වර්ෂ 2025 ක්වූ January 24 වැනිදා Friday
පංච ග්‍රහ යෝග
ජුනි 7, 2019
කේන්දරයක එක රාශියක් තුළ ග්‍රහයන් පස් දෙනෙකු සිටීම පංච ග්‍රහ යෝග වශයෙන් හඳුන්වයි. මෙම යෝග පිළිබඳව විමසා බලමු.
රවි සඳු කුජ බුධ ගුරු යෝගය
මෙම යෝගයෙන් උපන් තැනැත්තා දර්ශන ශාස්ත්‍රයන්හි නිපුණ අය වේ. විවාහ ජීවිතයට ඇතුළත් නොවේ. දුක් විඳින ජීවිතයක් ගත කරයි. ධන ධාන්‍ය රැස් කිරීමක් නොකරයි. ගේ දොර ඉඩකඩම් පාලනය කරන්නේ නැත. ඔවුන්ගේ ගති ලක්ෂණ මේවාය.
රවි සඳු කුජ බුධ සිකුරු
මෙම යෝගයෙන් උපන් අය නෑදෑයන්ගෙන් වෙන්වී පරාර්ථචර්යාවේ යෙදුණි. ස්ත්‍රීන් ඇසුර නොකරන නපුංශකයන් සමඟ ඇසුරු කරන පුද්ගලයන්ය. යෝගය නරකට පිහිටියහොත් මුසාවාද කියන්නන් ලෙස ප්‍රසිද්ධ වේ.
රවි සඳු කුජ බුධ ශනි යෝගය
මෙම යෝගයෙන් උපන් අය භාර්යාවන්ගෙන් දරුවන්ගෙන් තොර සැප සම්පත් නොලබන දුකයයි සම්මත දේ විඳින අය වේ. දුක් විඳීම නිසා වැඩි කලක් ජීවත් නොවේ. රටේ නීති කඩකිරීමෙන් බන්ධනාගාර ගත වේ.
රවි සඳු කුජ ගුරු සිකුරු යෝගය
මෙම යෝගයෙන් උපන් අය බොහෝවිට අන්ධ වේ. දැඩි ලෙස දුක් විඳින්නන් වේ. දෙමාපිය නෑදෑයන්ගෙන් වෙන් වේ. වීනා වයමින් රට පුරා ඇවිදිමින් ජීවත්වන්නන් වේ.
රවි සඳු , කුජ සිකුරු ශනි
මෙම යෝගයෙන් උපන් අය මෙම ලෝකයේ ඇති කිසිම දෙයක් තමාට එපා කියයි. අනුන්ගේ දේවල් ඇල්ලීමට පවා මැලිවේ. එම ප්‍රතිපත්ති අකුරටම ක්‍රියාත්මක කරයි. එයට විරුද්ධ වූ අයට ද්‍රෝහිකම් කරයි.
රවි සඳු කුජ සිකුරු ශනි යෝගය
මේ පංච ග්‍රහ යෝගය ඇතිව උපන් තැනැත්තා නියාලු පුද්ගලයෙකි. නම්බුවක් මාන්නයක් ධනයක් නැති පර ස්ත්‍රීන් පස්සේ යන කෙනෙකි. යෝගය බලවත්වන්නේ කලාතුරකිනි.
රවි සඳු බුධ ගුරු සිකුරු යෝගය
පංච ග්‍රහ යෝග අතරින් ලෞකික වශයෙන් පල දිය හැක්කේ මෙම යෝගයෙන් උපන් අයටය. මෙහි ඇති සියලු ග්‍රහයන් එක්වී රවිගේ බලය ලබාගනී. එබැවින් නොමග යවන හෝ කලකිරවන ග්‍රහයෙක් නැත. මේ යෝගයෙන් උපන් අය බොහෝ වස්තුව ඇති විශාල ව්‍යාපාරවල හෝ කර්මාන්තශාලාවල අයිතිය ඇති ධනවන්තයෝ වේ. සෑම දෙයින්ම සම්පූර්ණ අය වේ. වටිනා යාන වාහන, ගෙවල් විශාල ඉඩම් හිමිකරුවෝ වෙයි. රජයේ උසස් නිලතල දරන අය මැති ඇමැතිවරු මේ ගණයට අයත් වේ.
