ඉන්දියාවෙන් නොමිලයේ හෝමියෝපති වෛද්‍ය ශිෂ්‍යත්ව

ජූලි 28, 2023

දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතා ඉන්දියාවේ බටහිර බෙංගාලයේ, කල්කටාවේ පිහිටි ජාතික හෝමියෝපති ආයතනයේ (ව්චබඪධදචත ධ්දඵබඪබභබඥ ධට ඩ්ධථඥධනචබඩර) සංචාරයක පසුගියදා නිරත විය. දිනකට රෝගීන් 3000ක් පමණ හෝමියෝපති ප්‍රතිකාර ලබා දෙනු ලබන එම රෝහල තුළින් පිළිකා, වකුගඩු රෝගීන් ඇතුළු රෝග රැසකට සාර්ථක ප්‍රතිකාර ලබාදීම සිදුකරනු ලබන අතර ඒ සඳහා ජනතාව ද දැඩි උනන්දුවක් දක්වනු ලබයි.

එම ජාතික හෝමියෝපති ආයතනයේ මෙරට දේශීය වෛද්‍ය අමාත්‍යවරයෙකු නිරීක්ෂණය කට එක් වූ ප්‍රථම අවස්ථාව මෙය වන අතර එම ආයතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය සුභාෂ් සිං මහතා ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.

ඉන්දියානු රජය මගින් මෙරට සිසුන්ට නොමිලේ හෝමියෝපති වෛද්‍ය උපාධිය හැදෑරීම සඳහා ශිෂ්‍යත්ව ලබා දීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වුවද, එය වරින්වර අකර්මණ්‍ය විය. දැනට වසර තුනක පමණ සිට අඛණ්ඩව මෙම ශිෂ්‍යත්ව ලබා දීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක අතර, මෙවරද මෙම සංචාරයේදී ඉන්දියානු රජයෙන් ශ්‍රී ලාංකික සිසුන් දසදෙනකු සඳහා නොමිලේ ශිෂ්‍යත්ව ලබා ගැනීමට හැකියාව උදාවිය. මේ වන විට ශ්‍රී ලාංකික සිසුන් 40 දෙනෙකු පමණ මෙහි වෛද්‍ය උපාධිය හදාරන අතර, මෙම සංචාරයේදී හෝමියෝපති වෛද්‍ය ක්‍රමය මෙරට තුළ තව තවත් ප්‍රවර්ධනය කිරීම මෙන්ම හෝමියෝපති වෛද්‍ය වෘත්තිකයින්ට පවතින ගැටලු නිරාකරණය කිරීම පිළිබඳ දීර්ඝව සාකච්ඡා කෙරුණු අතර හොමියෝපති ඖෂධ ලංකාවේ නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය සහාය ලබා ගැනීම පිළිබඳව ද සාකච්ඡා කෙරිණ.

මෙම සංචාරය සඳහා හෝමියෝපති වෛද්‍ය සභාවේ සභාපති වෛද්‍ය අශාන් දුණුකාර මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියහ.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.