වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
පුද්ගලයා බලවත් කරන ශක්තීන් පහක්
වාසය යහපත් කිරීමේ අර්ථයෙන් ගත් කල වාස්තු ශාස්ත්‍රයට අයත් නොවන විෂයයක් නොමැති තරම්ය. එසේ වුවත් ඉදිකිරීම් හා බැඳුණු කරුණු පමණක් ගැනෙන ලෙස වාස්තු විෂයයට සීමා පනවා ඇති බැවින් ඉන් ඔබ්බෙහි ඇති විෂයයන්ගෙන් සමාජයට ලබා ගත හැකි ප්‍රයෝජනද අවම වී ඇති බව පෙනේ. එබැවින් මෙවැනි භාවිතයට නොගන්නා ක්ෂේත්‍ර පිළිබඳ යම් විවරණාත්මක අධ්‍යයනයක් කිරීම අද මූලික අවශ්‍යතාවක්ව ඇත.
1. ධ්වනි ශක්ති භාවිතය
ගායන පාත්රාවකින් (Singing Bowl) හෝ බටනළාවක් වැනි වාද්‍ය භාණ්ඩයකින් නැඟෙන මිහිර නාද හා සසඳන විට පරිසරයේ පවත්නා අක්‍රමවත්, වියවුල් සහිත ශබ්ද තරංගවලින් ඇතිකරන බලපෑම අපට අවබෝධ කර ගත හැකිය. මෙහිදී පළමු සරල කරුණ වන්නේ නිවෙසක ද පොදුවේ පවත්නා ධ්වනි ශක්ති ප්‍රවාහය අක්‍රමවත් නොවී සමාකාර කරගත යුතු වීමයි. එවිට ඈත අවකාශයේ සිට ගලා එන අන්තරීක්ෂ ශක්තිය ද කැලඹිලි සහගත ශබ්දවලින් ඇතිවන කැලඹුණු ස්වභාවය වෙනස් කර සමාකාරව පුද්ගලයන් වෙත ලැබීමෙන් ඒවායේ බලපෑම කවර ආකාර වන්නේද යන්න අපටම දැනෙනු ඇත. එසේම කැලඹුණු අන්තරීක්ෂ ශක්තියෙන් ඇති වන අනිටු විපාක පිළිබඳ එතරම් අවධානයක් අදත් නොමැති බව පෙනේ.
මෙහිදී අප නිරතුරු සාකච්ඡාවට ගන්නා අපගේ භෞතික ශරීරය ඇසුරේ පවත්නා ශක්ති ශරීරයේ විවිධ ස්ථාන බලවත් වනුයේ විවිධ ශබ්දවලින් හෙවත් කම්පන තරංග මඟින් බව අද හඳුනාගෙන තිබේ. මෙකී ශක්ති අප ශරීරයේ බලපවත්නා ස්ථාන හෙවත් චක්‍ර හතක් පවත්නා බවත් ඒවා සප්ත ස්වරය හා සුසරව පවත්නා බවත් පැහැදිලිව කිව හැකියි.
මේ ස්වභාවය මැනැවින් හඳුනාගත් යෝගීන් විසින් සිය කාර්යයන්ගේ බලවත් බව සලකා මෙකී ශබ්ද ශක්තිය පාලනය කරමින් වඩාත් යහපත් අත්දැකීමක් ලබා ගැනීමට අවස්ථාව සලසා ගන්නා බව වටහා ගැනීමෙන් අපටද නිවෙස පුරා එම ශබ්ද පතුරවා හරිමින් සුබවාදීව භාවිතයට ගත හැකි ක්‍රම පිළිබඳ අවබෝධයක් ලැබෙන බව කිව යුතුයි.
2. පරිසරයේ පවත්නා අයනමය ස්වභාවය
අප අවට පවත්නා අවකාශයේ විවිධාකාර විද්‍යුත් ආරෝපණ ස්වභාවයක් ඇතත් ඒවායේ බලපෑම පිළිබඳ නිසි අවබෝධයක් සමාජයේ දක්නට නොලැබේ. ඍණ අරෝපණ පරිසරයේ පැතිර යෑම භාෂ්මික තත්ත්වයක් ලෙසත් ධන ආරෝපණවල එම ස්වභාවය ආම්ලික තත්ත්වයක් ලෙසත් දැක්විය හැකියි. මනුෂ්‍ය ශරීරයේ පවත්නා රුධිරය පවා සියුම්ව භාෂ්මිකව පවත්නා බව අපි පැහැදිලි කරගත යුතුය.
පරිසරය ආම්ලික වීමෙන් නිවැසියන්ගේ සෞඛ්‍ය තත්ත්වය බිඳ දමන බවත් රෝග සුවයට භාෂ්මික ස්වභාවය ඉවහල් වන බවත් පෙන්වා දී තිබේ. ශරීරය ආම්ලික මාධ්‍යයක් බවට පත්වීම පිළිකා සෛලවල වැඩීම කෙරෙහි හේතු වන බව තහවුරු කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් 1930 ගණන්වලදී ජපන් ජාතික ‘ඔටෝ ' වෛද්‍යතුමා හට නොබෙල් ත්‍යාගය පවා හිමි වූ බව ඉතිහාසයේ සටහන්ව තිබේ.
