සර්ප විෂ වෙදකම ප්‍රවර්ධනය කෙරේ

ජූලි 28, 2023

ආයුර්වේද සංරක්ෂණ සභා සවිබල ගැන්වීමේ ජාතික වැඩසටහනේ දේශීය සර්ප විෂ වෙදකම ප්‍රවර්ධන සැසියේ පළමු අදියර දේශීය වෛද්‍ය ඇමති සිසිර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් කිරුළපන සිතුමිණ උත්සව ශාලාවේදී පසුගියදා පැවැත්විය.

මෙහිදී බණ්ඩාරනායක අනුස්මරණ නාවින්න ආයුර්වේද පර්යේෂණ ආයතනයේ සේවය කරන වෛද්‍ය නිලධාරි සඳුන් ලියනගේ මහතා සර්ප විෂ පිළිබඳ අදහස් දැක්වීය.

හීන්අරත්ත අල යුෂ, අළුකෙසෙල් අල යුෂ, අළුකෙසෙල් බඩවල යුෂ සර්ප විෂ චිකිත්සාවේ ප්‍රාථමික ඖෂධ ලෙස භාවිත කළ හැකි ආකාරය පිළිබඳවත් හීන් අරත්ත, සස්සද, අළුකෙසෙල් අල විෂහරණ ගස් රුක්අත්තන සහ එළඟිතෙල්වල තිබෙන ගුණ පිළිබඳවත් දැනුවත් වීමක් කළ අතර මේ ඖෂධවල ක්‍රියාකාරීත්වය සර්ප විෂ මඟින් හෘදය අවරෝධ වීම වළක්වා ශරීරයේ අනෙකුත් ප්‍රධාන අවයවවලද විෂ පැතිරීම වළක්වමින් වෛද්‍යවරයාට විෂ චිකිත්සාව පහසුවෙන් කරගත හැකි ආකාරය ගැනත් සස්සද ගස් රුක්අත්තන ආදී ඖෂධ සර්ප විෂ චිකිත්සාවේදී යොදා ගන්නා ආකාරය නූතන විද්‍යාත්මක පර්යේෂණ මඟින් තහවුරු කර ඇති ආකාරය පර්යේෂණ පත්‍රිකා ගෙන හැර දක්වමින් විස්තර කරන ලදි. සර්ප විෂ සඳහා ප්‍රතිවිෂ පසුගිය කාලයේදී ශ්‍රී ලංකාවේ හිඟයක් පැවති බවත් ඉදිරියේදීද එම හිඟය ඇති විය හැකි බැවින් දේශීය සර්ප විෂ චිකිත්සාව තවදුරටත් ගැඹුරින් අධ්‍යයනය කර පර්යේෂණ අවස්ථා සලසා දීමෙන් ලංකාවේ විදේශයන්ට ඇදී යන මුදල් ඉතිරි කර ගත හැකි බවත්, දේශීය චිකිත්සාව ප්‍රවර්ධන කර නව ඖෂධ හඳුන්වා දීම මඟින් ලංකාවට විදේශ මුදල් ඉපයිය හැකි බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

 

භද්‍රකාලි මෑණියන්ගේ වාර්ෂික ආශිර්වාද පූජාව

 

මයුරපති ශ්‍රී භද්‍රකාලි මෑණියන්ගේ දේවස්ථානයේ 36 වැනි වාර්ෂික උත්සවය වැල්ලවත්ත මයුරපතී දේවස්ථානයේදී මේ මස 29 වෙනි දින පැවැත්වේ.

මේ මස 30 වන දින බම්බලපිටියේ මැරීන්ඩ්‍රයිව් අසල මුහුදේ දියකැපීමේ උත්සවය පැවැත්වෙන අතර 31 වෙනි දින කෝන්ගහවන උත්සවය පැවැත්වේ. පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝගනේෂන් මහතා දේවස්ථානයට එදින පැමිණීමට නියමිතය. 29 වෙනි දන උදේ 7.00ට දේවස්ථානයෙන් පිටත් වී හැව්ලොක්වීදිය පාමංකඩ හන්දිය සිල්වා මාවත වැල්ලවත්ත සිග්නල් කනු හන්දිය ගාලුපාර ඩික්මන් පාර හරහා හැව්ලොක් පාරට පැමිණ දේවස්ථානය කරා පැමිණීමට නියමිතය.

මෙරට නොයෙක් ප්‍රදේශවල සිටින බැතිමතුන් මේ පූජාවට සහභාගි වීමෙන් ශ්‍රී භද්‍රකාලී මෑණියන්ගේ ආශිර්වාදය ලබා ගනී.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 17 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.