රවි සඳු බුධ ගුරු ශනි යෝගය
මෙම යෝගයේ සියල්ල සෙනසුරු වෙනස් කරයි. අන් අයගෙන් ලබන ආහාරපානවලින් ජීවත්වන්නෙක් වෙයි.තම පිරිසට දුක් උපදින අන්දමේ ජීවිතයක් ගත කරන්නෙක් වෙයි. අන් අයට භය උපදවන අන්දමේ ජීවත්වන්නෙක් වේ.
රවි චන්ද්‍ර සඳු බුධ සිකුරු
ශනි යෝගය
මෙම යෝගයෙන් උපන් අය ධන ධාන්‍ය ආදියෙන්ද දරුවන් සහ නෑදෑයන්ගෙන්ද වෙන්වූ ඔවුන්ගෙන් සැප නොලබන ඉක්මනින් මැරේවා කියා ප්‍රාර්ථනා කරන ජීවිතයක් ගත කරන්නෙකි. රෝම වැඩි උස්වූ ශරීරයක් ඇති කෙනෙක් වීමට පුළුවන.
රවි සඳු ගුරු සිකුරු
සෙනසුරු යෝගය
මෙම පංච ග්‍රහයෝගයෙන් උපන් අය මන්ත්‍ර ශාස්ත්‍ර ඉන්ද්‍රජාල අංජනම් වැනි දේ දන්නා කථාවට දක්ෂ චංචල සිතක් ඇති සොර සතුරන්ට නිතර භයෙන් කාලය ගෙවන ස්ත්‍රීන් පි‍්‍රය කරන කෙනෙකි.
රවි කුජ බුධ ගුරු සිකුරු යෝගය
මෙම යෝගයද මෙලොව වශයෙන් බලපවත්වන එකකි. බොහෝ සමෘද්ධිමත් සමාධිමත් වස්තු ඇත්තාවූ සියලු සැප සම්පත් ලබන දුක් කරදර නැති කෙනෙකි. වටිනා භාර්යාවක් සහ දූපුතුන් පිරිසක් ඇත්තෙකි. රජයෙන් තනතුරු ගරු බුහුමන් ලබන්නෙති. සේනාපතියෙක් හෝ මන්ත්‍රීවරයෙක් විය හැකිය.
රවි කුජ බුධ ගුරු ශනි යෝගය
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
ඡ්‍යොතිෂවේදී
වාස්තු විද්‍යා උපදේශක,
යාන්ත්‍රික ඉංජිනේරු
නිශාන්ත විජේසේන
෴ සබැඳි ලිපි ෴
අපේ ජීවිතයේ අහඹු සිදුවීම් ඕනෑ තරම්. පාරේ යද්දි වාහනවල අපූරු අංක දකිනවා, නාම පුවරුවල වෙනස් විදියේ අංක පෙනෙනවා, ඔරලෝසු කණුවෙ හෝ ජංගම දුරකථනයේ 11:...
2024-02-29 18:30:00
ඔබේ දරුවා දැනටමත් අධ්‍යාපන කටයුතුවලදී දක්වන උනන්දුව අඩු ද පොත අතට ගත් විටදී නිදිකිරාවැටේ ද මුලදී ඉගෙනීම් කටයුතුවලට ඉතාම දක්ෂව සිට දැන් දැන් එන්න...
2024-02-29 18:30:00
ශක වර්ෂ 1945ක් වූ කුම්භ රවි 18 භාග නවම් අව සැටවක තිථියලත් කිවිදින සිට එම රවි 24 භාග නවම් අව දොළොස්වක තිථියලත් ගුරුදින දක්වායි.ග්‍රහයෝ සහ රාශිරවි -...
2024-02-29 18:30:00
ඉභිනනාසු සිද්ධාන්තයන්ට අනුව මෙතෙක් කරුණු සාකච්ඡා කර ඉදිරිපත් කරනු ලැබුවේ මීණාදී දක්ෂිණායන උප්පත්ති ජන්ම ග්‍රහ සටහනක් ඇසුරෙන් මනුෂ්‍යයාගේ දිවි ගමනේ...
2024-02-29 18:30:00
මාර්තු මාසයේ සූර්යයා හෙවත් රවි ග්‍රහයා ගමන් කරන්නේ මීන රාශියේ වන බැවින් මෙම මාසයේ උපන් ඔබ ඔබගේ පෞද්ගලික අංකය හිමි ග්‍රහයාගේ බලපෑමට මෙන්ම ගුරු ග්...
