ප්‍රතිකර්ම යෙදීමට පෙර සම හඳුනා ගනිමු

මාර්තු 5, 2021

පුද්ගල පෞරුෂයට හා සුන්දරත්වයට මනා පිටිවහලක් ලබාදෙන සම ගැන අප දැනුවත් වීම ඉතා වැදගත්ය. කාන්තා සහ පිරිමි දෙපාර්ශ්වයටම වැදගත් ශරීරයේ විශාලතම ඉන්ද්‍රීය වන සම රැක ගැනීම ලේසි පහසු දෙයක් නොවේ.

මෙහිදී මුහුණට ප්‍රමුඛ ස්ථානයක් ලැබේ. අප විසින් සාමාන්‍ය සම, වියළි සම සහ තෙල් සහිත සම ලෙස මූලික වශයෙන් සම වර්ග 3 ක් ලෙස හඳුනාගෙන තිබුණද, කාලගුණික හා‌ දේශගුණික විපර්යාස, සමට නොගැළපෙන ආලේපන භාවිතය සහ ආලේපනවල තිබෙන විෂ සහිත බව යන විවිධ කරුණු නිසා සම විවිධ වෙනස්වීම් වලට ලක්වීම සිදුවේ.

තාක්ෂණයේ දියුණුව සමඟ පෙර හඳුනාගෙන තිබූ මූලික සම් වර්ගවලට අමතරව තවත් සම් වර්ග 4 ක් හඳුනාගෙන තිබේ. එනම් මිශ්‍ර සම, වර්ණ කිහිපයක් ගැන් වූ සම, සංවේදී සම සහ වයසට වඩා වියපත් වූ සම ආදිය වේ. මෙම සම් වර්ග හතම වෙන් වෙන්ව හඳුනා ගැනීම ඉතා වැදගත් වන්නේ අපට තිබෙන්නේ කුමන සමක්ද යන්න අවබෝධ කර ගැනීමටයි. රුව සම්පත වර්ධනය සඳහා ඔබ ඔබේ සමේ ආලේප කරන සියලුම ආලේපන වර්ග තෝරා ගත යුතු වන්නේ ඔබට හිමි සම පැහැදිලිවම හඳුනා ගැනීමෙන් පසුවය.

සාමාන්‍ය සම

මෙම සමෙහි තෙල් ප්‍රමාණය හා වියළි ප්‍රමාණය සමබරය. බ්ලැක්හෙඩ්ස් (ඕතචජඬ ඩඥචඤඵ) නොමැති තරම්ය. සාමාන්‍ය සමක වයිට් හෙඩ්ස් (එඩඪබඥ ඩඥචඤඵ) ඉතා ස්වල්ප වේ. කුරුලෑ නොමැති ඉතා හොඳම සමකි. ඉතා පැහැපත් සේම සිත් ඇදගන්නාසුලු පෙනුමකින් යුතුය.

වියළි සම

බ්ලැක්හෙඩ්ස් (ඕතචජඬ ඩඥචඤඵ) සුලබව දැකිය හැකි සමකි. සම ඉරි තැළීමකට ලක් වී තිබිය හැකිය. වයිට්හෙඩ්ස් (එඩඪබඥ ඩඥචඤඵ) ඉතා සුළු වශයෙන් ඇත. මෙම සම දුර්වර්ණ ස්වභාවයක් ගනී.

තෙල් සහිත

සම

අධික තෙල් සහිත ස්වභාවයක් පෙන්වයි. සම තුළ තිබෙන තෙල් ග්‍රන්ථිවල ක්‍රියාකාරිත්වය අධික වීම නිසා මෙම තෙල් පිටතට පැමිණීම වැඩිවේ. මෙවැනි තෙල් ස්වභාවයක් හිමි අයගේ හිස්කබල මතද තෙල් සහිත ස්වභාවයක් ඇති නිසා සුලබව හිස්හොරිද ඇතිවේ. මෙවැනි සමක් හිමි අයගේ

මුහුණ පුරා අධික තෙල් සහිත බවක් ඇති නිසා මෙම සම හඳුනා ගැනීම

 

වඩාත් පහසුය. තෙල් සහිත සමෙහි වයිට් හෙඩ්ස් (එඩඪබඥ ඩඥචඤඵ) බ්ලැක් හෙඩ්ස් (ඕතචජඬ ඩඥචඤඵ) සහ කුරුලෑ සුලබව දැකීමට පුළුවන.

