වර්ෂ 2025 ක්වූ January 17 වැනිදා Friday
මරදාන අභයසිංහාරාමයේ සතර මහා දේවාලයේ විෂ්ණු පූජාව 29 දා
පංචිකාවත්ත පුරාණ අභයසිංහාරාම විහාරස්ථානයේ සතර මහා දේවාලය මඟින් පවත්වනු ලබන මහා මුරුතැන් පූජාව,විෂ්ණු මහා පූජාව, පලතුරු පූජාව, ශබ්ද පූජාව, හා කඩවර පූජාව හෙට (29) දා රාත්‍රී 7.30ට විහාරස්ථානීය සතර මහා දේවාල පරීශ්‍රයේ දී පැවැත්වේ. විෂ්ණු , කතරගම, පත්තිනි, ඇතුළු දෙවිවරුන් වෙත පූජා පවත්වන මේ මහා මුරුතැන් පූජා මංගල්‍යය සියලු ගම්වාසීන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වේ.
ලෙඩදුක් රෝග දුරු වී රට වැසියාට සෙත් ශාන්තිය පතා මේ මංගල්‍යය ඔප්පු සිද්ධ කරන බවත් ජනතා සුබ සිද්ධිය වෙනුවෙන් සියලු සෙත් ශාන්ති මේ දේවාල පරිශ්‍රයේ දී සිදුකරනු ලබන බවත් එහි භාරකරු රුවන් අනුර කුමාර මහතා සුබසෙතට පැවැසීය.