2024-02-29 18:30:00
පසුගිය සතියේ හදිසි ධන ලාභයක හිමිකම ඔබගේ අත්ලේ සටහන් වන ආකාරය ගැන සාකච්ජා කළ අතර, අද ආර්ථිකමය වශයෙන් සිදුවන ධන හානි අත්ලේ සටහන් වන ආකාරය පිළිබඳ...
2024-02-22 18:30:00
අස්විද නැකතින් උපන්නේනම් ලලිතකලා සෞන්දර්යාත්මක ජීවන රටාවකට යොමු වූවෙකු වේ. නිර්මාණශීලීය. ඒ හරහා මුදල් උපයා ගනී. දක්ෂ මෙන්ම ප්‍රකට කලාකරුවෙක් වීමේ...
2024-02-22 18:30:00
රාශි චක්‍රයේ සිව්වන ලග්නය වන කටක ජලජ රාශියක් ලෙස සැලකෙයි. බොහෝ අස්ථිර ගතියෙන් යුත් නීච රාශියක් නිසා කකුළුවෙකුගේ ස්වරූපයෙන් කටක රාශිය හඳුන්වනු...
2024-02-22 18:30:00
මිනිස් ජීවිතයට අංක සේම අක්ෂර ද බොහෝ සබඳකම් පවත්වනු ලබන බව මින් පෙරද අපි කතා කළෙමු. එසේම එමඟින් මිනිස් ජීවිතයේ බොහෝ සිදුවීම් පාලනය කරන බවද ඔබට...
2024-02-22 18:30:00
මේ වසරේ සිදුවන තුන්වැනි ග්‍රහ යුද්ධයෙන් බුද්ධිකාරක බුධ පරදවා ශනි ජය ගනී. මේ ගැටුමෙන් බුධ පරාජය වන්නේ බුධගේ බලය වැඩිම පරාසයකදී වීම විශේෂත්වයයි....
2024-02-22 18:30:00
ඡ්‍යොතිෂ විද්‍යාවේ ගුප්ත ශාස්ත්රයෙහිලා යන්ත්‍ර, මන්ත්‍ර, ගුරුකම් ප්‍රධාන තැනක් ගන්නා බව අවිවාදයෙන් පිළිගැනෙයි. 1940 අග භාගයේ සිට 1970 මුල කාලය...
2024-02-16 02:30:00
රාශි චක්‍රයේ තුන්වෙනි රාශිය මිථුනයයි. මිථුන ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති ග්‍රහයා වනුයේ බුධය. තිර ගුණයෙන් යුක්ත අග්නි දිගින් උදාවන පුරුෂ...
2024-02-15 18:30:00
මේ මස 22 වැනිදා බ්‍රහස්පතින්දා බුධ කුම්භ රාශිගතව පරිත්‍යාගශීලින් බිහි කරයි.ලග්න දොළහටම සුබදායක 2024 පෙබරවාරි 20 කුජ දින උදේ 06.02 ට බුධ කුම්භ රාශියට...
2024-02-15 18:30:00
හිමිදිරි පාන්දර කොණ්ඩදෙණිය පන්සලේ ගේට්ටුව අභියස සුඛෝපභෝගී බෙන්ස් කාරයක් නතර විය. අපේ හාමුදුරුවන් වහන්සේ බෝමළුව ඇමද අහවර වූවා පමණි. මේ කවුරුන්’දැයි...
2024-02-08 18:30:00
එම්. ඩබ්. ආරියසිරි - අම්පාරප්රශ්නය- මාගේ ඉදිරි අනාගතය කෙබඳු වේද?පිළිතුර-ඉදිරි කාලය උපශාන්ත ලෙස ගත කළ හැකිය. දැනට ඒරාෂ්ඨක අපල නැතිමුත් මුත්‍ර...
2024-02-08 23:30:00
අපේ දේශීය පාරම්පරික වූ ඡ්‍යොතිෂයත් වාස්තුවත් එදා පැරැණි ගැමියන් ඉතාම ඉහළින් අගයකොට සලකන ලදී. ඔවුහු දෛනික සියලුම සුබ වැඩකටයුතුවලදී නැකත්, යෝග හා කරණ...
2024-02-08 18:30:00