දියවැඩියාවට හිතැති නමිනං

අගෝස්තු 13, 2021

අපගේ වර්තමාන සමාජය තුළින් ක්‍රමිකව ගිලිහෙන එහෙත් පැරණි සමාජය තුළ ඉතා වැදගත් ලෙසට සැලකෙන පලතුරුවල වටිනාකම් ඉතා ඉහළ අගයක් ගන්නා බව නොරහසකි.

 

මන්ද? අප ගෙවත්තේ සහ ළඳු කැලෑවල වැවෙන පලතුරු ස්වභාවික රස, ගුණ, වීර්යය, ශක්තිය ආදීන්ගෙන් අනූන නිසාවෙනි. එසේම කෘෂිරසායනික හෝ රසායනික පෝර වර්ග භාවිත නොකරන නිසාවෙනි. එම දේශීය පලතුරු අතර ලාවුළු, නමිනං, ගඩුගුඩා, මැංගුස්, පේර, ලොවි, කොහොල්ලෑ, කීන, මාදං, දං, නාරං, උගුරැස්ස, ජම්බු, බිම් පොල්, හිඹුටු, ඇඹුල් ඇඹිලිය, මසං, එරමිණිය ගෙඩි, අනෝදා ආදී මෙකී නොකී දෑ බොහෝ ය. ප්‍රදේශයෙන් ප්‍රදේශයට, පළාතෙන් පළාතට, මේ පලතුරු වෙනස් ය. මේවා පලතුරු ගණයට වැටුණ ද ඖෂධීය ගුණ බහුල වටිනාකමින් යුත් පලතුරු ලෙස හැඳින්වීමට පිළිවන. ඖෂධ පලතුරු ලෙස වර්ගීකරණයේ දී මේවා මුල්තැනක් ගනී.

එදා බහුලව තිබූ පලතුරු අතරින් ක්‍රමිකව විනාශ වී යන ඖෂධීය ගුණ අධික පලතුරක් මා අද ඔබට හඳුන්වා දෙන අතර, සෑම ගෙවත්තකම පැළයක් සිටුවා ගැනීම ආර්ථික හා සෞඛ්‍යමය වටිනාකමකින් යුක්ත වනු ඇත. මේසා විශාල අනභිභවනීය පලතුර කුමක්දැයි ඔබ තවමත් නොදන්නවා විය හැකි ය. ඒ පලතුර ලෙසට අද මා ඉදිරිපත් කරන්නේ “නමිනං” යන නමින් හඳුන්වන පලතුර පිළිබඳවයි.

මෙයට “නංනං” යනුවෙන් ද සමහර අය භාවිත කරති. මේ පිළිබඳ විස්තර දැන් සොයමු.

ලංකාවේ සෑම ප්‍රදේශයකම හොඳින් සූර්යාලෝකය වැටෙන තැන්හි වැවෙති. ඉතා විශාලව නොවැඩේ. මාස 06 කින් සාමාන්‍ය උසට ගස වැඩේ. හට ගන්නා අමු ගෙඩි මද වශයෙන් ඇඹුල් රසයෙන් යුක්ත වුවද, හොඳින් ඉදුණු ගෙඩි කහ පැහැයෙන් යුක්ත වන අතර, පැණි රස ගතියෙන් යුක්තය. මෙහි විද්‍යාත්මක නාමය ඛ්රදධථඥබපච ඛ්චභතඪ ජ්තධපච වන අතර මෙය ජ්චමචජඥචඥ පවුලට අයත් ගසක් ලෙස හැඳින්වේ. මෙහි කොළ පවතින්නේ යුගල වශයෙනි. ඉන්දියාව නිජබිම වුවත්, ලංකාව, ඉන්දුනීසියාව, මැලේසියාව, ඉතාලිය ආදී රටවල ද වැවේ. කඳ වටේ, අතුපතර ගෙඩි පොකුරු වශයෙන් සෑදෙන අතර මෙම ගෙඩිවල හැඩය වකුගඩුවක ස්වරූපය ගනී. ගෙඩි දෙකක් දෙපැත්තෙන් තබා ඇල්ලීමෙන් මෙම ස්වරූපය පෙනෙයි (ම්ඪඤදඥර ඉඩචනඥඤ) නමිනං ගෙඩියක සාමාන්‍ය දල වට ප්‍රමාණය අඟල් 2 - 4 ක් ලෙසට විහිදේ. ඖෂධීය වටිනාකමින් යුතු මෙම පලතුර විටමින් ඒ සහ සීවලින් අනූන ය.

නමිනං වල ඇති ඖෂධීය වටිනාකම (ර්ඥඤඪජඪදචත ඍචතභඥ)

ප්‍රතිඔක්සිකාරක ගුණ පවතී (ඒදබඪ - ර්‍ණයඪඤචදබඵ)

මානසික සන්සුන් භාවය ඇති කරයි. (ර්ඥදබචත අඥතචයචබඪධද)

ආහාර ජීර්ණය මැනැවින් සිදු කරයි. (ච්ඪඨඥඵබඪධද ර්‍ථභපනධඵඥඵ)

තරබාරුව නසයි (බර අඩුකරයි) (ර්ඪදබචඪද ඕධඤර එඥඪඨඩබ)

අධික රුධිර පීඩනය නසයි (අඥඤභජඥ ඩ්රනඥපබඥදඵඪධද)

මලබද්ධය අඩු කරයි (අඥඤභජඥ ඛ්ධදඵබඪනචබඪධද)

දියවැඩියාවට හිතකරයි (ච්ඪචඡඥබඥඵ ජ්පඪඥදඤතර)

ගර්භාෂ ගත රෝග නසයි මූත්‍රා ආසාදනවලට හොඳයි චර්ම රෝග නසන ගුණ ඇත

ආතතිය නිවාරණ ගුණ ඇත. (අඥජභජඥ ච්ඥනපඥඵඵඪධද)

අතීසාරය නාශක ගුණ ඇත (ර්‍ථපඥමඥදබඪදඨ ච්ඪචපපඩඥච)

ප්‍රතිශක්ති පද්ධතිය වැඩිදියුණු කරයි (ඡ්දඩචදජඥඵ බඩඥ ධ්ථථභදඥ ඉරඵබඥථ)

යනාදී ඖෂධීය වටිනාකමින් යුත් ගුණ ඇත්තේ ය. සමහර රටවල නමිනං කොළ වේලා කුඩු කර තේ වෙනුවට ද පානය කරන අතර, ලංකාවේ නම් එය දුර්ලභ බව පෙනේ. එසේම චර්ම රෝගවලට කොළ අඹරා ගෑම, දියවැඩියාවට පොතු තම්බා බීම ආදිය සිදු කරයි.

නමිනං ඇට ද චර්ම රෝග නසන අතර, අතීසාර නාශක ගුණ ඇත. නමිනං කෑමෙන් පසු ඉතිරිවන ඇටය සපා කෑමෙන් බුලත්විට කෑවා මෙන් රතුවන අතර, ඇතැම් රටවල හා ප්‍රදේශවල නමිනං ඇට අඹරා සම්බෝල සාදා ගනිති. මේසා විශාල ඖෂධීය ගුණ දෙන පලතුරක් ඔබේ ගෙවත්තේ වගා කර ගැනීම ඔබට මෙන්ම පරිසරයට ද ඉතා යහපත් බව පැවසිය යුතු ය.

 

වෛද්‍ය

පී.ඇම්. ලෙස්ලි රණතුංග

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.