මිශ්‍ර සම

මෙවැනි සමක ඉහත ලක්ෂණ සියල්ල මිශ්‍රව ඇත. එනම්, තෙල් සම , වියළි සම, වියළි සම , සාමාන්‍ය සම, සාමාන්‍ය සම , තෙල් සම යන ආකාරයට වේ. මෙවන් සමක් හිමි අයගේ නාසය සහ නළල ප්‍රදේශයේ අධික ලෙස තෙල් ඇති නමුත් කම්මුල් ප්‍රදේශයේ සාමාන්‍ය සහ වියළි යන ආකාරයට මිශ්‍රව පවතී.

සංවේදි

සම

සංවේදී සමක් හිමි අය ඉතා කල්පනාකාරී විය යුතු අතර පුංචි හෝ වරදකින් අසාත්මිකතාවන් ඉක්මනින් ඇතිවිය හැක. හිරු එළියට මුහුණ දීම පවා අසීරුය. එවන් විටක කම්මුල් රතුපැහැ හෝ රෝස පැහැවිය හැකිය. වයිට් හෙඩ්ස් (එඩඪබඥ ඩඥචඤඵ) පැවතීමට පුළුවන. සමට කිට්ටු වී හොඳීන් පරීක්ෂා කරන විට නිල් හෝ රතු පැහැති සම තුළ ඇති කුඩා ස්නායුද දැකිය හැකිවේ.

මෙවැනි සමක් හිමි අය කල්පනාකාරී ලෙස පළපුරුදු රූපලාවණ්‍ය වෛද්‍යවරයකුගේ නිරීක්ෂණයකින් අනතුරුව සුදුසු උපදෙස් අනුව සමට ආලේපන තෝරාගත යුතුය.

වයසට වඩා

වයස පෙනෙන සම

මෙවැනි සමක් පරීක්ෂාකර බලන විට සම මත ඇති කුඩා සිදුරු පෙනෙන අතර මෙම සමෙහි ද වයිට් හෙඩ්ස් (එඩඪබඥ ඩඥචඤඵ), බ්ලැක් හෙඩ්ස් (ඕතචජඬ ඩඥචඤඵ) ඇතිවිය හැකිය. මෙවැනි සමක යම් ප්‍රමාණයකට වියළි හෝ තෙල් සහිත ස්වභාවයක් ද පවතියි. මෙවැනි සමක් හිමි අය තුළින් වයසට වඩා වැඩි වයසක් පෙන්වන බැවින් වැරදි ආලේපන සහ වැරදි රූපලාවණ්‍ය කටයුතුවලට නොයා ඇතිවිය හැකි අයහපත් ප්‍රතිඵල දුරුකර ගත යුතුය‍.

වර්ණ කීපයක්

ගැන් වූ සම

උපතින්ම‌ හෝ ඇතැම් විට ශරීරයේ ඇතිවන හෝමෝන වෙනස්කම් සමඟ හෝ රතු, දුඹුරු, කළු වැනි ලප සමහරුන්ගේ සම මත දිස්වේ. අඳුරු ස්ථාන ආකාරයට දිස්වන මෙම සම ෆේෂල් හෝ ක්ලීන්අප් කිරීම මඟින් පැහැපත් කිරීම පහසු නොවේ. අධික බ්ලිචින් අඩංගු ආලේපන වර්ග භාවිතය නිසා මෙම තත්ත්වය ඇතිවිය හැකිය. මෙහිදී මුහුණේ යම් යම් ස්ථානවල

මෙන්ම සිරුරේ අන් ස්ථානවල සමෙහි ඉතාම සියුම්ව විවිධ වර්ණ මතුවී තිබීම සිදුවිය හැකියි. මේ අනුව ඔබට හිමි සම හොඳීන් තේරුම්ගෙන ඔබේ සමට ගැළපෙන සුදුසු ආලේපන වර්ග තෝරා ගැනීම ඉතාම වැදගත් වේ.