3. ආලෝක ප්‍රමාණය හා ජීවන කාර්යභාර
අද විලාසිතාවක් බවට පත්ව ඇති අඩ අඳුරේ නිදා ගැනීම අසාර්ථක පිළිවෙතක් ලෙස හෙළා දැකිය යුත්තකි. සුවපහසු සෞඛ්‍ය සම්පන්න නින්දක් සඳහා තද අඳුරක් අත්‍යවශ්‍ය වේ. එබැවින් නිදන කාමරවල ඝන තිර රෙදි භාවිතය අනිවාර්ය කරුණක් ලෙස සැලකිය යුතු වේ. එසේම යමකු අවදිව සිටීමේදී හොඳින් ආලෝකය සහිත පරිසරයක ජීවත්වීම අත්‍යවශ්‍ය වේ. එසේ වුවත් දරාගත නොහැකි ආලෝකයකට ශරීරය නිරාවරණය කිරීම උචිත නොවූවත් මනුෂ්‍ය ඇස් අපහසුවට නොහෙළන තරම් ආලෝකයක් අවදිව සිටින සෑම අවස්ථාවකම පැවතීම චිත්ත පී‍්‍රතිය හා ප්‍රබෝධමත් චින්තනයකට හේතු වන බව අපි වටහා ගත යුතු වෙමු.
4. වාතාශ්‍රය පවත්වා ගැනීම
වාතාශ්‍රය යහපත්ව පැවතීම ලෙස බොහෝ ගෘහ නිර්මාණ ශිල්පීන් දක්වන අදහසෙහි පවත්නා ප්‍රමාණාත්මක වටිනාකමට ගුණාත්මක අගය තැබීමක් මෙහිදී අවශ්‍ය වේ.
මෙය වටහා ගැනීමට හොඳම උදාහරණය වන්නේ දැවැන්ත කර්මාන්ත ශාලාවක් පසුකරමින් එන වාතාශ්‍රයයි. එය කෙතරම් වැඩි වුවත් එහි අපිරිසුදු බව මනුෂ්‍ය වාසයට හිතකර නොවේ. අනෙක් අතට තුරුලතාවන්ගේ පිරී ගිය පරිසරයක් හරහා ගලා එන වායු ධාරාවන් මනුෂ්‍යයාට සෞඛ්‍ය සම්පන්න පැවැත්මක් ගොඩනඟා දෙනු නියතයි. මේ හේතුව නිසා තම නිවස වටා රුක් ගොමුවක් පිහිටුවා ගැනීම බාහිර පරිසරයේ තත්ත්වය කවරාකාර වුවත් ජීවිතය යහපත්ව තබා ගැනීමට රුකුලක් සකසා ගත හැකි කරුණකි. එහිදී ඒ ඒ දිශා අනුව සහ වාස්තු දෝෂ නොපවතින තුරු ගොමුවක් සකසා ගැනීමට අවබෝධයෙන් යුතුව කටයුතු කළ යුතු වේ.
5. පොළොවේ ස්වභාවය හා ජීවන මාර්ග
පොළොව වගුරු සහිත වුවත්, ශක්තිමත් වුවත්, පාෂාණ සහිත වුවත් ඒ මත සුවපහසු නිවහනක් තනා ගැනීම ප්රමාණවත්ය යන්න භෞතික පරිසරය (ශක්තිමය පරිසරය අතහැර) සිතීමෙන් එන නියතයකි. වගුරු සහිත පරිසරයක පවත්නා ජලය විසින් භූ (ඡ්ඒඅඊඩ්) ශක්තිය බරපතළ ලෙස රඳවා ගැනීම නිසා අප අවට වායුගෝලීය පරිසරයට ලැබෙන්නේ ඉතා අඩු ශක්තියකි. එසේම ගල් පර්වත මත නිවෙසක් ඉදිකිරීමේදීද මේ තත්ත්වය ඇති වන බව වඩාත්, සරලව වටහා ගත හැකියි. මෙවැනි තත්ත්වයකදී ඉතා අක්‍රිය චර්යාවන් ඇති ප්‍රජාවක් ගොඩනැඟීම ස්වභාවයයි.
ඒ වෙනුවට තද මුත් පොළොවේ ජල මට්ටම ගැඹුරින් පිහිටි පොළොවක් මත නිවෙසක් තනා එහි දැවයෙන් හෝ එවැනි සවිවර (සිදුරු සහිත) ගුණයන් සහිත පොළොවක් පිහිටුවන්නේ නම් එය ඉතා බලවත් භූ ශක්තියක් කාලයක් පුරා අපට උරුම කර දෙයි. එසේ වූ විට වඩාත් ශක්තිමත් ලෞකික ජීවිතයක් හා සක්‍රීය සමාජ ක්‍රියාකාරිත්වයක් නිවැසියන්ට උරුම වේ. එබැවින් බොහෝ දෙනා නොසලකනු ලැබුවත් මහ පොළොවේ ස්වභාවික ගුණාංගයන්ද කවර නිර්මාණාත්මක නිවෙසකදී වුවත් මනුෂ්‍යයාට බලපාන බව සැලකිය යුතුයි.
සිවිල් ඉංජිනේරු
විශ්ව විද්‍යාල බාහිර කථිකාචාර්ය
විද්‍යාත්මක වාස්තු පර්යේෂණ ආයතනයේ ප්‍රධාන පර්යේෂක
ජනක පි‍්‍රයන්ත දයාරත්න