වර්ෂ 2022 ක්වූ May 20 වැනිදා Friday
දිවි සුරකින ඖෂධීය ශාක
ඔක්තෝබර් 29, 2021

ආඩතෝඩ
පාවට්ටා යන නමින්ද හැඳීන්වෙන ආඩතෝඩවල උද්භිද විද්‍යාත්මක නාමය වන්නේ ඒඤචබධඤච මචඵඪජච ය. ඉතා දිගු කාලයක් පවතින මෙම ශාකය අඩි 10 ක් පමණ උස්ව වැවෙන පඳුරු විශේෂයකි. මෙහි ලන්සාකාර පත්‍ර අඟල් 6 -12 අතර ප්‍රමාණයකින් යුක්ත වන අතර රෝස පැහැති රේඛාවක් සහිත සුදු පැහැති මල් හට ගනී. ඵලය කුඩාය. දේශීය වෛද්‍ය ක්‍රමයට නැතිවම බැරි ඖෂධයකි. ආඩතෝඩ ගසේ කොළ, මුල්, පොතු, මල් හා නැටි යන අංග පහම තැවිලි , වමන, ප්‍රමේහ, කුෂ්ඨ රෝග, සඳහා ඖෂධ ලෙස ගනී.
අළුබෝ
ඉරලඨරඪභථ ථචඬභත යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන අළුබෝ ජම්බු කුලයට අයත් ශාකයකි. මෙහි සිනිඳු පොත්ත අළුපාටය. කුඩා මල් සුදුය. අළුබෝ පත්‍ර තරමක් විශාලය. ඵලය දම්පාටය. අඟල් භාගයක් තරම් කුඩාය.ශ්‍රී ලංකාවට ආවේණික පැළැටියකි.
අරූද
යුරෝපය නිජබිම කරගත් කුඩා ශාකයක් වන අරූද ශාකයේ උද්භිද විද්‍යාත්මක නාමය වනුයේ අභබච ඨපචමඥධතඥදඵ ය. ඉතා තද ගන්ධයක් පවතී. යුනානි වෙදකමේදී බහුලව භාවිත වේ. අර්ධ පඳුරුමය බහුවාර්ෂික ශාකයක් වන අරූද අඩි 2 -3 පමණ උසය. තද කොළ පැහැ අරූද පත්‍ර සිලින්ඩරාකාරය. ක්‍රමවත් ද්විලිංගික පුෂ්ප කහ පැහැතිය. පලය, අළු දුඹුරු පැහැති ස්පෝටිකාවකි. ඒ තුළ කෝණාකාර බීජ රාශියක් පිහිටා ඇත. සම්පූර්ණම ශාකය ඖෂධ සඳහා යොදා ගනියි. වාත, ශාමක, ශ්ලේස්මල කාරක ගුණ දරයි. පණුවන් හා විෂබීජ නසයි. සීතල දුරු කරයි. යුරෝපය ජන්ම භූමිය වන අරූද ශාකය ඉරාකය ආශ්‍රිත රටවල දක්නට ලැබේ. ලංකාවේ හා ඉන්දියාවේද මෙය වගා කරනු ලබයි. අඩි 2000 ට වඩා උස ප්‍රදේශවල සරුවට වැඩෙයි.
අත්තන
සොලනාසේ කුලයට අයත් අත්තන ශාකය අඩි දෙකක් පමණ උසට වැඩේ. ඉතා සියුම් බූවක් කඳ වටා දැකිය හැකිය. පත්‍රවලද බූව පවතී. පත්‍ර දිගය. විශාල මල් සුදු පැහැතිය. ඇතැම් අත්තන විශේෂවලමල් දම් පැහැතිය. මලේ හැඩය පුනීලයක් මෙනි. කටු සහිත ගෙඩි කොළ පාටය.ඵලය තුළ බීජ පවතී.කොළ හා ඇට ඖෂධ ලෙසගනී. ළපටි කොළවල හා බීජවල ඇට්‍රොපීන් හයොක්සයිබීස් සහ හයෝසීන් නම් වූ ඇල්කොලයිඩ පවතී. ඵල අත්තන කළු අත්තන හා තුන්බෝ අත්තන නමින් අත්තන වර්ග තුනක් ආයූර්වේදයේ දක්වයි. කුෂ්ඨ වර්ග, සෙම හා විෂ වේදනා සඳහා අත්තන ගුණ බව ආයූර්වේදයේ සඳහන් වේ. හන්දි ඉදිමුමටද අත්තන කොළ ඖෂධ ලෙස ගනී. ගසේ පංචාගයම ඖෂධ ලෙසගනී.
