වර්ෂ 2025 ක්වූ January 17 වැනිදා Friday
ඵලාපල පැවසීමේ දුර්මත
මැයි 7, 2021
මගේ අනාගතය කෙබඳු වේද තමාට මුහුණ පෑමට අනාගත දුක් කරදර කෙසේ වේවිද වාසනාවන්ත කාලයන් උදා වේද නැද්ද? යනාදී මනෝමය සිතුවිලිවලින් මනස අන්තයටම ප්‍රශ්න වැලකට පටලැවී සිටින විට ඡ්‍යොතිෂවේදියකු වෙත තමාගේ කේන්ද්‍රය බලවා ගැනීමට ඔහුගෙන් හෝ ඇයගෙන් කියැවෙන ඡ්‍යොතිෂ අනාවැකි ගැන ඉමහත් නොඉවසිල්ලකින් පසුවන බැව් පෙනේ.
මෙවැනි අවස්ථාවකදී ඔහුව බියගන්වන කරුණු පැවසීම නිසා තව තවත් බියට පත්වනු නියතයි. තමා හෝ තමාගේ නෑයකුගේ කේන්ද්‍රය පරීක්ෂා කිරීමට යනුයේ යම් කිසි අපලයක් තිබේ නම් එයට නිසි වත් පිළිවෙත් ශාන්ති කර්ම කර ගැනීමේ මූලික අරමුණකිනි.
මේ එක් අනාවැකියක් තමාගේ කේන්ද්‍රය බලපවත්වා ඇත්තේ ඔහු සතු සියලුම දේපළ අහිමි වී තමා ඇඳි වත පමණක් ඉතිරි වී මහා මඟට වැටෙන බවකි. ඔහු වෘත්තියෙන්ම වෙළඳ ව්‍යාපාරිකයෙකි. හොඳ මූල්‍යමය පසුබිමක් ද හිමිය. මේ ගැන අධික ලෙස මානසික කුකුසකට පත්ව දිවයිනේ වෙනත් උගත් පළපුරුදු අත්දැකීම් ඇති ඡ්‍යොතිෂවේදියෙකු ළඟට ගියේය.
එතුමා කේන්ද්‍රය මැනවින් ගැඹුරින් පරීක්ෂා කර එකී අනාවැකිය වහාම ප්‍රතික්ෂේප කරන ලදී. තවත් හිමිනමක් පවසා ඇත්තේ ඊටත් වඩා බියකරු අනාවැකියකි. විවාහයේදී තමාට ලැබෙන කුලුඳුල් දරුවා බඩේදීම මිය යන වගකි.
එපමණක් නොව සැමියා ද හදිසියේ අනතුරකින් මිය යන අතර, තමාගේ ආත්මයට බියකරු භූතාවේෂයක් ආරූඪ වී දුක් විඳින තැනට පත්වන වගකි. පළමුව සඳහන් කළ ඡ්‍යොතිෂවේදියා මේ ගැන ගැඹුරින් බලා එවැන්නක් කිසිසේත්ම නොවන වගත් පවසා තිබේ.
මෙහි අවසන් ප්‍රතිඵල ගැන ඔබ සිතන්නේ කුමක්ද දහස් ගණනක් වැය කර යන්ත්‍රයක් බැඳීමෙන් සියලු අපල දෝෂ නැතිවී ශාන්තිය වහා ලැබෙන බවකි.
දෙනෙතින් කඳුළු ගලා එමින් ඇය පවසා ඇත්තේ හිමි නමගේ අනාවැකිය පැවසූ මොහොතේ සිට ඒ දක්වාම මැරී මැරී ජීවත් වූ බවකි. මෙවැනි අය වෙතට යෑම තමන් පෙර ආත්මවල කරන ලද අකුසල නිසා යැයි ද වරෙක සිතේ.
ඡ්යොතිෂ්ශාස්ත්රයේ මූලික පදනම වන්නේ පුද්ගලයකුගේ ජීවිතය සාර්ථකව ගෙන යාමට උපදෙස් දීමෙකි. එසේ නැතිව ඔහු දෙලොවක් අතරට අතරමං කිරීමක් නොවේ.
ඉහත දැක්වෙන බොහෝ අනාවැකි පවසන්නේ තම තමන් විසින් බැසගෙන ඇති පූර්ව නිශ්චිත නිගමනයක් නිසා බැව් පෙනේ. එබඳු පූර්ව නිගමන අතුරෙන් වඩාත් සුලබ වූ නිගමන මෙසේ දක්වමු.
ශනි ඒරාෂ්ඨකය අපලය හැම විටම දරුණු අපල ගෙන දේවි. කාලසර්ප යෝගය ඉතාම අවාසනාවන්ත පිහිටීමකි. කුජ 7 හෝ 8 පිහිටීම සැමියාගේ හෝ බිරිඳගේ මිය යෑමට හේතුවකි.
හතර කේන්ද්‍රය පාළුවීම මහා අවාසනාවකි. රාහු හෝ ශනි 7 හෝ 8 සිටීම විවාහ කඩා වැටෙන හෝ අසාර්ථක වන්නකි.
