ග්‍රහ අපලයෙන් මිදෙන්න ඖෂධ වතුර ස්නානය කරන්න

සැප්තැම්බර් 24, 2021

පුරාණයේ සිටම ග්‍රහ අපල දුරුවීමට නොයෙක් පිළියම් හඳුන්වා දී ඇත. ඒ ඒ ග්‍රහයන්ගෙන් ලැබෙන අපල අඩුකර ගැනීම සඳහා ද ග්‍රහ අපල නිසා ඇතිවන රෝග පීඩා සුවපත් කර ගැනීමට ඖෂධ වර්ග යෙදූ ජලයෙන් ස්නානය කිරීම ඒ අතරින් ප්‍රධාන වේ. පාඨකයින්ගේ දැන ගැනීම සඳහා එම ඖෂධ වට්ටෝරුව මෙලෙස සටහන් කරමි.

 

රවි ග්‍රහ අපලයට

සුවඳ කොට්ටන්, වැල්මී, නෙලුම් අල, එනසාල්, මනෝසීල, සැවැන්න මුල්, පලොල්, දේවදාර තැම්බූ ජලයෙන් ස්නානය කිරීමෙන් අපල දුරුවේ ය.

 

චන්ද්‍රයාගේ අපලයට

දී කිරි, ගිතෙල්, ගෝන මුත්‍ර, එළගොම, පළිඟු කුඩු, ගජමද, නෙළුම්මල්, කවඩි, සක් කුඩු, උණු වතුරෙන් මිශ්‍රකර සතියකට වරක් ස්නානය කිරීමෙන් අපල දුරුවේ.

 

කුජ ග්‍රහ අපලයට

සඳුන්, බෙලිකො, කොහොඹ කොළ, පුවගු, බැබිල, ජටාමාංශ, රත්මල්, නාමල් රේණු, ඉරිවේරිය, වදමල් තැම්බූ ජලයෙන් ස්නානය කිරීම අපල දුරුවේ ය.

 

බුධ ග්‍රහ අපලයට

ගෝරෝචන, මී පැණි සුවඳ කොට්ටන්, විලඳ, එළවරා, කොකුම් පොතු යන ඖෂධ තැම්බූ වතුරෙන් ස්නානය කිරීම අපල දුරුවේය.

 

ගුරු ග්‍රහ අපලයට

එල අබ, වැල්මී, ඉරිවේරිය, එනසහල්, සුවඳ කොට්ටන්, කොකුම් පොතු, දුටු සතුටු මල්, තැම්බූ ජලයෙන් ස්නානය කිරීමෙන් අපල දුරුවේය.

 

සිකුරු ග්‍රහ අපලයට

සුදු නෙළුම් මල්, ඉරිවේරිය, එනසහල්, සුවඳ කොට්ටන්, කොකුම් පොතු, දුටු සතුටු මල්, තැම්බූ ජලයෙන් ස්නානය කිරීමෙන් අපල දුරු වේ.

 

සෙනසුරු ග්‍රහ අපලයට

බැබිල මුල්, කොළ, විෂ්ණු ක්‍රාන්තිය කළු තල, විලඳ, ලොත් සුඹුළු, කලාඳුරු, තුල්සි, සත කුප්ප, තැම්බූ ජලයෙන් ස්නානය කිරීම අපල දුරුවේ ය.

 

රාහු ග්‍රහ අපලයට

ඉරිවේරිය, කලාඳුරු අල, බෙලි කොළ, රත් හඳුන්, වැටකේ මල්, ලොත් සුඹුළු, කස්තුරි, ගජමද, ඊතණ තැම්බූ ජලයෙන් ස්නානය කිරීම අපල දුරුවේය.

 

කේතු ග්‍රහ අපලයට

රත් හඳුන්, කලාඳුරු, කස්තුරි, ගජමද, එළු මුත්‍ර, රසකිඳ, නෙළුම් මල්, සුදු හඳුන් තැම්බූ ජලයෙන් ස්නාය කිරීමෙන් අපල දුරුවේ. මෙම ඖෂධ තැම්බූ ජලයෙන් සතියකට වරක් හෝ ස්නානය කිරීමෙන් ඒ ඒ ග්‍රහයන්ගෙන් ඇතිවන අපල දුරුවී නිරෝගී සුවය උදාවෙන බව ඡ්‍යොතිෂය මතයයි. එම නිසාම ඔබ සැමගේ යහපත උදෙසා පොත පත ඇසුරින් සකස් කරන ලදී.

 

පාරම්පරික යන්ත්‍ර මන්ත්‍රවේදී,

එච්.විජිත කුමාර සිංදුරගේ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 14 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.