ශ්‍රී ලංකා පත්‍රකලාවේදීන්ගේ සංගමයෙන් ප්‍රවීණයන් ඇගැයේ

දෙසැම්බර් 27, 2024

ශ්‍රී ලංකා පත්‍රකලා සංගමයේ 69 වැනි සංවත්සරය පසුගිය දා කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති වෛද්‍ය හංසක විජයමුණි මහතාගේ ප්‍රධානත්වයෙන් හා මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණ නවක විද්‍යුත් හා මුද්‍රිත මෙන්ම නව මාධ්‍ය හා සම්බන්ධ මාධ්‍යවේදීන් රැසකගේ සහභාගීත්වයෙන් පැවැත්විණ.

එම අවස්ථාවේදී මෙරට පුවත්පත් කලා ක්ෂේත්‍රයට ඉමහත් මෙහෙවරක් ඉටු කළ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් දස දෙනකු ඇගැයීමට ද පියවර ගනු ලැබිණි. එහිදී 2024 වසර සඳහා ඩී. එෆ්. කාරියකරවන අනුස්මරණ ජනමාධ්‍ය උපහාර සම්මානයෙන් පිදුම් ලබන ලද්දේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් වන දයා ලංකාපුර, වී තනබාලසිංහම්, ශීලා වික්‍රමසිංහ, පී.බී. ඉලංගසිංහ, උපාලි අරඹේවල, එන්. එම්. අමීන්, ස්ටැන්ලි සමරසිංහ, එස්.එස්. සෙල්වනායගම්, තුසිත මලලසේකර, ඇලෙක්සැන්ඩර් බාලසූරිය යන මහත්ම මහත්මීන්ය.

කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ ජනමාධ්‍ය අධ්‍යයන අංශයේ ප්‍රධානී මහාචාර්ය ටියුඩර් වීරසිංහ මහතා විසින් මුඛ්‍ය දේශනය පවත්වනු ලැබීය. අමරපුර ශ්‍රී ධර්මරක්ඛිත මහා නිකායේ මහනායක තිරිකුණාමලයේ ආනන්ද මහ නාහිමි ප්‍රධාන මහා සංඝරත්නය ඇතුළු අන්‍යාගමික ප්‍රසාදීන්වහන්සේ ද ශ්‍රී ලංකා පත්‍රකලා සංගමයේ අනුශාසක මුදිත කාරියකරවන, එම සංගමයේ සභාපති කුරුලු කූජන කාරියකරවන, ලේක්හවුස් ආයතනයේ සභාපති ගාමිණී වරුසමාන, කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ සිසිර යාපා, මෙහෙයුම් අධ්‍යක්ෂ චාමර පීරිස් යන මහත්වරු ඇතුළු මාධ්‍ය ආයතන ප්‍රධානීහු රැසක් මේ අවස්ථාවට සහභාගී වී සිටියහ.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
12 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.