ගාල්ල ඓතිහාසික වැල්ලේ දේවාලයේ දෙවොල් මහා යාගය හෙට

අගෝස්තු 4, 2023

වසර 700කට වඩා පැරැණි යටගල විහාරස්ථානයට අනුබද්ධිත අමරසිංහාරාම විහාරස්ථානයට අයත් ඓතිහාසික වැල්ලේ දේවාලයේ දෙවොල් මහා යාගය හෙට (05) පැවැත් වේ. එම දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහර මෙවරත් අතිඋත්කර්ෂවත් අන්දමින් ඊයේ ඇරැඹුණු අතර, එය දින හයක් පුරා පැවැත්වෙනු ඇත. අනිද්දා (06) දෙවියන්ගේ නාමයෙන් දෙනු ලබන විශේෂ කිරි දානය පූජා කිරීමෙන් අනතුරුව මෙවර ඇසළ උත්සවය නිමාවන බව දේවාලයේ ලේකම් ලලිත් කුමාරගේ මහතා සුබසෙතට පැවසීය.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
11 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.