බෙල්ලන්විල ඇසළ මංගල්‍යය ඇරැඹේ

අගෝස්තු 4, 2023

හැත්තෑතුන් වැනි වරට පැවැත්වෙන බෙල්ලන්විල ඇසළ පුණ්‍යෙීත්සවය සහ පෙරහර මංගල්‍යයේ රන්දෝලි මහ පෙරහර අගෝස්තු 19 පැවැත්වීමට නියමිතය. ජූලි මස 29 වැනිදා ඉහළ පුලියන්කුලම, වෙහෙරගල රාජමහා පිරිවෙනෙහි වාර්ෂික ගුණානුස්මරණ දානය පැවැත්වීමෙන් අනතුරුව පුණ්‍ය උත්සවය සමය ආරම්භ විය. අගෝස්තු 06 දින පිරිත් දේශනය ආරම්භ කිරීමට නියමිත අතර 11 වැනිදා සූත්‍ර දේශනා ද 12 වැනිදා දොරකඩඅස්න අනුශාසනාව දේවදූත පෙරහර සහ කුඹල් පෙරහර ද පැවැත්වේ. 14 සිට 16 දා දක්වා මල් පෙරහර පැවැත්වෙන අතර, 17 පාවාඩ පෙරහර 18 රන්සිවිලි පෙරහර පැවැත්වේ. අගෝස්තු 20 දියකපන පෙරහර හා දේව දානයෙන් මෙවර බෙල්ලන්විල ඇසළ පෙරහර නිමා වීමට නියමිතය.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.