අරළු
කොම්බබුටාසේ කුලයට අයත් අරලු ගස මධ්‍යම කඳක් සහිත ශාකයකි. ගසේ සෑම දිශාවටම අතු ඉතිවිහිදී පවතී. ගසේ පොත්ත ඝණකම්ය. දිග පත්‍ර අඟල් 3 -5 ක් පමණ වේ. කහ පාට මල් කුඩාය. අරළු ඇට ඉතා තදය. විජයා, රෝහිණි , පුතනා, අමෘතා, අභයා, ජීවන්ති, චේතකි යනුවෙන් අරළු වර්ග සතක් පිළිබඳව ආයූර්වේදය සඳහන් වේ. අරළු උෂ්ණය, බඩගිනි වඩවන සුලුය. ආයුෂ වර්ධනය වීමටත් මිනිස් සිරුරට වැළදෙන රෝගාබාධ විශාල සංඛ්‍යාවකට ඔසුවක් බවත් සඳහන්ය. අරළු සපා වැළදීමෙන් කුසගිනි වැඩෙයි. අඹරා වැළදීමෙන් මළ පිරිසිදු වෙයි. අරළු භාවිත නොකළ යුතු අය ලෙස ආයූර්වේදයේ සඳහන් වන්නේ දුර්වල අය, ඉතා කෙට්ටු අය, ගර්භනීව සිටින කාන්තාවන් හා පිත් අධික අයයි. ලංකාවේ පහතරට හා උඩරට වියළි ප්‍රදේශවල අරළු සුලබව වැවේ.
වෙනිවැල්ගැට
අත් බෙහෙතක් ලෙස සුලබව භාවිතයට ගැනෙන වෙනිවැල්ගැට වල උද්භිද විද්‍යාත්මක නාමය වන්නේ ඛ්ධඵජඪදඪභථ ජ්ඥදඥඵබපචබභථ ය. තද හිරු රැස් නොවැටෙන හා වසර පුරා තෙතමන හා උෂ්ණත්වය රදාපවතින ප්‍රදේශවල මෙම ශාකය සරුවට වැවේ. මෑතක් වනතුරුම මිනිසුන් දැන සිටියේ වෙනිවැල් ශාකයේ වියළි කඳේ කොටස් තම්බා පානය කිරීමට යොදා ගන්නක් ලෙසිනි. එහෙත් සැබැවින්ම වෙනිවැල් යනු ඉතා ගුණදායක ප්‍රතිශක්තිය වර්ධනය කරන ඖෂධයකි. අප නොදැන සිටියද වෙනිවැල්ගැට මත් විෂ දුරලන ඖෂධයකි. මත්ද්‍රව්‍ය මඟින් ශරීරයේ අභ්‍යන්තර ඉන්ද්‍රියයනට වන හානි අවම කිරීමේ බලය වෙනිවැල්ගැට සතුව ඇත. එසේම රුධිරගත සීනි ප්‍රමාණය පාලනය කිරීමේ හැකියාව මෙම ශාකය සතුය. පිටගැස්ම වැළදීම වලකනු පිණිසද වෙනිවැල්ගැට තම්බා පානය කිරීම ගුණය. වෙනිවැල් ශාකයේ ඇති ස්වාභාවික කහ පැහැය සහ කසට බව මුල් කොට ඒවා තැම්බු වතුරින්ථ මුහුණ සේදීම සහ ආලේපන ලෙස භාවිත කිරීම සම පැහැපත් වීමට හේතු වේ. රුධිරය පිරිසිදු කිරීමේ බලය ඇති නිසා වෙනිවැල් තම්බා පානය කිරීමෙන්ද පැහැපත් බව වැඩිකර ගත හැකිය. ලංකාවේ පහතරට තෙත්බිම් ආශ්‍රිත වනාන්තරවල බහුලව වැඩෙයි.
෴ සබැඳි ලිපි ෴
විෂබීජ නැසීමේ හා රෝග නාශක ගුණයක් ඇති තුනපහවල නැතහොත් කුළුබඩුවල බෝවන රෝග හා බෝ නොවන රෝග මර්දනය කිරීමේ ශක්තියක් ද පවතී. කුළුබඩුවල...
2022-04-14 18:30:00
“ගරායක් ශාන්ති කර්මය” අපූර්ව හෙළ භූත විද්‍යා අංගයකි. දේශීය අෂ්ඨාංග ආයුර්වේදයේ භූත විද්‍යා ක්ෂේත්රයට අයත් මෙම ශාන්ති කර්මය කැස්බෑව ප්‍රාදේශීය...
2022-04-14 18:30:00
ඔබගේ දෑස ගැන නිතර සැලකිලිමත් වෙනවාදැයි ඔබට තේරෙනවාද? ඔබට ඇත්තේ නිදිබර දෑසක්ද, නිතර නිදිමත ගතියක් ඇතිවෙනවාද? එසේත් නැතිනම් තරමක විශාල දෑසක් ද? සමහර...
2022-03-31 18:30:00
පාරම්පරික ආයුර්වේද අධ්‍යාපන සහ වෙළෙඳ ප්‍රදර්ශනය අපේ‍්‍රල් 08,09,10 යන තෙදින තුළ බප/කැල මහර ජනාධිපති ජාතික විද්‍යාලීය පරිශ්රයේදීඅපි...