රාහු කුජ ශනි 5 සිටීමෙන් දරු සම්පත් අහිමි වේ. රාහු 1 වැන්නේ ඔළුව නරක් කෙරේ.
ඉහත සඳහන් එක් එක් කරුණු ගැන එකවරම තීරණයක් නොගෙන පරීක්ෂා කර බැලිය යුතුවේ. මෙවැනි දෑ පවසමින් සේවාදායකයා බිය ගැන්වීම ඡ්‍යොතිෂ විද්‍යාවට කරන අතිශය, නිගරුවකි. පොතේ සඳහන් අයුරින්ම එය එසේ සිදු නොවේ.
1942.12.08 උපත ලත් මොහු පරිපාලන සේවයේ තනතුරු දරා විදේශගත වී සිට වාසනාවන්ත විවාහයක් ගෙවමින් වාසනාවන්ත උගත් දූ පුතුන් හිමි අයෙකි. මෙවැනි ජන්ම පත්‍ර ඕනෑතරම් තිබේ. රාහු 7 වැන්නේ පිහිටීම විවාහයකට අයහපත් බවත් සැලකුව ද බොහෝ දෙනෙකු යහපත් යුගදිවි ගත කරන බවට සාධක ඇත.
මෙම බටහිර වෛද්‍යවරයා අගනුවර ආසන්නයේ රාජ්‍ය සේවයේ යෙදී සිටින අතර යුගදිවිය වාසනාවන්තව දරුවකු සමඟ යෙහෙන් කල්පනා කරයි. රාහු 7 සිටින අයෙකුට රාහුම 7 සිටිය යුතු යැයි ද මතයක් පවතී. එහි සත්‍ය අසත්‍යතාවය පර්යේෂණ හරහා ඔප්පු කර ගැනීම වැදගත්ය. තවද ශනි 7 සිටින විට ශනි හතේම සිටීමත් විවාහය බොහෝ විට ප්රමාදවීමත් සිදුවන බවට පෙනේ යැයි මනසක් ඇත.
එය එසේම සිදු නොවේ. ශනි කුජ රාහු 5 වැන්නේ සිටීම දරුඵල නැති කරන යෝගයක් යැයි ද තවත් මතයකි. මෙවන් ග්‍රහ හැසිරීම් රටාව පිළිබඳව එකවර තීරණ කිරීමටත් අනාවැකි පැවසීමත් විශාල විනාශයකි. විවාහ වීම නොව විවාහය දිවි ඇතිතෙක්ම පවත්වාගෙන යාම ගැන ගැඹුරින් පිරික්සා බැලිය යුතුයි. වත්මන්හි සිදුවන දික්කසාදයන්ට මෙවන් ග්‍රහ පිහිටීම් හේතුකාරක වන්නේද යන්නත් ප්රශ්නයකි. ඉවක් බවක් නැතිව ක්ෂණික තීරණ මත අත්සනට පමණක් සීමාවී විවාහය කඩාකප්පල් කරගන්නා පිරිසක් ඇත්තේය. සාම්ප්‍රදායිකව එන පොරොන්දම් ලකුණු මතම සියල්ලම යැපෙන්නට යෑම ද එක්තරා අවාසියකි.
එක ග්‍රහයෙක් එක කොටුවක සිටි පමණින්ම බියකරු අනාවැකි පැවසීමෙන් වන හානිය සුළු පටු නොවේ.
ප්‍රවීණ ඡ්‍යොතිෂ සහ වාස්තු විද්‍යාවේදී දේශබන්ධු
ටී.හෙන්රි
෴ සබැඳි ලිපි ෴
අත්ලේ පිහිටි ප්‍රධාන රේඛා අතරින් ජීවන රේඛාව ප්‍රධාන තැනක් ගනී.මෙයට ජීවන රේඛාව යන නම ව්‍යවහාර වුවත් මෙම රේඛාවෙන් කෙනෙකුගේ ආයුෂ පමණක් නොව, තවත් බොහෝ...
2020-10-29 18:30:00
ධනය පිළිබඳ පරික්ෂාවේදී කේන්දරයක දෙවැන්න, දෙවැන්න අධිපති සිටින ස්ථානය, තුන්වැන්න, තුන්වැන්න ගත ග්‍රහයෝ තුන්වැන්නාධිපති උපතේ සිටින ස්ථානය, දහවැන්නේ...
2020-10-29 18:30:00
2020 නොවැම්බර් මස 17 වෙනි දින 01.03 පැයට ග්‍රහ ලොව මනාලිය වූ සිකුරු තම ස්වක්ෂේත්‍රය වූ තුලාවට පැමිණේ. එතැන් සිට දෙසැම්බර් 11 වෙනි දින 05.17 පැය දක්වා...