නැවුම් එළවළු, පලතුරු නිසි භාවිතයෙන් පැහැපත් සමක් හිමිකර ගන්න පුළුවන්

අප එළවළු, පලතුරු ආහාරයට ගන්නේ කාලයක් තිස්සේ භාවිත වෙමින් එන පුරුද්දක් විදිහටයි. ඊට එහා යමක් සිතන්නට බොහෝ දෙනෙකු පෙලඹෙන්නේ නැති තරම්. නමුත් අප එදිනෙදා ආහාරයට ගන්නා එළවළු හා පලතුරුවල පෝෂණමය හා ඖෂධීය වටිනාකම්ද රැසකින් සමන්විතයි. එළවළු හා පලතුරු ආහාරයට එක්කර ගැනීමෙන් රුව ඔප්නැංවෙන්නේ මේවායේ අන්තර්ගත පෝෂණීය වටිනාකම්වල ප්‍රතිඵලයන් විදිහටයි. දැන් අප

එම වටිනාකම් පිළිබඳ දැනුම්වත් වෙමු‍.

කහ පැහැති එළවළු, පලතුරු හා පලාවර්ගවල විටමින් ඒ බහුල වශයෙන් අඩංගුයි. විටමින් ඒ අපගේ සිරුරේ සම හා ශ්ලේෂ්මල පටක සෞඛ්‍ය සම්පන්නව නිරෝගීව තබා ගැනීමට උපකාරි වේ.

සමෙහි නිරෝගීමත් භාවයේ ප්‍රතිඵලයක් විදිහට සම පැහැපත් වීම සිදුවන අතර අලුත් එළවළු හා පලතුරු ආහාරයට ගත්විට සම පැහැපත් වීම සිදුවේ.

එළවළු හා පලතුරු නිරතුරුව භාවිත කරන විට තෙල් හා ස්වේද ග්‍රන්ථි නියමාකාරයෙන් වර්ධනය වීම හා ක්‍රියාකරවීමද සිදුවේ. ඊට අමතරව මේ තුළින් විෂබීජවලින් ආරක්ෂා වීමටද අමතර ප්‍රතිලාභයක් ලෙස ලබා ගැනීමට හැකිවේ.

එළවළු හා පලතුරුවල විටමින් ඛ් ද යහමින් අඩංගු බැවින් සමේ කේශ නාලිකා හොඳීන් වර්ධනය වී සම තෙත්ව හා පැහැපත්ව තබා ගැනීමට අවශ්‍ය පරිසරය සකස් කරනු ලබයි. විටමින් ඒ හා ඛ් බාහිර පරිසරයෙන් අපගේ සමට ඇතුළුව සිරුරට සිදු කරන විෂබීජ හානි වලින් සම ආරක්ෂා කිරීමද සිදුවන අතර විෂබීජ සමඟ සටන් කොට විෂබීජ නැසීම ද මෙහිදී සිදුවේ.

නැවුම් එළවළු හා නැවුම් පලතුරුවල ඇති විටමින් ච් මඟින් සමේ ස්වේද ග්‍රන්ථී සහ තෙල් ග්‍රන්ථිවල ක්‍රියාකාරිත්වය කිසියම් පාලනයකට යටත් කරනු ලබයි. මෙහි ප්‍රතිඵලය වන්නේ සමෙහි

තෙතමනය පාලනය කරමින් සමෙහි කොරල හා පැළීම් රැළිවැටීම් ඇති නොකර සම පැහැපත්ව පවත්වාගෙන යාමයි.

