන් කිරීම සුවිශේෂී සිදුවීමකි. සත්ත්ව සමාජයේ වුවද යහපත් පියකු හා පුතකු හමුවීම ශුභවාදී ක්‍රියා හෝ හැසිරීම්වලට තුඩුු දෙන කරුණකි. ග්‍රහ ලොව මේ පිය පුතු හමුවීමද මෙතෙක් ලොව පැවති අයහපත් තත්ත්වයන් සමනය වීමට හේතුවනු ඇත. ඔක්තෝම්බර් 18 වැනි දින සිට හිරු නීචව පීඩිතව සිට වෘශ්චිකයේදී මිතුරු තත්ත්වයට පත්වීමත් බුධ වෘශ්චිකයේ සමව සිටීමත් නිසා ග්‍රහයන ් දෙදෙනා පීඩාවටද පත් නොවේ. මේ ග්‍රහ සංයෝගයෙන් රවි බුධ (බුධආදිත්‍ය) යෝගය උදාකරන අතර ධනු ලග්නයට ධර්‍මකර්මාධිපති යෝගය උදා කෙරේ. ධනු ලග්නයට දොළොස්වැන්නේ උදා කෙරෙන මේ යෝගය ඔවුනට ඇතිවන යම් යම් ගැහැට සමනය කිරීමටද සමත් වේ. හිරු වෘශ්චික රාශිගත වන 16 වැනි දින සිට දෙසැම්බර් 15 වැනි දින රාත්‍රී 10.11 දක්වාම මේ ග්‍රහ තත්ත්වය පවතින බැවින් රවිබුධ යෝගයේ යහපත් ඵලයන ් ලොවට ලබා දෙනු ඇත. ලංකා කේන්‍ද්‍රයේ දසවැන්නේ උදාකරන මේ ග්‍රහ තත්ත්වය නිසා කර්මාන්ත, ව්‍යාපාර කටයුතු හා ආර්ථික ව්‍යුහයන්හි යහපත් වෙනසක් සිදුවනු ඇත. ලග්නයේ උදා කර ඇති ජය යෝගයද එයට සුබවාද ී රුකුලක් ලබා දේ.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 11 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.