වර්ෂ 2024 ක්වූ December 27 වැනිදා Friday
අනාගතයට මුහුණ දීමේ දී අතීතයේ අත්දැකීම් වැදගත් ය
අනාගතයට මුහුණ දීමේ දී අතීතයේ සිදු වූ වැරදි හෝ නිවැරදි දේ පිළිබඳව අපට හැකි වූ නොහැකි වූ දේ පිළිබඳව සැලකිලිමත් විය යුතුව ඇත. එය මෙනෙහි කළ යුතුව ඇත. එවිට ඒ අත්දැකීම් මත ඉතා නිවැරදි අනාගතයකට අපට අවතීර්ණ වීමට පුළුවන. කොරෝනා වසංගතය පැමිණි අලුත අප නිරෝධායන ක්‍රම නිසි ලෙස පිළිපැදීමු. අත් සේදුවෙමු. විෂ බීජ හරණ ක්‍රම උපයෝගි කර ගතිමු.
කොටින්ම කියනවා නම් අපේ පැරැන්ණන් මෙබඳු රෝග ලක්ෂණවලදී උපයෝගි කර ගත් කොත්තමල්ලි ටික තම්බා බීවෙමු. හෙළයේ අභිමානය වූ ආයුර්වේද පිළිවෙත් බේත් හේත් ටික පරිහරණය කළෙමු. ඒ නිසාම ප්‍රවේශම හිතුවාවත් බාධා ඉහළින් අපට ලැබුණි. නිරෝධායන ක්‍රම නිසි ලෙස පිළිපැදීමු.
එදා අතීතයේ අපේ නිවසක බෝවන රෝගයක් හටගත් කල කොහොඹ අත්තක් එල්ලා අඹ අත්තක් එල්ලා දුන් දැනුම් දීමෙන් නිවසේ අය පමණක් නොව නිවසට පැමිණෙන අය පවා හොඳ සන්නිවේදනයකින් පසු ප්‍රවේශම හොඳහැටි අත්පත් කර ගත් අයුරු මෙන්ම කොරෝනා වසංගතයේ අමිහිර හා එහි රෝගීන් පිළිබඳ කියා පෑමට විවිධ ක්‍රම අනුගමනය කළහ. එහෙත් විපතක මහත ඒ සෑම එකක්වීම මිදී ඒ සෑම එකක්ම අමතක කර දමා හැසිරුණු ආකාරය අනුව අද බොහෝ බියකරු ලෙස රෝගය ව්‍යාප්ත වනවා දැකීම ඉතාම කණගාටුවට කරුණකි.
එදා මුව ආවරණය තුළින් සුවිශේෂී ආරක්ෂාවක් ලැබීමට නිතර අත් සේදීමෙන් ආරක්ෂා වීමට අප බොහෝ ශක්තියක් වූ නමුදු පසුගිය සිංහල අලුත් අවුරුදු සමයේ ඒ කිසිවකට සිත යොමු නොකර නිදහසේ නිදැල්ලේ හැසිරුණු පිරිස් විශේෂයෙන්ම නහට අහන්නැති තරුණ පිරිස් එදා අනුගමනය කළ ක්‍රම අතහැර දැමීම නිසා අද මෙසේ තත්ත්වය උග්‍ර අතට හැරී තිබීම අරුමයක් නොවේ.
ගඟේ මුහුදේ, දිය ඇල්ලේ ජල ක්‍රීඩා කරමින් ද අවුරුදු උත්සවයේ විවිධ ක්‍රීඩා නිසා සෞඛ්‍ය ආරක්ෂිත දුර ප්‍රමාණය නොමැතිව නිතර අත් නොසෝදා අපිරිසුදු ලෙස හැසිරෙමින් කළ හපන්කම් අප විවිධ මාධ්‍ය තුළින් දුටුවා ඔබට මතක ඇති. සැබවින්ම මින් සිදුවූවේ අපට යළි ඉදිරි ගමනට බාධා පැමිණීමයි. ඒ නිසා යළි යළිත් අප මීට පෙර කොරෝනා වසංගතය පැමිණි පෙර අවදියේ කළ කී දෑ පිළිබඳව මෙනෙහි කරමු, අත්දකිමු. අනුගමනය කරමු. එසේ වුවහොත් අපිට අනාගතයක් තිබේ. යහපතක් සැලසේ.