ද්‍රව්‍ය ගුණ

සැප්තැම්බර් 3, 2021

ඉඟුරු තිකුළු ගුණ

 

වියළි ඉඟුරු දීපනය මළ ආදීන්ගේ බද්ධ නසයි . ආහාර රුචිය ඇති කරයි. සැහැල්ලුයි. මධුර විපාකයි. සිනිඳුයි. උෂ්ණයි. සෙම හා වාතය නසයි. සෑම වේදනාවක්ම වහා සුව කෙරේ. අමු ඉඟුරුද මෙකී ගුණයෙන් යුක්තයි. ඉඟුරු, ගම්මිරිස් , තිප්පිලි යන තුන් වර්ගය තිකුළු නමින් හැඳින්වේ.

තිකුළු කර බර, ගිනි මද බව ස්වාස නාශ පීනස යන මේවා මෙවැනි පීඩා අවස්ථාවලදී මහෝපකාරි වේ.

 

 

 

රත්නිටුල් පංචකෝල ගුණ

 

රත්නිටුල් පාකයෙන් ගින්න හා අතිශයින් උෂ්ණ ශෝථ අර්ශස්, කෘම කුෂ්ඨ යන මේවා විනාශ කෙරේ. රත් නිටුල් වර්ග දෙකක් ඇත. රත් නිටුල්වල රත් පැහැයට හුරු මල් පළසක් මෙන් රත්නිටුල් පඳුරුවල දක්නට ලැබේ. එළ නිටුල් මල් ලාදම් පැහැයක් ගනී. ඖෂධ සඳහා රත් නිටුල් අල ගනිති. ඒවා ද විෂ මරා ඖෂධ සඳහා ගනු ලැබේ. පංචකෝල, ඉඟුරු, තිප්පිලි, තිප්පිලි මුල්, සිවිය මුල්, රත්නිටුල්, පංචකෝල නම් වේ. ගුල්ම උදර ,ආනාහ ශූල, නසයි. ගින්න දල්වයි.

 

 

සුළු පස් මුල

 

එළබටු මුල්, පොල්පලා, අස්වැන්න, මුල් තෙල් එඬරු මුල්, කටුවැල්බටු, යන මේ පස් වර්ගය වෙදකමේ නිරතවුවෝ සුළු පස්මුල වශයෙන් යොදා ගනිති.

 

 

 

 

මහ පස්මුල් සුළු පස්මුල

 

බෙලි , මිදි, පලොල්, තොටිල, ඇද්දෙමට යන මේ ඖෂධ පස් වර්ගය ආයුර්වේද වෛද්‍ය ශාස්ත්‍රයේ හඳුන්වනු ලබන්නේ මහ පස්මුල යනුවෙනි. මහ පස් මුල තිත්තය. උෂ්ණ වීය¸ය වන අතර, කිපුනා වූ සෙම හා වාතය නසා ලීමේ ශක්තියක් මහ පස්මුලට පවතී.

 

 

 

තිප්පිලි ගුණ

 

අමු තිප්පිලි සෙම ඇති කෙරේ. මිහිරිය. සීතලය, ගුරුපාකය සිනිඳුයි. වියළි තිප්පිලි අමුවාට වඩා විපරීත ගුණයෙන් යුක්තය. සිනිඳුයි. වියළිය. කුළු රසය, මධූර විපාකය වාතය, සෙම, කාශ යන මේවා පහ කෙරේ. මේ ගුණ වලින් යුක්ත වුවද රසායන විධිය හැර අන් අයුරකින් අධිකව තිප්පිලි යොදන්නේ නැත.

 

 

 

 

සිවිය තිප්පිලි ගුණ

 

සිවිය හා තිප්පිලි වර්ග දෙකකි. සිවිය සාමාන්‍යයෙන් බුලත් කොළයේ හැඩය ගනී. දෙවගයම ඖෂධ සඳහා ගනී. සිවිය ගම්මිරිස් වලට වඩා ටිකක් ගුණයෙන් අඩුය. කටුක රස කටුක විපාක කඵ නාශක ලඝු යන ගුණයෙන් ගෙන් යුක්තය.

 

 

මධ්‍යම පස් මුල

 

බැවිල , සාරණ, එරඬු, මුස්වැන්න, මස්මැන්න, මේ පස් වර්ගය මධ්‍යම පස්මුල ලෙස ගැනේ. මෙය සෙම නැති කරයි. වාතය නසා දමයි. පිත ඇති නොකෙරේ. නිතර ගැනීම හිතකරය.

පාවට්ටා

ආඩතෝඩ ලෙස ද අගල් ආධාර ලෙසද වාසක නමින්ද හඳුන්වනු ලබන පාවට්ටා දේශීය වෙදකමේ නැතිවම බැරි ඖෂධයකි. සෙම නාසක බහුල පාවට්ටා දළු ස්වරස කසායට මුල් වන ප්‍රධාන ද්‍රව්‍ය වේ. සෙම නාශක පැණියක් මෙම ගසේ පස් වර්ගයම ගෙන සාදන ලද්දකි. වාසකා සිරප්.

 

ඔළිඳ

සෑම පළාතකම වැවෙන වැල් විශේෂයකි. මෙය වර්ග දෙකක් ඇත. පැණි ඔළිඳ, පැණි රස ස්වභාවය ගනී. මෙහි කොළය කුඩාය. බෙහෙතකට මෙය ගන්නා අතර, එළ ඔළිඳ සාමාන්‍යයෙන් ඖෂධ සඳහා ගැනීම අඩුය. ගුණය අතින් දෙකම සමාන ගුණයක් ඇති බව කිව යුතුය.

 

එන්.කේ.එස්. කුලසූරිය

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.