වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
නායකත්වයට යොමුකරන සුබ ග්‍රහ පිහිටීම්
සැප්තැම්බර් 6, 2019
ලග්නාධිපතියා සුබ ග්‍රහයකු සමඟ යෝග වීම මෙන්ම දෘෂ්ටි ලැබීම එම ග්‍රහයාට අයත් කාර්යභාරය හෙවත් කාරක අයිතිය සාර්ථක කර ගැනීමට
උපකාරි වේ.
ලග්නාධිපති ග්‍රහයා උච්ච /ස්වක්ෂේත්ර බලයෙන් පිහිටීම ජන්මියාගේ දියුණුවට හේතුවන බව බොහෝ දෙනෙකුගේ පිළිගැනීමයි. එසේම ලග්නාධිපතියා බලවත් සුබ /යෝගයකට සම්බන්ධව කේන්දරයේ පිහිටා තිබේ නම් එය ද ඔහුගේ හෝ ඇයගේ දියුණුවට ද හේතු වේ.
ලග්නාධිපතියා කේන්දරයේ හය –අට – දොළහ දුෂ්ට රාශියක පිහිටීම අසතුටුදායකය. ලග්නාධිපති දොළොස්වැන්නේ පිහිටියහොත් වැඩකටයුතු වලදී මෙන්ම ජීවිතයේ බරපතළ කම තේරුම් නොගන්නා අතර වගකීම් භාර නොගන්නා කෙනෙකු වේ. එසේම හයවැන්නේ පිහිටීම නිසා ජන්මියාගේ හැකියාව හා දක්ෂතාවයන් අන් අය තේරුම් නොගන්නා නිසා පෞද්ගලික දියුණුවට බාධා ගෙන දෙයි. බලවත් ග්‍රහයකුගේ දැක්මක් නොමැතිව ලග්නාධිපතියා අටවැන්නේ පිහිටීම ගතිපැවතුම්දුර්වල වීමට හේතු වේ. සඳු ග්‍රහයා ගෙන් අටවැන්න ද පරික්ෂා කිරීමෙන් මෙය තවදුරටත් අවබෝධ කරගත හැකිය.
ලග්නාධිපතියා සුබ ග්‍රහයකු සමඟ යෝග වීම මෙන්ම දෘෂ්ටි ලැබීම එම ග්‍රහයාට අයත් කාර්යභාරය හෙවත් කාරක අයිතිය සාර්ථක කර ගැනීමට උපකාරි වේ. උදාහරණයක් වශයෙන් දැක්වුවහොත් විද්‍යා කාරක බුද හා ගුරු ග්‍රහයන්ගේ සම්බන්ධතාවයක් සුබදායක අන්දමින් පවතී නම් ඉගෙනීම ලබන වයසේ දරුවකුට එම කාරණය බාධාවකින් තොරව සාර්ථක කර ගැනීමට හැකියාව ලැබේ. බාධක ග්‍රහයාගේ දසා / අතුරු දසාවකදී යම්කිසි පසුබෑම් තත්ත්වයක් ඇතිවුවද ඒවා වළක්වා ගැනීමට ද පුළුවන.
ලග්නාධිපති ග්‍රහයා මෙන්ම ජන්මපතේ සඳු ග්‍රහයාගේ බල දුබලතාවය ද පලාපල ඉදිරිපත් කිරිමේදී වැදගත් වේ. පුද්ගලයකුගේ කර්ම ශක්තිය පෙන්නුම් කරනුයේ සඳු ග්‍රහයා ගෙනි. ලග්නාධිපතියා මෙන්ම සඳු ග්‍රහයා ද බලවත් නම් ඔහු හෝ ඇයගේ ක්‍රියාකාරිත්වයද උසස් මට්ටමක දක්නට ලැබේ. ඉහත කී ග්‍රහයන් දෙදෙනාම දුර්වල නම් ජීවිතය කටුක වේ.
පරභවයෙන් මේ භවයට ගෙන එන ලද කුසල කර්මයන්හි බලවත්කම පැහැදිලි වන්නේ ලග්නාධිපති හා නවවැන්නාධිපති ග්‍රහයා යෝග වී, ජන්ම පතේ යහපත් භාවයක පිහිටා තිබීමෙනි. (කේන්ද්‍රස්ථාන සතර හා පහ, නවය යන ත්‍රිකෝණස්ථානයක් ජන්මපතක යහපත් ස්ථානයන්ය)
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
ඡ්‍යොතිර්වේදී
මිල්ටන් හේවාපතිරණ
෴ සබැඳි ලිපි ෴
උපන් ළමයකුට, කිසියම් තැනකට, වෙළෙඳ ආයතනයකට, නිවසකට, පොතකට. ඈ විසින් නම් තැබීමේ වුවමනාවන් නොඑක් ලෙස ඇති වන බව ඔබ දනිති. එ වන් විටෙක දී හොඳ නමක් දෙන්නැ...
