ඡායා චන්ද්‍ර ග්‍රහණයෙන් පංචමහා භූතයෝ විපරීතවේ

කාලගුණික, දේශගුණික විෂමතා
නොවැම්බර් 27, 2020

දණ්ෂිණායනය හේමන්ත සෘතුවෙහි වෘශ්චික රවි 15 භාග ඉල්මහේ පුර පසළොස්වක තිථිය ලත් නොවැම්බර් 30 වෙනි සඳුදින පස්වරු 03.14 ට මධ්‍යය සිදුවෙන රාශිය වෘෂභ, රෙහෙණ, දෙක පාදය ආශි‍්‍රතව ඡායා චන්ද්‍රග්‍රහණයක් සෞරග්‍රහ මණ්ඩලයෙන් දැඩි මුවහත් වීමකින් ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන්නේ ය.

උදා රාශි මීනයෙහි නිවෘති කුජ මිත්‍රශීලීවද යුරේනස් වක්‍රව සමව දෙවැන්න වූ ධනස්ථානාගතවද රාහු උච්ච ක්ෂේත්‍රව මුල ත්‍රිකෝණව තුන් වැන්න වූ වික්‍රමස්ථානගතවද සිකුරු උච්ච ක්ෂේත්‍රව මූල ත්‍රිකෝණව අට වැන්න වූ මෘත්‍යු ස්ථානගතවද රවි මිත්‍රශීලීව බුධ සමවද කේතු උච්ච ක්ෂේත්‍රවද නව වැන්න වූ භාග්‍යස්ථානගතවද ප්ලූටෝ මිත්‍රශීලීව දහ වැන්න වූ කර්මස්ථානගතවද බ්‍රහස්පති නීච ක්ෂේත්‍රව සෙනසුරු ස්වක්ෂේත්‍රව 11 වැන්න වූ අයස්ථානගතවද නැප්චූන් නිවෘතිව වැය ස්ථානය වූ 12 වැන්නේ ද අර්ධ කාල සර්පයෝග, සිකුරුගේ දීප්ති යෝග බලැතිව බුධ මාරක මෙන්ම බාධක ග්‍රහයා ලෙසට ද තුඩු දෙමින් මාන්දි ග්‍රහයා අඟහරු ද යෙදී 2020 අවසාන ඡායා චන්ද්‍ර ග්‍රහණය මෙසේ විශ්ව සෞරග්‍රහ මණ්ඬලයෙහි නිර්මාණය වෙන්නේ ය.

විෂය වස්තුන්ගේ මෙන්ම අවිෂය වස්තුන්ගේ යථාර්ථය විමර්ශණයට පාත්‍ර කොට මානවයාගේ සුරක්ෂිතබවට මෙන්ම හිතකර (මානුෂික) පැවැත්ම සාර්ථක වර්ධනයට ලෝකායතන ඡ්‍යොතිර්විද්‍යාවෙහි ලක්ෂණයෙකි. චන්ද්‍රයා සමඟ සූර්යයා පෘථිවිය අතරට පැමිණීම සූර්යග්‍රහණය ලෙස විද්‍යාමාන කෙරෙයි. පෘථිවිය සූර්යයා වටා ගමන් කරන අතර පෘථිවිය වටා චන්ද්‍රයා ගමන් කරනු ඇත. මෙකී මෙම ගමන් මඟෙහි දී සූර්යයා චන්ද්‍රයා පෘථිවිය එක එල්ලේම ග්‍රහණය වූ අවස්ථාවන්හිදී සූර්ය ග්‍රහණය විද්‍යාමානවීමෙහි හේතු සාධකය නිර්මාණය වෙයි. සූර්යයා චන්ද්‍රයාගෙන් ආවර්ණය වීමෙහි දී සූර්යාලෝකය පෘතුවියට පරාවර්තනය නොවෙයි. මෙවැන්නෙන් ග්‍රහණය පවත්නා කාල පරාසය තෙක් අන්ධකාරය නිර්මාණය වෙනු ඇත.

