නිරෝගී සෞඛ්‍ය තත්ත්වයක් උදෙසා හිරුඑළියෙන් ලැබෙන විටමින් ඩී

අගෝස්තු 27, 2021

හිරුඑළියෙන් ලබාගත හැකි විටමින් ඩී ප්‍රමාණය ශරීරයට අවශ්‍ය ප්‍රමාණය ලබාගත හැකි නම් යහපත් සෞඛ්‍ය තත්ත්වයක් පවත්වාගත හැකි බව පර්යේෂණ තුළින් පෙන්වා දී ඇත. හිරු එළියෙන් ලැබෙන මෙම විටමින් ඩී මඟින් බොහෝ රෝගාබාධවලින් වැළකී සිටීමේ හැකියාවක් ද පවතී.

ශරීරයට අවශ්‍ය විටමින් අප පරිසරයේ බෙහෙවින් ඇත. කහ පාට එළවළු කහපාට පලතුරු, කොළ එළවළු වර්ග සහ අක්මා මෝර තෙල් විටමින් ඒ බොහෝ ය. අප ගන්නා එළවළුවල කහ පාට කැරට්, වට්ටක්කා වල කහ පාට පලතුරුවල විශාල වශයෙන් බීටා කැරොටින් නම් රසායන පදාර්ථයක් ඇත.

විශේෂයෙන් දරුවන්ගේ සමමතට හිරුඑළිය වැටීමට සැළැස්වීමෙන් නිරෝගීතාවයට බෙහෙවින් උපකාරී වේ. මේ නිසා ශක්තිමත් අස්ථිපද්ධතියකට එය උපකාරී වේ. හිරු එළියේ පවතින විටමින් ඩී මඟින් සමෙහි අඩංගු සෛල හා පටක වයසට යෑම ප්‍රමාද කිරීමේ ශක්තියක් ඇති බවත් පෙන්වා දී තිබේ. හෘර්දයාබාධ අස්ථි ආබාධ හා දියවැඩියාව ආදී රෝග පාලනය කරමින් රුධිරගත සීනි ප්‍රමාණය අවම කිරීමටද ක්‍රියා කරන අතර නොයෙකුත් ආකාරයේ විදුරුමස් රෝගවලින් ද මුඛය ආරක්ෂා කිරීමට විටමින් ඩී ක්‍රියා කරයි.

විටමින් ඩී නිපදවන්නේ උදේ දහයට පෙර සූර්යාලෝකයට නිරාවරණය වීමෙනි. ඒවා අක්මාවේ දී විටමින් ඩී 2 බවට පත් වී රුධිරයට එක් වේ. වකුගඩුවලදී විටමින් ඩී හෝමෝන නිපදවේ. එමෙන්ම විටමින් ඩී අස්ථිවර්ධනයට බලපාති. විටමින් ඊ ද ශරීරයේ ආරක්ෂකයකු ලෙස ක්‍රියා කරමින් ප්‍රතිඔක්ෂිකාරකයක් ලෙස ක්‍රියා කරයි. මස් පෙරළීම ආහාර නිසිලෙස ජීර්ණය නොවීම ආදී තත්ත්වලදී විටමින් ඊ අවශ්‍ය වේ. ශරීරයේ යහපත් සෞඛ්‍ය තත්ත්වයක් පවත්වාගෙන යෑමට අවශ්‍ය පදාර්ථ හඳුන්වා ඇත්තේ විටමින් යන නමිනි. එම විටමින් හඳුන්වා ඇත්තේ ඒ, බී, සී, ඩී, ඊ, කේ, පී යන නම් වලිනි. ඒ අනුව මුලින්ම හඳුන්වා ඇත්තේ විටමින් ඒ ය. විටමින් ඒ ඇස් පෙනීමට අවශ්‍යම වේ. එමෙන්ම බාහිර සම නිරෝගීව පවත්වාගෙන යෑමට ශරීරයේ ශෛලවල අඩංගු ආරක්ෂාව හා ප්‍රතිඔක්සිකාරකයක් ලෙසද ක්‍රියා කෙරේ. විටමින් ඒ ශරීරයට ලබා ගැනීමට පෙති කරල් භාවිතා කළ යුතු නැත.