2022-03-31 18:30:00
මී පැණිවල ගිල්වූ සුදුලූනු වලින් බික් එක බැගින් උදෑසන හිස් බඩ ආහාරයට ගැනීමෙන් අධි රුධිර පීඩනය සහ අධික කොලෙස්ටරෝල් පාලනයට විශාල උපකාරයක් ලැබෙනවා. ...
2022-03-10 18:30:00
මෙම රෝගයේදී හන්දි ඉදිමීම, ඇවිදීමේදී පාදවල වළලුකරේ ඇතිවන වේදනාව, අත්වල උරහිසේ වේදනාව, අත් නැවීමේදී හා අත්දිග හැරීමේ වේදනාව ඇඟිලි පුරුක් බෙහෙවින් ඇදවීම...
2022-03-03 18:30:00
ශල්‍යකර්ම ගැන ඔබ අසා ඇත්තේ බටහිර වෛද්‍ය විද්‍යාවේම පමණ ද? ආයූර්වේද වෛද්‍ය විද්‍යාවේත් ශල්‍යකර්ම සිදු කරතියි ඔබ මොහොතකට හෝ සිතුවා ද?. ආයූර්වේද වෛද්‍ය...
2022-02-24 18:30:00
ලොව ඉපැරණිම රෝගයක් ලෙස සැලකෙන ක්ෂය රෝගය රෝගියකුගෙන් තවත් නීරෝගී අයකුට වැලඳෙන මාරාන්තික ආසාදන රෝගයකි. පෙණහලුගත ක්ෂය රෝගය ඇති අයගෙන් පමණක් අන් අයට රෝගය...
2022-02-03 18:30:00
අපගේ ජීවිත ගමනේ නව යොවුන් විය වැදගත් සන්ධිස්ථානයකි. වයස අවුරුදු 13 - 17 අතර කාලය නවයොවුන් වියට අයත්ය. මේ කාලය ගැටවර අවධිය ලෙසද හඳුන්වයි. මේ කාලය...
2022-02-03 18:30:00
විවිධ වර්ගවලට අයත් ආහාර ගැනීම ජීවිතය තෘප්තිමත් කරයි. නිවැරදි සමතුලිත ආහාරය හා ක්‍රියාශීලි දිවි පෙවෙත ඔබගේ ශරීරයේ බර නිසි ලෙස පාලනය කර ගැනීමටත්...
2022-01-13 18:30:00
රටක් ජාතියක් වශයෙන් ප්‍රෞඪත්වය, ශ්‍රේෂ්ඨත්වය යන වදන් පමණක් නොව ඒ හැඟීම් ද, අප තුළ තිබිය යුතුය. එය වචනවලට පමණක් සීමා විය යුතු නැත. අප සතුව ඇති යම් යම්...
2022-01-13 18:30:00
ලෝකයේ ඕනෑම දෙයක් අනාගතය වෙනුවෙන් පවසන කිසිම විටෙකදී අතීතයට සාපේක්ෂව සම්බන්ධ කර ගන්නා එක සිරිතක්. අප ජීවත්වන ලෝකයේ නැත්නම් විශ්වයේ කවුරු කවදා නිර්මාණය...
2022-01-06 18:30:00
මෙම රෝගී තත්ත්වය සම ඇසුරු කොට ඇතිවන චර්ම රෝගයකි. මෙහිදී කිසිම ස්‍රාව වැගිරීමක් ඇති නොවන අතර, සමෙහි ඇතිවන විකෘතිතාවය මූලිකම ලක්ෂණය වේ. සමෙහි ත්රාමා...
2021-12-23 18:30:00
මේ නිසා දියවැඩියා රෝගීන් සඳහා බොහෝ ගුණ දෙන ඖෂධීය ශාක විවිධ අයුරින් යොදා ගැනීමට අපේ අය සමත් වෙලා තියෙනවා. මේ ශාක අතුරින් එක් ශාකයක් තමයි කෝවක්කා මෙය...
2021-12-09 18:30:00
ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් ඉහළ දිවුල් විශේෂයෙන් හෘද රෝගවලට හා අක්මා රෝගවලට බොහෝ ගුණදායක ඖෂධයකි. ආහාර රුචිකත්වය, ධාතු බල ශක්තිය වැඩි කරන පලතුරක් වන...
2021-11-25 18:30:00
ස්නානය සහ ජල ක්‍රීඩා පිළිබඳ ඉතිහාසය ඉතා දීර්ඝය. සිදුහත් කුමරු සතර පෙර නිමිති දුටුවේත් ජල ක්‍රීඩාවට සහ උයන් කෙළියට යන එන අතරතුරේදීය. කෙසේ වුවත්...
2021-11-18 18:30:00