2019-03-21 18:30:00
දෝ සතර 32යම කාලය යනු යාම හෙවත් ගමන මහත් කරන කාලය යන අරුත දෙයි ‘යා’ ගමන්හි ධාතු යි. ‘ම’ මහත්වීම. වේගවත්වීම යන අරුත දෙයි. පොළොව ඉර වටා යන ගමන් තමා වටේ...
2019-03-14 18:30:00
ළදරුවකු උපත ලබා කෙටි කලෙකින් මිය යන බව පෙන්නුම් කැරෙන ගහ යෙදුම් බාල අරිටු යෝග (බාලිරිෂ්ට යෝග) නමින් දෝ සතරෙහි ලා හඳුන්වා ඇත.වයස අවුරුදු 12 ට අඩු කලක...
2019-02-28 18:30:00
මල්වරය යනු කුසුම් සමය යන අරුත ඇති වදනකි. ගසෙක, වැලෙක වුව ද මල් හටගන්නේ පලදැරීමට ආසන්න කාලයේ යැ. දරුවකු පිළිසිඳෙන්නේ කාන්තාවක ගේ කුසේ යැ. ගැහැනු ළමයකු...
2019-02-21 18:30:00
දිග් බලය යනු දිසාවට බලවත් වූ යන අරුත දෙ යි. සතර දිසාවට බලවත් වන ගහයන් මෙ සේ හඳුනා ගනිමු.ලග්නයට – ගුරු, බුදසිව් වැන්නට – සඳු, සිකුරුහත් වැන්නට – සනිදහ...
2019-02-14 18:30:00
ගුලිකය ,රාහුකාල ආදියගුලිකය, යමකණ්ඨකය. අර්ධප්රහරණය, රාහු කාලය මෘත්‍යු යන නම්වලින් හැඳින්වෙන කොටස් පහක් තිබේ. එයින් රාහු කාලය ගැන බොහෝ දෙන සැලකිලිමත්...
2019-02-07 18:30:00
කිසියම් සුබ කටයුත්තක් ඇරඹීම පිණිස යහපත් නැකතක් සකසා ගැනීමේදි අත්හළ යුතු දෝස දහයක් ඇති බවත් ඒ දෝස දහය රික්තා, විෂ්ටි, දග්ධ, කාණ,මර, විස, අග්නි, සතකට,...
2019-01-31 18:30:00
කේන්දරයේ 22 වැනි දෙර්කානාදිපති ගුරු යි. බාදක ගහයාත් ඒ ගුරු මැ වෙයි. සඳු ගෙන් හත් වැනි රාසියත් ඒ ගුරුට මැ හිමි වී ඇත. 55 වැනි නවාසංකය අදිපතියාත් ගුරු...
2019-01-24 18:30:00
දෝ සතර යුග දිවියට සබැඳි කරුණු - 24නෑනා මස්සිනා විවාහවීම පෙරදිග ලොවේ ඈත අතීතයේ සිට සිදු වී ඇති දෙයකි. විවාහය එසේ සිදුවීමට අදාළ ගහ බලපෑම් ද තිබේ. එයින්...
2019-01-17 18:30:00
මීට ඉහත පාඩම් දෙකකින් විවාහ පිරික්සුම පිළිබඳ පැහැදිල්ලක් කැරිණ. යුග දිවිය පිළිබඳ වැ ජන්ම කේන්දරයෙන් දැකිය හැකි කරුණු බොහෝ යි. මෙහි දැක්වෙන කේන්දරයත්...
2019-01-10 18:30:00
විවාහ පිරික්සුම පිළිබඳ පැහැදිලි කිරීමක් 21 වැනි පැටුමෙන් කරන ලදී.ඒ පිළිබඳ පැහැදිලි කළ යුතු තවත් කරුණු කීපයක් තිබේ.කේන්දර දෙකෙහි පොරොන්දම් ගැලපීම...
2019-01-03 18:30:00
ඡ්‍යොතිෂ පාඩම අංක - 21යුග දිවිය අරඹන නව යුවළකට දිවි හිමියෙන් සමගියෙන් සතුටින් විසීමට දෝ සතර අතින් කැරෙන මඟ පෙන්වීමකි. විවාහ පිරික්සුම, පොරොන්දම් ගලපා...
2018-12-27 18:30:00
ඡ්‍යොතිෂ පාඩම අංක - 19“අයනය” යනු ගමන යන අරුත ඇති සකු වදනකි. ‘නිර්’ යන උපසගය නැත යන අරුත දෙයි ‘ස’ යන උපසගය දෙන්නේ සහිත යන අරුත යි. එ...
2018-12-13 18:30:00