සුබසෙතින් සුවය

ඔක්තෝබර් 8, 2021

01. ඇන්ටන් - කඳාන - වයස 46කි.

වෛද්‍යතුමනි, මගේ ලිංගය පුපුරයි. දියවැඩියාවට බටහිර ප්‍රතිකාර ගනිමි.

දියවැඩියාව බරපතල තත්ත්වයකට පත්ව ඇත. බෙහෙත්වල සැර බලපානු ලබයි. මෙම ප්‍රතිකාර කරන්න. සුවය ලැබේවි.

01. අරළු, බුළු, නෙල්ලි, ඉඟිනි ඇට, මාදංපොතු, වෙනිවැල්ගැට, වියළි කහ, අළු කෙසෙල් අල කලං 1 මදටිය 10 බැගින් ගෙන වතුර පත 24 - 3 ට සිඳ පෙරා උදේ 6ට, සවස 6ට, රාත්‍රී 10ට පත එක බැගින් බොන්න. එම කෂාය මුට්ටියට මධුවේහාරි පැණියෙන් මේස හැදි 2 ක් දමා තම්බන්න.

02. මධුමේහාරි ක්වාථය, කොතලහිඹුටු පානය, මාදං පානය මිශ්‍රකර වරකට මේස හැදි 3 බැගින් දවාලට, රෑට කෑමට පසුව බොන්න.

03. රණහංස රසායනය තේ හැඳි එකක් රාත්‍රී 10 කෂාය සමඟ ගන්න.

04. කෛශෝර ගුලි 2 බැගින් දවල් රාත්‍රී කෑමට පෙරත් උදේ කෑමට පසුවත් ගන්න.

05. සීතෝදක තෛලය අවයවයේ ගාන්න.

 

02. වෛද්‍යවරයෙක්මි.(පාරම්පරික) මම සුදු කබරවලට ප්‍රතිකාර නොකරමි. එහෙත් මගේත් අවබෝධයට එම රෝගයට තිබෙන නිෂ්පාදිත ඖෂධ පිළිබඳ පැහැදිලි කිරීමක් ලබාදෙන ලෙස ඉල්ලමි.

 

ඔබ පාරම්පරික වෛද්‍යවරයකු වීමටද බෙහෙත් වර්ග පිළිබදව සොයා බලන කවරකු හෝ විය හැකිය. ඕනෑම රෝගයටක අත් බෙහෙත්ද, විධිමත් ඖෂධ වට්ටෝරුද, නිෂ්පාදිත ඖෂධ වර්ගද තිබේ. ඔබ විමසන සුදුකබරවලට අප වෙදකමේ දැනට තිබෙන නිෂ්පාදිත ඖෂධ කීපයක් දක්වමි. බොහෝ දෙනෙකුටත් ප්‍රයෝජනවත් වේවි.

සුදුකබර සුවය පැණිය

අභයාරිෂ්ඨය, නිම්බාරිෂ්ඨය, කහකාර්ෂඨය, සෙවනාරි රසය, බාකුම් තෛලය, පාන්නිනායන් තෛලය, සුදුකබර තෛලය, ශ්විනාරි ලේපය, ලෝධ්‍රාසවය, රෝධ්‍රාසවය, රෝහිත කාර්ෂණය, ලවංගාසවය, කුමාරි ආසවය, පංච නිම්හ චූර්ණය, මානින්ද මෝදකය, මානිගද චූර්ණය, නවකාර්ෂික කීන්ථය, මනා මංජිඨාදි ක්වාතය, ත්‍රිඵලාදි චූර්ණය, රාජ තාලේශ්වරය, රස මාණික්‍යය,

නවයාස චූර්ණය, කිලාස නාශනි චූර්ණය, සෝමරාජි තෛලය කුෂ්ඨාන්තක තෛලය

මෙවැනි නිෂ්පාදිත ඖෂධ තවත් තිබේ. නිර්ලෝභීව සඳහන් කළේ කාට හෝ යහපතක් වීම සඳහාය.

 

03. 42ක කාන්තාවක්මි. කිරිඳිවැල දමයන්ති පපුවේ සෙම් ගතිය. හුස්ම ගන්නා විට රූං රූං ශබ්දයක් ඇසේ.

ඔබට හතිය ඇත. පීනස නරක් වී ඇදුම තත්ත්වයට පත්ව ඇත. මෙම ප්‍රතිකාර ගන්න.

01. නවරත්න කල්කය - ගම්මිරිස් තම්බා එම වතුර සමග තේ හැදි 1/2 ක් දියකර සීනි මීපැණි දමා උදේ 7ට සවස 5ට බොන්න.

02. දවල්ට රෑට කෑමට පසුව කහකාසවය මේස හැඳි 2 බැගින් බොන්න.