2020-10-29 18:30:00
ධනු, මීන, මිථුන, කන්‍යා- හංස යෝගයමේෂ,කටක, තුලා, මකර- සස යෝගයවෘෂභ, මිථුන, කටක, සිංහ, කන්‍යා, තුලා- අධියෝගයකටක, සිංහ- හර්ෂ යෝගයමේෂ, මිථුන, ධනු, මකර,...
2020-10-29 18:30:00
දැන උගත් ඡ්යොතිර්වේදීන්ටත් ආධුනිකව ඡ්‍යොතිෂ්‍ය හදාරන්නන් හටත් මතකයටත් දෛනික ප්‍රයෝජනය සඳහත් මෙම තොරතුරු ටිකක් භාවිතයට ගන්න. එවිට ඔබට දැනුමට තවත්...
2020-10-22 18:30:00
ලග්නාධිපති ග්‍රහයා කේන්ද්‍රස්ථානයක, ත්‍රිකෝණ ස්ථානයක හෝ අස්ත නොවී බලවත්ව, උච්චව , ස්වක්ෂේත්රව පිහිටා අට අධිපතියා හතර කේන්දරයෙන් පිටත යෙදී ශුභ...
2020-10-22 18:30:00
ඉර උදාවේ සිට කාලහෝරව පටන් ගනී. ඉර උදා වූයේ 6.00 ට නම් ඉරිදා දිනවල උදේ 06.00 සිට 7.00 දක්වා රවි හෝරාව පවතී. ඊළඟට සිකුරු හෝරාව වේ. සිකුරු හෝරාව ළඟට බුධ...
2020-10-22 18:30:00
ධර්ම කර්මාධිපති රාජයෝගයගුරු හංස යෝගයරවි සිකුරු නීච භංගයෝගයසමඟ තවත් යෝග රැසක්2020 ඔක්තෝබර් 30 පස්වරු 13-07 සිටනොවැම්බර් 20 පස්වරු 13 -23 දක්වා ...
2020-10-22 18:30:00
රුචක යෝගයෙන් උපන් ජන්මියා ටිකක් රත් පැහැ ශරීරය ඇති, නිර්භීත කෙනෙක් වනවා. යහපත් ගති පැවතුම්වලින් හෙබි රජෙකුට හා සමාන වස්තු ඇති කඩිසර කෙනෙක් වනවා. මේකට...
2020-10-15 18:30:00
ඕනෑම ජන්ම කේන්ද්‍රයක ධර්ම ස්ථානය හා කර්ම ස්ථානය වන නවවැන්න හා දසවැන්න අධිපතියන් යම් භාවයක එක්ව යෝගවීමෙන් හෝ එම අධිපතීන් ස්ථාන මාරු කර ගැනීමෙන් ධර්ම...
2020-10-15 18:30:00
බුධ මණ්ඩලය තුළ පැහැදිලි කතිරයක් පිහිටීම ඉතා ප්‍රබල දෛවය රේඛාවන් පිහිටීම මඟින් ඉහළට යන රේඛා පිහිටීමත් කුජ මණ්ඩලයන් හොඳින් පිහිටි අය ව්‍යාපාරිකයන්ය ....
2020-10-15 18:30:00
යම්කිසි වැදගත් සිදුවීමක් සිදු වන අවස්ථාවකදී එම වෙලාවේ එම සිද්ධියට අදාළව උදාවන ග්‍රහයින් පාලක ග්‍රහයින් ලෙස ක්රිෂ්ණ මූර්ති පද්ධතියේ සඳහන් වෙයි. මෙම...
2020-10-15 18:30:00
තත්කාලයෙන් ප්‍රශ්න විසඳීමේදි ප්‍රශ්න කරන කාරණය අතීතයට සම්බන්ධ ප්‍රශ්නයක් ද වර්තමානයට සම්බන්ධ ප්‍රශ්නයක් ද, අනාගතයට සම්බන්ධ ප්‍රශ්නයක් ද යන්න පැහැදිලි...
2020-10-15 18:30:00
සෙනසුරු හත්වැන්නෙහි සිටින ජන්ම පත්‍ර හිමියන්, හිමිකාරියන් විවාහයට මහත් බියක් දක්වන බව නොරහසකි. මේ අස්ථාන භීතිය පදනම් රහිත බැව් පෙර, අපරදිග ජ්...
2020-10-15 18:30:00
2020.11.20 පස්වරු 13.23 ට මකර රාශියට පැමිණ 2020 දෙවැනිවරටත් ගුරු නීච වේ. මනුෂ්‍යයාගේ දියුණුවට, සැපයට, ගුණ ගරුක භාවයට, අධිපති ගුරුයි. ධනකාරක ද ඔහුමය....
2020-10-15 18:30:00
මන්තර ශාස්තරය යුග කාලීනව ‘සුබසෙත’ පාඨක පිරිස කෙරෙහි දැනුම අවබෝධය සඳහා බහුතර ආධුනිකයන් දිනපතා අප වෙතින් කෙරෙන ඉල්ලීම මෙසේ ඉටුකරන්නෙමු. දැනුම,අවබෝධය,...
2020-10-08 18:30:00