සූර්යයා පෘථිවිය සහ චන්ද්‍රයාත් එක එල්ලේ පැවැත්වීමේ දී චන්ද්‍ර ග්‍රහණය නිර්මාණය වෙන්නේ ය. සූර්යයාගෙන් චන්ද්‍රයාට ආලෝකය ලැබෙයි. සූර්යයාගෙන් චන්ද්‍රයාට ලැබෙන ආලෝක ධාරාව පෘථිවිය ඒ අතරට පැවැත්ම නිසා නොලැබෙයි. පෘථිවියෙහි සෙවණැල්ල (ඡායාව) චන්ද්‍රයා මත පතිත වීමෙන් අඳුරු බවක් නිර්මාණය වෙති. සූර්යග්‍රහණයක් මේ අනුව මාස පෝය දිනයකදී ද චන්ද්‍ර ග්‍රහණයක් පසළොස්වක දිනකදී ද සිද්ධවෙනු ඇත. ඇතැම් අවස්ථාවක ඊට පෙර හෝ පසු දිනක දී සිදුවෙනු ඇත.

චන්ද්‍රග්‍රහණ තුළින් අපල විපාක අප්‍රමාදවද සූර්යය ග්‍රහණ ඵලවිපාක මාස ගණින් ප්‍රමාදවද බලපානු ඇත. ඉතා ප්‍රබලව නිර්මාණය වෙන ග්‍රහණයකදී පෘථිවියටද ආශි‍්‍රත ජනතාවටද බිහිසුණු අනතුරු ග්‍රහණය කෙරෙයි. මේෂ ආදිකොට ගත් චර රාශීන්හිදී ග්‍රහණ සිදුවීමෙන් ප්‍රතිඵල එනම් ඵලවිපාක වහාම ඵල දී අවසන්වී යාම විධිමත් ක්‍රමවේදයකි. වෘෂභ ආදිකොට ගත් තිර රාශින්හිදී කාලයක් ගතවෙනතුරාවට ඵලවිපාක බලපානු ඇත. මිථුන ආදී උභය රාශියක දී වහාම ඵලවිපාක ද නැවත නැවතත් ඵල විපාක ගෙනදෙනු ඇත.

බ්‍රහස්පති හිමි මීන ජල උභය රාශියෙහි මෙවන් ඡායා චන්ද්‍ර ග්‍රහණය සිද්ධවීමෙන් සාමාන්‍ය ජනයා මරණ සංඛ්‍යාව අධික විය හැක. ජලාශි‍්‍රත සෑම ක්ෂේත්‍රයක්ම හානිකර අහිතකර ප්‍රතිචාර පොදු ධර්මතාවයෙකි. සුරගුරු හෙවත් බ්‍රහස්පති නීච ක්ෂේත්‍රව සෙනසුරු ස්වක් ක්ෂේත්‍රව 11 වැන්න වූ අය ස්ථාන ගතව නීච භංග රාජ යෝගය උදා කෙරෙයි. අප්‍රතිහත ධෛර්යයෙන් නොපසුබට උත්සහයෙන් ස්වකීය ධාර්මික ව්‍යාපාර සේවා ලැබීම්හිද නවතම සමාරම්භක ඉලක්ක කෙරෙහි ද ශුභවාදී හිතකර බවක් විශ්වය පුරා ජන ජීවිතයන් වෙත ප්‍රසාරණය, සාගර ජලධාරිතයෙහි විපරීත විපර්යාස නිර්මාණය වෙන්නේ ය. කාලගුණික දේශගුණික විෂමතා පාරිභෝගික භාණ්ඩ මූල්‍ය සංස්සරණය බොහෝ දුරට අවරෝහණ ස්වභාවයකට ද පරිවර්තනය නව වසර මුල් කාර්තුවද දක්වා ඉක්ම විය හැක. සාමකාමී නිදුක් නිරෝගී විශ්ව ප්‍රජාවක් පහළ වේවා.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
15 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.