03. නින්දට පෙර මානිභද මෝදකය තේ හැඳි 2ක් ඉඟුරු කොත්තමල්ලි තැම්බූ වතුරට දියකර බොන්න.

04. ස්වාශකුඨාර රස 02 බැගින් උදේ 10ට රාත්‍රී 8ට බුලත් කොළ දෙකකට මැදිකර විකමින් කෙළ ගිලින්න.

05. පපුවේ සිද්ධාර්ථ තෛලයත් කෝල ශ්ලේශ්මා තෛලයත් මිශ්‍රකර රත්කර ගාන්න. කොන්දේද බෙල්ලේද ගාන්න. උදේ 8ට පෙර සහ රාත්‍රී 7ට පෙර.

06. සියලුම කෙසෙල් වර්ග, අයිස්ක්‍රීම් හා ශීත කළ බීම ඔබට ඉතාම අගුණයි.

 

04. හොරණ 57ක අයෙක්මි. අමරසිංහ

මුත්‍ර පිට නොවේ. පරීක්ෂණවලින් පෞරුෂ ග්‍රන්ථිය ඉදිමී ඇති බවයි කියවුණේ.

1. සාරණ මුල් කලං 12ක් 16 - 2 සිඳ උදේ 7ට සවස 5ට සීනි මීපැණි දමා බොන්න. ඔබට දියැවැඩියාවද තිබේ නම් මීපැණි පමණක් යොදන්න.

2. චන්ද්‍රප්‍රභාවටි 2ක් සාරණ මුල් තැම්බූ වතුරින් උදේ 10ට රාත්‍රී 10ට ගාන්න.

3. මුත්‍ර විරේචන ක්වාථය, ප්‍රනර්නවාසවය මිශ්‍රකර දවල්ට රෑට කෑමට පසුව මේස හැඳි 2 බැගින් බොන්න.

4. පිපිඤ්ඤා, කැකිරි, ගස්ලබු අමුවෙන්ද ආහාරයට පිසීමෙන්ද නිතර ගන්න.

 

05. ධාතු ස්ථම්භනය සඳහා ප්‍රතිකාරයක් පතමි.

මේ සඳහා කෂාය දෙක තුනක්ද අර්ෂඨ ආසව, ක්වාථ, චූර්ණ, කුලි, කල්ක, පැණි වර්ග තිබේ. පළමුව පහත ප්‍රතිකාරය කර නැවත විමසන්න.

01. ඉකිරිය ඇට, වඳුරු මෑඇට ගොකටු ඇටබැබිල මුල්, සිරිවැඩිබැබිල මුල්, හාතාවාරිය අල, අමුක්කරා අල, බිංතල් අල, කිරිබදු අල, නෙල්ලි, වැල්මී සියල්ල යොදා වේලා චූර්ණ කර මීපැණි සහ එළඟිතෙලින් අනා බාගෙන උදේටද සවසටද තේ හැදි 2ක් කා කිරි බොන්න. මෙය අතිශයින් බලගතු ඖෂධයක්.

02. ආකාරකරහැදිය නින්දට පෙර කිරි සමග එකක් හෝ 2 ක් ගන්න.

 

03. වේලා මුල්, බැබිල මුල්, කාමරංගා මුල් ශ්‍රී ගෝපාල තෛලයෙන් හෝ අශ්ව ගන්ධ තෛලයෙන් හෝ හොඳින් අඹරා අවයවයේ ගා හොඳින් විනාඩි 20ක් පමණ පිරිමදින්න දිනපතා.

මෙයින් එක් බෙහෙතක් පමණක් කලන් සෑහේ. තවත් ඕනා තරම් ප්‍රතිකාර මේ සඳහා තිබේ.

 

06. 22 ක අවිවාහක කාන්තාවක්මි. ශරීරයේ කැලල් මැකී පැහැපත් වීමට ප්‍රතිකාරයක් පතමි. (සීදූවේ විනිප්‍රීඩා)

කරවල සාඩිං වැනි ගිනියම් ආහාරද බල, කෙලවල්ලා, කුම්බලා, හුරුල්ලා වැනි මාළු වර්ගද මුරුංගා, තත්කාලි යනාදියද කෑමට නවතා හෝ අඩුකර මෙම ප්‍රතිකාර කරන්න.

1. වියළි කහ කුඩු, වෙනිවැල්ගැට කුඩු, දෙහි යුෂ එළකිරෙන් අඹරා පාප්පයක් මෙන් කැලල්වල ගාන්න. කොහොඹ ඇටද එකතු කර අඹරන්න. දින 12 ක්.

2. නෙල්ලි රසකිඳි තම්බා තේ කෝපි වෙනුවට බොන්න.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.