මිනිසාට ග්‍රහබලය වෙනස්කළ හැකිද?

මාර්තු 13, 2020

මේ විශ්වය මේ අයුරින් පවතිද්දී මුල් අවධියේදි මේ බලශක්තීන් කිසිවක් මිනිසා විසින් සොයාගැනීමට සමත් වුනේ නැහැ. අපි දන්නවා දෘශ්‍යබරේ අඩුව හොයාගත්තේ ආර්කිමිඩිස් නම් විද්‍යාඥයා අහම්බෙන්. ගුරුත්ව ආකර්ෂණය අයිසැක් නිවුටන් හොයාගන්නේ අහම්බෙන්. මේවා අහඹු සොයා ගැනීමත් තවත් වචනයකින් කිව්වොත් මේ විද්‍යාඥයින් ඍෂි වරයන් වගේ. හැම තිස්සෙම ඉන්නෙ සෙවිල්ලෙන්. ඒ කිව්වේ උඩ මනසට වඩා යටි මනස ක්‍රියාකිරීම වේගවත්.

සත්වයෙක් මේ ලෝකෙට උපදින කොට එයාගේ ජීවය පවතින්නේ විශ්වයේ පවතින උණුසුම හෝ සීතල තත්ත්වය මතයි. ඒ දෙවර්ගය නිසියාකාරව නොලැබෙනවා නම් එය කෘත්‍රිම අයුරින් හෝ ලබාදීම සිදුකරන්න අවශ්‍ය වනවා. එසේ නොවුණහොත් සත්වයා මිය යනවා. එහෙනම් ප්‍රථමයෙන් පංචමහා භූත ඇසුර එසේත් නැතිනම් බලපෑම් අවශ්‍ය වනවා. ඒ කිව්වේ ආපෝ, තේජෝ භූත ඇසුර. තවත් ලිහිල් වචනයෙන් කිව්වොත් සීතල ගතිය හා උණුසුම් ගතිය.

එක එක නම්වලින් කතා කළත් සිදුවීම එකයි. විද්‍යාත්මක මතය එකයි. එකම දේ එක එක ශාස්ත්‍රවල ආගම්වල, දර්ශනවල නොයෙකුත් නම්වලින් හඳුන්වනවා. ප්‍රතිඵලය එකයි. ආපෝ,තේජෝ, ද්විත්වයේ මනුෂ්‍ය ශරීරයට දැනෙන සුළු නිසා මුලින්ම සාකච්ඡා කළාට ශරීරය ක්‍රමයෙන් වැඩෙන කොට වායෝ, පඨවි, ආකාශ ගැනත් නොකියාම බැරි වනවා. මේ පංච මහා භූතයන්ගේ ක්‍රියාකාරිත්වය නැවතුන දවසක ලෝකයේ පැවැත්මත් නවතිනවා. ඒවා ගැන කතා කරන කොට , ග්‍රහයන් ග්‍රහකිරණ ගැනත් යමක් අවබෝධකරගන්න වෙනවා.

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.