විටමින් ඒ හා ච් සහ එළවළු පලතුරු වල සුලබව ඇති කැල්සියම් මඟින් ඔස්ටියෝ ආතරයිටීස් හා ඔස්ටියෝ පොරෝසියාව වැනි තත්ත්වයන් වළක්වා ශරීරයේ අස්ථි පද්ධතියේ ආකූලභාවයන්, පාලනය කරන බැවින් ශරීරයේ අංගෝපාංගයන් ඇදකුද නොවී තබා ගැනීමට ද හැකිවේ. හන්දි ප්‍රදාහය ඇතිවීමද මෙමඟින් වළක්වන බැවින් සිරුරේ සෘජු බව පවත්වා ගැනීමට ද නැවුම් එළවළු පලතුරු පරිභෝජනය අතිශයින් වැදගත් වේ.

විටමින් හා කැල්සියම් මඟින් සමේ තෙල් සහිත ස්වභාවය හා තෙත ගතිය රඳා පවත්වා ගැනීමටද උපකාරී වේ.

කාන්තාවන්ගේ ආර්ථව අවදියේ ඇතිවන සම වියළීම, අධිකව දහදිය දැමීම වැනි තත්ත්වයන් පාලනය කර වියපත් වීමේදී සමේ නිරෝගීකම පවත්වාගෙන යෑමට අවශ්‍ය ර්‍ථඩරබධඥධඵබපධඨඥද ශාක

හෝමෝන ඉතා වැදගත් වේ. මේ සඳහා ප්‍රධාන වශයෙන් හේතු වන්නේ මේදය අඩංගු ධ්ඵධටතචමධදඵ වර්ගයි. එම නිසා පසු ආර්ථව කාලයේ දී රුව පිළිබඳව උනන්දු වන අය යෞවන වියේ සිටම

නැවුම් එළවළු පලතුරු කෑමට උනන්දු විය යුතුයි.

එළවළු හා පලතුරු වල අඩංගු කෙඳී සහිත ස්වභාවය නිසා මළබද්ධය වැනි රෝගී තත්ත්වයන් ඇතිවීම මඟහැරෙයි. මෙය නීරෝගී සිරුරකට සේම පැහැපත් සමකට බෙහෙවින්ම වැදගත් වේ.

ස්ථූල බව දුරුකර හැඩැති සිරුරක් ලබා ගැනීමට හා පිළිකාවලින් සම ආරක්ෂා කර සම රැක දීමටත් අලුත් එළවළු පලතුරු ඉතා වැදගත් සේවාවක් සිදුකරනු ලබයි.

නීරෝගී දිදුලන කෙස් කලඹකට උරුමකම් කීමටද එළවළු හා පලතුරුවල අඩංගු විටමින් ඒ, විටමින් ඛ්, හා ප්‍රෝටීන ඉතා වැදගත් වෙනවා. විටමින් ච් කැල්සියම් හා සල්ෆර්ද මේ සඳහා උපකාරී වේ.

ප්‍රධාන විටමින් හා පෝෂණ පදාර්ථයන්ට අමතරව ක්ෂුද්‍ර පෝෂක වර්ග රාශියක් එළවළු හා පලතුරුවල අඩංගුයි. සමට කිසියම් තුවාලයක් ඇති වූ විට එය ඉක්මනින් සුවපත් කිරීම සඳහා මෙම ක්ෂුද්‍ර පෝෂක ඇතුළු එළවළු පලතුරුවල අඩංගු විටමින් හා ඛනිජ ලවණ වලට හැකියාව තිබේ.

සම රැළි වැටීම වළක්වා නිරෝගීමත්ව හා පැහැපත්ව තැබීමට එළවළු හා පලතුරුවල අඩංගු කොලැජන් හා විටමින් ඒ වලට හැකියි.

 

වෛද්‍යාචාරිනී,

වෛද්‍යශූරී පණ්ඩිත

ටී.කේ.සී. විමලරත්න

වෛද්‍ය මධ්‍යස්ථානය, උස්සාපිටිය

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.