ශරීරයට අවශ්‍ය විටමින් අප පරිසරයේ බෙහෙවින් ඇත. කහ පාට එළවළු කහපාට පලතුරු, කොළ එළවළු වර්ග සහ අක්මා මෝර තෙල් විටමින් ඒ බොහෝ ය. අප ගන්නා එළවළුවල කහ පාට කැරට්, වට්ටක්කාවල කහ පාට පලතුරුවල විශාල වශයෙන් බීටා කැරොටින් නම් රසායන පදාර්ථයක් ඇත. තම දෛනික ආහාරයට හැකි තරම් පලා වර්ග සහ කහපාට එළවළු එකතු කිරීමෙන් දෛනිකව ජීවිතයට අවශ්‍ය විටමින් ඒ ප්‍රමාණය ලැබේ. මෙහිදී විශේෂයෙන් වැඩිහිටියන් වග බලා ගත යුත්තේ පාසල් යන දරුවන්ට පොත් බලා අධ්‍යාපන කටයුතුවල යෙදෙන දරුවන්ට එම විටමින් ලැබෙන එළවළු පලතුරු වර්ග හා පළා වර්ග නොඅඩුව ආහාරයට ලබාදීමයි. කුඩා කල සිටම දරුවකුට හොඳ පෝෂණයක් ලබා දීම ඉතාම වැදගත් ය. එසේ ලබාදීමට නොහැකි වුවහොත් දරුවාගේ උසට සරිලන බරක් පවත්වාගෙන යෑමට නොහැකි තත්ත්වයක් උදාවේ. දරුවා තුළ විටමින් ඩී ඌණතාවය ඇතිවුවහොත් දරුවාගේ අස්ථිවල ශක්තිමත් භාවය අඩු වී දුර්වලතාවය මෙන්ම උස යෑමද ප්‍රමාද විය හැකි ය.

එම නිසා දරුවාගේ වර්ධනය සඳහා පෝෂණීය තත්ත්වයෙන් යුත් ආහාර ලබා දීම වැදගත් ය. විශේෂයෙන් මාළු වර්ග අතරින් සැමන් මාළුවල විටමින් ඩී බහුලව ඇත. බිත්තර ලබාදීමද වඩාත් සුදුසු ය. එක් බිත්තරයක විටමින් ඩී සියයට හතක් පමණ අන්තර්ගතව ඇත. එමෙන්ම බිත්තරයක සුදුමදයේ සියයට හයක් පමණ විටමින් ඩී අන්තර්ගතව තිබේ. එම තත්ත්වයන් සොයාගෙන ඇත්තේ කරන ලද පර්යේෂණවල ප්‍රතිඵලයක් වශයෙනි. සියලුම ජීවීන්ගේ වර්ධනයට මෙන්ම නිරෝගීභාවයට විටමින් අත්‍යවශ්‍යවේ. ශරීරයේ අස්ථි සඳහා ද ශක්තිමත් වීමට ඩී විටමින් අවශ්‍ය වේ. ඒ සඳහා කැල්සියම් අවශ්‍යවන අතර එයට විටමින් ඩී උදව් කෙරේ. මේ අතර සිරුරට ඊ විටමින් ද අවශ්‍ය ය. විටමින් ඒ සහ ඊ රතුරුධිර ශෛල්‍ය ආරක්ෂා කෙරේ. කේ විටමින් නිපදවනු ලබන්නේ සිරුර තුළමය. කේ විටමින් අවශ්‍ය තරම් නිවිති , ගෝවා වැනි එළවළු කොළවලත් ඌරු පීකුදුවලත් බහුලව පවතී.

නිරෝගී සමක් සහ යහපත් ස්නායු පද්ධතියක් පවත්වාගෙන යෑමට බී විටමින් බෙහෙවන් උපකාරී වේ. බී විටමින් මඟින් කාබෝහයිඩ්ඩ්‍රේට් ශක්තිය පරිවර්තනය කිරීමද සිදුවේ. සිරුරේ සම්බන්ධක පටක තැනීමට සී විටමින් උපකාරීවේ. රුධිරවාහිනී නිරෝගීව තබා ගැනීම සඳහාත් යකඩ අවශෝෂණය කර ගැනීමටත් සී විටමින් බලවත් මෙහෙයක් සිදු කරයි. නිරෝගීතාවය ඇතිකර ගැනීමට නිතරම ශක්තිවර්ධක ආහාර ගැනීමට උනන්දු විය යුතු ය. එම ආහාර වේලට හැකිතාක් පමණින් බත්, බඩඉරිඟු, කුරක්කන් වැනි ධාන්‍ය වර්ගද අල, බතල, කොස්, දෙල් වැනි ආහාර ද තෙල් සහිත ආහාර ද ඇතුළත් විය යුතු ය. එමෙන්ම ශරීර වර්ධක ආහාර වන මාළු මස් කිරි බිත්තර, හාල්මැස්සන් සහ කඩල, කව්පි, පරිප්පු වැනි ඇට වර්ග ද ආහාර වේලට එකතු කර ගැනීම වඩාත්ම සුදුසු ය.

දරුවන්ට දෙන ආහාරයට මාළු මස්, බිත්තර, වියළි හා තද කොළ පැහැති පළා වර්ග දිනපතාම ලබාදීම සුදුසු ය. එමඟින් සිරුරට අවශ්‍ය යකඩ ලබා දෙයි. සීනි, තෙල් ලුණු ආහාර පරිභෝජනය කිරීම අඩු කරන්න. එය නිරෝගීතාවයට හේතුවකි.

 

මොනරාගල සිරිගල ආයුර්වේද වෛද්‍ය,

මැණික් නේරංජනා හෙට්ටිආරච්චි

 

 

සටහන

එස්.එස්. එස්. ප්‍රනාන්දු

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
13 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.