කටීග්‍රහ සහ ප්‍රතිකාර

අප්‍රේල් 23, 2021

තුනටියේ සාමාන්‍ය වේදනාව කටීශූල යනුවෙන්ද තුනටියේ ඇතිවන තදබල වේදනාව කටීග්‍රහ යනුවෙන් ද අපි හඳුන්වමු. කටීග්‍රහ තත්ත්වය නව්‍ය වෛද්‍යක්‍රමයේ සඳහන් ඹ්භථඡධ - ඵචජපචත ඵනධදඤරතධඵඪඵ රෝගයට බොහෝ සේ සමානය.

 

සංවර්ධනය වූ රටවල ජනතාවට වැඩ කිරීමට නොහැකි වන බහුලව වැලඳෙන රෝගය ලෙස තුනටියේ වේදනාව (තභථඡචඨධ) හැඳින්වේ. මෙය ද ආයුර්වේදයේ සඳහන් ‘කටීග්‍රහ’ තත්ත්වයකි. මෙම තත්ත්වය තුනටියේ සන්ධි සහ අස්ථි බන්ධන පීඩාවීම නිසා ඇතිවන අතර, කශේරුකා අතර පිහිටි කශේරුකා බිම්බය (ධ්.ඍ. ච්ඪඵජ) මෑත්වීම නිසා ද හටගනී. බිම්බය පැනීම නිසා කටී හෝ ත්‍රික (ඹ්භථඡචප / ඵචජපචත පධධබඵ) ස්නායු මූලයන් තද වේ. මෙය ඉජඪචබඪජච (ගෘධ්‍රසි) යනුවෙන් හැඳින්වේ. මෙම වේදනාව සුෂුම්නාවේ අර්බුද (ඵනඪදචත බභථධභපඵ) ශ්‍රොණි පිළිකා හෝ කශේරුකා වල ක්ෂය රෝගය (ඵනඪදචත ඊඕ) නිසා ද කලාතුරකින් හටගනී.

තුනටිය නමාගෙන විශාල බරක් ඉසිලීම නිසා තුනටියේ බිම්බයක් මෑත් වේ. (තභථඡචප - ඤඪඵඥ ඩඥපදඪචබඪධද) කශේරුකා බිම්බය කොටස් දෙකකින් යුක්තය. බිම්බයේ මැද න්‍යෂ්ටිය මෙන් පිහිටි ව්භජතඥභඵ නභතනධඵභඵ කොටස, එය වටා පිහිටි ඒදදභතභඵ ටඪඡපධඵභඵ කොටස ඉරාගෙන පිටතට පැමිණේ. මෙවිට තුනටියේ කණ්ඩරාවල පිහිටි ස්නායු අග්‍රයන් තද වේ. නැතහොත් කශේරුකා අතර පිහිටි සන්ධිවල වෙනස්කම් සිදු වේ. නැතහොත් ස්නායු මූලයන් තද වේ. මෙහිදී රෝග ලක්ෂණ එකෙනෙහිම හෝ ක්‍රමයෙන් ඇති වේ. තුනටියේ පහළ කෙළවර වේදනාව හටගනී. තුනටියෙන් පටන් ගන්නා වේදනාව පාදයක් දිගේ ගමන් කිරිම, මාස ගණනාවක් හෝ අවුරුදු ගණනාවක් පවතී. තුනටියේ වේදනාව දිගටම පැවතී. තට්ටම ප්‍රදේශයට, කලවා ප්‍රදේශයට හෝ කෙණ්ඩා ප්‍රදේශයට සහ පතුලට පැතිරේ. කහින විට හෝ තැටමීමේ දී වේදනාව වැඩිවන අතර රෝගියා හාන්සි වූ විට වේදනාව අඩු වේ. තුනටියේ මාංස පේශි තද වේ. ස්නායු මූලයන් තදවන විට, රෝගියා ඇඳේ හාන්සි කරවා, පීඩා වූ පැත්තේ පාදය දික්කර ඔසවා බලන්න. මෙවිට වේදනාව හටගනී නම් ගෘධ්‍රසි රෝගය බවට නිශ්චය කළ හැක. නමුත් සුෂුම්නා 3 වැනි හෝ 4 වැනි ස්නායු මූලයන් තද වී ඇත්නම් මෙම වේදනාව (පාදය දිගට) හට නොගනී. තුනටියේ බහුලව පීඩාවන්නේ ඉ (ඉචජපචතත, ඹ්5 (ඹ්භථඡචප 5) හෝ ඹ්4 (ඹ්භථඡචප 4) ස්නායු මූලයන්ය.

රෝගය තීරණය කිරීම සඳහා තුනටියේ කශේරුකා බිම්බයක් මෑත්වීම, දිරාපත්වීම දැන ගැනීමට සාමාන්‍ය ඔ කිරණ වාර්තාවක් ගැනීමෙන් පලක් නොවේ. සාමාන්‍ය ඔ කිරණ වාර්තාවකින් කශේරුකා ඇදවීම හෝ ශාරීරික පිළිකාවක් තුනටියට පැතිරීම පෙන්නුම් කරයි. කශේරුකා බිම්බ වෙනස් වී සුෂුම්නා ස්නායු තද වීම නිවැරදිව දැනගැනීමට නම් ඛ්ඊ /ර්අධ් ඵජචද පරීක්ෂා කළ යුතු ය.

කටීග්‍රහ තත්ත්වය ඇඳ විවේකය (ඕඥඤ පඥඵබ) ගැනීමෙන් සුව නොවේ. තුනටියේ මාංස පේශි ශක්තිමත් කිරීමේ ව්‍යායාම කිරීම සුදුසු ය. තුනටියට හානි වන බර එසවීම් නොකළ යුතු ය.

ත්‍රික හෝ කටී ප්‍රදේශයේ තදබල වේදනාව හෝ ගෘධ්‍රසි රෝග ලක්ෂණ ඇත්නම්, චීන කටු ප්‍රතිකාර දින 7 -14 කිරීමෙන් වේදනාව ඉක්මනින් අඩු වේ. නමුත් ආයුර්වේද ප්‍රතිකාරයෙන් මෙම තත්ත්වය සුවවන බව අත්දැකීමෙන් කිව හැක. පළමුව ස්නිග්ධ ගුණය වැඩි තෙලක් වෙනුවට සර්ෂපාදි තෛලය හෝ ශූලහර තෛලය යොදා අභ්‍යංග සහ ස්වේද කර්ම යෙදේ. (ර්‍ණඪත බඩඥපචනර ඵභධතචබඪධද) ඉන්පසු කුබිජ ප්‍රසාරණ මහා නාරායන, බලා කොරණ්ඩ වැනි තෙලක් යොදමින් පිචූ, කටීවස්ති පරීෂෙක, පිණ්ඩ ස්වේද දින 7, 14 හෝ 21 ක් යෙදේ. පිචූ යනු උණුසුම් කල, තෙල්වලින් පොඟවන ලද පුළුන් පීඩාවූ ප්‍රදේශයේ තබා සෙවදනය කිරීමයි. කටී වස්ති යනු උඳුපිටි යොදා තනන ලද වැටියක් තුනටියට දමා, තෙල් පුරවා තැබීමයි. මෙසේ කරමින් එහා මෙහා වූ කශේරුකා බිම්බය යථා තත්ත්වයට පත් කෙරේ. කශේරුකා බිම්බ දිරා ඇතිවිට ද මෙම පිචු සහ ‘කටීවස්ති’ ප්‍රතිකාර දින 7, 14 හෝ 21 සිදුකෙරේ. පරිෂෙක ප්‍රතිකාරයේදී උණුසුම් කරන ලද තෙල් බෝතලයක් ගෙන එය පීඩා වූ ප්‍රදේශයට වත් කරමින් (මසාජ්) සම්බාහනය කෙරේ. ඖෂධ යොදා තැනූ කෂාය සහ එළකිරි යොදා තැනූ කිරිබත්වලින් පිණ්ඩ ස්වේද ප්‍රතිකාරය ද දින 7, 14 හෝ 21 සිදු කිරීමෙන් කටීග්‍රහ රෝගය සම්පූර්ණයෙන් සුව කෙරේ. ගෘධ්‍රසි වැනි රෝග සඳහා අත්දුටු ඖෂධ භාරතයෙන් ගෙන්වා ගෙන දේශීය වෛද්‍යවරුන්ට දීමට දේශීය ඖෂධ සමාගම් කටයුතු කිරීම පැසසිය යුතු කරුණකි.

 

විශේෂඥ ආයුර්වේද වෛද්‍ය

ලක්ෂ්මී සේනාරත්න

සේනාරත්න ආයුර්වේද,

සෞඛ්‍ය මධ්‍යස්ථානය,

නුගේගොඩ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
11 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.